කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට වැඩම වීම අද (08)

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට වැඩම වීම අද (08)


කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට වැඩම වීම අද (08)

(08.05.2023 – 10:17 +0530 – hirunews.lk/sinhala)

උතුම් සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනා – කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත වැඩම කරවීම සඳහා ඓතිහාසික තිස්සමහාරාම පුදබිමෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

අද (08) අලුයම දක්වා ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සැදැහැවත් ජනතාවට කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවට අවස්ථාව හිමි වූ අතර ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් පසුගිය 06 වන දා සිට ඊට එක්වුණා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව වසර ගණනාවක් පුරා හිරු උත්තම ධාතු වන්දනා – කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ක්‍රියාත්මක වන්නේ සැදැහැවතුන්ගේ නොමඳ ආශිර්වාදය මධ්‍යයේයි.

වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයේ තැන්පත් කර තිබූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ මෙන්ම බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ද තිස්සමහාරාම පුදබිමට පසුගිය 06 වන දා වැඩමකරවනු ලැබුවේ හිරු ශාක්‍ය සිංහ මංගල්‍යයට සමගාමීවයි.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් ධාතු මන්දිරය තුළ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කරනු ලැබුවා.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ මෙන්ම බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙන පුද පූජා කටයුතු එම අවස්ථාවේ සිටම නිසි පරිදි සිදු කෙරුණා.

අද (08) උදෑසන 5 දක්වාම හිරු උත්තම ධාතු වන්දනා – කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට සැදැහැවත් ජනතාවට අවස්ථාව හිමිවුණා.

අද (08) උදෑසන සම්බුද්ධ පූජාව ද ඓතිහාසික තිස්සමහාරාම පුද බිමේ දී සිදු කෙරුණා.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ උදෙසා දහවල් සම්බුද්ධ පූජාව සිදුකෙරෙන්නේ තංගල්ල හේනේකඩුව පුරාණ විහාරස්ථානයේදීයි.

දහවල් 02:30 ට ගිලන්පස පූජාව හබරාදූව – පුලිනතලාරාමයේදී සිදුකෙරෙන අතර සවස 06 ට ගිලන්පස පූජාව බේරුවල, මෙත්තාරාමයේදී සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

එම කාලසීමාවන්හීදි අදාළ විහාරස්ථාන වෙත පැමිණ ප්‍රදේශවාසි ජනතාවට කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව හිමිවනවා.

+


ලංකාවේ ප්‍රබල ව්‍යාපෘති 3 ක් ඉන්දියාව අතට

(08.05.2023 – 10:19 +0530 – hirunews.lk/sinhala)

නවීන තාක්ෂණයෙන් යුතු හැඳුනුම්පතක් නිකුත් කිරීම, සූර්ය බල විදුලි ව්‍යාපෘතිය හා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නෞකා සේවයක් ආරම්භ කිරීම යන ව්‍යාපෘති 3 කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමු ඇති බව වාර්තා වනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක හා ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අතර පසුගිය සතියේ පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

නවීන තාක්ෂණයෙන් යුතු හැඳුනුම්පතක් නිකුත් කිරීමට අදාළව ඉන්දියානු රජය ආධාර කිරීමට කැමැත්ත පළ කර ඇති අතර ඊට අදාළ කටයුතු මේ වන විට සක්‍යතා මට්ටමේ පවතිනවා.

එය කඩිනමින් ආරම්භ කිරීමට නියමිතයි.

උතුරේ දූපත් තුනක (3) සූර්ය විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත අතර එය කඩිනමින් ආරම්භ කිරීම ගැන ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඊට අමතරව ඉන්දියාවේ රාමේෂ්වරම් හා තලෙයි මන්නාරම අතර ෆෙරි නාවුක සේවයක් ආරම්භ කිරීමට අදාළව සාකච්ඡා කර ඇති අතර කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරිකාල් අතර ෆෙරි සේවය ආරම්භ කිරීම අවසන් අදියරේ පසුවනවා.

මෙම කටයුතු හැකි ඉක්මණින් ආරම්භ කිරීම ගැන මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවයට පැමිණ තිබෙනවා ෴


වසර 5 කට වැඩි කාලයක් වාහන ආදායම් බලපත්‍රය අලුත් නොකළ වාහන අසාදු ලේඛනගත කරයි

(08.05.2023 – 10:30 +0530 – hirunews.lk/sinhala)

වසර 5 කට වැඩි කාලයක් වාහන ආදායම් බලපත්‍රය අලුත් නොකළ වාහන අසාදු ලේඛනගත කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරානවවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ වනවිට වාහන ලක්ෂ 83 ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැත් QR කේතය හරහා ලියාපදිංචි වී ඇත්තේ ලක්ෂ 60 ක පමණ ප්‍රමාණයක් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වසර 5 කට වඩා එක දිගට ආදායම් බලපත්‍ර ලබානොගෙන සිටින වාහන සොයා දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරු හරහා එම වාහන තොරතුරු පද්ධතියෙන් ඉවත්කරන බව වැඩිදුරටත් සඳහන්.

+


සිසුවියකට ලිංගික බලපෑම් කළ වල්ගුරෙකු නිසා යාපනයේ පාසලක් වැසෙයි

(08.05.2023 – 10:32 +0530 – hirunews.lk/sinhala)

= සිසුවියකට ලිංගික බලපෑම් කළ ගුරුවරයෙකු නිසා යාපනයේ පාසලක් වැසෙයි =

යාපනයේ අරියාලේ පූම්ඹුකාර් පාසලක ගුරුවරයෙකු විසින් ශිෂ්‍යාවකට කළ අයුතු ලිංගික බලපෑමක් දුර දිග යාම නිසා එම පාසලේ ගුරුවරුන්ගේ ආරක්ෂාව වෙණුවෙන් එම පාසල වසා දැමීමට පියවර ගෙන තිබූ අතර එම පාසල අද (08) යළි ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

අදාල ගුරුවරයා එම පාසලේ ගණිත ගුරුවරයා වන අතර ඔහුගෙන් ශිෂ්‍යාවකට පාසලේදී හා පසුව දුරකතන ඇමතුම් මාර්ගයෙන් අයුතු ලෙස බලපෑම් කොට ලිංගික කාර්යන්ට ඇයව නැඹුරු කරවා ගැනීමට උත්සහ කොට තිබෙනවා.

මේ පිළිබදව සිසුවිය විසින් දෙමව්පියන්ට තොරතුරු ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට තිබෙනවා.

සිද්ධිය සැලවීමත් සමගම ගම්වාසීන් පිරිසක් එම පාසලට කඩා පැන ගුරුවරයාට පහර දීමට උත්සහ කොට ඇතත් සෙසු ගුරුවරු විසින් සිද්දියට මුහුණ දුන් ගුරුවරයාව බේරා ගෙන තිබෙනවා.

ඒ හේතුව මත ගම්වාසීන් පාසලේ සියළුම ගුරුවරුන්ට හා විදුහල්පතිවරයාට තර්ජන එල්ල කිරීම නිසා පාසල වසා දමා තිබෙනවා.

මේ නිසා යාපනයේ අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් ළමුන්ගේ දෙමව්පියන් සමග විශේෂ සාකච්ඡාවක් කැදවා ප්‍රශ්නයට විසදුමක් ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා ෴


විදුහල්පති III වන ශ්‍රේණියේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

(08.05.2023 – 10:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා විදුහල්පති III වන ශ්‍රේණියට බඳවා ගනීමේ 2019.02.10 තරඟ විභාග‍යෙන් සමත් අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණ කැඳවා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳ දන්වා සිටියා.

ඒ අනුව එම අයදුම් කරුවන්ට මේ මස 22 වනදා සිට ජුලි 01 දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ ෴


උසස් පෙළ විෂයන් 08 ක පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) සිට

(08.05.2023 – 10:54 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විෂයන් 8 ක පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද (08) සිට ආරම්භ කෙරෙනවා.

මධ්‍යස්ථාන 10 ක එම ඇගයීම් කටයුතු සිදු කෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද අද (08) සිට සහභාගි වනු ඇති.

මේ අතර ජනාධිපතිවරයා සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා ඇති සාකච්ඡාව මෙම සතියේදී ලබාදීමට නියමිතව ඇති බවද සඳහන්.

පසුගිය පෙබරවාරි 17 වනදා උසස් පෙළ විභාගය අවසන් වූ අතර, පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පෙබරවාරි 22 වනදා සිටයි.

කෙසේ වෙතත් මේ දක්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එහි පිළිතුරු පත්‍ර අධීක්ෂණය කිරීමේ කටයුතුවලට එක් නොවූයේ රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින්.

ඒ අනුව පිළිතුරු පත් ඇගයීම් කටයුතු දින 72 කට අධික කාලයක් ප්‍රමාද වුණා ෴


අයියාගේ වතුර මෝටරය විකුණා එම මුදලින් ගංජා බීලා

(08.05.2023 – 11:18 +0530 – hirunews.lk/sinhala)

තම වැඩිමල් සොයුරාගේ නිවසේ තිබූ වතුර මෝටරය සොරාගෙන එය විකුණා එම මුදලින් ගංජා පානය කළ විශ්‍රාමික යුද හමුදා සෙබලෙකු පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිරිබාව පොලිසියට ලද පැමිණිල්ලක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදුවූ බවයි සඳහන්.

සැකකරුගේ මව විසින් එම පැමිණිල්ල යොමුකර ඇති බවයි ගිරිබාව පොලීසිය පවසන්නේ ෴


මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීමට දින නියම වෙයි

(08.05.2023 – 11:21 +0530 – hirunews.lk/sinhala)

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 05 වනදා විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා.

එම පෙත්සම අද (08) අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

+


පහරදී මිතුරාව ඝාතනය කල අයෙක් අත්අඩංගුවට

(08.05.2023 – 11:52 +0530 – hirunews.lk/sinhala)

තම මිතුරාට හෙල්මටයකින් පහර දී ඝාතනය කල පුද්ගලයෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්පැන් බීමෙන් අනතුරුව ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පහරදීම සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

මියගිය පුද්ගලයා 60 හැවිරිදි හොරම්පැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු 49 හැවිරිදි අස්වැන්න වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු අද (08) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


බිරිඳට පහර දුන් සැමියෙක් පොලීසිය විසින් අත්අඩංගුවට

(08.05.2023 – 13:26 +0530 – hirunews.lk/sinhala)

අසැබි චිත්‍රපටයන්හි ඇති ලිංගික දර්ශන මෙන් හැසිරෙන ලෙස බිරිඳට බල කරමින් පහර දුන් සැමියකු වැල්ලම්පිටිය පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධික ලෙස ‘අයිස්’ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති මෙම සැකකරු කාමුක චිත්‍රපට වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති අයෙක්.

එම චිත්‍රපටයන්හි තිබෙන ලිංගික ඉරියව් අනුගමනය කරමින් ඔහුගේ මිතුරන් සමග ද ඇයට ලිංගිකව එක්වන ලෙස බල කර තිබෙනවා.

මෙම සැකකරුගේ පීඩනය දරාගෙන නොහැකිව ඇයගේ බිරිඳ විසින් වැල්ලම්පිටිය පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *