විදෙස්ගත ලාංකිකයන්ට විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව

විදෙස්ගත ලාංකිකයන්ට විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව


විදෙස්ගත ලාංකිකයන්ට විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව

(29.05.2023 – 18:43 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණු අතර මෙම රැස්වීමට සහභාගි වූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ ජූනි මස 01 වැනිදා සිට එය ක්‍රියාත්මක බවයි.

එම නිලධාරීන් පෙන්වා දී ඇත්තේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට නොපැමිණ අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බවයි ෴


ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

(29.05.2023 – 19:59 +0530 – hirunews.lk/sinhala)

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව පරික්ෂණ කිරිමට වහාම ක්‍රීයාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තිරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අදාළ කණ්ඩායම් වල මෙවැනි ක්‍රියා, සංවිධානාත්මකව කරන ක්‍රියා මිස අහඹු ක්‍රියා නොවන බවට බුද්ධි තොරතුරු ජනාධිපතිවරයාට ලැබී තිබේ.

+++++++++++

+


2022 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

(29.05.2023 – 20:26 +0530 – hirunews.lk/sinhala)

2022 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා

https://www.doenets.lk/ සහ
http://www.results.exams.gov.lk/home.htm වෙත පිවිසීමෙන් පසු නිවැරදි දර්ශක අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ ෴


අනුරපුර සැණකෙළිය නවත්වන්නැයි අගමැතිගෙන් නියෝග

(29.05.2023 – 20:33 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයට බාධාවන අයුරින් අනුරාධපුර මහනගර සභාව විසින් පොසොන් උත්සවයට සමඟාමීව සංවිධානය කර තිබූ ‘අනුරාධපුර පුරවර උදාන සැණකෙළිය’ අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නියෝග කර තිබෙනවා.

සාමාන්‍යපෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් අපහසුතාවට පත්වන අන්දමින් අදාළ සැණකෙලිය පැවැත්වෙන බවට එල්ලවූ චෝදනා සැළකිල්ලට ගනිමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මේ පිළිබඳව හිරු ප්‍රධාන ප්‍රවෘත්ති ඔස්සේද අප ඊයේ (28) කරුණු අනාවරණය කළ අතර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඇතුළු සංඝරත්නය සහ දෙමාපියන් ද මෙම සැණකෙළියට විරෝධය පළකර තිබුණා ෴


ආණමඩුවේ වගා කටයුතු සඳහා හානි කරන සේනා වැනි දළඹු විශේෂයක්

(29.05.2023 – 23:19 +0530 – hirunews.lk/sinhala)

ආණමඩුව කිලවන්එළිය ප්‍රදේශයේ කුඹුරු යායකට දැඩි ලෙස හානි කරන සේනා වැනි දළඹු විශේෂයක් හේතුවෙන් ගොවීන් දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.

දළඹුවන්ගේ මෙම විනාශය හේතුවෙන් ප්‍රදේශයේ ගොවීන් සිය කුඹුරු අතහැරයාමේ තත්ත්වයක්ද මතුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ ෴


ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ 10 ක් ආනයනයට සූදානම්

(29.05.2023 – 23:29 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් (5) දිනකට බිත්තර ලක්ෂ දහය (10) බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.

ඉන්දියාවේ කුකුළු ගොවිපළ දෙකකින් (2) බිත්තර ආනයනය සිදු කළ බව පවසන සභාපති එයට අමතරව ඉන්දියාවේ තවත් ගොවිපළ තුනකින් (3) බිත්තර මිල දී ගැනීමට සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙන බවයි ප්‍රකාශ කර සිටියේ.

ඉන්දියාවේ කුකුළු ගොවිපළ පරීක්ෂා කිරීමේ සංචාරයක නිරත වූ සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ නිලධාරීන් තිදෙනා (3) ලබා දී තිබූ වාර්තාව අනුව අලුතෙන් තවත් ගොවිපළ තුනකින් (3) බිත්තර ගෙන්වීමට මෙසේ අවසරය ලැබුණු බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

දිනකට ලක්ෂ දහය (10) බැගින් ආනයනය කරන බිත්තර බේකරි, හෝටල්වලට බෙදා හැරීමට සැලසුම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියා ෴


කවුද මේ නටාෂා ?

(29.05.2023 – 21:33 +0530 – lankaleadnews.com)

‘මෝඩාභිමාන’ය නම් බුද්ධාගමට දිගින් දිගටම අපහාස කරමින් රංගනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් අද වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නටාෂා එදිරිසූරිය සිය මුහුණු පොතෙහි තමා සම්බන්ධයෙන් කළ හඳුන්වාදීම අනුව ඇය සෘජුවම අමෙරිකානු එක්සත් ජනපදයේ USAID මගින් සෘජුවම වැටුප් ගන්නා සාමාජිකාවක් බවට සැක කළ හැකි බව ඇය වැනි අයගේ කටයුතු සම්බන්ධයෙන් අධ්‍යනය කරන්නන් විසින් හඳුනාගෙන තිබේ.

ඇයගේ මුහුණු පොතට අනුව,

1) 2020 නොවැම්බර් මාසයේ සිට මේ දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටී.

2) USAID ආධාර ලබන ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන් පුහුණු කරන්නන් සංගමයේ ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස 2020 ජනවාරි මාසයේ සිට ජූනි දක්වා කටයුතු කර ඇත.

3) සර්වෝදය සංගමයේ ව්‍යාපෘති හවුල්කරුවෙකු ලෙස 2019 මාර්තු මාසයේ සිට 2020 ජනවාරි දක්වා කටයුතු කර ඇත.

++++++++++++

හඳුනාගන්න වේස ගෑණු සහ උන්ගෙ පුත්තු

+


නතාෂාගේ පිටිපස්සේ ඉන්න කල්ලිය විමල් වීරවංශ හෙළිකරයි | මේක අහිංසක මෙහෙයුමක් නෙමෙයි | මේක වෙනම ගේමක් (30.05.2023)

ප්‍රශ්නය : බුදුදහමට අපහාස කිරීමේ කටයුත්ත පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද? ජාත්‍යන්තර බලවේග ද?

පිළිතුර : අර නටාෂා කියන තැනැත්තිය ගැන ඔබ සොයලා බලන්නකො. ඇය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක සේවය කළ තැනැත්තියක්. ඊට අමතරව USAID ආයතනයේ සේවය කළ අයෙක්. එහෙම චරිත තමයි ‘සුද්ධෝදනගෙ කොලුවා’ කියමින් බුදුදහමට ගරහන්නේ. මේ අය නිකම් එන්නේ නැහැ. ඔවුන් සැලසුම්සහගතව, ගොඩනඟලා, වේදිකාගත කරලයි තිබෙන්නේ. මේක අහිංසක මෙහෙයුමක් නොවෙයි.

+


BIG FOCUS | ආගමික සංහිඳියාවට බාධා එල්ලවීම සහ අපේ එකමුතුබවේ සහතිකය (30.05.2023)


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *