‘හොරා පොලිස්’ කළ කප්පම් කල්ලිය කොටුකර ගත් මෙහෙයුම

‘හොරා පොලිස්’ කළ කප්පම් කල්ලිය කොටුකර ගත් මෙහෙයුම


‘හොරා පොලිස්’ කළ කප්පම් කල්ලිය කොටුකර ගත් මෙහෙයුම

(31.05.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ විවිධ ප්‍රදේශවල විහාරස්ථානවලින් කප්පම් ගත් කල්ලියක් දෙනියාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කප්පම් කල්ලිය විහාරස්ථානවලින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබාගෙන ඇත්තේ ළමා හා කාන්තා කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු විවිධ නිලයන්ට අයත් නිලධාරීන් ලෙස පෙනී සිටිමින්.

දෙනියාය, පල්ලේගම ශ්‍රී කෙත්තාරාම විහාරස්ථානයේ වැඩසිටින මෙදේරිපිටියේ විමලබුද්ධි හිමියන්ට පසුගිය 18 වැනිදා දුරකථන ඇමතුමක් ලැබෙන්නේ පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරියෙකු බව පවසමින්.

අදාළ දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා ස්වාමින්වහන්සේට පවසා ඇත්තේ පල්ලේගම ශ්‍රී කෙත්තාරාම විහාරස්ථානයේ වැඩ සිටින කුඩා හිමිනමකට අපචාරයක් සිදුවී ඇතිබවට ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

ඊට ප්‍රතිචාර දැක්වූ විමලබුද්ධි හිමියන් දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයාට පවසන්නේ එවැනි කාරණයක් සම්බන්ධයෙන් යම් සාක්ෂියක් ඇත්නම් ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා විසින් අපචාරයට ලක්වූ කුඩා හිමිනමක සමග පැවැත්වූ බව පැවසෙන දුරකථන ඇමතුමක හඬ පටයක් ස්වාමින් වහන්සේ වෙත ‘වට්ස් ඇප්’ හරහා යොමුකර තිබෙනවා.

ඉන් අනතුරුව මෙම පුද්ගලයා විසින් ශ්‍රී ලංකා පොලිසියේ සහ ළමා කාන්තා කාර්යාංශයේ ලිපි ශීර්ෂ යොදාගනිමින් අදාළ චෝදනාව පිළිබඳව ස්වාමින් වහන්සේට දැනුම් දෙන්නේ ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමට පොලිසිය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම පදනම් විරහිත චෝදනාව සම්බන්ධයෙන් මෙදේරිපිටියේ විමලබුද්ධි හිමියන් විසින් දෙනියාය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකරන්නේ එවන් පසුබිමකයි.

දෙනියාය පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත මෙදේරිපිටියේ විමලබුද්ධි හිමියන් ඇතුළු පිරිස අදාළ කප්පම්කරුවන් වෙත මුදල් ලබාදීමට එකඟ වන්නේ ඔවුන් නීතියේ රැහැනට හසුකරගැනීමේ අරමුණින්.

ඒ අනුව 27 වැනිදා උදැසන දෙනියාය, පල්ලේගම ශ්‍රී කෙත්තාරාම විහාරස්ථානය වෙත එක් පුද්ගලයෙකු පැමිනෙන්නේ විමලබුද්ධි හිමියන් මොරවක ප්‍රදේශයට රැගෙන යාමේ අරමුණින්.

නමුත් එම අවස්ථාවේ විහාරස්ථානයේ රැඳී සිටි පොලිස් නිලධාරීන් එම පුද්ගලයාව අත්අඩංගුවට ගනු ලබනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මාර්ගයෙන් අනෙක් කප්පම්කරුවන් වෙතද දුරකථන ඇමතුමක් ලබාදෙන්නේ ඔවුන්ට මොරවක මිල්ඇල්ල ප්‍රදේශයට පැමිණෙන ලෙස පවසමින්.

ඒ අනුව පොලිසිය ස්වාමින්වහන්සේ ද සමඟ අදාළ ස්ථානයට ගොස් කප්පම් මුදල ලබාදෙන අවස්ථාවේ අනෙක් සැකකරුවන් දෙදෙනා (2) ද අත්අඩංගුවට ගනු ලැබුවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මේ අතර අපකළ විමසීමකදී දෙනියාය පොලිසිය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු (3) ද අත්අඩංගුවට ගැනීමට අදාලව විමර්ශන ක්‍රියාත්මක බවයි.

+


ආයතන කිහිපයක් ගැන දැනුම්දෙමින් ගැසට් නිවේදනයක්

(31.05.2023 – 21:51 +0530 – hirunews.lk/sinhala)

ආයතන කිහිපයක් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට එක්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ යටතට ගැනෙන ආයතන ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම්, කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට්, සිමෙන්ති සංස්ථාව, ඉංජිනේරු සංස්ථාව, නෝර්ත් සී, ත්‍රිපෝෂ සමාගම අයත් බවටයි වාර්තා වන්නේ ෴


ආගම්වලට අපහාස කරන්නන් පිටුපස සිටින්නන් අනාවරණය කරන්න – සිරිල් ගාමිණී පියතුමා

(31.05.2023 – 14:56 +0530 – hirunews.lk/sinhala)

ආගම්වලට අපහාස කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර ඔවුන් සහ එම පිරිස් පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිඳව අනාවරණය කිරීම පොලිසියේ වගකීම බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් පවසනවා.

කොළඹ අගරදගුරු මැදුරේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ බෞද්ධ දර්ශනයට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය කතෝලික පාසලක අධ්‍යාපන ලබා නොමැති තැනැත්තියක් බවයි.

++++++++++++

‘SL Vlog’ හිමිකරු බෲනෝ දිවාකර අත්අඩංගුවට

(31.05.2023 – 18:03 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ‘SL Vlog’ හිමිකරු බෲනෝ දිවාකර යන අයව අද (31) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

ඒ නතාෂා එදිරිසූරිය විසින් බෞද්ධ දර්ශනය පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් පැය 8 කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.

නතාෂා එදිරිසූරිය, හසලක තුෂාර ඇතුළු ‘මෝඩාභිමානය’ ප්‍රහසන සංදර්ශනය ප්‍රචාරය කිරීම සඳහාත්, එමෙන්ම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකිරීමෙන් අනතුරුව ඒ ගැන සමාව අයදීම සඳහාත් ඔවුන් ‘SL Vlog’ යූ ටියුබ් චැනලය භාවිතා කර තිබුණා.

පසුගිය දා ‘Global Sri lankan Congress’ නමින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් බෲනෝ දිවාකර සඳහන් කළේ නතාෂා සිදුකළ ප්‍රකාශයේ වගකීම ඇය විසින් බාරගත යුතු බවයි. කෙසේ වෙතත් එම ප්‍රකාශ්‍ය පළ කිරීම සඳහා ඉඩක් ලබා දීම තමන් සිදුකළ වරදක් බව ඔහු එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් පැවසුවා.

+++++++++++++

බලංගොඩ කස්සප හිමියන් සැඟවේ

(31.05.2023 – 22:22 +0530 – lankacnews.com)

තමන් වහන්සේට ජීවිත තර්ජන ඇති බැවින් මේ වන විට සැඟවී සිටින බව පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් සඳහන් කරති.

‘මෝඩාභිමානී’ ප්‍රසංගය සහ මේ දිනවල බෞද්ධ ආගම සම්බන්ධ කොටගෙන ඇති වී තිබෙන සිදුවීම් පිළිබඳව කතා කිරීම හේතුවෙන් තමන් වහන්සේට ජීවිත තර්ජන සිදු වෙමින් පවතින බව උන්වහන්සේ පවසති .

එමෙන්ම ‘මංජු නිශ්ශංක’ නැමැති පුද්ගලයාට එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේන් මුදල් ලැබෙන බවත් එල්.ටී.ටී.ඊ. අවශ්‍යතාවයට අනුව එම මුදල් යොදා ගනිමින් මංජු නිශ්ශංක කටයුතු කරන බවට බලංගොඩ කාශ්‍යප හිමියන් චෝදනා කරති

අත්අඩංගුවට ගත් රාජාංගනේ හිමියන් වෙනුවෙන් තමන් වහන්සේ පෙනී සිටින බව පෙන්වා දෙන බලන්ගොඩ කාශ්‍යප හිමියන් සඳහන් කරන්නේ රාජාංගනය හිමියන් දකින විට තමන් වහන්සේට ‘කුඩාපොල හිමියන්’ මතක් වෙන බවය.

උන් වහන්සේ මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

++++++++++++++

+++++++++++++++

30-05-2023

+++++++++++++++

මූලධර්මවාදී ආගමික කල්ලි දේවගැති ස්වරූපයෙන් වගේම භික්ෂූන් ස්වරූපයෙන්ද එළියට ඇවිත් – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

(31.05.2023 – 12:28 +0530 – lankaleadnews.com)

රට තුළ මේ දිනවල මතුවෙමින් වී ඇති ආගමික ආතතීන් නිසා රට මාරාන්තික තත්ත්වයට පත්ව ඇති බවත්, මෙය හුදෙකලා ගැටලුවක් නොවන බවත් බොදුබලසේනා සංවිධානය සඳහන් කරයි.

එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසන්නේ දේවගැති ස්වරූපයෙන් මෙන්ම භික්ෂූන් ස්වරූපයෙන්ද මූලධර්මවාදී ආගමික කල්ලිවල අවශ්‍යතාවය එළියට පැමිණෙමින් ඇති බවය.

මෙතරම් භයානක තත්ත්වයක් ඇතිව තිබේ දී විවිධ නරිවාදම් පවසමින් කාලය ගත කරන මැති ඇමතිවරුන්ට මෙය නොතේරුන බවට ද උන්වහන්සේ චෝදනා කරති.

අද වන විට කැබිතිගොල්ලෑව පදවිය වැනි ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලාට පොදු ප්‍රවාහන සේවා වල ගමන් කිරීමට නොහැකි මට්ටමට මූලධර්මවාදී ආගමික කල්ලි විසින් බෞද්ධයන් කුපිත කර ඇති බවත් උන්වහන්සේ පවසති.

නමුත් ඒ ගැන නිසි අවබෝධයක් බලධාරීන්ට නැතැයිද උන්වහන්සේ කොළඹදී මාධ්‍ය අමතමින් පැවසූහ ෴


Kedapatha | ITN Live (30-05-2023) විමල් වීරවංශ සමග

+


ජෙරෝම්, නතාෂාලාට වඩා හානිකර උන් සිවුරු පොරවගෙන ශාසනය ඇතුළෙම ඉන්නවා – ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි (31.05.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *