මාලි රාජ්‍යයේදී ලාංකීය සාම සාධක භටයින් 04 දෙනෙකුට තුවාල
(23.05.2023 – 11:42 +0530 – hirunews.lk/sinhala)
මාලි රාජ්‍යයේදී IED පුපුරණ ද්‍රව්‍යයක් පුපුරුවා හැරීමෙන් ශ්‍රී ලංකාවෙන් පැමිණි එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 04 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
තුවාල බරපතල නොවන අතර MINUSMA ලෙස හඳුන්වන මාලි හි එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ සාම සාධක භටයින් පිරිස වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකවරයා පවසන්නේ ෴
ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරින් සංකේත වර්ජනයක
(23.05.2023 – 11:53 +0530 – hirunews.lk/sinhala)
වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් 09 ක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරින් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරින් සමඟ සාකච්ඡා කළ ද ඊට විසදුම් ලබා නොදීම හේතුවෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි ඔවුන් සඳහන් කළේ.
විද්‍යාපීඨ, ගුරු විද්‍යාල සහ ගුරු වෘත්තීය සංවර්ධන මණ්ඩලයන්හි ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරින් සිය සේවා සපයනු ලබනවා ෴
වැඩිහිටි නිවාසයේ හාන්සි පුටුවේ මිය ගිය කතගේ මරණය සැකයි
(23.05.2023 – 11:55 +0530 – hirunews.lk/sinhala)
පසුගිය දා හොරණ පොකුණුවිට ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක නවාතැන් ගෙන සිටි 88 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වුණා.
හොරණ මූලස්ථාන පොලිසිය පවසන්නේ මෙම කාන්තාවගේ මරණය සිදුව ඇති ආකාරය සැක සහිත බවයි.
එම වැඩිහිට නිවාසයේ භාරකරු විසින් හොරණ පොලිසියට පැමිණිලි කර තිබුනේ අදාළ කාන්තාව හාන්සි පුටුවක නිදා සිටියදී මරණය සිදුව ඇති බවයි.
ඒ අනුව හොරණ පොලිසිය මගින් අදාළ විමර්ශන කටයුතු ආරම්භ කෙරුණා.
මේ අතර හොරණ හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වන්නේ මිය ගිය කාන්තාවගේ දණහිස සහ වළලුකර අතර අස්ථිය බිදී ගොස් ඇති බවයි.
මෙම මරණය සම්බන්ධයෙන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා ඇති බවත් එහිදී මේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙතින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇති බවත් වාර්තා වෙනවා ෴
චීන ජාතිකයාගේ ‘ගිනි’ රාජ්‍යයට අයත් ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බව තහවුරු වේ
(23.05.2023 – 13:00 +0530 – hirunews.lk/sinhala)
ගමන් බලපත් දෙකක් (2) සහිතව මෙරටට ඇතුල්වීමට තැත් කළ චීන ජාතිකයා සතුව තිබූ ‘ගිනි’ රාජ්‍යයට අයත් ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බව එම රාජ්‍යය විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (23) දැනුවත් කර තිබෙනවා.
පසුගිය 18 වෙනිදා මෙරටට පැමිණී මෙම චීන ජාතිකයා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීමේ දී කලහකාරී ලෙස හැසිරී තිබුණා.
එහිදී ඇති වූ සැකය මත පරීක්ෂා කිරීමේදී මොහු සතුව මෙම ව්‍යාජ ගමන් බලපත්‍රය තිබී හමුව තිබෙනවා.
එම චීන ජාතිකයාට මෙරට වෙත ඇතුළුවීමට අවසර ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු විසින් ලිඛිතව ඉල්ලීමක් ද සිදුකර තිබෙන බවද වාර්තා වෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී පැවසූයේ මේ සම්බන්ධව වගකිව යුත්තේ වැරදි උපදෙස් ලබා දුන් රාජ්‍ය ඇමති අරුන්දික නොව එම වැරදි උපදෙස් මත රටේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොකළ ආගමන විගමන නිලධාරීන් බැවින් සිද්ධියට වගකිව යුතු සියලුම නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන බවයි ෴
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතිකයා පිටුවහල් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා ෴
++++++++++
+
පේරාදෙණියේ විරෝධතා පා ගමනකට කඳුළු ගෑස්
(23.05.2023 – 13:44 +0530 – hirunews.lk/sinhala)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය අද කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
ශිෂ්‍ය මර්ධනය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ‘මර්ධනයට එරෙහිව – පේරාදෙණියම නුවරට’ යන මැයෙන් මෙම විරෝධතා පාගමන අද (23) පෙරවරුවේ ආරම්භ කර තිබුණේ පේරාදෙණිය විශ්විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මූලස්ථානය ඉදිරිපිටින්.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය ඉදිරිපිටදී පොලිසිය මඟ හරස් කරමින් මාර්ග බාධක යොදා තිබුණා. අප වාර්තාකරු කියා සිටියේ මාර්ගය අවහිරවීමෙන් ජනතාවට මතුවන අපහසුතා නිසා එය නතර කරන ලෙස පොලිසිය නිවේදනය කළ බවයි.
කෙසේ වෙතත් එය නොතකා ඉදිරියට යාමට සිසුන් පිරිස උත්සහ කිරීමත් සමඟයි පොලිසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ෴
“උතුරේ ජනතාවගේ සියලු ගැටලුවලට විසඳුම් දෙනවා” – උතුරු පළාත් නව ආණ්ඩුකාර වන පී.එම්.එස්. චාර්ල්ස් මහත්මිය
(23.05.2023 – 14:01 +0530 – hirunews.lk/sinhala)
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය වන පී.එම්.එස්. චාර්ල්ස් මහත්මිය ඊයේ (22) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී නව තනතුරේ වැඩ බාර ගනු ලැබුවා.
නව තනතුරේ වැඩ බාර ගනිමින් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කළේ උතුරු පළාතේ ජනතාවගේ ගැටලුවලට යථාර්ථවාදීව ප්‍රවේශ වී ඒවාට විසඳුම් සෙවීමට උත්සාහ කරන බවයි.
ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ දෙවෙනි (2) වරටත් තමන්ව ආණ්ඩුකාර ධූරයට පත් කළ ජනාධිපතිවරයා අපේක්ෂා කරන්නේ උතුරු පළාතේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමත් ඒ සදහා ‘දෙමළ ඩයස් පෝරාවේ’ සහය ලබා ගැනීමත් බවයි.
මේ සියලු කටයුතු සඳහාත් උතුරේ සියලු සංවර්ධන කටයුතු සඳහාත් ජනාධිපතිවරයා උදව් උපකාර කරන බවට පොරොන්දු වූ බවත් ආණ්ඩුකාරවරිය එහිදී සඳහන් කළා.
ආණ්ඩුකාරවරිය මෙහිදී කියා සිටියේ මේ රටේ සියලුම ආගම්වලට එක හා සමානව සැලකීමේ වගකීම හා කාර්යය රදා පවතින්නේ රජය මත බවත් ඒ සදහා රජය බැඳී සිටින නිසා උතුරේ කිසිදු කොට්ඨාසයක් ආගමික හෝ ජාතිවාදී ප්‍රශ්න මුල් කරගෙන කටයුතු නොකළ යුතු බවයි.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී නව ආණ්ඩුකාරවරිය වැඩ බාර ගත් අවස්ථාවට උතුරේ සියලුම ආගම්වලට අයත් ආගමික නායකයින් ද පරිපාලන නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටියා ෴
මිහින්තලේ රාජ්‍ය පොසොන් උත්සවයට අඩුපාඩුවක් කරන්නේ නැහැ – අගමැති
(23.05.2023 – 15:51 +0530 – hirunews.lk/sinhala)
මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සදහා මූල්‍ය ලෙසින් හෝ කිසිදු ආකාරයකින් අඩුපාඩුවක් සිදුනොකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මෙවර පොසොන් උත්සවය පැවැත්වීම සඳහා රජයෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී නොමැති බවට මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.
උන්වහන්සේගේ එම ප්‍රකාශය අද (23) පාර්ලිමේන්තුවේදී සංවාදයට බදුන් වුණා.
එමෙන්ම මිහින්තලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අද ප්‍රශ්න කෙරුණා ෴
+++++++++
පොසොන් උත්සවයට මුදල් සොයා මහා සඟරුවන පිඩුසිඟා වඩියි
(23.05.2023 – 16:26 +0530 – hirunews.lk/sinhala)
මිහින්තලා ආලෝක පූජාව හා මිහිඳු පෙරහැර සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට මහා සංඝරත්නය හෙට (24) දිනයේ සිට පිඬුසිඟා වැඩීමට කටයුතු කරන බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නා හිමියන් පවසනවා.
මෙවර පොසොන් පොහොය සැමරීම මෙරට වර්තමාන නායකයින් විස්න් පැහැර හැරීමට කටයුතු කර ඇති බවයි උන්වහන්සේ පවසන්නේ.
මෙවර රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් ලබා නොදීමට කටයුතු කර ඇති බවත්, පොසොන් පොහොය සැමරීම සඳහාඅවශ්ය මුදල් විහාරස්ථානය සතුව නොමැති බවත් උන්වහන්සේ අද (23) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.
+
චීන ජාතිකයෙක් ගාලු කොටුවෙන් පැන සියදිවි නසා ගැනීමට උත්සහ කරයි
(23.05.2023 – 15:53 +0530 – hirunews.lk/sinhala)
පෙම්වතිය හැර ගිය දුකට ගාලු කොටුවෙන් පැන දිවි නසා ගැනීමට තැත් කළ චීන ජාතිකයකු ගාල්ල පොලීසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
33 හැවැරිදි චීන ජාතිකයා ගාලු කොටුවේ පරණ ප්‍රදීපාගාරය අසල දී අඩ නිරුවතින් ආවේගශීලීව හැසිරී තිබෙන බව සඳහන්.
දෙස් විදෙස් සංචාරකයන්ට පහරදීමට හා සියදිවි නසා ගැනීමට තැත් කරන බවට ගාල්ල පොලීසියට ලද තොරතුරක් මත ගාල්ල පොලීසියේ නිලධාරීන් විසින් චීන ජාතිකයාගේ ආරක්ෂාව උදෙසා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයා සතුව මෙරට රැඳී සිටීමට වලංගු වීසා බලපත්‍රයක් නොමැති බවටද අනාවරණය වී තිබූ අතර චීන ජාතිකයා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴
නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ පිරිසක් නාවික හමුදා භාරයට
(23.05.2023 – 16:08 +0530 – hirunews.lk/sinhala)
නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතා කරමින්, වලංගු බලපත්‍ර රහිතව සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් දහසය (16) දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා හතක් (7) සහ නීති විරෝධී ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස හමුදා භාරයට ගෙන ඇත්තේ ලංකා නාවික හමුදාව, මුලතිව් නයාරු හා අලම්පිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සහ පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කෝකිලායි කලපු ප්‍රදේශයේ ඊයේ (22) අලුයම් කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින්.
ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ අනුව මෙම මෙහෙයුමද සිදුකර තිබෙනවා.
එමෙන් ම, ඊයේ (22) අලුයම් කාලයේදී නැඟෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනය මඟින් පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කෝකිලායි කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයන්හී නීති විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ වලංගු ධීවර බලපත්‍ර රහිතව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය (6) දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා හතරක් (4) සහ නීති විරෝධී ධීවර ආම්පන්න ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුරටත් වාර්තා වන්නේ මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 22 ත් 44 ත් අතර වයසේ පසුවන පුත්තලම, කෝකිලායි, පදවි ශ්‍රී පුර, වැලිඔය සහ මදුරන්කුලිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව සඳහන්.
එම පුද්ගලයින් , ඩිංගි යාත්‍රා හත (7) හා ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලය වෙත සහ කුච්චවේලි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴
වයෝවෘද්ධ පිරිමින් රවටා රන් භාණ්ඩ සොරාගත් තරුණියක් අත්අඩංගුවට
(23.05.2023 – 16:23 +0530 – hirunews.lk/sinhala)
වයෝවෘද්ධ පිරිමි පුද්ගලයින් මුලා කර අනඟ රැගුම් පා ඔවුන් සන්තකයේ ඇති රන් භාණ්ඩ සොරාගත් තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කාන්තාව වයස අවුරුදු 30 ක් වන මාලබේ ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සැකකාරිය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබුණ ද මේ සම්බන්ධයෙන් අගතියට පත් වැඩිහිටි පිරිමි පුද්ගලයින් පොලිසියට පැමිණිලි කිරීමට මැලි වූ බව ද පොලිසිය සඳහන් කරනවා.
මෙම කාන්තාව “මගේ මහත්තයා ඉස්සරහ ඉන්නවා; මාව ඉස්සරහින් බස්සගෙන යනව ද?” ලෙස අසා වයෝවෘද්ධ පුද්ගලයින්ගේ වාහනවලට ඇතුල්වන අතර වාහනවල ගමන් ගන්නා අතරතුර ලිංගික ඇරයුමකට ආරාධනා කරන මෙන් හැසිරී පුද්ගලයින්ව පාළු ස්ථානයකට රැගෙන යන බවයි වාර්තා වී ඇත්තේ.
පසුව ඔවුන් සතුව ඇති රන් භාණ්ඩ කඩාගෙන පලායන බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
අදාළ කාන්තාව මෙම රන් භාණඩ සොරකම් කිරීමෙන් පසුව තංගල්ල ප්‍රදේශයට ගොස් සැඟව සිටින අතර නැවත මාලබේ ප්‍රදේශයට පැමිණෙන්නේ එවැනිම සොරකමක් කිරීමට අවශ්‍ය වූ විට බවයි හෙළි වී ඇත්තේ.
ඇය මෙම ජාවාරම දීර්ඝ කාලයක් පුරා සිදු කරගෙන ගොස් තිබෙන බවද වාර්තා වී තිබෙනවා.
සැකකාරිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිතයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴