ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවෙන් හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්

ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවෙන් හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්


ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවෙන් හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්

(19.03.2026 – 13:30 +0530 – sinhala.adaderana.lk)

එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර ‘කපිල චන්ද්‍රසේන’ විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඊට අමතරව අදාළ මුදල් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යොමුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයිද අල්ලස් කොමිසම සඳහන් කළේය.

ඒ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී (3) රුපියල් මිලියන හැටක් (60) බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

+++

මහින්ද – කපිල – පියංකර

+++

+++

(19.03.2026 – hirunews.lk)

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අප්‍රේල් මස 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළා.

2013 වසරේ ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 02 ක අල්ලස් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබුණා ෴

+++

අල්ලසේ අධ්‍යක්ෂක කපිල චන්ද්‍රසේනට තර්ජනය කරලා ?? මහින්ද රාජපක්ෂගේ නමත් කියන්න කියලා (19.03.2026)

+++

රංග දිසානායක කපිලව එයාගේ කාමරේට අරන් ඇවිත් මරණ තර්ජනය කරලා ‘රාජපක්ෂගේ නම කියන්න’ කියලා (19.03.2026)

+++

රටේ නීතිය ප්‍රජාතන්ත්‍රවාදය පැලවත්තේ බල්ලාටම යයි! (19.03.2026)

+++

මිනිහට මම චාන්ස් 2 ක් දුන්නා,මිනිහා එල්ලිලා මැරුණා..! තමුන් මේක නොකළොත් ඒ තැනට තමුන්වත් මම පත් කරනවා..! (19.03.2026)

+++

+


ගලෙන්බිඳුනුවැව දුටුවැව වැනසූ සුළි සුළඟ – මහා ගස් ලයිට් කණු උඩට වැටිලා විනාශයි – මිනිස්සු හඬා වැටෙයි (19.03.2026)

+


කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් දින දෙකකදී (2) රෝගීන් 1000 කට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම

(19.03.2026 – hirunews.lk)

කොළඹ ජාතික අක්ෂි රෝහලේ පොරොත්තු ලේඛනවල සිටින, ඇසේ සුද මතුවීම හේතුවෙන් පෙනීම අහිමි වූ රෝගීන් 1000 ක් සඳහා විශේෂ ශල්‍යකර්ම වැඩසටහනක් එළඹෙන ලබන 21 සහ 22 යන දෙදින තුළ ක්‍රියාත්මක කරන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසනවා.

ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥ වරුන්ගේ විද්‍යායතනය සමඟ එක්ව ජාතික අක්ෂි රෝහල ක්‍රියාත්මක කරන මෙම විශේෂ ව්‍යාපෘතිය යටතේ, තෝරාගත් රෝගීන් 1000 සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් අක්ෂි කාච නොමිලේ ලබාදීම සිදු කෙරෙන බව ද සඳහන්.

මීට අමතරව ශල්‍යකර්ම සඳහා වැයවන අනෙකුත් සියලුම වියදම් ජාතික අක්ෂි රෝහල මගින් දරනු ලබන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම වැඩසටහන සඳහා විශේෂඥ වෛද්‍යවරුන් විසින් තෝරා ගෙන ඇත්තේ මෙතෙක් පොරොත්තු ලේඛනවල රැඳී සිටි රෝගීන් පමණක් වන අතර, මේ සඳහා අලුතින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමක් සිදු නොකරන බව ද රෝහල් අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මෙම විශේෂ සායන වැඩසටහන සඳහා එක්වීමට නියමිතයි ෴


කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීමේ නීති සංශෝධනය කරයි

(19.03.2026 – hirunews.lk)

කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීමේ නීති සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව විදේශයන්හි සිට මෙරටට පැමිණෙන මගීන්ට කොළඹ වරාය නගරයේ පිහිටි තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් දිවයිනට පැමිණ දින 4 ක් ඇතුළත අවස්ථා දෙකකදී (2) භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

පසුගිය 13 වනදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම සංශෝධනය ප්‍රකාශයට පත්කර තිබුණා ෴


හැමෝටම ප්‍රශ්නය වූ QR ගැටලුව විසඳුණු හැටි

(19.03.2026 – 13:26 +0530 – sinhala.adaderana.lk)

කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් ඉන්ධන කෝටාවට අදාළ QR කේතය ලබාගැනීම සඳහා වන වෙබ් පිටුවට සමාන වෙබ් පිටුවක් සකසා ජනතාවගේ තොරතුරු ලබාගනිමින් සිටින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“විශාල පිරිසක් හිටියා වාහන මාරු වෙච්ච, අපි ඒ දත්ත ටික අරගෙන ඒවා ඩිලිට් කළා. තවත් ප්‍රශ්නයක් තිබුණා, තමන් ළඟ වාහනය තියෙනවා. හැබැයි ජංගම දුරකථනය නැහැ. එහෙම නම්බර්ස් තිබුණා ලක්ෂ 12 ක් විතර ඒ ටිකත් අපේ පද්ධතියෙන් මකන්න ඕන වුණා. එහෙම නැති වුණොත්, ඒ අයට QR එක ලබාගන්න බෑ.

අද (19) වෙනකොට ඔක්කෝම ලක්ෂ 55 කට ආසන්න ප්‍රමාණයක් QR ලබාගෙන තිබෙනවා. ඊට පස්සේ අපි බැලුවා මේ බැරි වෙන පිරිස කවුද කියන එක. තමන් ගාව තියෙන වාහනයම තියෙනවා. හැබැයි QR එක ලබාගත්ත ජංගම දුරකථනය තමන් ගාව නැහැ. ඇත්තටම ලියාපදිංචි අයිතිකරු නම් ඒක සනාථ කරන්න පුළුවන් අවශ්‍ය දත්ත තියෙනවා නම් ඒ පිරිසට ඊයේ (18) රාත්‍රීයේ ඉඳන් පුළුවන් දැනට තමන් ළග තියෙන ජංගම දුරකථනය හරහා ‘එන්ටර්’ වෙලා තමන් ළග තියෙන වාහනයේ දත්ත ඇතුළත් කරන්න. මේක අපි ‘ඕවර්රයිට්’ කරලා නැවත ඔබේ නමට හරවනවා.

ඔබ මේ වාහනයේ අයිතිකරුම ද කියන එක තහවුරු කරන්න ඕනේ කියන ප්‍රශ්නය ඇහෙනවා. ඒ වෙලාවේ මගේ වාහනයට තමයි QR එක ගන්නේ කියලා සඳහන් කරන්න ඕනේ. දැනට මේ ජංගම දුරකථනයට තමයි වාහනය ලියාපදිංචි කරලා තියෙන්නේ කියලා පෙන්වනවා. ඒකත් සනාථ කරන්න ඕනේ. ඒකත් සනාථ කළාම තමන්ට ලබාගන්න බැරි වුණ QR කෝඩ් එක ලබාගන්න පුළුවන්.

කවුරු හරි කෙනෙක් මේක අවභාවිත කරයි ද කියලා හිතන්න පුළුවන්. වෙනත් කෙනෙක්ගේ QR එක අවලංගු කරලා තමන්ගේ අතට ගත්තොත්, අනිවාර්යයෙන්ම පරිගණක නීති යටතේ දඬුවම් හිමිවෙනවා.

අපි දැක්කා දැනටමත්, ‘ෆේක් වෙබ් සයිට්’ පහක් – හයක් මේ විදිහටම ජනතාවගේ දත්ත එකතු කරන්න – එහෙමත් නැත්නම් වාහනවල චැසි අංක ගන්න හදලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම ජනතාවගෙන් ඉල්ලනවා මේ වගේ තැන්වලට දත්ත දාන්න එපා. සමාජ මාධ්‍යවල තියෙනවා නම් QR එක ලබාගන්නේ මෙහෙමයි කියලා ඒ තැන්වලට යන්න එපා. ඉතා පැහැදිලිව තමන් QR එක ගන්න යන වෙබ් පිටුව හරි ද කියන එක තහවුරු කරගෙන යන්න කියන ඉල්ලීම කරන්න ඕනේ.”


කුලියාපිටියෙ හෙල්මටා අත්අඩංගුවට

(19.03.2026 – 15:44 +0530 – sinhala.adaderana.lk)

= කුලියාපිටියේ හෙල්මට් චණ්ඩියා අත්අඩංගුවට =

කුලියාපිටිය, මීගහකොටුව හන්දියේදී යතුරුපැදිකරුවෙකුට ආරක්ෂිත හිස්වැසුමකින් පහරදුන් බවට චෝදනා එල්ලවූ යතුරුපැදිකරු කුලියාපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුලියාපිටිය පන්නල මාර්ගයේ සිට පැමිණෙන මෙම පුද්ගලයා, කුලියාපිටියේ සිට මාදම්පේ ප්‍රධාන මාර්ගය හරහා යතුරුපැදියෙන් ගමන් ගන්නා පුද්ගලයෙකුට අදාළ පහරදීම සිදුකර තිබුණි.

එම පහරදීම අසළ තිබූ CCTV කැමරාවක පටිගත වී තිබූ අතර, ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

කුලියාපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක, රථ වාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නලින් මහීපාල යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් විසින් මෙම විමර්ශනය පවත්වනු ලැබීය.

+++

+


සෙල්ෆි ගන්න ගිය වෛද්‍ය ශිෂ්‍යාව ලෝකාන්තයෙන් පහළට වැටෙයි

(19.03.2026 – hirunews.lk)

හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ ප්‍රධාන ලෝකාන්තය නැරඹීමට පැමිණි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී අඩි 50 ක පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ, ගසක අත්තක එල්ලී සිටි ඇයව ආරක්ෂක අංශ සහ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව මුදා ගැනීමට සමත් වූ බවයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන් පිරිසක් අද (19) උදෑසන 09:00 ට පමණ ලෝකාන්තය නැරඹීමට පැමිණ තිබෙනවා.

එහිදී 23 හැවිරිදි මෙම සිසුවිය ප්‍රධාන ලෝකාන්ත බෑවුමේ සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ලිස්සා ගොස් අඩි 50 ක් පමණ පහළ ප්‍රපාතයට ඇද වැටී ඇති අතර, වාසනාවකට මෙන් ඇය ප්‍රපාතයේ තිබූ ගසක අත්තක පැටලී එහි එල්ලී සිටීමට සමත් වී තිබෙනවා.

අනතුර දුටු හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ රියදුරෙකු වහා ක්‍රියාත්මක වී සිය ජීවිත අවදානම පවා නොතකා වහාම පහළට බැස සිසුවියව ආරක්ෂිතව ඉන් බස්සවා බෑවුමේ තිබූ ස්ථාවර ගලක් මත වාඩි කරවා ගැනීමට සමත් වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව පට්ටිපොළ පොලිසිය මාර්ගයෙන් වැඩිදුර සහාය ඉල්ලා ඇති අතර, නුවරඑළිය 3 වන සිංහ රෙජිමේන්තුවේ කමාන්ඩෝ භටයින් සහ සෙසු නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නුවරඑළිය කඳවුරේ නිලධාරීන්, වනජීවී නිලධාරීන් සහ පට්ටිපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පැය ගණනාවක දැඩි පරිශ්‍රමයකින් පසු ප්‍රපාතයේ රැඳී සිටි සිසුවිය ආරක්ෂිතව මුදාගෙන තිබෙනවා.

මුදාගත් සිසුවිය වහාම නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ කළමනාකරු මංජුල මොනරතැන්න සඳහන් කළ අතර, රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඇය මේ වන විට ප්‍රතිකාර ලබමින් පසුවන බවත්, ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *