රාජ්‍ය ඇමතිගෙ මැරයන් යකා නැටීම : ආයෝජකයා කම්හල ඉවත්කර ගැනීම අරඹයි

රාජ්‍ය ඇමතිගෙ මැරයන් යකා නැටීම : ආයෝජකයා කම්හල ඉවත්කර ගැනීම අරඹයි


රාජ්‍ය ඇමතිගෙ මැරයන් යකා නැටීම : ආයෝජකයා කම්හල ඉවත්කර ගැනීම අරඹයි

(05.05.2023 – divaina.lk)

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතියෙකුගේ මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්වූ කටාන ‘අල් ඔබේදාන් ඇපරල් කර්මාන්ත ශාලාවේ’ හිමිකරු එම කර්මාන්ත ශාලාව ඉවත්කර ගැනීමේ කාර්ය ඊයේ (04 දා) සිට ආරම්භ කර ඇත.

එහි මූලික අධියර යටතේ එම කර්මාන්ත ශාලාවේ තිබූ විශාල රෙදි තොගයක් ගබඩාවලින් ඉවත්කර ඕමානයේ කර්මාන්ත ශාලාවක් වෙත යැවීමට එහි හිමිකරු ඊයේ (04) කටයුතු කළේය.

කර්මාන්ත ශාලාව ඉවත්කර ගැනීමට විරෝධය පළකරමින් එහි සේවකයින් පිරිසක් ඊයේ (04) දහවල් විරෝධතා ව්‍යාපාරයක නිරත වූ අතර එහි භාණ්ඩ කර්මාන්ත ශාලාවෙන් පිටතට ගෙනයෑමට නොහැකි වන ලෙස අවහිර කිරීමට ඔවුහු කටයුතු කළහ. පසුව පොලිසිය මැදිහත්ව විරෝධතාකරුවන් ඉවත් කර කර්මාන්ත ශාලාවේ අමුද්‍රව්‍ය ඉවත්කර ගැනීමට පහසුකම් සලසා දී තිබිණි.

ඉකුත් මාර්තු 30 වැනිදා රාත්‍රි ‘රාජ්‍ය ඇමැතියාගේ මැරයන්’ගේ ප්‍රහාරයට ලක්වීමෙන් පසු මෙම කර්මාන්ත ශාලාවේ හිමිකරු වන ඕමාන් ජාතික ව්‍යාපාරිකයා කටානේ පිහිටි සිය කර්මාන්ත ශාලා භූමිය වෙත කිසිම අවස්ථාවක පැමිණ නැත. ආරංචි මාර්ග පවසන අන්දමට මෙම කර්මාන්ත ශාලාව හා එය පිහිටි භූමිය වෙනත් පෞද්ගලික ආයතනයකට විකිණීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතී.

මෙම කර්මාන්ත ශාලාව වෙත වාහන කුලී පදනම මත ලබාදීමට යෑමේදී සිදුවූ ආරවුලක් මත රාජ්‍ය ඇමැතියාගේ මැරයන් විසින් කර්මාන්ත ශාලාවේ හිමිකරුට හා ආරක්‍ෂක නිලධාරීන්ට අමානුෂික ලෙස පහරදී දේපළවලට ද හානි කර තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ක්‍රියාත්මක කළ අතර රාජ්‍ය ඇමැතියාගේ මැරයන් ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

හේමන්ත රන්දුණු


වෙසක් පෝය දා මව්පියන්ට පිං පතා නොමිලේ මගි ප්‍රවාහන බස් සේවයක්…

(05.05.2023 – 13:20 +0530 – lankacnews.com)

සම්බුදු වෙසක් තෙමගුල නිමිත්තෙන් සහ මියගිය තම දෙමව්පියන්ට පිං පිණිස (05) දින දවස පුරා නොමිලේ මගි ප්‍රවාහන සේවයක් ලබාදිමට පෞද්ගලික බස් රථ හිමියෙකු කටයුතු කෙරිණ.

මස්කෙලිය සහ ශ්‍රි පාද නල්ලතන්නිය සිට දිනපතා හැටන් සහ නාවලපිටිය දක්වා ධාවනය වන ‘දිපිකා ට්‍රැවල්ස්’ නම් පෞද්ගලික බස් රථ ආයතනයේ බස් රථ 08 ක් 05 වනදා දවස පුරා නොමිලේ ධාවනය කිරිමට එම බස් රථ ආයතනයේ වත්මන් හිමිකරු වන පි.එම්. සනත් සංජිව මහතා කටයුතු කර ඇත.

තම දෙමව්පියන් මියගොස් වසර 20 ක් සපිරිම නිමිත්තෙන් 04 වනදා මහ සංඝරත්නය උදෙසා දානමය පිංකමක් පැවැත් වු බවත්, තම පියා විසින් මෙම බස් රථ සේවාව ආරම්භ කල බවත් සනත් සංජිව මහතා කියා සිටියා.

එම බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන් ද කියා සිටියේ 05 වනදා බස් රථයේ සේවය කලද ඒ සදහා වැටුපක් ලබා නොගන්නා බවයි.

හැටන් මස්කෙලිය , නල්ලතන්නිය හැටන් සහ මස්කෙලිය නාවලපිටිය දක්වා 05 වනදා නොමිලේ බස් රථ සේවයක් ලබාදෙන නිසා එම බස් රථ වල ගමන් කිරිමට විශාල මගින් පිරිසක් එක් වි සිටියා.

රංජිත් රාජපක්ෂ


අපි ජනාධිපතිවරණයට තරග වදිනවා… පොලිස්පතිට සේවා දිගුව දුන්නේ ඇමරිකා බලපෑමෙන්… – විමල් වීරවංශ

(05.05.2023 – 14:10 +0530 – lankacnews.com)

ඉදිරි ජනාධිපතිවරණයේ දී ‘උත්තර ලංකා සභාගයෙන්’ නියතවශයෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එහිදී ඔවුන්ට යෝජනා තුනක් (3) තිබෙන බවත් එම සභාගයේ සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවක සාකච්චාවකදී ඔහු මේ බව සදහන් කලේය.

ලාල්කාන්ත යනු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට එහා ගියපු හෘද සාක්ෂියේ මිනිසෙකු බවයි වීරවංශ මහතා එහිදී පැවසීය.

වර්තමාන පොලිස්පතිවරයාට මාස තුනක (3) සේවා දිගුවක් ලබා දුන්නේ ඇමෙරිකානු තානාපතිවරියගේ ඉල්ලීමට අනුව බවද විමල් වීරවංශ මහතා සඳහන් කර ඇත.

ඒ අනුව අද රට පාලනය කරන්නේ ඇමරිකානු තානාපතිවරිය බවටයි ඒ මහතා පෙන්වා දෙයි.

+


උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පා.ම. විමල් වීරවංශ මහතා උත්තර ලංකා සභාගයේ මැයි රැලියේදී දැක්වූ අදහස් (2023.05.01)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *