ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක්

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක්


ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක්

(13.05.2023 – 07:03 +0530 – hirunews.lk/sinhala)

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කරන්නේ තවත් මාස හයකින් (6) ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කරන බවයි.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට බදුල්ල මහ රෝහලේ සේවය කරනු ලබන විශේෂද වෛද්‍යවරු 30 දෙනෙක් පමණ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අලුතින් ආරම්භ කරනු ලබන වෛද්‍ය පීඨයේ සේවය කිරීමට කැමැත්ත පළකර ඇති බවයි.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ඊයේ (12) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ උසස්පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව ‘සියයට සියක්’ මේ වන විට විසදී ඇති බැවින් ඉක්මනින් උත්තර පත්‍ර පරීක්ෂා කර ප්‍රතිඵල ලබා දීමට බලාපොරොත්තු වන බවයි ෴


තියුණු ආයුධයකින් පහරදීමෙන් තරුණයෙකු මරුට

(13.05.2023 – 06:34 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – සුවසෙතගම ප්‍රදේශයේදී ඊයේ (12) තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු පොළොන්නරුව රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 24 ක් වන සුවසෙනගම ගල්ලෑල්ල ලිපිනයේ පදිංචිකරුවෙක්.

අදාළ පුද්ගලයා සහ තවත් මිතුරන් දෙදෙනෙකු (2) අසල්වැසියෙකු සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු අසල්වැසියා විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

සැකකරු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොළොන්නරුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

අදාළ තරුණයාය්ගේ මළ සිරුර පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴


ව්‍යාජ රුපියල් 5000 හේ නෝටුවක් සමඟින් පුද්ගල‍යෙක් අත්අඩංගුවට

(13.05.2023 – 06:44 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ රුපියල් 5000 හේ නෝටුවක් සමඟින් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ ගිරාදුරකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 39 ක් වන පුද්ගලයෙක්.

මහියංගණය දිසා අධිකණයේ දී විභාග වූ වන්දි නඩුවකට 2100 ක මුදලක් ගෙවීම සඳහා මෙමෙ ව්‍යාජ රුපියල් 5000 ලබා දී ඇති අතර එහි දී මෙම පුද්ගලයා අත් අඩංගුවට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරු අද (13) දිනයේ මහියංගණය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිදුවීම පිළිබඳ කළුතර උතුර පොලීසිය වැඩිදුරටත් පර්යේක්ෂන ක්‍රියාත්මකයි ෴


ව්‍යාජ 5000 නෝට්ටු සමඟ අඹු සැමි යුවලක් අත්අඩංගුවට

(13.05.2023 – 08:45 +0530 – hirunews.lk/sinhala)

කළුතර උතුර – ගල්පාත ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැලකට ඊයේ (12) ත්‍රිරෝද රථයකින් පැමිණි කාන්තාවක් ව්‍යාජ රුපියල් 5000 නෝට්ටුවක් ලබා දී භාණ්ඩ මිලට ගෙන ගොස් ඇති බවට වෙළඳසැල් හිමිකරු විසින් පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

එහිදී සිදු කළ විමර්ශනයට අනුව සිද්ධියට සම්බන්ධ ත්‍රිරෝද රථය එහි ගමන්කළ රියදුරු සහ කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත කළුතර දකුණ පොලිස් වසමේ පිහිටි නිවස තුල තිබී තවත් ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 11 ක් සහ මුද්‍රණය සඳහා යොදා ගත් ප්‍රින්ටරයක් පොලිස් භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවලක් බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

සැකකරු සහ සැකකාරිය අද (13) කළුතර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


තංගල්ලේ අනතුරකින් මාස 7 ක බිළිඳියක් ජීවිතක්ෂයට

(13.05.2023 – 08:07 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල- ගොඩිගමුව පුදේශයේ ඊයේ (12) සිදු වූ රිය අනතුරකින් මාස 7 ක කුඩා බිළිඳියක් ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා.

අඟුණුකොළපෑලැස්ස බලා ගමන් කරමින් තිබූ වෑන් රථයක් සහ තංගල්ල බලා ගමන් ගත් ලොරි රථයක් ගොඩිගමුව ප්‍රදේශයේ දී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථයේ එකම පවුලේ පස්දෙනෙකු (5) ගමන්කරමින් සිට ඇති අතර, අනතුරෙන් තුවාල ලැබූ එම පිරිස සහ ලොරි රථයේ රියදුරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

තංගල්ල රෝහලට ඇතුළත් කළ මියගිය බිළිඳියගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

අදාළ ලොරි රථය පැද වූ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ ෴


විදේශගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස හතරේදී ඩොලර් බිලියන 1.8 ක් එවලා – අමාත්‍යය මනූෂ නානායක්කාර

(13.05.2023 – 09:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ විදේශ ප්‍රේෂණ 2022 අප්‍රේල් මාසයේදී USD මිලියන 248.9 සිට 2023 අප්‍රේල් මාසයේදී USD මිලියන 454 දක්වා වැඩි වී තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යය මනූෂ නානායක්කාර පවසනවා.

මෙය 2022 අප්‍රේල් මාසයේ වාර්තා වූ ගලා ඒමට සාපේක්ෂව 82.4% (USD මිලියන 205.1) වැඩිවීමක් බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ වසරේ (2023) මුල් මාස හතර (4) තුළදී විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ ප්‍රේශණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ඉක්මවාගොස් තිබෙනවා.

මේ වසරේ පළමු මාස හතර (4) තුළදී විදේශගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 1867.2 ක් මෙරටට එවා ඇති අතර අප්‍රේල් මාසය තුළදී පමණක් ඩොලර් මිලියන 454 ක් එවා තිබෙන බවයි වාර්තා වන්නේ.

එය පසුගිය වසරේ (2022) අප්‍රේල් මාසය සමග සන්සන්දනය කර බලන විට සියයට 82.4 ක ඉහළ යාමක්

මේ වසරේ (2023) ජනවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 427.5 ක මුදලක් එවා තිබෙන අතර එය සියයට 68.8 ක වර්ධනයක්.

පෙබරවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයින් එවූ ඩොලර් මිලියන 407.4 පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ශව සියයට 98.6 ක වර්ධනයක් ලෙසයි දැක්වෙන්නේ.

පසුගිය මාර්තු මාසයේදී විදේශගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 568.3 ක මුදලක් එවා තිබුණි. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 78.5 ක වර්ධනයක්.

නීත්‍යානුකූල ක්‍රම හරහා මෙරටට මුදල් එවනු ලබන විදේශගත ශ්‍රමිකයින් සදහා වාහන ආනයන බලපත්‍ර ලබාදීමට, ගුවන්තොටුපොලේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීමට මේ වන විට කටයුතු යොදා තිබෙන බවයි වාර්තා වන්නේ ෴


අල්ලස්ගත් ග්‍රාමයෙකු අත්අඩංගුවට

(13.05.2023 – 09:40 +0530 – hirunews.lk/sinhala)

අල්ලස්ගත් ග්‍රාම නිලධාරීයෙකු අත්අඩංගුවට

දරුවෙකු පාසලට ඇතුලත් කිරීමට ඡන්ද නාමලේඛනයට නම් ඇතුළත් කර දීමට රුපියල් 80,000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඉන් රුපියල් 70,000 ක මුදලක් ලබාගත් ග්‍රාමසේවා නිලධාරියෙක් පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කුප්පියාවත්ත – බටහිර ග්‍රාම නිලධාරිවරයා බවයි සඳහන් වන්නේ.

2022 වසරේ පැමිණිලිකරුගේ සහ බිරිඳගේ ඡන්ද නාමලේඛනයේ ඇති ‘නම්’, 2023 වසරේ නාම ලේඛනයට ඇතුළත් කිරීමට එක් අයෙකුට රුපියල් 10,000 බැගින් රුපියල් 20,000 ක් ද එම ‘නම්’ පරිඝණක ගත කිරීමට සහ එම සහතික ලබා දීමට රුපියල් 50,000 ක් මුදලක් ඔහු විසින් ලබාගෙන තිබෙන බව සඳහන්.

මුදල් ලබා ගන්නා අවස්ථාවේම සැකකරු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම ප්‍රකාශ කළේ ෴


ඝාතනය කළ බව කියන ගම්පොල තරුණියගේ දේහය ගොඩ ගනී

(13.05.2023 – 13:15 +0530 – hirunews.lk/sinhala)

ඝාතනය කළ බව පැවසෙන ගම්පොල ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණියගේ බවට සැක කරන මළසිරුර අද (13) ගොඩගන්නා බව පොලිසිය පවසනවා. ගම්පොල ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු පවසා සිටියේ ගම්පොල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මෙම සිරුර ගොඩගන්නා බවයි.

ඝාතනය කළ බව පැවසෙන ගම්පොල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියගේ බවට සැක කරන මළසිරුර ගොඩ ගෙන තිබෙනවා. ඥාතීන් විසින් මෙම තරුණියගේ දේහය හදුනාගෙන තිබෙනවා.

අදාළ අතුරුදන්ව ඇත්තේ පසුගිය 07 වනදා සිටයි. ඇයව ඝාතනය කර වලදැමූ බවට දැනට අත්අඩංගුවේ පසුවන 24 හැවිරිදි තරුණයෙකු ඊයේ (12) පාපොච්චාරණය කර තිබුණා.

එහිදී ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම තරුණියට අතවර කිරීමට තමන් උත්සාහ කළ බවත් ඇය ඊට එරෙහි වීම නිසා කැළෑ බද ප්‍රදේශයට ගොස් ගෙල සිරකර ඝාතනය කළ බවයි.

පසුව තරුණියගේ මළ සිරුර වලදැමූ බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

+

https://www.youtube.com/watch?v=ySL2OvrUKgE

+

+


ජාතික රක්ෂණභාර අරමුදලේ පරිපාලන ගැටලු‍ රැසක්

(13.05.2023 – 09:49 +0530 – hirunews.lk/sinhala)

ජාතික රක්ෂණභාර අරමුදලේ පරිපාලන ගැටලු‍ රැසක් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

මෙහිදි ජාතික රක්ෂණ භාර අරමුදලේ 2016 සහ 2019 මූල්‍ය වර්ෂ සදහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනයට පිළිබදව විමර්ශනය වූ බව සඳහන්.

ආයතනයේ දුර්වල පරිපාලනය හමුවේ එය වැසී යාමේ තර්ජනයක මෙන්ම ආයතනයේ පරිපාලනය ඇතුළු සමස්ත ක්‍රියාවලිය අතිශය දුර්වල මට්ටමක පවතින බවයි කමිටුව විසින් පෙන්වා දුන්නේ.

පාරිභෝගික සේවා ඇමතුම් සදහා ප්‍රතිචාර දැක්වීම අතිශය දුර්වල බව පෙන්වා දුන් කමිටු සාමාජිකයෝ ඒ පිළිබද සිය දැඩි අප්‍රසාදය ද පළකර තිබෙනවා.

මෙහි දී භාණ්ගාරයේ මුදලින් යැපීම වෙනුවට ආයතනය විධිමත් ව්‍යාපාරික මොඩලයකට අනුගත කොට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව විසින් අවධාරණය කර තිබෙනවා.

ව්‍යාපාර සංවර්ධනය, පරිපාලන ක්‍රමවේදය, අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය යනාදී සමස්ත අංශ දුර්වල බැවින් එකි සියලු‍ අංශ ආවරණය වන පරිදි ස්වයං ඇගයීමක් කොට මාසයක් (1) ඇතුළත ප්‍රගතිය වාර්තා කරන ලෙසයි කාරක සභාව දැනුම් දී ඇත්තේ.

තරගකාරී ව්‍යාපාරික ආයතනයක් ලෙස ඉදිරියට යාමේදී භාණ්ඩාගාරයේ රාජ්‍ය සේවකයන්ගේ ‘අග්‍රහාර රක්ෂණ හිමිකම්’ ලබා දීම දීර්ඝ කාලක් ප්‍රමාදවීම සම්බන්ධයෙන් කාරක සභාවේ දැඩි අප්‍රසාදය මෙහිදී පළවී තිබුණා.

පසුගිය කාලය තුළ අග්‍රහාර රක්ෂණ හිමිකම් ලබාදීම සාමාන්‍යයෙන් මාස 8-9 ක කාලයක් ප්‍රමාදවී ඇති බවත් ආයතයේ අකාර්යක්ෂමතාව සහ පරිපාලන දුර්වලතා ඒ සදහා බලපා ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.

එසේ ම නෛතික ප්‍රතිපාදන අනුගමනය නොකිරීම හේතුවෙන් සිදුවී ඇතැයි කියන රුපියල් බිලියන 51 ක අලාභයක් සම්බන්ධයෙන් ද වාර්තාවක් කැඳවීමටයි මෙහිදී තීරණය කර තිබෙන බව සඳහන්.

මේ සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කැඳවීමට අපේක්ෂා කරන බව පැවසූ කෝප් කමිටු සභාපතිවරයා පූර්ණ වාර්තාවක් සති දෙකක් (2) තුළ ලබාදෙන ලෙස‍යි දැනුම් දී ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *