ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්


ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්

(14.05.2023 – 13:11 +0530 – hirunews.lk/sinhala)

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ,තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම තත්ත්වය බලපෑ හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් පහත් බිම් දෙපස ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු වනවා ෴

++++++++

දිස්ත්‍රික්ක 5 කට නායයාමේ අනතුරු ඇඟවීම්

(14.05.2023 – 14:46 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණයත් සමඟ ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලට අදාලව නායයෑමේ අවදානම් නිකුත් කර තිබෙනවා.

ඒ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය විසින්.

එමෙන්ම අධික වැසි තත්ත්වය නිසා නිල්වලා ගඟේ ජල මට්ටම ඉහල ගොස් ගංවතුර මට්ටමට ආසන්නව ඇති බවත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිසා මාතර, පිටබැද්දර, අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ සහ අතුරලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගඟ දෙපස ජනතාව අවධානයෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

එමෙන්ම ගිංගඟේ ජල මට්ටමද පිටාර මට්ටමට පැමිණ තිබෙන බවත්, එම නිසා බද්දේගම, නියගම, නෙලුව, තවලම සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගඟ දෙපස ජනතාවද විමසිලිමත්ව සිටින ලෙස ඔවුන් ඉල්ලා සිටී ෴

+++++++++

සබරගමුව සහ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

(14.05.2023 – 15:58 +0530 – hirunews.lk/sinhala)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය අභිමුව ප්‍රදේශ කිහිපයකට ගංවතුර තර්ජන ඇති වී තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයට සහ දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති වියහැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නිල්වලා ගඟ මේ මොහොත වන විට වාන් දමන මට්ටම පත්ව තිබෙනවා.

පවතින වර්ෂාවත් සමඟ නාය යෑමේ තර්ජනද ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව වඩාත් විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

+++++++++

මාතර දිස්ත්‍රික්කයක් පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි – දකුණට සහ රත්නපුරයට තද වැසි

(14.05.2023 – 16:26 +0530 – hirunews.lk/sinhala)

නිල්වලා ගඟ සහ ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් පහත්බිම් ජලයෙන් යටවී තිබෙනවා.

තවලම, නෙලුව, මොරවක, අකුරැස්ස, අතුරලිය, පිටබැද්දර සහ කොටපොල යන ප්‍රදේශවල පහත්බිම් මේ වනවිට ජලයෙන් යටවී ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

නෙලුව, මොරවක ප්‍රධාන මාර්ගයට අලපලාදෙණිය ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම නිසා, මාර්ගයේ ගමනාගමනය ඇණහිට ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. මීට අමතරව, අකුරැස්ස – තවලම ප්‍රධාන මාර්ගය තලංගල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා.

එමෙන්ම, නෙලුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට මේ වනවිට විදුලිය ද විසන්ධි වී තිබෙනවා.

මේ අතර, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මෝඛා චන්ඩ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දකුණු පළාතට සහ රත්නපුර දිස්ත්‍රික්කයට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා ෴

++++++++

මෝඛා නිසා දකුණට සහ රත්නපුරයට තද වැසි – ගිං සහ නිල්වලා ගඟ පිටාර ගලයි

(14.05.2023 – 18:47 +0530 – hirunews.lk/sinhala)

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මෝඛා චන්ඩ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දකුණු පළාතට සහ රත්නපුර දිස්ත්‍රික්කයට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ නිල්වලා ගඟ සහ ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් පහත්බිම් ජලයෙන් යටවී තිබෙනවා.

තවලම, නෙලුව, මොරවක, අකුරැස්ස, අතුරලිය, පිටබැද්දර සහ කොටපොල යන ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවී ඇති බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම නෙළුව, හප්පිටිය ප්‍රදේශයේ පහත් බිම්ද ජලයෙන් යටවී ඇති බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ. දෙණියාය – අකුරැස්ස මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇත්තේ මාර්ගයට පස්කදු කිහිපයක් කඩා වැටීම හේතුවෙන්.

මේ හේතුවෙන් එම මාර්ගයේ බස් රථ ගමනාගමනයද තාවකාලිකව නතරකර ඇති බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.

නෙලුව, මොරවක ප්‍රධාන මාර්ගයට අලපලාදෙණිය ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම නිසා, මාර්ගයේ ගමනාගමනය ද ඇණහිට ඇති බව සඳහන්. මීට අමතරව, අකුරැස්ස – තවලම ප්‍රධාන මාර්ගය තලංගල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා.

මේ අතර, දකුණු පළාතට ඇඳහැලෙන අධික වර්ෂාපතයනත් කිරමආර ජලාශයද මේ වන විට පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට දැනුම් දෙන්නේ දෙයියන්දර, සීනිපැල්ල, මාකදුර සහ ආඳපාන යන ප්‍රදේශවල කිරමආර ජලාශය දෙපස ජනතාවට අවධානයෙන් සිටින ලෙසටයි.

එමෙන්ම, මාතර දිස්ත්‍රික්කයට ඇඳහැලෙන අධික වැසිත් සමඟ මුලටියන, කොස්ගහදොළ ඇල්ල පිටාර ගැලීමෙන් මුලටියන දෙයියන්දර මාර්ගයද ජලයෙන් යටවී තිබෙනවා.

ගිංගඟ පිටාර ගැලීමෙන් මාපලගම – මාලමුර මාර්ගයේ ද ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 5 කට නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙලෙස නායයාමේ අවදානම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

අයහපත් කාලගුණය හේතුවෙන් බේරුවල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 8 ක පමණ දුරින් පිහිටි මුහුදේ ගිලෙමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන තිබෙනවා.

ඒ අද (14) උදෑසන සිදුකළ මෙහෙයුමකදීයි.

මේ අතර, මෝඛා සුළි කුණාටුව මේ වනවිට පැයට කිලෝමීටර් 200 ක ප්‍රබලත්වයකින් බංග්ලාදේශයට සහ මියන්මාරයට අද (14) පස්වරුවේ ඇතුළු වුණා. ඉදිරි පැය 12 ක කාලයක එය දුර්වල වනු ඇතැයි කාලගුණ අංශ අනාවැකි පළ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම සුළි කුණාටුවේ බලපෑමෙන් බංග්ලාදේශයට සහ මියන්මාරයට අධික වැසි සහ නායයාම් හට ගෙන ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.

බංග්ලාදේශයේ ලක්ෂ 5 ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති අතර දශක දෙකකට පසු එරටට බලපාන ප්‍රබලතම සුළි කුණාටුව මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර, එහි වක්‍ර බලපෑමෙන් මේ වනවිට දිවයිනේ දකුණු ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

+++++++++

මාතර අන්දොළුව ප්‍රදේශයේ ඟංවතුර හසු වී පුද්ගලයෙක් (1) අතුරුදන්

(14.05.2023 – 19:35 +0530 – hirunews.lk/sinhala)

මාතර අන්දොළුව ප්‍රදේශයේ පුද්ගලයෙක් (1) ඟංවතුරට ගසා ගෙන ගොස් තිබෙනවා.

මෙලෙස ගංවතුරට ගසාගෙන ගොස් අනතුරට ලක් වී ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42 ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වූ පුද්ගලයා සොයා වැඩි දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලීසිය පවසන්නේ.

දිවයිනේ පළාත් කිහිපයකට මේ වනවිට අධික වර්ෂාවක් ඇඳහැලෙන අතර පළාත් කිහිපයකට නායයෑමේ අනතුරුද නිකුත්කර තිබෙනවා.

මේ අතර මේඛා සුළි කුණාටුවේ බලපෑම තවමත් ශ්‍රී ලංකාවෙන් පහව ගොස් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින අතර ඟංවතුරින් වන අනතුරු වළක්වා ගැණීමට කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

++++++++++

අයහපත් කාලගුණය නිසා දකුණු පළාතේ පාසල් නොපැවැත්වීම තීරණය කිරීමට කලාප අධ්‍යක්ෂකවරුන්ට බලය පවරයි

(14.05.2023 – 21:12 +0530 – hirunews.lk/sinhala)

දකුණු පළාතට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා අවදානම් සහිත ප්‍රදේශවල පාසල් නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පවරා තිබෙනවා.

පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කළේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය අභිමුව මෙම තීරණයට එළැඹ ඇති බවයි.

දකුණු පළාතේ ගංවතුර තත්ත්වය තරමක් ඉහළ ගොස් ඇති අතර නිල්වලා ගඟ ද මේ වනවිට පිටර ගලන බවයි වාර්තා වන්නේ.

එමෙන් ම පළාත් කිහිපයකටද නායයෑම් අනතුරු නිකුත් කර ඇති අතර මාතර මාවරල ප්‍රදේශයේ පුද්ගලයෙකු (1) ද දිය පහරට ගසා ගොස් අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ ෴

+++++++++

විපතට පත් වූ පිරිසට කඩිනම් සහන සලස්වන්න – සාගල

(14.05.2023 – 23:01 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල, මාතර, රත්නපුර ඇතුලු දිවයිනේ ආපදා තත්ව ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා ත්‍රිවිධ හමුදාවට පොලීසියට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අද (14) උපදෙස් ලබා දී තිබෙනවා.

දැනට බොහෝ ප්‍රදේශවල ඇතිවී තිබෙන ගංවතුර බැසයාම කඩිනම් කිරීමට ගංගාවල මෝය කට හාරා පුළුල් කිරීමටත්, විපතට පත්වන ජනතාව මුදාගැනීමට අවශ්‍ය බෝට්ටු සූදානමින් තබාගන්නා ලෙසත් ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම නායයාම් අවදානම් ඇති කලාපවල ජනතාව ඉන් ඉවත්කර ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට සහ එම කටයුතු කඩිනමින් ඉටුකිරීමටත් මෙහිදී උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් ෴


ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට ග්‍රාම නිලධාරිවරුන් ගෙයින්ගෙට

(14.05.2023 – 10:14 +0530 – sinhala.adaderana.lk)

මෙවර ඡන්ද හිමි නාමලේඛනය සංශෝධන කටයුතු සඳහා ග්‍රාම නිලධාරීවරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

කොවිඩ් රෝග තත්ත්වය සහ පැවති දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් පසුගිය වසර දෙකේ (2) දී ග්‍රාම නිලධාරින්වරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම නවතා දැමීමට තීරණය කර තිබුණි.

කෙසේවෙතත් මෙවර ග්‍රාම නිලධාරිවරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇති බව සඳහන්ය.

යම් හෙයකින් ග්‍රාම නිලධාරීන්වරුන් නිවෙස් වෙත පැමිණෙන අවස්ථාවලදී මහජනතාව නිවෙස්වල නොසිටියහොත් එම තොරතුරු වහාම ග්‍රාම නිලධාරින්වරුන් වෙත ලැබීමට සලස්වන ලෙස ද මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දෙයි.

ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා මෙවර ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට නම ඇතුළත් කිරීම වඩාත් වැදගත් බව එම කොමිසම සඳහන් කළේය.

ඡන්ද හිමි නාමලේඛන කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 31 වනදා වන විට එය සහතික කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද මැතිවරණ කොමිසම පැවසීය ෴


CCTV එකට අනුව එකම පුද්ගලයා – ජංගම දුරකථන අලෙවිසැල් 2 ක් මංකොල්ල කෑ සොරා (14.05.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *