ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි


ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි

(18.05.2023 – 10:01 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 87 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

ඔහු 60 සහ 70 යුගයේ අංක එකේ සහ වැඩිම ඉල්ලුමක් ඇති තරුව ලෙස ද හදුන්වනු ලබයි.

‘ඇළ දොළ ගංගා’, ‘කටුරොද ගම්මානේ’, ‘වතුර නාලා’, ‘රෝස මලක් දුටුවම’, ‘මැණිකා මැණිකා’, ‘වීණා විල මැද ඕලු මලේ’, ‘මුතු බෙල්ලෝ’ තවමත් ගුවන් විදුලි නාලිකාවලින් විකාශය වන ඔහුගේ ජනප්‍රිය ගීත කිහිපයකි.

‘ආදිහෙට්ටිගේ ක්‍රිස්ටෝපර් එමානුවෙල් පෝල්’ 1936 අප්‍රේල් 10 වැනි දින මොරටුව මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු හමුදා නිලධාරියකු සහ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ සේවකයකු වූ එස්.ඒ. පෝල්ගේ වැඩිමහල් පුත්‍රයා ලෙස උපත ලැබීය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත.

ඔහුගේ ගායන කුසලතාව හඳුනාගෙන 1956 දී සුනිල් සාන්ත සූරීන්ගේ සංගීත පන්තිවලට සහභාගි වන ලෙස ඔහුට උපදෙස් දුන්නේ ඔහුගේ පන්තියේ සංගීත ගුරුවරයා වන ෆ්‍රැන්සිස් පෙරේරා ය.

මේ අතර ඔහු එවකට කටුබැද්ද ජර්මානු කාර්මික විද්‍යාලයේ මෝටර් යාන්ත්‍රණය පිළිබඳ පාඨමාලාවක් හදාරා ඇති බව සඳහන්.

‘ඒ’ ශ්‍රේණියේ ගායකයකු ලෙස සාර්ථක ලෙස සමත් වූ පසු, ඔහුගේ පළමු ගීතය ලෙස පටිගත කළේ ලංකාවේ ගුවන් විදුලියේ ප්‍රසිද්ධ නිවේදක ආරියසේන මිල්ලවිතානාච්චි සමඟ විවාහ වී සිටින ක්‍රිස්ටෝපර් පෝල්ගේ බාල සොහොයුරිය වන බර්නදෙත් සමඟ ගායනාකල යුගල ගීතයකි.

‘වීණා විලේ මැද ඕළු මලේ’ නැමති එම ගීතය සරත් විමලවීරගේ පද රචනයක් වූ අතර සංගීතය වර්නන් පෙරේරාගෙනි.

ක්‍රිස්ටෝ බටහිර ගීතවලට ඇලුම් කළ අයෙකි.

පැට්‍රික් දෙනෙපිටියගේ සංගීත නිර්මාණයට එල්විස්ගේ ‘වුඩන් හාට්’ තාලයට බැසිල් එම්. ප්‍රනාන්දු විසින් ‘පෙම් ලෝකේ පුරා’ ගීතයක් ලියා තිබුණා.

1959 වසරේදී නවීකරණය කරන ලද ඉතාලි තාලයකට කරුණාරත්න අබේසේකරයන් විසින් PLA සෝමපාලගේ සංගීතයට ‘හා මල් පිපෙනේ’ ගීතය සඳහා පද රචනාවී ඇති අතර එය අද දක්වාම ජනප්‍රිය යි.

ඉන් පසුව අද දක්වාම ජනප්‍රිය ගීත රාශියක් පටිගත කරන ලදී. ‘ඇළ දොළ ගඟ’, ‘කටුරොද ගම්මානේ’ ‘වතුර නාලා’, ‘රෝස මලක් දුටුවම’ යනාදියයි.

ක්‍රිස්ටෝ දශක හතරකට (4) වැඩි කාලයක් පුරා ජනප්‍රිය ගායකයෙකු වූ අතර එළිමහන් සහ ගෘහස්ථ ප්‍රසංගවල ගායනා කිරීමට බොහෝ විට ආරාධනා ලබන ලදී.

ඔහු ප්‍රසංග සඳහා බොහෝ විදේශ රටවල සංචාරය කර ඇත.

සංගීතයට ඔහුගේ දායකත්වය වෙනුවෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් 2018 වසරේ බිෂොප් ශ්‍රවණාගාරයේදී ‘ක්‍රිස්ටෝ 82’ ඒක පුද්ගල ප්‍රසංගයක් සංවිධානය කර තිබූ අතර එහිදී ඔහු සිය එකම ඒක පුද්ගල ප්‍රසංගය ලෙස ගීත විසිපහක් (25) ගායනා කර ඇත ෴

+

Ever Green legendary Vocalist Christopher Paul is Paralysed , living in his twilight years – by Sunil Thenabadu in Brisbane (oct 2021)

+

meemessa.com > Christoper Paul (17 mp3 songs)

+

+

(April 2021)

+

+


මාවතගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සහෝදර සේවිකාවගේ නිරුවත් රූ රැගෙන බියගන්වා කෙලසලා

(18.05.2023 – gossiplankanews.com)

මාවතගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන තරුණියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන, ඒවා සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලයට එක් කරන බවට තර්ජනය කර ඇය හෝටල්වලට සහ බෝඩිං කාමරයකට රැගෙන ගොස් දූෂණය කළේ යැයි කියන එම කම්හලේම සේවය කරන තරුණයන් දෙදෙනක් සහ විවාහක පුද්ගලයෙක් මාවතගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් පෙරේදා (16) අත්අඩංගුවට ගනු ලැබූහ. ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා රෝහල් ගත කර ඇත.

අත්අඩංගුවට ගත් විවාහක පුද්ගලයා මෙම තරුණිය හෝටලයකට මුලින්ම රැගෙන ගොස් ඇයට ලිංගික අපයෝජනයක් කර ඇති බව පොලීසිය පවසයි. මේ බව දැනගත් ඇඟලුම් කම්හල් සේවකයකු තරුණියට කතාකර මේ ගැන විවාහක පුද්ගලයාගේ බිරිඳට පවසන බව කියා බියට පත්කර, ඇය හෝටලයකට රැගෙන ගොස් දූෂණය කර, ඇයගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. නිරුවත් වීඩියෝ දර්ශන සහ ඡායාරූප අන්තර්ජාලයට එක් කරන බව බව පවසා තරුණිය බියට පත්කර ඇය අවස්ථා තුනකදී (3) හෝටල්වලට රැගෙන ගොස් ඇය දූෂණය කර ඇති බවද, පොලිස් පරීක්‍ෂණවලින් හෙළිවී ඇතැයි කියති.

මෙම කරදරයෙන් මිදීම සඳහා තරුණිය පසුගිය අප්‍රේල් මාසයේ දිනක ඇඟලුම් කම්හලේ සේවයෙන් ඉවත්වීම සඳහා ලිපියක් බාරදීමට එම ඇගලුම් කම්හලට පැමිණ ඇත.

එම ඇඟලුම් කම්හලේම සේවය කරන තවත් තරුණයකු ඇය හමුවීමට පැමිණ ඇයගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන තමා ළඟ තිබෙන බව පවසා ඇය බියට පත්කර ඔහු ලැගුම්ගෙන සිටින මාවතගම ප්‍රදේශයේම බෝඩිමකට ගොස් දූෂණය කර ඇතැයි පොලීසිය කියයි. එම ඇඟලුම් කම්හල් සේවකයා ළඟදී විවාහ වීමේ අපේක්‍ෂාවෙන් සිටින තරුණිය ද සමඟ, එම බෝඩිමේ නවාතැන් ගෙන සිටින බව කියති. විවාහවීමට අපේක්‍ෂාවෙන් සිටින එම තරුණිය ද ඇඟලුම් කම්හලේ සේවිකාවකි. ඇය ඇඟලුම් කම්හලේ සේවයට ගිය අතරවාරයේ සැකකරු මෙම තරුණිය එම බෝඩිමට කැඳවාගෙන පැමිණ දූෂණය කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත. සේවයෙන් ඉවත්ව ගිය ඇඟලුම් කම්හලේ තරුණිය ඇයගේ ජංගම දුරකථනයේ සිම්කාඩ්පත මවට දී මවගේ සිම් කාඩ්පත ඇය ගෙන පරිහරණය කර ඇත.

ඇඟලුම් කම්හලේ සේවය කළ විසි හැවිරිදි (20) තරුණිය දූෂණය කළේ යැයි කියන තරුණයකු ඇයගේ ජංගම දුරකථනයට කතාකර හෝටලයකට යෑමට නැවත කතාකර ඇතැයි පොලිසිය කියයි. හෝටලයට යෑමට නොපැමිණිය හොත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට හා මුහුණු පොතට එක් කරන බවට ඔහු පවසා ඇතැයි කියති. තරුණියගේ ජංගම දුරකථනයේ සිම්කාඩ්පත මවගේ ජංගම දුරකථනයට දමාගෙන සිටි නිසා ඇමතුම ලැබී ඇත්තේ මවගේ ජංගම දුරකථනයට බව වාර්තා වේ. මෙම ඇමතුමෙන් තුෂ්ණිම්භූත වූ බව කියන මව එම ඇමතුම යොමුකරනු ලැබ ඇත්තේ තම දියණියට බව සැක පහළ කර දියණිය ලෙස රඟපා ඇමතුම ලබාදුන් පුද්ගලයා සමග කතාකර ඇතැයි පොලිසිය කියයි. එවනවා යැයි කියූ නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන ද ඇය ගෙන්වාගෙන ඇතැයිද පොලීසිය කීය.

මෙම නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන දුටු මව ඒවා සිය දියණියගේ බව පැහැදිලිවම පෙනී ගිය නිසා මහත් සේ කලබලයට පත්වී ඒ ගැන හඬමින් දියණියගෙන් තොරතුරු විමසූ අවස්ථාවේ ඇය සියල්ල හෙළිකර ඇත. පසුව මව සිය දියණියද කැටුව මාවතගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ මේ ගැන පැමිණිලි කර තිබේ. ඇඟලුම් කම්හල් තරුණියගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගෙන පරීක්‍ෂණ පවත්වා සැකකරුවන් තිදෙනා (3) අත්අඩංගුවට ගනු ලැබුවේ මාවතගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශාන්ති පුෂ්පලතා මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි. තමා ළඟදී විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි පෙම්වතා ස්ත්‍රී දූෂණයකට සැකපිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව දැනගත් ඇඟලුම් කම්හලේ අනෙක් සේවිකා පෙම්වතිය මාවතගම පොලිසියට පැමිණ ඇත. තමාගේ ජීවිතය ද විනාශ වූ බව පවසමින් ඇය හඬා වැලපී ඇතැයි දැන ගැනීමට තිබේ.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


Canada පෙන්නා මුදල් ගැරූ WTC ඔෆිස් එක වසා ඇතැයි වංචාවට ලක්වූ පිරිස් කොටුව පොලිසියට

(18.05.2023 – gossiplankanews.com)

කැනඩාවේ උසස් අධ්‍යාපන වරම් ඇතුළු රැකියා ලබා දෙන බවට දැන්වීම් පලකරමින් රුපියල් කෝටි ගණනක් වංචා කරමින් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය තුළ පවත්වාගෙන ගිය බව කියන සිටි ‘ලින්ක් ග්ලෝබල්’ ආයතනය වසා දමා එහි නිලධාරීන් පලා ගොස් ඇති බව ඊයේ (17 වැනිදා ) අනාවරණය විය.

මෙම ආයතනය මගින් වංචාවට ලක්වූ පිරිස් කොටුව පොලිසිය සමග එම ස්ථානයට ඊයේ (17 වැනිදා) පැමිණියද ඒ වනවිටත් එම ආයතනය වසා දමා තිබිණි.

එලෙස වසා දමා තිබීම හේතුවෙන් මේ පිළිබඳව පැමිණිලි කිරීම සඳහා එම පිරිස කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට ගිය අතර එහිදී පැමිණිලි 50 කට අධික සංඛ්‍යාවක් ගොනු කෙරිණි.

අනුතුරුව එම කාර්යාංශයේ නිලධාරීන් අසාධාරණයට ලක් වූ පිරිසට දැනුම් දී ඇත්තේ අදාළ ආයතනයේ නිලධාරීන් කඩිනමින් සම්බන්ධ කර දෙන ලෙස ඉල්ලා කොටුව පොලිසියට ගොස් නැවත පැමිණිලි කරන ලෙසය.

ඒ අනුව ක්‍රියාත්මක වෙමින් 50 දෙනෙකුට අධික පිරිසක් කොටුව පොලිසියට පැමිණිලි කෙරිණි.

‘සිටි ලින්ක් ග්ලෝබල්’ නමැති ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කොටසේ පවත්වාගෙන යන මෙම ආයතනය මගින් වංචාවට ලක්වූ උගතුන් 450 ක් පමණ මේ වනවිට නීතියේ සරණ පතා ඇතැයි අසාධාරණයට ලක්වූවෝ අරුණට පැවසූහ.

කෙසේ වෙතත් මෙවැනිම ආකාරයේ වංචාවන් සිදු කළ ආයතන පිළිබඳ තොරතුරු රැසක් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් පසුගිය කාලයේදී වාර්තා වූ අතර ඊට ආසන්නතම ආයතනය වන්නේ ‘තිලිණි ප්‍රියමාලි’ විසින් පවත්වාගෙන ගිය තිකෝ සමූහ ව්‍යාපාරයයි.

චාමර පල්ලේගෙදර

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *