ප්‍රසිද්ධ ආයතන නාමයෙන් බැංකු ගිණුම් හිස් කරන අලුත්ම වංචාව ගැන පොලිසියෙන් දැනුම්දීමක්
ප්‍රසිද්ධ ආයතන නාමයෙන් බැංකු ගිණුම් හිස් කරන අලුත්ම වංචාව ගැන පොලිසියෙන් දැනුම්දීමක්
(18.03.2026 – hirunews.lk)
දිවයිනේ ප්‍රමුඛ පෙළේ සහ විශ්වාසනීය ආයතනවල නාමයන් අවභාවිත කරමින් අන්තර්ජාලය සහ නවීන තාක්ෂණය ක්‍රම මගින් වංචාකරුවන් ක්‍රියාත්මක වන බවට නිරීක්ෂණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මේ පිළිබඳව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කළද මෙම වංචාවන් පිළිබඳ ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දෛනිකව ඉහළ යමින් පවතින බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ඒ අනුව, වංචාකරුවන් මහජනතාව මුලා කිරීම සඳහා, ප්‍රසිද්ධ ආයතනයක නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් අදාළ ආයතනයේ සේවාවන් ලබා ගැනීම සඳහා විශේෂ ජංගම යෙදවුමක් (App) ස්ථාපනය කළ යුතු බවට ඔබව පොළඹවනු ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එසේම එම යෙදවුම ස්ථාපනය කිරීම සඳහා සහාය වන බව පවසමින් ඔබගේ දුරකථන තිරය ඔවුන් සමග හුවමාරු කර ගන්නා ලෙස (Screen Share) උපදෙස් ලබා දෙන බව සඳහන්.
මෙහිදී සිදු වනුයේ, ජංගම දුරකථන තිරය හුවමාරු කර ගැනීම හරහා ඔබගේ දුරකථනයට දුරස්ථව ප්‍රවේශ වීමේ හැකියාව (Remote Access) වංචා කරුවන්ට ලැබීම බවත්, එමගින් ඔබගේ දුරකථනයේ ඇති බැංකු යෙදවුම් (Online Banking Apps) හරහා ගිණුම්වල ඇති මුදල් ඉතා සූක්ෂම ලෙස වෙනත් ගිණුම් වලට බැර කර ගැනීමට ඔවුන් කටයුතු සිදු කරන බවත් පොලිසිය සඳහන් කරනවා.
මහජනයාට පවතින තාක්ෂණික කරුණු පිළිබඳ අනවබෝධය මෙවැනි වංචා වලට හසු වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවට පෙනී ගොස් ඇති අතර, මෙවැනි වංචාවලින් ආරක්ෂා වීම සඳහා පහත සඳහන් කරුණු පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
- සමාජ මාධ්‍ය ඔස්සේ ‘විවිධ ආදායම් මාර්ග’ හෝ ‘වැඩි ලාභ ලබා දෙන ආයෝජන’ ලෙස පළවන දැන්වීම් පිළිබඳව අතිශයින්ම සැලකිලිමත් විය යුතු අතර, මුල් අවස්ථාවේදී සුළු ලාභයක් ලබා දී විශ්වාසය ගොඩනගාගනිමින් පසුව විශාල මුදල් ප්‍රමාණයක් වංචා කිරීම මොවුන්ගේ ස්වභාවයයි.
- බැංකු ගිණුම් අංක, මුරපද (Passwords), හෝ ජංගම දුරකථනයට ලැබෙන OTP කේතක්තකිසිදු හේතුවක් මත බාහිර පුද්ගලයන් සමග හුවමාරු කර නොගත යුතු අතර, කිසිදු පිළිගත් බැංකුවක් හෝ ආයතනයක් පාරිභෝගිකයන්ගෙන් දුරකථනය හරහා එවැනි තොරතුරු විමසීම් නොකරන බවට දැනුවත් විය යුතුයි.
- නාඳුනන පුද්ගලයන් විසින් යොමු කරනු ලබන සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් හෝ ඔවුන් ලබාදෙන යෙදවුම් (Apps) ස්ථාපනය කිරීම නොකල යුතු අතර, විශේෂයෙන්ම ඔබගේ දත්ත වෙත ප්‍රවේශ වීමට අවසර (Access Permissions) ඉල්ලා සිටින විට එය ලබා දීමට පෙර ඉතා සැලකිලිමත් විය යුතුයි.
- එබැවින් නාඳුනන පුද්ගලයන්ගේ උපදෙස් මත ඔබගේ ජංගම දුරකථන තිරය හුවමාරු (Screen Share) කිරීමෙන් ඔබගේ දුරකථන තිරය ඔවුන්ට පෙන්වීමෙන් වැළකිය යුතුයි.
- කිසියම් හේතුවක් මත මෙවැනි මූල්‍ය වංචාවකට ඔබ හසුවී නම් පළමුව අදාළ බැංකුව හෝ මුල්‍ය ආයතනය දැනුවත් කර ඔබගේ ගිණුම් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි ෴
ඉරාන යුද්ධයේදී ට්‍රම්ප් තනි වීමට බලපෑ හේතු 8 ක් | හෝමුස් වැහුවත් ලෝක තෙල් හිඟය විසඳන්නේ මෙහෙමයි (18.03.2026)
+
මලපෙරේතකමට සල්ලි තියාගෙන ඉන්නේ – මැරුණට පස්සේ අරගෙන යන්නද යකෝ ? – විමල් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි (18.03.2026)
+
බාල ගල් අඟුරු හෝදන රාජකාරිය ජනාධිපති ඊයේ හරි ලස්සනට භාර ගත්තා (18.03.2026)
+
තෙල් නැතිව ළමයි අරන් යන්න විදිහක් නෑ – තියෙන තෙල් ටිකෙන් උදේ ගියාට හවස ළමයි අරන් එන්න මදි (18.03.2026)
+
අප්‍රේල් එන අළුත් තෙල් නැවෙන් ඩීසල්වල ගන්න වෙන්නේ රුපියල් 600 කට – දයාසිරිගෙන් රටම කැලඹෙන අනාවරණයක් (18.03.2026)
+
මුන් ඉස්සර රටේ ජනතාව බොරු කියලා කුලප්පු කරා (18.03.2026)
+
මහින්දට වටගලට ජයලාල්ට චෝදනා – ඔයාට ඒවා පෙන්නේ නැද්ද – දැන්වත් ගෝනි ගණන් බොරු කියන එක නවත්තන්න (18.03.2026)
+
ජෙනරල් සලේට ගේම දෙන ආණ්ඩුවේ ප්ලෑන් එක මෙන්න ? (18.03.2026)
+
ගෝටාව එළවන්න තෙල් හංගපු එවුන් අතේ මාට්ටු… දැන් නං ඒ වගේ වැඩ කරන්ඩ එපාලු (18.03.2026)
+
ලොක්කගේ පවුල ගැන ඇහුවාම, ඇයි මේ ඩෝබිලාට රිදිලා ? මේ පාර අවුරුද්දටවත් පවුල පෙන්නමුද ? (18.03.2026)
+
ළඟදීම ලයිට් කපනවලු… ගල්අඟුරු කුමාර තමයි කියන්නෙ (18.03.2026)
+
ලාල්කාන්ත – නාමල් කරුණාරත්න, මේ ඔබේ අවධානයටයි (18.03.2026)
+
සලේ අත්අඩංගුවට ගත් B වාර්තාවේ ඇත්ත කතාව. කුමන්ත්‍රණයක්ද? (18.03.2026)
+
ජෙප්පන්ගේ සදාචාරය ගැන මෙන්න ඇඟ හිරිවැටෙන කතාවක්! (18.03.2026)
+
වෙනත් ජංගම දුරකථන අංකයක් සඳහා කළින් ලියාපදිංචි කළ QR කේත නැවත ලබා ගන්න නව ක්‍රමවේදයක්
(19.03.2026 – hirunews.lk)
ඉන්ධන ලබා ගැනීමට අදාළ QR කේත සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව ‘Override’ විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.
මෙහිදී පරිශීලකයින්ට ඔවුන්ගේ පෙර ලියාපදිංචිය ඉවත් කර, නිවැරදි වාහන අංකය සහ චැසි අංකය (chassis details) ලබා දීම මගින් නව ජංගම දුරකථන අංකයක් යටතේ නැවත ලියාපදිංචි වී QR කේතයක් ලබා ගත හැකි බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
පෙර ලියාපදිංචිය වෙනත් දුරකථන අංකයක් යටතේ සිදු කර තිබුණද, මෙම නව ක්‍රමය හරහා එය යාවත්කාලීන කළ හැකි බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා ෴
- National Fuel Pass => https://fuelpass.gov.lk/
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴