රජයේ සේවකයින්ට, රජයේ පාසල් සහ විශ්වවිද්‍යාල වලට සෑම බදාදා දිනයක්ම නිවාඩු
රජයේ සේවකයින්ට, රජයේ පාසල් සහ විශ්වවිද්‍යාල වලට සෑම බදාදා දිනයක්ම නිවාඩු
(16.03.2026 – 19:06 +0530 – sinhala.adaderana.lk)
සෑම සතියකම බදාදා දිනය අධිකරණ සේවා, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන, බලශක්ති සහ රේගුව යන රාජ්‍ය ආයතන මෙම විශේෂ නිවාඩුවට ඇතුළත් නොවන බව සඳහන්.
එමෙන්ම සියලුම රාජ්‍ය උත්සව ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවනු ලබන අතර පෞද්ගලික අංශයෙන් ද නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ඉල්ලා සිටින්නේ.
+++
අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම පිළිබඳ රජයේ විශේෂ මාධ්‍ය හමුව (16.03.2026)
+++
බස් රථවල ඉන්ධන කෝටාව ලීටර් 60 – 360 අතර පරාසයක් දක්වා ඉහළට
(16.03.2026 – hirunews.lk)
මගී ප්‍රවාහන බස් රථවලට සතියක කාලයක් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 60 – 360 අතර පරාසයක් තුළ ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසන බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.
ඒ අනුව බස් රථ ධාවනය කරන දුර ප්‍රමාණය මත ඉන්ධන ප්‍රමාණය තීරණ වනු ඇති.
මෙම ක්‍රමවේදය සැකසෙනතුරු ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බවයි ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ ෴
ගොවීන්ට QR කේතය නොමැතිව ඉන්ධන ලබා ගැනීමට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව, වී අස්වනු නෙළීම සඳහා අක්කරයකට තෙල් ලීටර් 15 ක් සහ කුඹුරු සීසෑම සඳහා අක්කරයකට තෙල් ලීටර් 20 ක් බැගින් වෙන් කර ඇති බවයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ ෴
+++
QR පද්ධතිය ගැන හිටපු ඇමති කංචනගෙන් සටහනක්
(16.03.2026 – hirunews.lk)
ජාතික ඉන්ධන අවසර පත්‍ර (National Fuel Pass) හෙවත් QR පද්ධතිය රජයට කිසිදු වියදමකින් තොරව මාසයක් (1) වැනි කෙටි කාලයක් තුළ සංවර්ධනය කර ක්‍රියාත්මක කළ බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
සිය x සමාජ ගිණුමෙහි සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියා.
එහිදී හිටපු අමාත්‍යවරයා තැබූ සටහන පහතින්.
“ජාතික ඉන්ධන අවසර පත්‍ර (National Fuel Pass) QR ක්‍රමය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් කිසිවකුටත් ගෞරවය හිමිවිය යුතු නම්, එය හිමිවිය යුත්තේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කණ්ඩායමට, ඩයලොග් ආසියාටා කණ්ඩායමට මෙන්ම ‘මිලේනියම් අයිටී’ කණ්ඩායමටයි.
අපගේ පළමු හමුවීමෙන් සති දෙකක් (2) වැනි කෙටි කාලයක් තුළ ඔවුන්ගේ කණ්ඩායම් විසින් මෙම වේදිකාව සංවර්ධනය කළ අතර, මාසයක් (1) ඇතුළත එය රජයට කිසිදු වියදමකින් තොරව ක්‍රියාත්මක කරන ලදී. තවත් බොහෝ පාර්ශ්වකරුවන්ගේ සහයෝගය සහ කැපවීම මත මෙය සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.”
+++
චානක රට හෙල්ලෙන හෙළිදරව්වක් කරයි (16.03.2026)
+
අයිස් සහ ජීව උණ්ඩ සමඟ සරසවි සිසුවෙක් දැලේ
(16.03.2026 – hirunews.lk)
අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1800 ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09 ක් සමග ගාල්ල විශ්ව විද්‍යාලයක සිසුවෙකු බටපොල පිහිටි ඔහුගේ නිවසේදි අද (16) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි ගාල්ල කොට්ඨාශ දුෂණ මර්දන අංශය පවසනවා.
බටපොල නින්දාන පදිංචි 25 හැවිරිදි සැකකරු මේ වනවිට ගාල්ල විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන අතර ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවුවෙකු බවටත් හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
මීටියාගොඩ පොලිස් වසමේදි ඉකුත් වසරේ මැයි මස 03 වැනිදා සිදුවු මනුෂ්‍ය ඝාතනයේ සැකකරු මොහුගේ පාසල් මිතුරෙකු වන බවත් එම හැඳුනුම්කම මත මෙම ජීව උණ්ඩ ලබාදි ඇති බවටත් සැකකාර සිසුවා ප්‍රකාශ කර ඇතැයි පොලිසිය පවසනවා.
සැකකරු සන්තකයේ තිබී යතුරු පැදියක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර එය ලියාපදිංචි කර ඇත්තේ දික්වැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට වන අතර ආදායම් බලපත්‍රය නිකුත් කර ඇත්තේ අහංගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට බවත් අනාවරණය වී තිබුණා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බටපොල පොලිසියට බාරදි ඇති අතර සැකකරු හෙට (17) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ ෴
අත්අඩංගුවට ගත් යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 250 ක්
(16.03.2026 – hirunews.lk)
බේරුවල මුහුදේදී අද (16) අත්අඩංගුවට ගෙන දික්ඕවිට වරාය වෙත රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාවේ කිලෝග්‍රෑම් 250 කට ආසන්න ‘කොකේන්’ තොගයක් හමුව ඇතැයි නාවික හමුදාව පවසනවා.
බේරුවල වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම බහුදින ධීවර යාත්‍රාවක සමඟ සැකකරුවන් හය දෙනෙකු (6) අත්අඩංගුවට ගත් බවයි සඳහන්.
දික්ඕවිට වරායට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කරන අයුරු (16.03.2026)
+++
කුඩු සළිඳුගේ රු. මිලියන 3000 ක බඩු දකුණු මුහුදේදී මාට්ටු – ජාවාරම පොල්අතුමෝදර සරත් මෙහෙයවලා (16.03.2026)
+
පෞරාණික බුදු පිළිමයක් සහ මැණික් සමඟ කතුන් ඇතුලු 5 ක් අත්අඩංගුවට
(16.03.2026 – hirunews.lk)
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සැක කෙරෙන බුදු පිළිමයක් සහ මැණික් ගල් කිහිපයක් සන්තකයේ තබාගෙන ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකාරියන් තිදෙනෙකු (3) ඇතුළු පස්දෙනෙකු (5) දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.
දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ සල්පිටිගම – සඳුන්පුර මාර්ගයේ සල්පිටිගම ප්‍රදේශයේදී ඊයේ (15) සවස මෙම වැටලීම සිදුකර තිබුණා.

පොලිස් නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරක් මත මාර්ග බාධක යොදා සිදු කළ පරීක්ෂාවකදී මෙම පිරිස කොටු කර ගැනීමට හැකි ව තිබූ බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බුදු පිළිමයක් සහ මැණික් ගල් බවට සැක කරන නිල් පැහැති ගල් 03 ක් සොයාගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
එම භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොදාගත් ත්‍රීරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 26, 53 සහ 55 යන වයස්වල පසුවන මහියංගණය සහ රිදීමාලියද්ද ප්‍රදේශවල පදිංචි සැකකාරියන් තිදෙනෙකු (3) සිටින බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
සෙසු සැකකරුවන් දෙදෙනා (2) වයස අවුරුදු 32 සහ 62 පසුවන බිබිල සහ මිණිපේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
පොලිස් නිලධාරීන් මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී තවත් එක් (1) සැකකරුවෙකු පළාගොස් ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවද පොලිස් මූලස්ථානය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ නියමයෙන්, අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදුකෙරුණා.
අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චිගේ අධීක්ෂණය යටතේ මහඔය සහකාර පොලිස් අධිකාරි සුමිත් ප්‍රියන්තගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන (37088) රූපසිංහ (82608) දර්ශන යන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා ෴
කොළඹ සිට ඩුබායි දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගුයි
(16.03.2026 – hirunews.lk)
ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මාර්තු 16, 17, 18, 21 සහ 24 යන දිනවල කොළඹ සිට ඩුබායි දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ UL231 / UL232 ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා ෴
අනුරගේ මහ ලොකු නරි වාදම් විතරයි – හරියට තෙල් ටිකක්වත් බෙදා ගන්න බෑ – කස්සප හිමි ආණ්ඩුවේ රෙදි ගලවයි (16.03.2026)
+
Hiru TV Salakuna Live | Udaya Gammanpila | Episode 519 | 2026-03-16
+
මත්ද්‍රව්‍ය කිලෝ 133 ක් සමග හසුවූ යාත්‍රාවේ අයිතිකාරිය සහ පුතා අත්අඩංගුවට
(17.03.2026 – hirunews.lk)
දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 133 ක් සමග නාවික හමුදා භාරයට ගත් ‘දිනූෂි’ නමැති බහුදින ධීවර යාත්‍රාවේ හිමිකාරිය සහ ඇගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගිනුයි.
ඔවුන් එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අම්බලන්ගොඩ ප්‍රදේශයේදීයි ෴
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශ කිහිපයකට බදාදා දිනයේ නිවසේ සිට රාජකාරි කිරීමට අවසර
(16.03.2026 – 22:34 +0530 – sinhala.adaderana.lk)
ජාත්‍යන්තර අර්බුදකාරි තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග වලට අනුගත වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශ කිහිපයක නිලධාරීන්ට සෑම බදාදා දිනකම නිවසේ සිට රාජකාරි කිරීමට අවසර ලබා දී තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයෙහි සඳහන් වන්නේ, මෙම සතියේ සිට නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම,
- කාසල් වීදියේ පිහිටි නව අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ සියලුම අංශ
- නාරාහෙන්පිට මැලේරියා ගොඩනැගිල්ලේ සියලුම අංශ
- ජාතික පිළිකා මර්ධන වැඩසටහන
- සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය,
යන ගොඩනැගිලි හා අංශවල නිලධාරීන් නිවසේ සිට වැඩ කළ යුතු බවය.
එමෙන්ම ප්‍රවාහන අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරි සුවසිරිපාය ගොඩනැගිල්ලේ සිට සිදු කරන ලෙසත්, පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ අංශයේ ආහාර පාලන ඒකකයේ බලපත්‍ර නිකුත් කිරීමට අදාල නිලධාරීන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ – වැ.බ.) උපදෙස් පරිදි සුවසිරිපාය පරිශ්‍රයේදී බදාදා දින රාජකාරි ඉටු කල යුතු බවත් දැනුම් දී තිබේ.
මීට අමතරව, ඉහත සෞඛ්‍ය ආයතන වල සිදුකළ යුතු අත්‍යවශ්‍ය කාර්යයන් සුදුසු ක්‍රමෝපායන් අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව දැනුම් දී ඇත.
තවද, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පවතින අනෙකුත් අංශ / ඒකක අවම අවශ්‍යතාවයට සරිලන පරිදි කාර්ය මණ්ඩලය බදාදා දින සීමා කිරීමට අවධානය යොමුකළ යුතු අතර සෞඛ්‍ය සේවාව අඛණ්ඩව හා ඵලදායී ලෙස පවත්වා ගනිමින් මෙම අවස්ථාව කළමනාකරණය කර ගැනීම සඳහා කටයුතු කරන ලෙස ද අදාල නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴