හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි (16)
(16.04.2023 – 07:10 +0530 – hirunews.lk/sinhala)
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) යෙදී තිබෙනවා. ඒ අද (16) පෙරවරු 09:41 ට යි.
රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද, පයට නුග පත් ද තබා, ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කරන ලෙසටයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.
මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය බියගම – හෙයියන්තුඩුව පුරාණ රජමහා විහාරයේදී පැවැත්වෙනවා.
එසේම හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිස තෙල් ගෑමේ උත්සවය අද (16) පැවැත්වෙන්නේ කෝට්ටේ රජමහා විහාරයේදියි.
මේ අතර, අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාම හෙට (17) පූර්ව භාග 06:28 ට යෙදී තිබෙනවා.
සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම සුදුසු බවයි නැකැත් චාරිත්‍රවල සඳහන් වුණේ.
මෙවර අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත අප්‍රේල් 20 වනදා පූර්ව භාග 06:38 ට යෙදී තිබෙනවා.
+
++++++++++++
හෙට (17) කොළඹට එන්න විශේෂ බස් රථ සේවාවක්
(16.04.2023 – 13:52 +0530 – hirunews.lk/sinhala)
අලුත් අවුරුදු සඳහා ගම් බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
මේ අතර අද (16) දිනයේ දීත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි වාහන තදබදයක් පැවති බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් පින්නදූව පිවිසුමේ පිටවීමේ කවුළුව අසළ දිගු පෝලිම් පවතින බවටයි වාර්තා වන්නේ.
හෙට (17) දිනයේ යළිත් සිය සේවා ස්ථාන කරා පැමිණෙන ජනතාව හට අවශ්‍ය පරිදි බස් රථ යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් ප්‍රකාශ කළේ.
එමෙන්ම පෞද්ගලික බස් රථද අවශ්‍ය පරිදි යොදවා ඇති බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.
++++++++++
රියදුරන් නොමැතිව දුම්රිය රැසක් අවලංගු වෙයි
(16.04.2023 – 16:15 +0530 – hirunews.lk/sinhala)
අලුත් අවුරුදු නිවාඩු ලබා සිටි ඇතැම් රියදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (16) උදෑසන කාලයේ සිට මේ දක්වා දුම්රිය ගමන්වාර 30 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු වී තිබෙනවා.
අද (16) රාත්‍රිය වන විට එම ගමන්වාර සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මේ හේතුවෙන් අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගොස් නැවත පැමිණීමට අපේක්ෂාවෙන් සිටි ජනතාව අපහසුතාවට පත්ව ඇති බවද වාර්තා වනවා ෴
++++++++++
රැකීරක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත හෙට (17)
(16.04.2023 – 19:23 +0530 – hirunews.lk/sinhala)
අලුත් අවුරුදු නිවාඩු ලබාසිටි ඇතැම් රියදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (16) උදෑසන කාලයේ සිට මේ දක්වා දුම්රිය ගමන්වාර 30 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු වී තිබෙනවා.
විශේෂ අවුරුදු සේවා ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කළත් ගම්බිම් බලා ගිය පිරිස්වලට කොළඹට පැමිණීමට ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන සේවා නොතිබුණු බවට මගී ජනතාව චෝදනා කරනවා.
කෙසේ වෙතත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් කියා සිටියේ ‘ගමෙන් කොළඹට’ විශේෂ අවුරුදු ප්‍රවාහන සේවා වැඩසටහන ලබන 18 වනදා දක්වා ක්‍රියාත්මක බවයි.
හෙට (17) සිට ලංගම බස් රථ සංඛ්‍යාව 4500 ක් ධාවනයට යොදවන බව ද ඔහු කියා සිටියා.
මේ අතර අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත හෙට (17) පූර්ව භාග 06:28 ට යෙදී තිබෙනවා. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම සුදුසු බවයි නැකැත් චාරිත්‍රවල සඳහන් වුණේ.
අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අද (16) පූර්ව භාග 09:41 ට යෙදී තිබුණා.
මේ අතර ‘හිරු ටීවි’ සංවිධාන කළ හිස තෙල් ගෑමේ උත්සවය අද (16) පැවැත්වුණේ කෝට්ටේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින්.
ඒ සඳහා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
+
අධිවේගයේ ආදායම රුපියල් කෝටි තුන හමාරක් (3½)
(16.04.2023 – 08:57 +0530 – hirunews.lk/sinhala)
අධිවේගී මාර්ගවල ඊයේ (15) දිනයේ දී ආදායම රුපියල් මිලියන 35 ක් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ (15) දිනයේ දී වාහන 126,760ක් අධිවේගී මාර්ග භාවිත කර ඇති බවයි.
+
අත්ට්‍රැක්ටරයකින් නෑගම් ගිය පිරිසක් අනතුරකට
(16.04.2023 – 07:53 +0530 – hirunews.lk/sinhala)
පොළොන්නරුව – ඕනෑගම මාර්ගයේ වලේකඩේ මංසන්ධියේදී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තවත් හත්දෙනෙකු (7) තුවාල ලබා තිබෙනවා.
කැන්ටර් රථයක් සහ අත්ට්‍රැක්ටරයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ (15) පස්වරුවේ අත් ට්‍රැක්ටරයෙන් පිරිසක් අවුරුදු නෑගම් යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැන්ටරය එහි ගැටී තිබෙනවා.
කැන්ටර් රථයේ රියදුරු බීමතින් සිටි බවයි අනාවරණ වී ඇත්තේ.
අනතුරින් තුවාල ලැබූ අත්ට්‍රැක්ටරයේ සිටි 9 දෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කළ අතර, එහිදී එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වුණා.
ඔවුන් 46 හැවිරිදි සහ 47 හැවිරිදි වියේ පසුවන අතර, පොළොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන අනෙක් හත්දෙනාගෙන් වයස අවුරුදු 12 ක සහ 14 ක පිරිමි ළමයින් දෙදෙනෙකු (2) ගේ තත්වයද තරමක් බරපතල බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
කැන්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (16) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
+
ගාල්ල – දඩල්ලේ වෙඩි තැබීමකින් එක් (1) අයෙකු මරුට
(16.04.2023 – 07:57 +0530 – hirunews.lk/sinhala)
ගාල්ල – දඩල්ල ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.
අවුරුදු උත්සවයකින් පසු පැවති සංගීත ප්‍රසංගයක් නරඹමින් සිටියදී ඔවුන් දෙදෙනා (2) ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බව සඳහන්.
මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 36 ක්.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයා 18 හැවිරිදි වියේ පසුවන අතර, ඔවුන් දඩල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන්.
නීතිවිරෝධී මත්පැන් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට පැවති අමනාපයක් නිසා වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණ වී තිබෙනවා.
වෙඩි තැබීමට දෙදෙනෙකු (2) පැමිණ ඇති අතර, ඉන් එක් (1) අයෙකු මියගිය පුද්ගලයාගේ ඥාතියෙකු බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළා ෴
අකුණු සැර වැදී දරුවෙකු ජීවිතක්ෂයට
(16.04.2023 – 12:55 +0530 – hirunews.lk/sinhala)
රුවන්වැල්ල මාපිටිගම ප්‍රදේශයේ දී පසුගිය 15 වන දා කැලණි ගඟේ දියනෑමට ගොස් සිටි පිරිසකට අකුණු සැර වැදී තිබෙනවා.
මෙම පිරිස කැලණි ගඟෙන් දිය නෑමෙන් අනතුරුව නැවත නිසවසට පැමිණීමේ දී මෙලෙස අකුණු සැර වැදී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
එහිදී අකුණු සැර වැදීමෙන් ළමුන් තිදෙනෙකු (3) තුවාල ලබා අවිස්සාවෙල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් (1) දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මියගිය දරුවා වයස අවුරුදු 12 ක් වන ගෝනගල, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴
අතුරුදන් වූ නෙළුවේ දරුවාගේ සිරුර ඇළකින් මතු වේ
(16.04.2023 – 13:27 +0530 – hirunews.lk/sinhala)
ගාල්ල – නෙළුව ප්‍රදේශයේදී අතුරුදන්වූ අවුරුදු දෙකහමාරක් (2½) පමණ වයසැති පිරිමි දරුවාගේ සිරුර අද (16) දහවල් නිවස ආසන්නයේ ඇළ මාර්ගයක තිබී සොයාගෙන තිබෙනවා.
ඒ, පොලිසිය සහ ප්‍රදේශවාසීන් සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි.
අලුත්ගම දර්ගා නගරයේ පදිංචි නිවෙන් දෙව්මිර නැමැති මෙම දරුවා අලුත් අවුරුද්දට තම මව සමඟ නෙළුව ප්‍රදේශයේ පිහිටි මිත්තනියගේ නිවසට පැමිණි අවස්ථාවේදීයි ඊයේ (15) අතුරුදන් වුණේ.
පසුව පොලිසිය ප්‍රදේශවාසින් සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි නිවස ආසන්නයේ පිහිටි ඇළ මාර්ගයක තිබී දරුවාගේ සිරුර සොයාගෙන තිබුණේ.
දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරපිටිය ශික්ෂණ රෝහල වෙත යොමුකර තිබෙනවා.
මෙම දරුවා ඇළට යාමට පවතින කැමැත්ත හේතුවෙන් නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවේ එහි ගොස් ඇති බවට සැක කෙරෙන බවයි පොලිසිය සඳහන් කළේ.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴