සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගත් තරුණයෙකු අත්අඩංගුවට

සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගත් තරුණයෙකු අත්අඩංගුවට


සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගත් තරුණයෙකු අත්අඩංගුවට

(16.05.2023 – 22:23 +0530 – hirunews.lk/sinhala)

ජනප්‍රිය නිළියන් දෙදෙනෙකු (2) සහ මෝස්තර නිරූපිකාවක (1) ගේ නමින් ‘වට්ස් අප්’ ගිණුම් විවෘත කර උසස් පෙළ සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගත් තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට උපකාර කරන බව පවසා, කාන්තාවක් ලෙස ‘වට්ස් අප්’ පණිවිඩ යොමුකරමින් අදාළ තරුණයා උසස් පෙළ සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇති බවයි විමර්ශන වලදී අනාවරණයවී ඇත්තේ.

ජනප්‍රිය නිළියන්ගේ සහ නිරූපිකාවන්ගේ නමින් ‘වට්ස් අප්’ ගිණුම් පවත්වාගෙන ගිය මෙම පුද්ගලයා සම්බන්ධයෙන් මාධ්‍ය වෙතින් තොරතුරු අනාවරණය වීමත් සමඟ පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා.

නිරුවත් ඡායාරූප එවන ලද එක් පාසල් සිසුවියකගේ දර්ශන හා ඡායාරූප සැකකරුගේ පරිගණකයේ තිබී යහළුවකු දැක තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදාළ යහළුවා පාසල් සිසුවියට ඒ පිළිබඳව දැනුම්දීමත් සමඟ ඇය සිය මවුපියන්ට ලිපියක් ලියා තිබෙනවා.

එම ලිපියේ මෙසේ සඳහන් වී තිබුණා.

“අම්මේ, තාත්තේ මට ගොඩක් සමාවෙන්න, මේ දේ හිතලා කරපු දෙයක් නෙවෙයි. මොඩ්ලින් කරන්න තිබුණු ආසාව නිසයි මම ෆොටෝ යැව්වේ. අපි වගේ ගොඩක් ගෑණු ළමයි රැවටිලා ඉන්නවා. මේ ගැන ඇත්ත දැනගන්නකොට හැමදේම වෙලා ඉවරයි. අම්මා කියන දේ අහන්නේ නැතුව මෙහෙම කළාට සමාවෙන්න.”

මේ අනුව විමර්ශන ආරම්භ කල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව සැකකරු අද (16) මාළිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී මහේස්ත්‍රාත් වරයා නියෝග කළේ සැකකරු මුදල් ඇපමත නිදහස් කිරීමටයි.

+


අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පලා යයි

(16.05.2023 – 17:24 +0530 – hirunews.lk/sinhala)

තලංගම පොලිසිය විසින් මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබෙනවා.

පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රැඳවුම් නියෝග මත සිටිය දී අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීමෙන් පසු නැවත පොලීසිය වෙත රැගෙන යාමේදී පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස පළාගොස් ඇත්තේ 38 හැවිරිදි තලවතුගොඩ ජෝතිකාරාම පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පලාගිය සැකකරු සොයා තලංගම පොලීසිය විමර්ශ‍න ආරම්භ කර තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴


බොරැල්ලේ මනුෂ්‍ය ඝාතනයක්

(16.05.2023 – 17:47 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල පොලිස් වසමේ සිරිසර උයන ප්‍රදේශයේ නිවසකට ඊයේ (15) දින පැමිණි පුද්ගලයන් තිදෙනෙකු (3) විසින් තියුණු ආයුධ වලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

බොරැල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 28 ක් වන බේස්ලයින් මාවත, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු නිවසේ රැඳී සිටිය දී පුද්ගලයන් තිදෙනෙකු (3) පැමිණ තියුණු ආයුධවලින් පහර දී පලා ගොස් තිබෙනවා.

මරණකරු හා පහරදීමට සම්බන්ධ සැකකරුවන් අතර කලක සිට පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාරදී තිබෙනවා.

පලාගිය සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


හබරණදී පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කරයි

(16.05.2023 – 22:07 +0530 – hirunews.lk/sinhala)

මේ අතර හබරණ – සෙවණගම ප්‍රදේශයේදි කුඹුරකට ජලය ලබාගැනීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට උදැල්ලකින් හිසට පහරදී තිබෙනවා.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ 52 හැවිරිදි පුද්ගලයා හබරණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනය සිදුකළ 38 හැවිරිදි සැකකරු හබරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


මහියංගනය ලංගම ඩිපෝ සේවකයින් බස්රථ ධාවනයෙන් ඉවත්වෙයි

(16.05.2023 – 23:01 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය ලංගම ඩිපෝ සේවකයින් බස්රථ ධාවනයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ මහියංගනය සිට කන්දකැටිය, ගලඋඩ ප්‍රදේශය වෙත ධාවනය කළ ලංගම බස් රථයක රියදුරුට සහ කොන්දොස්තරවරයාට රිදීමාලියද්ද, ආඳාඋල්පොත මංසන්ධියේදී කිසියම් පිරිසක් පහර දීම හේතුවෙන්.

මෙම පහරදීම සිදු කළ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා මහියංගනය ලංගම ඩිපෝවේ කාර්ය මණ්ඩලය බස්රථ ධාවනයෙන් ඉවත් වී අද (16) විරෝධතාවයක නිරත වුණා ෴


විලච්චිය භීතියට පත්කරන වන අලින් – දරුවොත් එක්ක ජීවත් වෙන්නේ අමාරුවෙන්

+


බෝගම්බරින් එන අපවිත්‍ර ජලය නිසා – බැට කන මහනුවර වැසියන්

+


කිළිනොච්චියෙන් වසර 2400කට වඩා පැරණි බෞද්ධ පුරාවස්තු හමුවේ

+


ජනපති අණින් – වයඹ-උතුර නැගෙනහිර ආණ්ඩුකාරවරු දොට්ට

+++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *