වගා හානි කරන රිළවුන් ඉවත් කිරීමට දිස්ත්‍රික් ගොවි සංවිධානවලින් සහයෝගය

වගා හානි කරන රිළවුන් ඉවත් කිරීමට දිස්ත්‍රික් ගොවි සංවිධානවලින් සහයෝගය


වගා හානි කරන රිළවුන් ඉවත් කිරීමට දිස්ත්‍රික් ගොවි සංවිධානවලින් සහයෝගය

(16.04.2023 – 14:15 +0530 – hirunews.lk/sinhala)

වගාවන්ට හානි කරන රිළවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගනු ලබන ඕනෑම පියවරකට උපරිම සහයෝගය පළ කරන බව සියලු දිස්ත්‍රික් ගොවි සංවිධානවල නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම චීනයේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිළවුන් ලක්ෂයක් (1,00,000) අපනයනය කිරීමට ගෙන ඇති තීරණයට ඇතැම් පාර්ශව විවේචන එල්ල කළද ඔවුන් කිසිවෙකුත් සිය ගැටළුවලට විසඳුම් ලබාදී නොමැති බවයි එම ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ.

මේ අතර ගොවීන් විසින් වගා කරන වගාබිම්වලින් අක්කර භාගයක් (½) සතුන් සඳහා වෙන් කරන ලෙස සත්ව සුබසාධන සංගමයක් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාශය සඳහන් කළේ.

++++++++++

රිලව් අල්ලන්න දුරස්ථ පාලක කූඩුවක් හදයි

(16.04.2023 – 14:58 +0530 – hirunews.lk/sinhala)

වගාවන්ට හානි කරන රිළවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගනු ලබන ඕනෑම පියවරකට උපරිම සහයෝගය පළ කරන බව සියලු දිස්ත්‍රික් ගොවි සංවිධානවල නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා මෙරට රිළවුන් ලක්ෂයක් (1,00,000) අපනයනය කිරීමට ගෙන ඇති තීරණයට ඇතැම් පාර්ශව විවේචන එල්ල කළ ද ඔවුන් කිසිවෙකුත් සිය ගැටළුවලට විසඳුම් ලබාදී නොමැති බවයි එම ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ.

චීනයට රිලවුන් අපනයනය කිරීම සම්බන්ධයෙන් එල්ලවූ විවේචනත් සමඟ ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා ආයතන 04 කින් සමන්විත කමිටුවක්ද පත්කෙරුණා.

මේ අතර රිලවුන් ඇල්ලීම සඳහා දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කළ හැකි විශේෂ කූඩු වර්ගයක් හදුන්වාදීමටද සැලසුම්කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

එම කූඩු භාවිතය සම්බන්ධයෙන් රිලවුන් අල්ලන පුද්ගලයින්ට විශේෂ පුහුණුවක් ද ලබාදීමට නියමිතයි.

මේ අතර ගොවීන්ගේ වගා බිම්වලින් අක්කර භාගයක් (½) සතුන් සඳහා වෙන් කරන ලෙස සත්ව සුබසාධන සංගමයක් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රිලවුන්ගෙන් සිය වගාවන්ට සිදුවන හානි සම්බන්ධයෙන් ගොවි සංවිධානවල නියෝජිතයින් කිහිපදෙනෙකු අදහස් දක්වා සිටියා.

+


කාන්තාවන් 04 දෙනෙකු දියවැලකට හසුවී ගසාගෙන යයි

(16.04.2023 – 15:01 +0530 – hirunews.lk/sinhala)

ආරුගම්බේ – උල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය කාන්තාවන් 04 දෙනෙකු ඇතුළු 05 දෙනෙකු දියවැලකට හසු වී ගසාගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ ජීවිතාරක්ෂක නිලධාරින් විසින් ඔවුන් බේරාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුරට පත් වූ කාන්තාවන් වයස අවුරුදු 18, 19, 25 සහ 29 වයස්වල පසුවන්නන් ෴


කලාවැවේ මසුන් දහස් ගණනක් මියැදෙති

(16.04.2023 – 15:44 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලට බලපා ඇති දැඩි උණුසුම් දේශගුණික තත්ත්වය හේතුවෙන් කලා වැවේ මසුන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙලෙස වැව් මත්ස්‍යයින් එකවර විශාල ගණනක් මියයාමක් දැකිය හැකි ව ඇත්තේ වසර ගණනාවකට පසුව බවයි.

මියගිය මත්ස්‍යයින් නාන තොටුපළ සහ රළපනාව ආශ්‍රිත ප්‍රදේශවල වැඩි වශයෙන් දැකගත හැකි වනවා.

මසුන් මියයාම හේතුවෙන් කලාවැව අවට දැඩි දුර්ගන්ධයක් පැතිර යමින් ඇති බවත් වාර්තා වනවා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල තත්ත්ව පරීක්ෂණ විද්‍යාගාරය මගින් මේ වනවිට වැවේ ජල තත්ත්ව පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය සාම්පල රැස් කිරීම ද සිදුකර ඇති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය අතරතුර දී ඊයේ (15) සවස කලාවැව ආශ්‍රිත ප්‍රදේශයට මිලිමීටර් 55 ක පමණ වැස්සක් පතිත වූ බව කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පවසනවා.

පැයක (1) පමණ කාලයක් පැවැති එම වැස්සත් සමග අයිස් කැට ද එම ප්‍රදේශයට පතිත වූ බවයි කලාවැව ප්‍රදේශවාසීන් සඳහන් කළේ ෴


වැසිකිළි වළකට ඇද වැටී සද්දන්තයෙකු මරුට

(16.04.2023 – 17:09 +0530 – hirunews.lk/sinhala)

වනඅලියෙකු පෙර පාසලකට අයත් වැසිකිළි වළකට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (16) පෙරවරුවේ මෙලෙස මියගිය වන අලියාගේ සිරුර ප්‍රදේශවාසීන්ට හමුව ඇති බවයි වෙහෙරගල වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

මෙම වන අලියා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දිඹුලාගල – මගුල්දමන ප්‍රදේශයේදියි.

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි හොඳින් වැඩුණු වන අලියෙකු බවත් මෙම සත්ත්වයා මීට දින හතරකට (4) පමණ ඉහත මියගොස් ඇති බවත් වෙහෙරගල අඩවි ආරක්ෂක ඩබ්ලිව්. ජී. වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

මෙම සත්ත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චිගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

+


රංජිත් සියඹලාපිටිය රිය අනතුරකට ලක්ව රෝහල්ගත කෙරේ

(16.04.2023 – 18:26 +0530 – hirunews.lk/sinhala)

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රිය අනතුරකට ලක්ව තිබෙනවා.

අද (16) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කරමින් සිටි රිය කරවනැල්ල මාර්ගයේ දී ලිස්සා ගොස් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටී තිබෙනවා.

අමාත්‍යවරයාට සුළු තුවාල සිදු වී ඇති අතර, ඔහුව මේ වනවිට කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වනවා.

නමුත් අමාත්‍යවරයාගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

+


කාර්මික දෝෂයට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය හෙට (17) යළිත් දිවයිනට

(16.04.2023 – 19:00 +0530 – hirunews.lk/sinhala)

ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර දී කාර්මික දෝෂයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානය හෙට (17) දිනයේ උදෑසන වනවිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා පවසනවා.

අප ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ අදාළ යානය ඊයේ (15) රාත්‍රියේ දී කටුනායක ගුවන්තොටුපළින් මෙල්බර්න් බලා පියාසර කළ බවයි.

එම යානයේ ඉංජිනේරුවරුන් සයදෙනා (6) මේ වනවිට අදාළ ගුවන් යානය යථා තත්ත්වයට පත් කර ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 605 දරන මෙම ගුවන් යානය හෙට (17) අලුයම 12:30 ට එරටින් පිටත්වන අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ උදෑසන 09:30 ටයි.

ඒ ශ්‍රී ලාංකික ගුවන් මගීන් 300 ක් ද රැගෙනයි ෴


රිදියගම සත්ත්ව ඝාතකයින් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

(16.04.2023 – 19:29 +0530 – hirunews.lk/sinhala)

රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් ඝාතනය කොට මස් පිණිස අලෙවි කරන බවට හිරු ප්‍රවෘත්ති ඔස්සේ සිදුකළ අනාවරණයත් සමඟ පොලිසිය ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුවයි තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් එම උද්‍යානයට අද (16) ගොස් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

රිදියගම සෆාරි උද්‍යානයේ සිදුවන මෙම ජාවාරම සම්බන්ධයෙන් සත්ත්ව උද්‍යානය භාරව කටයුතු කළ පශු වෛද්‍ය නිලධාරි ප්‍රියසාද් එදිරිවර්ණ ද සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු වාර්තා කර තිබුණා.

මෙම තත්ත්වය හමුවේ එම පශු වෛද්‍ය නිලධාරිවරයාට ස්ථාන මාරුවක් ද ලබා දී තිබූ බවයි වාර්තා වුණේ.

මේ අතර ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පසුගිය වසරේදී රිදියගම සෆාරි උද්‍යානයේ සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් ලබාදුන් නිර්දේශයක් මත ස්ථානභාර පශු වෛද්‍ය නිලධාරිවරයා මාරුකර යැවූ බවයි.

එම ස්ථාන මාරුවෙන් පසුව අදාළ නිලධාරිවරයා විසින් සෆාරි උද්‍යානය අපහසුතාවට පත්වන ආකාරයෙන් විවිධ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන බවත් ඒවා ප්‍රතික්ෂේප කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා ෴


බිත්තර වැටලීම් අඛණ්ඩව

(16.04.2023 – 19:31 +0530 – hirunews.lk/sinhala)

වැඩි මිලට බිත්තර අලෙවිකරන්නන් සොයා සිදුකරන වැටලීම් නතරකර නොමැති බවත් එය අවුරුද්දෙන් පසුව ද සිදුකරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

පසුගිය කාල සීමාව තුළ සිදුකළ වැටලීම්වලදී වැඩිමිලට බිත්තර අලෙවිකළ ව්‍යාපාරික ස්ථාන 700 කට වැඩි ප්‍රමාණයකට නඩු පැවරීමට කටයුතු කර තිබුණා.

එමෙන්ම වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බිත්තර තොග එම අවස්ථාවේදීම රජයේ පාලන මිලට අලෙවි කිරීමට ද පියවර ගත්තා ෴


නිධන් කැණීම් කරමින් සිටි පුද්ගලයින් නව (9) දෙනෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

(16.04.2023 – 14:39 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙහිඅත්තකණ්ඩිය, නව නගරය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර අනවසරයෙන් නිධන් කැණීම් කරමින් සිටි පුද්ගලයින් නව (9) දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී බලපත්‍ර නොමැතිව ස්වාභාවික පරිසරයට හානි වන ලෙස පුරාවිද්‍යා වටිනාකමක් ඇති භාණ්ඩ සොයා ගැනීමේ අරමුණින් අනවසරයෙන් මහවැලි අධිකාරියට අයත් ඉඩමක මොවුන් මෙලෙස කැණීම් වල නිරත වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය සහ මහියංගනය යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 23 සිට 51 දක්වා පසුවන්නන්.

මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගත් පිරිස සහ නිධන් හෑරීම සදහා යොදාගන්නා උපකරණ ද සමඟ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *