ජනපති රනිල් ලන්ඩන් ගිහින් ටෙලිකොම් මිලදී ගන්න හදන ‘අලි රාජා’ හමුවෙලා

ජනපති රනිල් ලන්ඩන් ගිහින් ටෙලිකොම් මිලදී ගන්න හදන ‘අලි රාජා’ හමුවෙලා


ජනපති රනිල් ලන්ඩන් ගිහින් ටෙලිකොම් මිලදී ගන්න හදන ‘අලි රාජා’ හමුවෙලා

(22.06.2023 – 08:33 +0530 – lankaleadnews.com)

එංගලන්තයේ සංචාරයක නිරත ජනපති රනිල් වික්‍රමසිංහ සහ ‘ලයිකා මොබයිල්’ හිමිකරු වන ‘සුභාෂ්කරන් අලි රාජා’ අතර හමුවක් ලන්ඩනයේ හිල්ටන් හෝටලයේදී සිදුව ඇති බව වාර්තා වේ.

එම හමුවට ‘ලයිකා මොබයිල්’ හි උප සභාපති ප්‍රේම් සිවසාමි ද එක්ව සිටි බව පැවසේ.

අදාළ හමුව ජනපතිවරයාගේ ඥාතියකුගේ මැදිහත්වීමෙන් සිදුව ඇති බවද පැවසෙන අතර, ලංකාවේ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා ජාල තුනක (3) සම්පූර්ණ අවසන් හිමිකරු බවට පත්ව සිටින ‘සුභාෂ්කරන් අලි රාජා’, ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිට්ල් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස්වල හිමිකාරීත්වය ලබා ගැනීමට සැලැසුම් කරමින් සිටින බවට තොරතුරුද ඉකුත් දිනවල වාර්තා විය.

මේ අතර, ‘ලයිකා මොබයිල්’ විසින් නඩත්තු කරනු ලබන බව පැවසෙන ‘අතිර්වු’ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ජනපතිවරයා විසින් සුභාෂ්කරන්ට සියලු දෙමළ සිරකරුවන් නිදහස් කරන බවට පොරොන්දුවක් දී ඇති බවයි.

අදාළ වෙබ් අඩවියේ ජනපතිවරයා හා සුභාෂ්කරන්ගේ හමුවේ ඡායාරූපයක්ද පලකර තිබේ.

මේ අතර, සුභාෂ්කරන් මෙරට දේශපාලනයට සම්බන්ධවීමට යන බවට ද වාර්තා පැතිර තිබේ.

අතිර්වු වෙබ් අඩවියේ පළ කර ඇති ඡායාරූපය :


ICCPR පනතෙන් පොතුහැර පොලිසිය මාව හිරේට දැම්මේ පුද්ගලික පළිගැනීමකට – නිලන්ත රණසිංහ – Sudaa Studio (22.06.2023)

+


අන්තර්ජාලයෙන් ඩොලර් උපයන අයටත් වාහන බලපත‍්‍ර…

(21.06.2023 – 14:10 +0530 – lankacnews.com)

මෙරට සිට අන්තර්ජාලය මගින් විදේශ මුදල් උපයන පුද්ගලයන්ටද විද්‍යුත් වාහන ආනයන බලපත‍්‍ර ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ සදහා වන මූලික අනුමැතිය මේ වන විටත් ලැබී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

එසේම ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් විදේශ රැකියා කේෂ්ත්‍රය මුදා ගැනීමට සමස්ත විදේශ සේවා කේෂ්ත්‍රයම ඩිජිටල්කරණයට ලක් කිරීමට පියවර ගන්නා බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදුවන අනවශ්‍ය අතපෙවීම් වළක්වා ගැනීමටත්, නීතිවිරෝධී ක්‍රියා නතර කිරීමටත් මෙමඟින් හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශය මේ සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කර ඇති බව හෙතෙම පැවසීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ (20) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා එම අදහස් පළ කළේය ෴

+++++++++

+


අර්තාපල් කන්ටේනරයේ හෙරොයින් කිලෝග්‍රෑම් දාසයක් (16)

(22.06.2023 – 07:03 +0530 – hirunews.lk/sinhala)

බහාලුමක තිබී රුපියල් මිලියන 500 ට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් දාසයක් (16) සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී තිබෙනවා.

පාකිස්තානයේ සිට මෙරටට පැමිණි අර්තාපල් කන්ටේනරයේ ශීතකරණ යන්ත්‍රය තුළ මෙම හෙරොයින් සඟවා තිබුණ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා රේගු පාලන අංශයට ලද තොරතුරක් මත මෙම හෙරොයින් සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

මෙම අර්තාපල් ලංකාවට ගෙන ආ ආයතනයේ එක් (1) පුද්ගලයකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ජාවාරමේ ඉතිරි පුද්ගලයින් සොයා තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා ෴

+++++++

+


සහරාන්ගේ දේශණවලට සහභාගී වූ තරුණයෙක් අත්අඩංගුවට

(22.06.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී ‘මොහොමඩ් සහ්රාන්’ පැවැත් වූ අන්තවාදී දේශන සහ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ බව කියන තරුණයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග ක‍ර තිබෙනවා.

අදාළ දේශනය 2018 වසරේ ජුලි මස 21 වැනිදා සහ 22 වැනිදා යන දෙදින තුළ හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර සූදානමක් ලෙසින් පවත්වා ඇති අතර එහිදී අන්තවාදී දේශන සහ අවිපුහුණුව ඇතුළත් නේවාසික පුහුණු කඳවුරක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා වයස අවුරුදු 23 ක් වන නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පරිගණක පාඨමාලාවක් හදාරමින් සිටි ගම්පොළ වෙලම්බඩ පදිංචි අජ්මාල් සහීර් නැමැත්තෙක්.

කෙසේ වෙතත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත්තේ සැකකරු මෙම අන්තවාදී පුහුණු වැඩසටහන සඳහා සභාගීවූ බවට දුරකතන දත්ත වාර්තා මගින් අනාවරණය කරගත් බවයි ෴


මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දියානුවන් නාවික හමුදා භාරයට

(22.06.2023 – 08:27 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 04 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 ඡුනි මස 21 වන දින රාත්‍රි කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි ෴


අලුත උපන් සිය බිළිඳා කුණු ගොඩට දැමූ මව අත්අඩංගුවට

(22.06.2023 – 08:24 +0530 – hirunews.lk/sinhala)

අලුත උපන් සිය බිළිඳා කුණු ගොඩකට දමා මිනීමැරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (20 දා) විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ කාන්තාව නිවසේදීම මෙම දරුවා ප්‍රසූත කර අති අතර පසුව කුණු ගොඩට දමා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව වයස අවුරුදු 33 ක් වන තඹුත්තේගම- කිරලෝගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පොලිසිය සඳහන් කරන්නේ පසුගිය 16 වැනිදා පස්වරු 02 ත් 03 ත් අතර කාලයේ දී ඇය දරුවා ප්‍රසූත කර එම දරුවා කුණු ගොඩකට බැහැර කළ බවට තොරතුරු හෙළි වූ බවයි.

අදාළ මව සහ දරුවා මේ වනවිට තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය ප්‍රකාශ කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *