පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා මාර්තු මස 31 වනදා රටට හෙළිකරන බව නීතිඥ උදය ගමන්පිල පවසයි
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා මාර්තු මස 31 වනදා රටට හෙළිකරන බව නීතිඥ උදය ගමන්පිල පවසයි
(16.03.2026 – 11:22 +0530 – sinhala.adaderana.lk)
ආණ්ඩුව හෙළි නොකරන පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා කවුරුන්ද යන්න පිළිබඳව මාර්තු මස 31 වනදා රටට හෙළිකරන බව ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක, නීතිඥ උදය ගමන්පිල මහතා පවසයි.
අද (16) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
වසර එකහාමාරක (1½) පමණ කාලයක් පුරා පර්යේෂණයක් සිදු කර ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයායාම’ නමින් පර්යේෂණ ග්‍රන්ථයක් සකස් කළ බවත් එය එළැඹෙන මාර්තු මස 31 වනදා සවස 03:30 ට ‘සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ’ දී එළි දැක්වීමට බලාපොරොත්තු වන බවත් උදය ගමන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක, නීතිඥ උදය ගමන්පිල මහතා :
“පාස්කු ප්‍රහාරය වසර 7 ක් සිට විකුණුවා.. ආණ්ඩු හැදුවා ආණ්ඩු පෙරලුවා .. කිසිම පදනමක් නැතුව රණවිරුවන්ට හිංසා පීඩා කරන්න පාස්කු ප්‍රහාරය යොදා ගත්තා.. දැන් මේ ප්‍රෝඩාවට තිත තියන්න කාලය ඇවිත්.”
+++
පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ලෑස්ති වෙලා හිටියේ දළඳා පෙරහැරට ප්‍රහාරයක් එල්ල කරන්න – උදය ගම්මන්පිල (16.03.2026)
+++
ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම කුමන්ත්‍රණයක්ද? – නීතිඥ සංජීව වීරවික්‍රම හෙළි කරයි (16.03.2026)
+
රටේ කඳු ගණන් ඩොලර් තිබ්බට වැඩක් නෑ – මේ උද්දච්ච හුණ්ඩුවන්ට මොලේ කළඳක් නෑ (16.03.2026)
+
පාර්ලිමේන්තු මන්ත්‍රීට පයින් යන්නද කියන්නේ? – අර ජෙපි පාපිසි 159 යන්න කියන්න තෙල් පෝලිමට (16.03.2026)
+
මටවත් තාම QR කෝඩ් එක හදාගන්න බැරි වුණා – නාමල් අදත් (16) ආණ්ඩුවට හොඳවයින් කියයි (16.03.2026)
+
+
තෙල් පිරවුම්හල් අධීක්ෂණයත් අද (16) සිට – ‘කිව්-ආර්’ නැතිව ඉන්ධන නිකුත් කළොත් බලපත්‍රත් අවලංගුයි
(16.03.2026 – hirunews.lk)
ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය හරහා ඉන්ධන කෝටාව ලබාගැනීමේ ‘කිව්-ආර්’ කේත ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැන නගින ඕනෑම ගැටලුවක් හෝ අමතර තොරතුරු දැන ගැනීම සදහා 1919 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු කේන්ද්‍රය ඇමතිය හැකි බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙනවා.
එම අමාත්‍යංශය සදහන් කළේ, ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය හරහා ඉන්ධන කෝටාව ලබාගැනීමේ කිව් ආර් කේත ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මේ වන විට යථා තත්ත්වයට පත්ව ඇති බවයි.
ඒ අනුව, තමන් අයත් වන කාණ්ඩය හඳුනාගෙන ‘කිව්-ආර්’ කේතය භාවිතයෙන් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි එම අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
එහිදී දැනටමත් ‘කිව්-ආර්’ කේතයක් හිමි, වාහනයේ අයිතිය සහ ලියාපදිංචි කළ දුරකථන අංකයෙහි කිසිදු වෙනසක් සිදු නොවූ රථ වාහන හිමියන්ට, තමන් සතු එම පැරණි ‘කිව්-ආර්’ කේතයම ඉදිරිපත් කර බාධාවකින් තොරව ඉන්ධන ලබාගත හැකියි.
මීට පෙර ලියාපදිංචි වී ඇති නමුත්, ‘කිව්-ආර්’ කේතය අස්ථානගත වී හෝ දුරකථනයෙන් එය ඉවත් වී ඇත්නම්, එනම් දුරකථන අංකය සහ රථ වාහන තොරතුරු නොවෙනස්ව පවතීනම් නැවත ලියාපදිංචි වීම අවශ්‍ය නොවන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පෙන්වා දෙනවා.
ඒ අනුව කළ යුත්තේ අදාළ පද්ධතියට ඇතුල් වී ජංගම දුරකථනයට ලැබෙන OPT කේතය මගින් නැවතත් සිය ‘කිව්-ආර්’ කේතය ලබා ගැනීමයි.
මේ අතර, මීට පෙර ලියාපදිංචි නොවූ පුද්ගලයන්, තම වාහනය අලුතින් මිලදී ගත් පුද්ගලයන් හෝ මීට පෙර ලියාපදිංචි කළ දුරකථන අංකය දැනට භාවිත නොකරන පුද්ගලයන් මෙම පද්ධතියේ අලුතින් ලියාපදිංචි වීම අනිවාර්ය වනවා.
‘කිව්-ආර්’ කේතයක් හරහා ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමවේදය පළමු වරට මෙරටට හදුන්වා දුන්නේ 2022 වසරේ අගෝස්තු මාසයේදීයි.
ඒ කොරෝනා වසංගතයත් සමග මෙරට මුහුණදුන් ආර්ථික අර්බුදය හමුවේ මතුවූ ඉන්ධන හිඟයත් සමඟයි.
2023 වසරේ සැප්තැම්බර් මාසයේදී ‘කිව්-ආර්’ ක්‍රමවේදය ඉවත් කිරීමට පියවර ගැණුනු අතර එය යළි ක්‍රියාත්මක වන්නේ වසර 3 කට පසුවයි.
කෙසේ වෙතත්, ‘කිව්-ආර්’ ක්‍රමවේදය ඊයේ (15) පෙරවරුවේ ක්‍රියාත්මක කරන බවට නිවේදනය කිරීමත් සමග දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම් දක්නට ලැබුණා.
මේ අතර, ‘කිව්-ආර්’ ක්‍රමවේදයට පිටින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වල බලපත්‍ර අවලංගු කරන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ පිරවුම්හල්වලට නිකුත් කරන තොග සහ ‘කිව්-ආර්’ ක්‍රමවේදය යටතේ නිකුත් කෙරෙන තෙල් ප්‍රමාණයේ වෙනස සොයා බැලීමට අද (16) සිටම විමර්ශන අරඹන බවයි.
‘කිව්-ආර්’ කේතය නැවත ඉන්ධන පිරවුම්හල් වෙත හඳුන්වාදීමත් සමග ඉන්ධන පිරවුම්හල් අසලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන රථවාහන තදබදය පාලනය කිරීම සඳහායි.
+++
+
දොස්තරලට Work From Home තමයි – මේ උද්දච්ච ඇමතිට මේවා තේරෙන්නේ නැත්ද ? (16.03.2026)
+
දික්ඕවිට වරායට රැගෙන ආ බෝට්ටුවේ රු. කෝටි 300 ක මත්ද්‍රව්‍ය කිලෝ 123 ක්
(16.03.2026 – hirunews.lk)
දෙවුන්දරට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් භාරයට ගෙන දික්ඕවිට වරායට රැගෙන ආ ධීවර යත්‍රාවේ හෙරොයින් කිලෝග්‍රෑම් 123 ක් තිබූ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ එහි දළ වටිනාකම රුපියල් කෝටි 300 ක් පමණ වන බවයි.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය විසින් සිය භාරයට ගත් අදාළ ධීවර යාත්‍රාව සැකකරුවන් පස්දෙනා (5) ද සමඟ අද (16) උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබුවා.
එම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ද එක්ව සිටි අතර ඔහු කියා සිටියේ බේරුවල මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ තවත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි ෴
බේරුවල වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය පැකට් 10 ක් ප්‍රවාහනය කරමින් සිටි බව කියන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (6) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
+++
+++
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක නාවික හමුදා මෙහෙයුම් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 133 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
+
ඉන්ධන QR පද්ධතියේ පවතින ගැටලු නිරාකරණය සහ නව ලියාපදිංචි කිරීම් ගැන විශේෂ දැනුම්දීමක්
(16.03.2026 – 16:58 +0530 – sinhala.adaderana.lk)
ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) සම්බන්ධයෙන් පවතින තාක්ෂණික ගැටලු මේ වන විට සාර්ථකව නිරාකරණය කරමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය දැනුම් දෙයි.
ඒ අනුව, හෙට (17) පෙරවරුව වන විට පවතින සියලු බාධාවන් ඉවත් කර පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.
විශේෂයෙන්ම 2023 වසරේ අගෝස්තු මාසයෙන් අනතුරුව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා නීත්‍යානුකූලව හිමිකාරීත්වය පවරා ගන්නා ලද වාහන වෙනුවෙන් නව QR කේතයක් ලබාගත යුතු වේ.
මෙම නව ලියාපදිංචි කිරීම් සඳහා අවශ්‍ය වන පද්ධති යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදුකෙරෙමින් පවතින බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
යම් QR කේතයකට අදාළ දුරකථන අංකයක හිමිකාරීත්වය මාරු වී ඇත්නම් හෝ අදාළ දුරකථන සබඳතාව විසන්ධි වී ඇත්නම්, එවැනි පාර්ශ්වයන් පිළිබඳ තොරතුරු අදාළ ජංගම දුරකථන සේවා සපයන සමාගම් වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව එම සමාගම් විසින් ලබාදෙන යාවත්කාලීන දත්ත මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා පද්ධතියට ඇතුළත් කිරීමේ කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක වේ.
මේ අතර, ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමේදී අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන ව්‍යාජ සබැඳි (Links) වෙත ප්‍රවේශ වී තම පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දත්ත අවභාවිතය වළක්වා ගැනීම සඳහා සැමවිටම රජයේ නිල පද්ධතිය පමණක් භාවිත කරන ලෙසත්, පවතින ගැටලු සඳහා 1919 ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙසත් වැඩිදුරටත් දැනුම් දෙනු ලැබේ ෴
+++
QR එක ගන්න මුවාවෙන් තොරතුරු උස්සන – හොර සයිට් එකක් ගැන ප්‍රබල අනාවරණයක් (16.03.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴