අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසුරියට එරෙහිව පැමිණිලි 08 ක්

අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසුරියට එරෙහිව පැමිණිලි 08 ක්


අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසුරියට එරෙහිව පැමිණිලි 08 ක්

(28.05.2023 – 19:43 +0530 – hirunews.lk/sinhala)

බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනි නතාෂා එදිරිසුරිය අද (28) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව ඇය බොහෝ විට මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඇය ඉදිරිපත් කෙරෙනු ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුනු ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ භාරයේ රඳවාගෙන අද (28) පස්වරුව දක්වා ප්‍රශ්න කිරීම්වලට ලක්කෙරුණා.

ඇයට එරෙහිව මේ වන විට පැමිණිලි 08 ක් ලැබී තිබෙනවා.

ජයනි නතාෂා එදිරිසූරිය නැමති මෙම කාන්තාව විදේශගතවීමට පැමිණි විට අත්අඩංගුවට ගන්නා ලෙස පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කටුනායක ආගමන විගමන නිලධාරින්ගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබුණා.

ඒ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පොලිස්පතිට කළ පැමිණිල්ලක් අනුවයි.

ඒ අනුව ඇය අද (28) අලුයම විදෙස්ගතවීමට සැලසුම්කර තිබියදී අත්අඩංගුවට ගැනුණා.

‘මෝඩාභිමානය’ නමින් සංවිධාන කර තිබූ වැඩසටහනකදී මෙලෙස බෞද්ධ දර්ශනයට අගෞරවයක් වන ප්‍රකාශය සිදුකර තිබුණා.

ඇය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කථාබහක් ඇතිවූ අතර, විවිධ පාර්ශව විසින් මේ සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක මත පළ කළා.

එමෙන්ම ආගමික සහජීවනයට බාධා පමුණුවන ‘මංජු ශ්‍රී නිශ්ශංක’ නැමැත්තාගේ ක්‍රියාකලාපයට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ලිපියක් යොමුකර තිබෙනවා ෴

++++++++++

නතාෂා එදිරිසූරිය රිමාන්ඩ්

(28.05.2023 – 20:29 +0530 – hirunews.lk/sinhala)

බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන ලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අද (28) අළුයම අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරිය ලබන මස 07 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සැකකාරිය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

‘ජයනි නතාෂා එදිරිසූරිය’ නැමති මෙම කාන්තාව විදේශගතවීමට පැමිණි විට අත්අඩංගුවට ගන්නා ලෙස පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කටුනායක ආගමන විගමන නිලධාරින්ගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබුණා.

ඒ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පොලිස්පතිට කළ පැමිණිල්ලක් අනුවයි.

ඒ අනුව ඇය අද (28) අලුයම විදෙස්ගතවීමට සැලසුම්කර තිබියදී අත්අඩංගුවට ගැනුණා.

‘මෝඩාභිමානය’ නමින් සංවිධාන කර තිබූ වැඩසටහනකදී මෙලෙස බෞද්ධ දර්ශනයට අගෞරවයක් වන ප්‍රකාශය සිදුකර තිබුණා.

ඇය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කථාබහක් ඇතිවූ අතර, විවිධ පාර්ශව විසින් මේ සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක මත පළ කළා.

එමෙන්ම ආගමික සහජීවනයට බාධා පමුණුවන ‘මංජු ශ්‍රී නිශ්ශංක’ නැමැත්තාගේ ක්‍රියාකලාපයට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

++++++++++++

+


අවුරුදු 2 කට පසු X – Press Pearl නැවත කාන්දුවක් – ධීවරයෝ හඬා වැටෙති

(28.05.2023 – 22:22 +0530 – hirunews.lk/sinhala)

මුහුදුබත් වී වසර දෙකකට (2) අධික කාලයක් ගතවී ඇතත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් ඉන්ධන හා සමාන කිසියම් රසායනික ද්‍රව්‍යක් පරිසරයට එක්වෙමින් පවතින බවට ධීවරයින් චෝදනා කරනවා.

ඒ අනුව ඒ පිළිබඳව සොයා බැලීමට හිරු ප්‍රවෘත්ති කණ්ඩායමක් නෞකාවේ සුන්බුන් සහිත මුහුදු ප්‍රදේශයට අද (28) ළඟා වුණා.

කොළඹ වරායට නාවුක සැතපුම් 9.5 ක දුරකින් නැංගුරම්ලා තිබියදී ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මුහුදු බත් වුණේ 2021 වසරේ මැයි 20 වනදායි.

දින 13 ක් අඛණ්ඩව ගිනි ගත් එම නෞකාවේ තිබූ බහාලුම් 1000 කට අධික ප්‍රමාණයක තිබූ රසායන ද්‍රව්‍ය මුසුවීම හේතුවෙන් මෙරට සාගර පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වුණා.

මෙම හානිය සිදුවී වසර දෙකකට (2) අධික කාලයක් ගත වී ඇති නමුත් මුහුදුබත් වූ එම නෞකාවෙන් තවමත් කිසියම් රසායනික ද්‍රව්‍යයක් කාන්දුවෙමින් පවතින බවට වත්තල හැඳල ප්‍රදේශයේ ධීවර ජනතාව චෝදනා කරනවා.

ඒ අනුව එම පරිසර විනාශය පිළිබඳව සොයා බැලීමට හිරු ප්‍රවෘත්ති කණ්ඩායමක් ධීවරයින්ද සමග ඇලකන්ද ප්‍රදේශයෙන් එම ස්ථානයට ළඟා වුණා.

මේ සඳහා පාර්ලිමේන්තුවේ පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා ද එක්ව සිටියා.

එම ස්ථානයට ළඟා වූ අපට දක්නට ලැබුණේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ බඳ කොටසින් වැඩි ප්‍රමාණයක් මුහුදුබත්ව තිබුණත් නෞකාවේ ඇතැම් කොටස් තවමත් සාගරය මතුපිට පවතින ආකාරයයි.

නෞකාව අවට ඉන්ධන ලෙස දිස්වන කිසියම් රසායනික ද්‍රව්‍යයක් පරිසරයට එක්වෙමින් තිබෙන අයුරුද අප කැමරාවේ සටහන් වුණා.

+


කංචනගේ ප්‍රකාශයට මිහින්තලේ හිමිගෙන් ප්‍රතිචාර

(28.05.2023 – 19:30 +0530 – hirunews.lk/sinhala)

විදුලිය සැපයුමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදිය නොහැකි බව අප්‍රේල් මාසයේදී හෝ ප්‍රකාශ කළේ නම් එම මුදල් සොයාගත හැකිව තිබූ බව මිහින්තලය විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර විසින් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

රාජ්‍ය පොසොන් උත්සවය පවත්වන මිහින්තලා පුදබිමට විදුලිය සැපයීම මේ වන විට අර්බුදයක් වී ඇති බව මිහින්තලය විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් පසුගියදා සඳහන් කළා.

රජයේ ප්‍රතිපාදන ලැබෙන තෙක් විදුලිබල්බ ලබානොදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ අත්සනින් යුතු ලිපියක් විහාරස්ථානය වෙත ලැබුණු බවයි උන්වහන්සේ කියා සිටියේ.

එහෙත් ඇස්තමේන්තුගත මුදල ලබාදෙන්නේ නම් රාජ්‍ය පොසොන් උත්සවය සඳහා මිහින්තලා පුදබිමට විදුලිය ලබාදීමේ ගැටලුවක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ ප්‍රකාශ කළා ෴

++++++++++

“මිහින්තලා පුදබිමේ විදුලි සැපයුම විසන්ධි කර ඇති බවට පළවන ප්‍රචාර අසත්‍යයක්”

(28.05.2023 – 22:25 +0530 – hirunews.lk/sinhala)

මිහින්තලා පුදබිමේ විදුලි සැපයුම විසන්ධි කර ඇතැයි පළවන ප්‍රකාශයන් සම්පූර්ණයෙන් අසත්‍යය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එමෙන්ම පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලා පුදබිම සඳහා රුපියල් තිස් ලක්ෂයක් (30,00,000) රජයෙන් ලබාදී ඇති බැවින් පවතින ගාස්තු ක්‍රමය අනුව එම පුද බිමට අවශ්‍ය පරිදි විදුලිය සපයාගැනීම ගැටළුවක් නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

+


රණවිරුවන්ගේ ‘සොහොන් කොත්වලට මුත්‍රා කරන්න’ ලෑස්ති වෙන්න එපා! ජයන්ත සමරවීර ජනපති රනිල්ට කියයි (25.05.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *