මිහින්තලා පුදබිමේදී විදෙස් තරුණියකට ලිංගික හිංසනයක්

මිහින්තලා පුදබිමේදී විදෙස් තරුණියකට ලිංගික හිංසනයක්


මිහින්තලා පුදබිමේදී විදෙස් තරුණියකට ලිංගික හිංසනයක්

(16.03.2026 – 17:58 +0530 – sinhala.adaderana.lk)

මිහින්තලා පුදබිමේදී ජර්මානු කාන්තාවකට ලිංගික අපයෝජනයක් සිදු කිරීමට උත්සහ කළ බව කියන පුරාවිද්‍යා කම්කරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණිය පසුගිය සිකුරාදා සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති අතර ඇය අද (16) ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයට පැමිණ චෛත්‍ය නැරඹීමට ගොස් ඇත.

එම සැකකාර පුද්ගලයා විසින් ඇයව ලිංගික අපයෝජනය කිරීමට උත්සහා දරා ඇති බවට මූලික පොලීස් විමර්ශනවලදී අනාවරණ විය.

එම අවස්ථාවේදී මිහින්තලය වැඳපුදාගැනීමට පැමිණීමට පිරිසකට මෙම තරුණිය කෑ ගසන හඬ ඇසීමත් සමඟ ඔවුන් කැලය දෙසට දිව ගොස් තිබේ.

ඒ වනවිට සැකකරු විසින් සිය ටී-ෂර්ට් එක යොදා අදාළ තරුණියගේ ගෙල සිර කරමින් සිටි බවත් ඉන් අනතුරුව තම පිරිස විසින් මෙම තරුණිය බේරාගැනීමට කටයුතු කළත් ඔවුහු කීහ.

ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්පසු මෙම විදේශ කාන්තාව අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලහැඟුණු වැවේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කළේ, මිහින්තලා පුදබිමේ පොලිස් ආරක්ෂාව නොමැති නිසා මෙවැනි සිදුවීම් වාර්තා වන බවය.

+++

+


නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කර අත්හිටවූ සිරදඬුවමකුත් නියම කරයි

(16.03.2026 – 18:02 +0530 – sinhala.adaderana.lk)

නීතිඥවරුන්ගේ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කැකිරාව ප්‍රදේශයේ සේවයේ නියුතු නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කර තිබේ.

එම චෝදනාවලට අදාළව නිකුත් කරනු ලැබූ නියෝගයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ද වරදකරු කෙරුණු එම තැනැත්තියට වසරක (1) සිරදඬුවම් නියම කොට එම සිරදඬුවම වසර පහකට (5) අත්හිටුවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.

ඊට අමතරව රුපියල් 2,5000 ක දඩයක්ද නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව මාස හයක (6) සිරදඬුවම් නියම කරන බවත් නඩු තීන්දුවේ සඳහන් වේ.

වග උත්තරකාරිය අදාළ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

2023 වසරේ ජූලි මස 27 වන දා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු ගොනුවක පිටු දෙකක් (2) ගලවා සපා කා හානි සිදුකිරීම තුළින් නීතිඥ ආචාර ධර්ම වලට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් එම තැනැත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණි.

එම චෝදනා විභාග කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම විභාගය අවසන් වනතුරු වග උත්තරකාරියට නීතිඥ වෘත්තියේ නිරතවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

එසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එය උල්ලංඝනය කරමින් වගඋත්තරකාරිය යළි නීතිඥ වෘත්තියේ නිරත වී ඇති බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක්ද නීතිපතිවරයා විසින් ගොනු කර ඇත.

මෙම චෝදනා පත්‍ර දෙකටම (2) මුල් අවස්ථාවේදී තමන් නිවැරදිකාරිය බව වග උත්තරකාරිය විසින් ප්‍රකාශ කර තිබුණත් පසුව එම චෝදනාවලට තමන් වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දී තිබුණි.

ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු සඳහන් කළේ මෙම වගඋත්තරකාරිය සිදුකර තිබෙන ක්‍රියාව නීතිඥවරුන්ගේ ආචාර ධර්ම පද්ධතිය බරපතළ අයුරින් උල්ලංඝනය වී ඇති බවය.

ඒ අනුව ඇයගේ නම නීතිඥ නාමාවලියෙන් ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්ට නියෝග කළ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ කැකිරාව දිසා විනිසුරුවරයාට දැනුම් දෙන ලෙසත් නියම කර තිබේ.

ඉන් අනතුරුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට ද වරදකරු කෙරුණු එම තැනැත්තියට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඇඟිලි සලකනු ලබාදීම සඳහා එම තැනැත්තිය පොලිස් අපරාධ හා ඇඟිලි සැලකුණු කොට්ටාසය හමුවේ පෙනී සිටිය යුතු බවටත් වැඩ දුරටත් නියෝග කර තිබේ ෴


මාලිමා ගල් අඟුරු වංචාව මුල සිට සරලව සිංහලෙන් ! (16.03.2026)

+


හාමුදුරුවන්ට බණකතා පැටලෙව්වේ කවුද? ඕවත් සොබාදහමෙන්ම සිද්ධ වෙන දේවල් තමයි (16.03.2026)

+

නිකරුණේ එහෙ මෙහෙ යන්ඩ එපා… නලින්ද ඇයි ඔයා මේ අඬන්නෙ ? කෝ අර චන්ඩි පාට් ? (16.03.2026)

+

නිකරුණේ එහෙ මෙහෙ යන එවුන් අල්ලලා හිරේ දාමු… එන්න අපි මේ රට මකලා හදමු (16.03.2026)

+

කරන කලට පව් මීරිය මී සේ, කියලා තමයි කියන්ඩ තියෙන්නෙ… එච්චරයි (16.03.2026)

+


තෙල් පෝලිමේද? බනින්න ඉස්සෙල්ල අහන්නම ඕනෙ ටික (17.03.2026)

+


රංග දිසානායක අන්ධ වෙයිද? කුමාර ජයකොඩි හැංගෙයිද? (16.03.2026)

+


නාමල්, කච්චතිව් ගැන විජය තලපතිට දුන්නු උත්තරේ… කැමතිම නළුවා වුණාට දේශපාලනය වෙන දෙයක් (17.03.2026)

+


NPCI International ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ UPI ගෙවීම් පුළුල් කරයි

(17.03.2026 – hirunews.lk)

ඉන්දියාවේ ජාතික ගෙවීම් ජාලයේ (NPCI) ජාත්‍යන්තර අංශය වන NPCI Inteational (NIPL), ශ්‍රී ලංකාව පුරා වෙළඳසැල් සහ ව්‍යාපාරික ස්ථාන වැඩි ප්‍රමාණයක UPI ගෙවීම් පද්ධතිය භාවිතා කිරීමට ඉඩ සලසීමේ තම කැපවීම නැවත අවධාරණය කර ඇත.

මෙය ඉන්දියානු සංචාරකයින්ට මෙරටදී ගෙවීම් පහසු කිරීම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම සහ දෙරට අතර පවතින ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණට සේවය කරයි.

ඉන්දියාවේ UPI යනු ජංගම දුරකථන යෙදුම් (mobile apps) හරහා ක්ෂණිකව සහ ආරක්ෂිතව මුදල් ගෙවීමට හැකි පද්ධතියකි. මසකට මූල්‍ය ගනුදෙනු බිලියන 20 කට වඩා සිදු කරන මෙය ලොව දියුණුතම ඩිජිටල් ගෙවීම් පද්ධති අතරේ එකක් ලෙස සැලකේ. ඉන්දියාව පුරා ස්ථාන මිලියන 700 කට වැඩි ගණනක භාවිතා වන මෙම පද්ධතිය, එහි නම්‍යශීලීභාවය නිසා ශ්‍රී ලංකාවේ LankaQR ජාලය ඇතුළු වෙනත් ජාත්‍යන්තර ගෙවීම් පද්ධති සමඟ ද ඉතා පහසුවෙන් සම්බන්ධ කළ හැක.

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණෙන්නේ ඉන්දියාවෙනි. 2024 වසරේදී ඉන්දියානු සංචාරකයින් 416,000 ක් පැමිණි අතර 2025 දී එය 531,000 දක්වා වර්ධනය වී ඇත. වසරින් වසර මෙලෙස සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යන බැවින්, පහසුවෙන් සහ විශ්වාසදායකව ගෙවීම් කළ හැකි ක්‍රමවේදයක අවශ්‍යතාවය බෙහෙවින් වැදගත් වේ.

NPCI Inteational සහ LankaPay ආයතන අතර පවතින සහයෝගීතාවය හරහා, ඉන්දියානු සංචාරකයින්ට ඔවුන්ගේ UPI පහසුකම් සහිත ජංගම යෙදුම් මඟින් ඕනෑම LankaQR කේතයක් ස්කෑන් කර ශ්‍රී ලංකාව පුරා ඩිජිටල් ගෙවීම් කළ හැක. මෙය ඔවුන්ට අතේ මුදල් රැගෙන යාමට හෝ මුදල් හුවමාරු කිරීමට අවශ්‍ය නොවන වාසි සපයයි.

මෙම සේවාව තවදුරටත් පුළුල් කිරීමට NIPL, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මෙරට බැංකු සමඟ සමීපව කටයුතු කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ පවතින ගෙවීම් පද්ධතිවලට අනුකූල වන පරිදි UPI ගෙවීම් පහසුකම තවදුරටත් ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අරමුණයි.

මෙම ක්‍රමය සංචාරකයින්ට මෙන්ම මෙරට ව්‍යාපාරිකයින්ටද වාසිදායක වේ. සංචාරකයින්ට ඔවුන්ගේ ඉන්දියානු බැංකු ගිණුම්වලින් සෘජුවම ගෙවීම් කළ හැකි අතර විනිමය අනුපාතද පැහැදිලිව දැකගත හැක.

NPCI Inteational හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී රිතේෂ් ශුක්ලා මහතා පැවසුවේ : “තාක්ෂණය හරහා රටවල් එකිනෙකට සමීප කිරීමට NPCI Inteational කැපවී සිටී. ශ්‍රී ලංකාව සමඟ අපගේ සම්බන්ධතාවය මඟින් පෙන්නුම් කරන්නේ ඩිජිටල් ගෙවීම් භාවිතය ප්‍රවර්ධනය කිරීම, මිලියන සංඛ්‍යාත ජනතාවට සංචාරය සහ වෙළඳාම පහසු කිරීම, සහ මෙරට ව්‍යාපාරවලට සහ සමස්ත ආර්ථිකයට ප්‍රතිලාභ ලබා දීම සඳහා දෙරටේම ඒකායන අරමුණයි.”

“LankaPay සමඟ එක්ව ඔවුන් හඳුන්වා දෙන මෙම ආරක්ෂිත හා වේගවත් ගෙවීම් ක්‍රමය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව අපට විශ්වාසයි” යනුවෙනි.

https://www.npci.org.in/


“තවත් සතියක් දෙකක් යනකොට විදුලි කප්පාදුවකට යන්න වෙනවා” – ඩී.වී. චානක

(17.03.2026 – hirunews.lk)

තවත් සතියක් හෝ දෙකක් යනවිට විදුලි කප්පාදු කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසනවා.

මන්ත්‍රීවරයා මේ පිළිබඳව සඳහන්ලර සිටියේ අද (17) පැවැති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.

මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවැනි අදහසක් :

“අප්‍රේල් 12 වෙනකොට ඩීසල් නැතිවෙනවා. ඊළඟ ප්‍රශ්නය තමයි වැඩියෙන්ම ඇවිල්ල තියෙන්නෙ මේ නැව් ටික ගත්තොත් වැඩියෙන්ම ඇවිල්ලා තියෙන්නේ පෙට්‍රල්. ඩීසල් ගේනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ පෙට්‍රල් ටික පාරිභෝජනයට යනවා, හැබැයි ඩීසල් ටික යන්නේ විදුලි උත්පාදනය සඳහා. ඔබතුමාලගේ කාර්යාලයේ ඉස්සරහා තමයි තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ සිස්ටම් කන්ට්‍රෝල් සෙන්ටර් එක. ඒකේ 14 වෙනිදා, 15 වැනිදා, 16 වෙනිදා සියලුම වාර්තා ටික මම සභාගත කරනවා මෙගාවොට් එකසිය පනහක් (150) නොරොච්චෝලේ බාල ගල් අඟුරු හින්දා අඩුවෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ සිස්ටම් කන්ට්‍රෝල් සෙන්ටර් එකට ඕන විදිහට විදුලිය ගන්න බැහැ. ඒගොල්ලෝ මේක පික් කරන්න ඕනේ මිල අඩුම එකේ ඉඳලා පටන් ගන්න ඕනේ හයිඩ්‍රොපවර් වලින්. ඊට පස්සේ උඩට සෝලා, වින්ඩ්, බයෝමාස්, ඊට පස්සේ තමයි ගල් අඟුරු. එහෙමත් මදි උනොත් තමයි ෆර්නස් වලට යන්න තියෙන්නේ. එහෙමත් මදි වුනොත් තමයි නැප්තර් වලට යන්න තියෙන්නේ. එහෙමත් මදි උනොත් තමයි ඩීසල් වලට යන්න තියෙන්නේ. මේ තත්ත්වය අනුව සාමාන්‍යයෙන් නොරොච්චෝලයේ ඒ මෙගාවොට් 810 එලියට ආවනම් අද දවසේ එක තෙල් ලීටරයක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ මේ නිෂ්පාදනය සඳහා. හැබැයි මොකද වෙලා තියෙන්නෙ? මෙගාවොට් 150 හදන්න වෙලා තියෙන්නේ ඩීසල් ලීටර් ලක්ෂ තිස්පහක් (35) සතියකට යනවා, මාසෙකට යනවා ඩීසල් ලීටර් ලක්ෂ එකසිය හතළිහක් (140). මෙන්න සිස්ටම් කන්ට්‍රෝල් එකේ විදුලි බල මණ්ඩලයේ රිපෝට් ටික තියෙනවා. ගිහිල්ල බලන්න තව සතියක් දෙකක් යනකොට විදුලි කප්පාදුවකට යන්න වෙනවා.”

+++

+


“ඉන්ධන කෝටාව සෑම සතියකම සෙනසුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා වලංගුයි” – ඛණිජ තෙල් නිතිගත සංස්ථාවේ සභාපති

(17.03.2026 – hirunews.lk)

ඉන්ධන කෝටාව සෑම සතියකම සෙනසුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා වලංගු බව ඛණිජ තෙල් නිතිගත සංස්ථාවේ සභාපති පවසනවා.

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ මෙරට ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීම සඳහා ඉකුත් මාර්තු 15 වනදා සිට QR ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරන ලෙසයි රජය පවසා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *