පැමිණිල්ලක් දාන්න ගිය තරුණියට පොලිස් කොස්තාපලයා ගෙන් අතවරයක්

පැමිණිල්ලක් දාන්න ගිය තරුණියට පොලිස් කොස්තාපලයා ගෙන් අතවරයක්


පැමිණිල්ලක් දාන්න ගිය තරුණියට පොලිස් කොස්තාපලයා ගෙන් අතවරයක්

(16.06.2023 – 10:28 +0530 – hirunews.lk/sinhala)

සිය පියාගෙන් සිදුවන කරදර සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ගිය තරුණියක් ගැබිණියක කල පොලිස් කොස්තාපලයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

පෙබරවාරි මාසයේ දිනක ගැබ් ගත් බව කියන තරුණිය සිය මව සමග පොලීසියට පැමිණ ඇත්තේ සිය පියාගෙන් සිදුවන හිරිහැර සම්බන්ධව පැමිණිල්ලක් සිදු කිරීමට ය. එහෙත් කාන්තා නිලධාරිනියක් නොමැති බව පවසා එදින රැය පහන් වන තුරු ඔවුන් පොලිස් ස්ථානයේ රඳවා තබා ගැනීමට පොලිස් කොස්තාපල්වරයා කටයුතු කර ඇත. තරුණියගේ ජංගම දුරකථන අංකය ලබා ලබා ගත් පොලිස් කොස්තාපලයා ඇයට ඇමතුමක් ලබාදී මුදල් හා පරිගණක ලබා දෙන බව පවසමින් කල්ලඩි ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් අඹු සැමියන් ලෙස හැසිරී ඇති බව පොලිසිය පවසයි.

දැනට සති කිහිපයකට ඉහත දී ඇය ගැබ් ගත් බව පොලිස් කොස්තාපලයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු ඇයව මඟ හැරීමට කටයුතු කර ඇත. පසුව තරුණිය පොලිස් පොලිස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විමර්ශන සිදුකර තිබේ. විමර්ශනවලට අදාළව පොලිස් කොස්තාපලයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය පවසයි ෴


රජයේ ඖෂධවේදීන් සංකේත වර්ජනයක

(16.06.2023 – 10:23 +0530 – hirunews.lk/sinhala)

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද (16) උදෑසන 8 සිට හෙට (17) උදෑසන 8 දක්වා දිවයින පුරා රජයේ රෝහල් වල සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එම සංගමයේ සභාපති තුෂාර රණදේව සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු මාරු කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

මේ හේතුවෙන් රජයේ රෝහල් තුල ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවලට බාධා සිදුවිය හැකි බව ඔහු කියා සිටියා.

+


ඉන්දියානු ජාතික කළමනාකාරවරයෙක් අත්අඩංගුවට

(16.06.2023 – 10:51 +0530 – hirunews.lk/sinhala)

බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලාවක භාණ්ඩ සොරා ගත් එම ආයතනයේ ඉන්දියානු ජාතික කළමනාකරුවෙකු බියගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේස් වර්ග නිපදවන මෙම කර්මාන්තශාලාවේ මේස් තොග සොරකම් කර විවිධ පුද්ගලයින් හට අලෙවි කර ඇති බව පොලීසිය පවසයි.

විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකාර ඉන්දියන් ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


අ.පො.ස. උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට දින නියම වේ

(16.06.2023 – 10:57 +0530 – hirunews.lk/sinhala)

2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ සෞන්දර්යය හා තාක්ෂණවේදය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ ජුනි 27 සිට ජූලි 31 දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නැටුම් (දේශීය), නැටුම් (භරත), සංගීතය (පෙරදිග) – 2023 ජුනි 27 සිට ජූලි 06 දින දක්වාත්,
ඉංජිනේරු තාක්ෂණවේදය – 2023 ජූලි 12 දින හා ජූලි 21 දින දක්වාත්
ජෛව පද්ධති තාක්ෂණවේදය – 2023 ජූලි 29 දින සිට ජූලි 31 දින දක්වාත් පැවැත්වෙනවා.

එම නිවේදනය පහතින් :


නාවික හමුදාවෙන් අහසට වෙඩි

(16.06.2023 – 11:18 +0530 – hirunews.lk/sinhala)

නාවික හමුදා සෙබළුන් සමඟ සමඟ ගැටුමකට මුල පිරූ ‘පුල්ටෝ’ගේ කණ්ඩායම පාලනය කිරීමට එම සෙබළුන් අහසට වෙඩි තබා තිබෙන බව පුල්මුඩේ පොලීසිය පවසයි.

ඊයෙ (15) සවස මුර සංචාරයක නිරතව සිටි නාවික හමුදා සෙබළුන් හතර (4) දෙනෙකු ජින්නපුරම් වෙරළ තීරයේ දී තහනම් දැල් අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේදී එතැනට පැමිණි ‘පුල්ටෝ’ නැමැත්තා ඇතුළු කණ්ඩායම නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කරගෙන අත්අඩංගුවට ගත් තහනම් දැල් බෝට්ටුවක පටවා ගෙන පලාගොස් ඇත.

‘පුල්ටෝ’ නැමැත්තා සහ ගැටුමට මුලපිරූ කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පුල්මුඩේ පොලීසිය විමර්ශන සිදුකරයි ෴


තඹුත්තේගම දන්ත ශල්‍යාගාරයේ වැඩ ඇනහිටලා

(16.06.2023 – 11:35 +0530 – hirunews.lk/sinhala)

තඹුත්තේගම සෞඛ්‍ය කාර්යාල භූමියේ ඇති දන්ත ශල්‍යාගාරයට සහායකයකු නැතැයි එම දන්ත ශල්‍යාගාරයේ කටයුතු ඇනහිට තිබෙනවා.

මෙම ශල්‍යාගාරයේ කටයුතු සඳහා දන්ත ශල්‍ය වෛද්‍යවරියක් සිටින අතර ඇය නිතරම ශල්‍යාගාරයේ දොර වසාගෙන ඇතුළට වී සිටින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ප්‍රදේශවාසීන් වැඩිදුරටත් චෝදනා කරන්නේ මේ සම්බන්ධව තඹුත්තේගම වෛද්‍ය නිලධාරිවරයා කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන බවයි.

අදාළ දන්ත ශල්‍ය වෛද්‍යවරිය පවසන්නේ ඇය මෙම ශල්‍යාගාර‍යේ වැඩ භාර ගත්ත ද මෙහි කිසිදු පහසුකමක් හෝ සහායිකාවක් ද නොමැති බව‍යි.

මෙම ගැටලුව සඳහා විසඳුම් ලබා දෙන ලෙස තඹුත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඉහළ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද මේ වන තෙක් ඵලක් වී නොමැති බවයි වාර්තා වන්නේ ෴


වන අලින් දෙදෙනෙකු (2) මරුට

(16.06.2023 – 11:37 +0530 – hirunews.lk/sinhala)

වාන්ඇල ප්‍රදේශයේ වන අලින් දෙදෙනෙකු (2) ඊයේ (15) මියගොස් තිබෙන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

විහාරගල ජනශක්තිකුලම වැව ඉස්මත්තේ අවුරුදු හතරක් (4) පමණ වයසැති අලි පැටවකු මියගොස් ඇත. එම ප්‍රදේශයේම කුරුන්ගුපඤ්ඤා වැව ඉස්මත්තේ වයස අවුරුදු 12 ක් පමණ අනුමාන කළ හැකි අලියෙකු මියගොස් තිබෙනවා.

වන අලින්ගේ මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වනජීවී දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරනවා ෴


මගී නැවතුමට බසය කඩා වැදී ආච්චිත් මුණුපුරාත් රෝහලේ

(16.06.2023 – 11:36 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ සිට නාවින්න දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයක් අද (16) උදෑසන මිරිස්වත්ත ප්‍රදේශයේදී බස් නැවතුමකට කඩාවැදීමෙන්, බස් රථයක් පැමිණෙන තුරු බස් නැවතුමේ රැදී සිටි දෙදෙනෙකු (2) තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ වැලිවේරිය දෙසට ගමන් ගැනීම සදහා බස් නැවතුමේ සිටි 65 හැවිරිදි මිත්තණියක සහ 16 හැවිරිදි මුණුපුරෙකු මෙලෙස තුවාල ලබා රෝහල්ගත කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

බස්රථය දුරකථන රැහැන් කණුව ගැටී එයද කඩාවැටී තිබූ අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සදහන් කළා ෴


නීති විරෝධී බීඩි කොළ නාවික හමුදා භාරයට

(16.06.2023 – 11:49 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් ඩෙල්ෆ්ට් දූපතේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඩෙල්ෆ්ට් දූපතේ දී ඊයේ (15) දින සිදු කළ විදේශ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම වෙරළ ප්‍රදේශයට පාවී ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 700 කට අධික තොගයක් මෙලෙස සොයාගෙන ඇත.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ තොගය එම වෙරළ ප්‍රදේශයන්හි අතහැර දමන්නට ඇතැයි විශ්වාස කරන බව නාවික හමුදාව පවසයි ෴


අද (16) ඩොලරයේ මිල

(16.06.2023 – 11:56 +0530 – hirunews.lk/sinhala)

අද (16) එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 300.51 ක් වන අතර විකුණුම් මිල රුපියල් 319.66 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා ෴


ජ’පුර සරසවියේ සිසුවකු ගෙල වැලලා ගත්තාදැයි සැකයක්

(16.06.2023 – 12:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයකදී සිසුවකු සිය දිවි නසා ගෙන ඇතැයි වාර්තා වෙනවා.

එම ශිෂ්‍ය නේවාසිකාගාරය මහරගම කටුවාවල ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර එහි බිම් මහලේ මෙම සිසුවා ලණුවක් ආධාරයෙන් ගෙල සිර කර ගෙන ඇති බවට සැක කෙරෙන බව පොලිසිය පවසනවා.

එම නේවාසිකාගාරයේ තවත් සිසුන් 64 ක් පමණ නේවාසිකව සිටින බවත් තවත් සිසුන් කිහිප දෙනෙකු මෙම සිසුවා ගෙල වැලලාගෙන සිටින බව දැක ලණුව කපා දමා ඇති බවත් ඒ වන විටත් ඔහු මිය ගොස් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වූ යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙක්.

මෙම සිසුවාගේ මවුපියන් පවසන්නේ මෙම මරණය සැක සහිත බවයි. එම නිසා මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මහරගම පොලිසිය විසින් සිදු කරනවා ෴


බිරිඳට පහරදුන් කොස්තාපල්ට ඇප

(16.06.2023 – 12:44 +0530 – hirunews.lk/sinhala)

බිරියට පහර දී තුවාල සිදු කළ පොලිස් කොස්තාපලයෙකු රුපියල් ලක්ෂ දෙකක (2) ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියෝග කර තිබෙනවා.

පොලිස් කොස්තාපලයාගේ අනියම් සම්බන්ධතා පිළිබඳව බිරිඳ විමසා සිටි අවස්ථාවේදී මෙලෙස පහර දී ඇති බව පොලිසිය පවසයි. පසුගිය 12 වැනිදා පහරකෑමට ලක්වූ බිරිඳ මීගමුව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා ෴


රුසියානු සහය ගුවන් නියමුවෙකු මරුට

(16.06.2023 – 13:17 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ගුවන් සමාගමක සහය නියමුවෙකු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී ඊයේ (15) මියගොස් ඇති බව කටුනායක පොලීසිය පවසයි.

64 හැවිරිදි මෙම සහය ගුවන්නියමුවා පසුගිය දොළොස් (12) වැනි දා රුසියානු ගුවන් සමාගමක යානයකින් මෙරටට පැමිණ ඇත. ඔහුට නැවතත් පියාසර කිරීමට තිබී ඇත්තේ අද (16) දිනයේ දී ය. එහෙත් ඊයේ (15) ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමේ දී මෙලෙස මියගොස් ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *