ජනාධිපතිතුමන් ඝාතන තැතැක් අතැයි සංසරණය වන පුවතේ ඇත්ත නැත්ත මෙන්න

ජනාධිපතිතුමන් ඝාතන තැතැක් අතැයි සංසරණය වන පුවතේ ඇත්ත නැත්ත මෙන්න


ජනාධිපතිතුමන් ඝාතන තැතැක් අතැයි සංසරණය වන පුවතේ ඇත්ත නැත්ත මෙන්න

(25.06.2023 – 17:03 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා විදෙස් සංචාරයක් නිමවා නැවත ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වනවිට මෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටවන විට ආරක්ෂා කිරීම සිදු කල යුතු ආකාරය පිලිබදව විධිවිධාන හා ක්‍රියා පටිපාටියක් ඇති අතර එම විධිවිධානයන්ට අනුව හා නිශ්චිත ක්‍රියා පටිපාටිය මෙහිදී අනුගමනය කර තිබෙනවා.

සාමාන්‍යයෙන් මෙම විධිවිධාන හා ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා දිවයිනට සම්ප්‍රාප්තවනවිට මෙන්ම දිවයිනෙන් පිටත්ව ‍යන විටද අදාල අංශවලට දැනුම් දෙනු ලබනවා.

මෙසේ දැනුම් දෙනු ලැබූ පණිවිඩයක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් අනවසරයෙන් පිටතට හා මාධ්‍ය වෙත ලබාදී වෙබ් අඩවි කිහිපයක මෙන්ම සමාජ මාධ්‍ය වල විශාල කැලඹීමක් ඇති කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ පිලිබදව වහාම පරීක්ෂනයක් සිදු කොට එම අභ්‍යන්තර පොලිස් පණිවිඩය පිටතට හා මාධ්‍ය වෙත අනවසරයෙන් ලබා දුන්නන් ගැනත් එම සාවද්‍ය තොරතුර ප්‍රචාරය කළ අය පිළිබඳවත් පරීක්ෂණයක් පවත්වා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රංශ – එංගලන්ත නිල සංචාරය නිමකොට දිවයිනට ලඟා වීමේදී සාමාන්‍ය පරිදි ජනාධිපතිවරායට හිමි ආරක්ෂක වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.

+


අමානුෂික ලෙස මිනිස් ඝාතනයක් සිදුකලේ යැයි සැක පුද්ගලයෝ තිදෙනෙක් (3) රක්ෂිත බන්ධනාගාරයට

(25.06.2023 – 16:23 +0530 – hirunews.lk/sinhala)

මාස නවයකට ආසන්න කාලයක් වසන්ව තිබු නාඋල ප්‍රදේශයේ ආන්දෝලනාත්මක මිනිස් ඝාතයකනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් (3) නාඋල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 28 දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරිමට නාඋල ප්‍රධාන මහේස්ත්‍රාත් නිෂාධි කෞෂල්‍යා චන්ද්‍රවංශ මහත්මිය නියෝග කලා.

සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව ලබන විසි අට වනදා (28) නාඋල මහෙස්ත්‍රාත් අධිකරණයේ දී කැදවීමට නියමිතයි.

පසුගිය දා (24) අත්අඩංගුවට ගත් සැකකරුවන් දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරි වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඊයේ (25) නාඋල පොලිසිය විසින් නාඋල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුනා.

ඇසින් දුටු සාක්ෂි මත දීර්ඝ ලෙස සිදුකරන ලද විමර්ෂණයකින් පසුව මිනිස් ඝාතනයයට සම්බන්ධ යැයි සැක මෙම පුද්ගලයින් තිදෙනා (3) හා අපරාධයට යොදාගන්නා ලද ආයුධ (පිහි) කිහිපයක් ද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබුනා.

මෙසේ රක්ෂිත බණ්ධනාගාර ගත වූයේ බොබැල්ල, නාඋල ලිපිනයේ පදිංචි ‘වල්ලිවල ගෙදර උදයකුමාර දසනායක’, මහයාය, දෙකේ කනුව, ඇලහැර පාර, නාඋල ලිපිනයේ පදිංචි ‘හේරත් මුදියන්සේලාගේ අසංක බණ්ඩාර’ හා බොබැල්ල, නාඋල ලිපිනයේ පදිංචි ‘තෙන්නකෝන් මුදියන්සේලාගේ මංගල බණ්ඩාර’ නැමැති අයවලුන් වනවා.

2022-10-05 වන දින නාඋල – ලේනමීය ප්‍රදේශයේ දී රාත්‍රියේ පුද්ගලයෙකු තියුනු ආයුධ වලින් කපාකොටා අමානුෂීය ලෙස ඝාතනය කෙරුනා.

මෙසේ ඝාතනයට ලක්වුයේ අංක 373 ලේනමීය නාඋල ලිපිනයේ පදිංචිව සිටි වෙලේගෙදර නිලන්ත මුණසිංහ බණ්ඩාර (37) නැමති පුද්ගලයෙක්.

පැති කිහිපයක් ඔස්සේ සිදුකරන ලද දිර්ඝ පරික්ෂණයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා ෴


කැළණියේ වෙඩිතැබීමකින් පිරිසකට තුවාල

(25.06.2023 – 17:50 +0530 – hirunews.lk/sinhala)

කැළණිය – දිප්පිටිගොඩ, 06 කණුව ප්‍රදේශයේදී අද (25) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි වැඳුණු පුද්ගලයින් මාර්ගයේ රැඳී සිටින අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

වෙඩි වැඳුණු පුද්ගලියන්ට මත්ද්‍රව්‍ය සහ විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවටයි වාර්තා වන්නේ.

ඔවුන් අතර සිටි ‘කල්ප’ නැමැත්තා ඉලක්කර කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් එහිදී ඔවුන් මාර්ගයේ දිවගොස් ඇති අතර වෙඩි තැබීම සඳහා යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයින් ඔවුන් හඹාගොස් වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

‘දිප්පිටිගොඩ ලහිරු’ නැමැත්තා විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති අතර තුවාල ලැබූවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ෴


අඟුලානේ ‘බෝලේ’ අත්අඩංගුවට

(25.06.2023 – 17:50 +0530 – hirunews.lk/sinhala)

මොරටුව ලුනාව ප්‍රදේශයේදී පුද්ගලයකුට කඩුවකින් පහර දී කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ‘අඟුලානේ බෝලේ’ නමැති සැකකරු කඩු, මන්න, පිහි කිනිසි ඇතුලු තියුණු ආයුධ නවයක් (9), චේන්-ශෝ එකකින් සකසන ලද ආයුධයක් සමග 25 වනදා අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසනවා.

පසුගිය දිනෙක තරුණයකුට සිදුකළ බරපතල කැපුම් තුවාල සිද්ධියක් හේතුවෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී මොහු අත්අඩංගුවට පත්වූ බව පොලිසිය පවසනවා.

සැකකරු රාවතාවත්ත ප්‍රදේශ්යේදී අත්අඩංගුවට පත්වී ඇති අතර අපරාධයට යොදාගත් බව කියන කඩුව ඔහුගේ නිවසේ වහලේ ගසා තිබියදී පොලිස් භාරයට ගත් බව පොලිසිය පැවසුවා.

සැකකරු විසින් මීට පෙර සිදු කරනු ලැබූ බව කියන කඩු මන්නවලින් පහර දීම් සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විභාග වන නඩු ඇති බව පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මොහුගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී තවත් කපා පහර දීම් සඳහාද යොදාගනු ලැබූ බව කියන කඩු, මන්න, පිහි, කිනිසි ආයුධ අටක් නිවසට ආසන්න කැලෑබද කලාපයකදී තිබී හමුවූ බව පොලිසිය සඳහන් කළා ෴


ඇගලුම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට විද්‍යාත්මක පර්යේෂණයක්

(25.06.2023 – 19:39 +0530 – hirunews.lk/sinhala)

ඇගලුම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීමත් ඒවා එළි දැක්වීමත් අත්‍යවශ්‍ය කරුණක් බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

ජාතික කර්මාන්ත සතියට සමඟාමීව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රෙදිපිළි හා ඇගලුම් පිළිබඳ පර්යේෂණ සම්මන්ත්‍රණයට පසුගියදා එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

එම සම්මන්ත්‍රණයේදී රෙදි පිළි හා ඇගලුම් ආශ්‍රිතව නව පර්යේෂණ 30 කට ආසන්න ප්‍රමාණයක් එළිදක්වා තිබෙනවා ෴


යාපනයේ බස් – වෑන් ගැටුමෙන් 11 ක් රෝහලේ

(25.06.2023 – 20:22 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ කොඩිගාමම් ප්‍රදේශයේ දී කුඩා ප්‍රමාණයේ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක මුහුණට මුහුණ ගැටීම නිසා පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට හා චාවාකච්චේරී රෝහලට අද (25) ඇතුළත් කොට ඇති බව අප වාර්තාකරු පවසනවා.

යාපනය – මහනුවර A-9 මාර්ගයේ කොඩිගාමම් දුම්රිය මංසන්ධිය අසලදී මේ අන්දමට එකිනෙක ගැටී ඇත්තේ යාපනයේ සිට කොඩිගාමම් දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ කිලිනොච්චියේ සිට යාපනය දෙසට ධාවනය වූ වෑන් රථයක්.

තුවාලකරුවන් 11 දෙනා අතරින් දෙදෙනෙකු (2) සුළු තුවාල ලබා ඇති අතර, අනෙක් 9 දෙනාගෙන් හතර (4) දෙනෙකුගේ තත්ත්වය බරපතල බව යාපනය චාවකච්චේරී රෝහලේ වෛද්‍යවරු පවසනවා.

තුවාල ලද පුද්ගලයින් අතර උපකාරක පන්තියකට ගොස් ආපසු නිවස බලා යමින් සිටි සිසුන් කිප දෙනෙකුද සිටින බවයි වාර්තාකරු පවසන්නේ.

යාපනයේ කොඩිගාමම් හා චාවාකච්චේරී පොලීසි මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරනු ලබයි ෴


තමන් පැමිණි බසයටම යටවී තරුණියක් ජීවිතක්ෂයට

(25.06.2023 – 21:37 +0530 – hirunews.lk/sinhala)

හයිලෙවල් මාර්ගයේ අවිස්සාවේල්ල උක්වත්ත සුසාන භූමිය ඉදිරිපිටදී තමන් පැමිණි බස් රථයටම යට වීමෙන් 23 හැවිරිදි තරැණියක අද (25) දින සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසනවා.

මිය ගිය තරුණිය අවිස්සාවේල්ලේ සිට අදාල බස් රථයේ පැමිණ උක්වත්ත සුසාන භූමිය අසලින් බැස ඉදිරියට යාමේදී පිටුපසින් පැමිණි එම බස් රථයටම යට වීමෙන් මියගොස් ඇතැයි සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රගතිපුර පදිංචිකාරියක වන දොලවගේ දෝන ඩිලක්ෂි දිල්ෂිකා නමැති 23 හැවිරිදි තරැණියක්.

මියගිය තරුණියගේ දේහය අවිස්සාවේල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හදිසි මරණ පරීක්ෂණය හෙට (26) දින පැවැත්වීමට නියමිතයි.

අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴


රුපියල් කෝටි පහක (5) මත්පෙති අල්ලයි

(25.06.2023 – 22:08 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි පහකට (5) ආසන්න වටිනාකමකින් යුතු, මත් පෙති 4,23,000 ක් ප්‍රවාහනය කරමින් තිබූ ඩොල්පින් වර්ගයේ වෑන් රියක් සැකකරුවෙකු ද සමගින් නොරොච්චෝල, කරඹ පොලිස් මුර පොළේ දී අද(25) අලුයම නොරොච්චෝල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටියේ සිට කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ මත් පෙති පෙට්ටි නවයක (9) සූක්ෂම ලෙස අසුරා තිබූ බවත් සැකකරු කල්පිටියේ පදිංචි 35 වයසැති අයෙක් බවත් පොලිසිය පවසනවා.

නොරොච්චෝල පොලිස් විශේෂ කාර්‍යාංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා ෴


කොළඹ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක්

(25.06.2023 – 23:08 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති අන්තයේ කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය පිළිබඳව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (25) පැවති මාධ්‍ය හමුවේදී ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ පැවසුවේ ඒ සඳහා නිවසේ රැඳීසිටිමින් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

එම වැඩසටහනෙන් අනතුරුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සතියක් පුරා කීට පරීක්ෂාවන් සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරිය පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *