මාරාන්තික බෝම්බ ප්‍රහාරයේ බිහිසුණු අත්දැකීම ප්‍රථම වතාවට සරත් ෆොන්සේකා හෙලිකරයි (28.06.2023)

මාරාන්තික බෝම්බ ප්‍රහාරයේ බිහිසුණු අත්දැකීම ප්‍රථම වතාවට සරත් ෆොන්සේකා හෙලිකරයි (28.06.2023)


මාරාන්තික බෝම්බ ප්‍රහාරයේ බිහිසුණු අත්දැකීම ප්‍රථම වතාවට සරත් ෆොන්සේකා හෙලිකරයි (28.06.2023)

+


තෙල්දෙණිය වෑන් රථයක් කොල්ල කෑමේ සිද්ධියට පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකුගේ පුත්‍රයෙකුත්

(30.06.2023 – 20:47 +0530 – hirunews.lk/sinhala)

තෙල්දෙණිය – කෙන්ගල්ල ප්‍රදේශයේ වාහන අංගනයක ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථ 3 ක් සහ වෑන් රථයක් කොල්ල කෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකුගේ පුත්‍රයෙකු ද සිටින බව ද පොලීසිය පවසනවා.

කොල්ල කෑ ඩිෆෙන්ඩර් රථ දෙක හමු වූ ගරාජය එම පළාත් සභා මන්ත්‍රිවරයාගේ පුත්‍රයාගේ බවටයි අනාවරණ වී ඇත්තේ.

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් පිරිසකගේ මෙහෙයවීමෙන් තෙල්දෙණිය ප්‍රදේශයේදී සිදු වූ ඩිෆෙන්ඩර් රථ කොල්ල කෑමේ සිද්ධියකට අදාළව සැකකරුවන් සිව්දෙනෙකු දැනට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+


නිවැසියන් බිය ගන්වා මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකාලා

(30.06.2023 – 21:47 +0530 – hirunews.lk/sinhala)

හුණුපිටිය, ගැමුණු මාවතේ දෙමහල් නිවෙසකට ඇතුළු වූ පිරිසක් නිවැසියන් බිය වද්දා මුදල් හා ස්වර්ණාභරණ ඇතුළු දේපොළ කොල්ලකා තිබෙනවා.

අලුයම 05:30 ට පැමිණි කාන්තාවක් ඇතුළු පස් (5) දෙනෙකු ගෙන් යුත් පිරිසක් තමන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බවත් එම නිවෙසේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු වන බවට තොරතුරු ලැබී ඇති හෙයින් සෝදිසි කිරීමට අවශ්‍ය බවත් පවසා තිබුණා.

මෙහිදී ලැප්ටොප් පරිගණකයක්, පවුම් පහකට (5) අසන්න ස්වර්ණාභරණ සහ රුපියල් දෙලක්ෂ හතළිස් දහසක (2,40,000)
පමණ මුදල් ද සොරාගෙන ඇති බවයි නිවැසියන් සඳහන් කරන්නේ.

කොල්ලයට පැමිණි පිරිස නිවෙසේ CCTV කැමරා පද්ධතියේ දත්ත ගබඩාව ද රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

+


‘අස්වැසුම’ අභියාචනා ලක්ෂ 5 ට ලංවේ

(30.06.2023 – 20:33 +0530 – hirunews.lk/sinhala)

‘අස්වැසුම’ සමාජ සුබසාධන දීමනා සම්බන්ධයෙන් මේ වන විට අභියාචනා 4,89,953 ක් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩළය පවසනවා. එහි සභාපති ඩී. විජේරත්න කියාසිටියේ ඒ සම්බන්ධයෙන් විරෝධතා 6,783 ක් ලැබි ඇති බවයි.

මේ අතර, ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (29) සදහන් කළේ, කිසිවෙකු අත් නොහැරෙන ලෙස අස්වැසුම සුබසාධන වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිළධාරින්ට උපදෙස් ලබාදි ඇති බවයි.

ඒ අනුව ලියාපදිංචි වීමට නොහැකි වූ අයට අගෝස්තු මාසයේදී නැවත ඒ සදහා අවස්ථාව හිමිවන බවයි ජනාධිපති මාධ්‍ය අශය වැඩිදුරටත් සඳහන් කළේ.

අස්වැසුම සුබසාධන දීමනා නොලැබීම සම්බන්ධයෙන් අදත් (30) දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජනතාව විරෝධතා සංවිධාන කර තිබුණා.

එසේම මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) තමන්ට සුබසාධන දීමනා නොලැබීම සම්බන්ධයෙන් පොල් ගැසීමකද නිරතවුණා.

එමෙන්ම, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ද පිරිසක් අද (30) දේව කන්නලව්වක නිරත වෙමින් පොල් ගැසීමක නිරතවුණා.

+


විදුලි ගාස්තුව පහළට

(30.06.2023 – 18:19 +0530 – hirunews.lk/sinhala)

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2 කින් විදුලි ගාස්තු අඩු කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එය අඩු වන්නේ මේ ලෙසින්,

  • ගෘහස්ත අංශයේ 0 ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65 ක් ගාස්තු අඩු වෙනවා.
    ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වාත්, මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වාත්,
  • ඒකක 60 ට අඩු කාණ්ඩයේ ඒකක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වාත් අඩුකෙරෙනවා.
    මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කෙරෙන අතර,
  • ඒකක 91 ත් 120 ත් කාණ්ඩය සදහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර,
    මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා අඩු කිර්‍රිමටයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙන්නේ.
  • ආගමික ස්ථාන සදහා සියයට 16 ක ගාස්තු අඩු වීමක් ද, අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථානවලට ඒකකය රුපියල් 10 බැගින් ද (රුපියල් 30 සිට 10 දක්වා අඩු කෙරෙනවා).

ආගමික ස්ථාන සදහා කඩිනමින් සුර්ය බල පද්ධති ස්ථාපනය කරන්නැයි ලංවිමට හා ලෙකො සමාගමට කොන්දේසි දමා තිබෙනවා.

හෝටල් අංශය සදහා සියයට 26.3 ක ගාස්තු අඩුවීමක් ද, කර්මාන්ත අංශය සදහා සියයට 9 ක ගාස්තු අඩුවීමක් ද, වාණිජ ගොඩනැඟිවල විදුලි ගාස්තු සියයට 5 කින් ද, රජයේ ගොඩනැඟිලිවල විදුලි ගාස්තු සියයට 1 කින් ද අඩු කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

+


පෝලන්තයේ රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් අල්ලයි

(30.06.2023 – 13:54 +0530 – hirunews.lk/sinhala)

පෝලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 130 ක මුදලක් වංචා කළ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි 53 ක් ලැබී තිබූ අතර, ඇය ඉන්දියාවේ සිට අද (30) අලුයම මෙරටට පැමිණි අවස්ථාවේදියි ආගමන විගමණ නිලධාරීන් භාරයට ගෙන ඇත්තේ.

44 හැවිරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පවත්වාගෙන ගිය රැකියා නියෝජිත ආයතනය මීට මාස කිහිපයකට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තහනමට ලක් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ඇයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ගුවන් තහනමක්ද පනවා තිබූ අතර ඒ අනුවයි අද (30) දිවයිනට පැමිණි අවස්ථාවේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගැනුණේ ෴


පාතාලය මැඬලන්න STF සිරුවෙන්

(30.06.2023 – 14:58 +0530 – hirunews.lk/sinhala)

දකුණ සහ බස්නාහිර පළාත්වල පාතාල ක්‍රියාකාරකම් මැඬලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා‍යේ කණ්ඩායම් යොදවා තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

එම පළාත් දෙක (2) සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි ඒකක නිළධාරින් ද යොදවා ඇති බව සඳහන්.

එම කටයුතු සඳහා දකුණෙන් විශේෂ කණ්ඩායම් 20 ක් ද, බස්නාහිරෙන් විශේෂ කණ්ඩායම් 15 ක් ද යොදා ගන්නා බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසන්නේ.

එහිදී පාතාල නායකයන්, ඔවුන්ගේ ගෝලයන්ට සහ ආයුධ ඇති ස්ථාන ගැන තොරතුරු සෙවිම සඳහා පොලිස් විශේෂ කර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරින් යොදා ගන්නා බවත් සඳහන් ෴


ශ්‍රීලංකන් ප්‍රතිව්‍යුහගතකරණය නොකලොත් 6000 කගේ රැකියා අනතුරේ

(30.06.2023 – 21:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රීලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000 කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

දිගින් දිගටම අලාභ ලබන ශ්‍රීලංකන් ගුවන් සමාගම නඩත්තු කිරීම රජයට අඛණ්ඩව සිදු කළ නොහැකි බවත් ජනතාවගේ බදු මුදල් තවදුරටත් නාස්ති කිරීම අසාධාරණ බවත් කී අමාත්‍යවරයා, ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාල කටයුතු සිදුකිරීමට අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත්, ඉතා විනිවිදභාවයකින් යුතුව එම කටයුතු සිදු කිරිම රජයේ අරමුණ බවත් සඳහන් කරනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ෴


රියදුරු බලපත්‍ර කාඩ් ලක්‍ෂ 8 ක මුද්‍රණය ඇණහිටී

(30.06.2023 – 10:15 +0530 – hirunews.lk/sinhala)

රියදුරු බලපත්‍ර කාඩ් ලක්‍ෂ 8 කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම තත්වය හමුවේ මේ මස 19 වැනිදා සිට නිකුත් කළ තාවකාලික රියදුරු බලපත්‍රවල කාලය වසර දෙකක් (2) දක්වා දීර්ඝ කිරීමට සිදු වූ බවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු රියදුරු බලපත්‍ර මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම මේ සඳහා ප්‍රධානතම හේතුව බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහි නිලධාරියෙක් සඳහන් කළේ නව යන්ත්‍ර මිලදී ගැනීමට රුපියල් කෝටි 20 ක් පමණ වියදමක් දැරීමට ප්‍රතිපාදන නොමැතිවීම නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය භාරව සිටින සමාගමෙන් කාඩ් පත් මුද්‍රණ යන්ත්‍ර ලබාගෙන මුදල් ගෙවීමේ එකඟතාව මත කාඩ් මුද්‍රණය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ 8 කට වැඩි ප්‍රමාණයක් මාස 6 කට වැඩි කාලයක සිට මුද්‍රණය කිරීමට නොහැකිව ඇති බවයි එම දෙපර්තමේන්තුව පැවසුවේ ෴


30.06.2023 දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දන මිල සශෝධනයක්

(01.07.2023 – 00:11 +0530 – hirunews.lk/sinhala)

30.06.2023 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දන මිල සශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව නව මිල වන්නේ රුපියල් 328 කි.

කෙසේ වෙතත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් අඩු කර තිබෙන අතර එහි නව මිල ලෙස දැක්වෙනුයේ රුපියල් 365 කි.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් මිල රුපියල් 2 කින් අඩු කිරීම හේතුවෙන් නව මිල රුපියල් 308 ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් වැඩි කිරීම නිසා එහි නව මිල ලෙස දැක්වෙනුයේ රුපියල් 346 ක්.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 9 කින් අඩු කර ඇත. ඒ අනුව එහි නව මිල ලෙස දැක්වෙනුයේ රුපියල් 236 කි.

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුද සංශෝධනය වන බව මහජන උපයෝගිතා කොමිසම නිල වශයෙන් දැනුම් දී තිබිණි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *