කාන්තාවන් දෙදෙනකු (2) නිවසක් තුළ දමා ගිය තර්ජනාත්මක වැකි සහිත ලිපියක් සම්බන්ධව විමර්ශන

කාන්තාවන් දෙදෙනකු (2) නිවසක් තුළ දමා ගිය තර්ජනාත්මක වැකි සහිත ලිපියක් සම්බන්ධව විමර්ශන


කාන්තාවන් දෙදෙනකු (2) නිවසක් තුළ දමා ගිය තර්ජනාත්මක වැකි සහිත ලිපියක් සම්බන්ධව විමර්ශන

(26.05.2023 – 22:07 +0530 – hirunews.lk/sinhala)

නිවසක නවාතැන් දුන් කාන්තාවන් දෙදෙනකු (2) දමා ගිය මුදල්, සිම්පත් සහ තර්ජනාත්මක වැකි සහිත ලිපියක් සම්බන්ධව කිලිනොච්චි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කිලිනොච්චිය ප්‍රදේශයේ නිවසකට පසුගිය 24 වැනිදා රාත්‍රියේ කාන්තාවන් දෙදෙනකු (2) නවාතැන් ඉල්ලා පැමිණ තිබෙන අතර එම නිවෙස් හිමි කාන්තාව ඔවුනට නවාතැන් ලබා දී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

එදින රාත්‍රියේ බල්ලන් බුරන හඬ ඇසී ගෙහිමි කාන්තාව විපරම් කිරීමේ දී එම ආගන්තුක කාන්තාවන් දෙදෙනා (2) අතුරුදන්වව ඇති බව එම කාන්තාවට වැටහී තිබෙනවා.

මෙම කාන්තාවන් දෙදෙනා (2) නිදා ගත් ස්ථානයේ තිබී රුපියල් පන්දහසේ (5000) මුදල් නෝට්ටුවක්, සිම් පත් දෙකක් (2), ලියුම් කවර හතරක් (4) හා තර්ජනාත්මක වැකි සහිත ලිපිය (1) හමුවී තිබෙන්නේ ඉන් අනතුරුවයි.

එම ලිපියේ සඳහන් වී ඇත්තේ ‘ආගම අපේ හුස්මයි’,’හෙට ළමයින් පාසල් යවන්න එපා’ යනුවෙන් සහ ‘අපි තැන් කීපයක බෝම්බ තියලා තියෙනවා’ මෙන්ම ‘මේ ලිපිය සම්බන්ධව වෙන අයෙකු දැනුවත් කළොත් මරනවා’ ලෙසටයි.

මෙම සිදුවීමෙන් අනතුරුව නිවෙස් හිමි කාන්තාව කිලිනොච්චිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර ඉන් පසු ක්‍රියාත්මක වූ කිලිනොච්චිය පොලිසිය විසින් මෙම සිදුවීමට අදාල කාන්තාවන් සොයා විමර්ශන ආරම්භ කර තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ ෴


මැලේසියාවේ මහල් ගොඩනැගිල්ලක දෙවැනි (2) මහළෙන් ඇද වැටී මෙරට කාන්තාවක් මරුට

(26.05.2023 – 22:25 +0530 – hirunews.lk/sinhala)

මැලේසියාවේ මහල් ගොඩනැගිල්ලක දෙවැනි (2) මහළෙන් ඇද වැටී මෙරට කාන්තාවක් මියගොස් ඇති බව අප ඊයේ (25) හිරු ප්‍රවෘත්ති තුළින් වාර්තා කළා.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල – කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි නිලන්ති බණ්ඩාර නැමැති 42 හැවිරිදි එක් දරු මවක්.

පසුගිය වසරේ දෙසැම්බර් 18 වන දින නිලන්ති සිය හිතවතෙකුගේ මාර්ගයෙන් ගෘහ සේවය සඳහා මැලේසියාවට ගොස් තිබුණේ සංචාරක වීසා බලපත්‍රයකින්.

පසුගිය 23 වැනිදා ඇය තම සැමියා සමග දුරකතනයෙන් පවසා ඇත්තේ අදාළ නිවසේ තමන්ට සේවය කිරීමට නොහැකි බවයි.

ඒ අනුව තමන් වෙනත් ස්ථානයක සේවය කිරීමට කටයුතු කරන බවත් ඇය පවසා තිබුණා.

නිලන්තිගේ නිවැසියන්ට ඇය ගැන අසුභ පුවතක් වාර්තා වන්නේ එවන් පසුබිමකයි.

නිලන්ති මහල් නිවාසයක දෙවැනි (2) මහලින් ඇදවැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි ඇගේ මිතුරියක් දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් නිලන්තිගේ සැමියා චෝදනා කරන්නේ සිය බිරිඳගේ මරණය සැක සහිත බවයි.

+


පෑලියගොඩ පොලීසියේ තුන් (3) දෙනෙකුගේ වැඩ තහනම්

(26.05.2023 – 23:09 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ පොලීසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු (1) සහ නිලධාරින් දෙදෙනෙකුගේ (2) වැඩ තහනම් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කේරළ ගංජා තොගයක් රැගත් පුද්ගලයින් දෙනෙකු (2) අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් පොලිස් නිලධාරින් දෙදෙනාගේ (2) වැඩ තහනම් කර ඇති බවයි.

එමෙන්ම, උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත්තේ මාර්ගයේ වැටී තිබූ ජංගම දුරකථන අඩංගු පෙට්ටි 13 ක් පොලීසියට නොදන්වා ළඟ තබා ගැනීම හේතුවෙන් ෴


26.05.2023

+

26.05.2023

+

25-05-2023

+

26-05-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *