රිළවුන් රට යැවීමට එරෙහිව පරිසර සංවිධාන හතරකින් (4) ඒකාබද්ධ නිවේදනයක්

රිළවුන් රට යැවීමට එරෙහිව පරිසර සංවිධාන හතරකින් (4) ඒකාබද්ධ නිවේදනයක්


රිළවුන් රට යැවීමට එරෙහිව පරිසර සංවිධාන හතරකින් (4) ඒකාබද්ධ නිවේදනයක්

(14.04.2023 – 08:57 +0530 – hirunews.lk/sinhala)

රිළවුන් වැනි සතුන් අපනයනය කිරීමට, සතුන් විසින් ඵලදාව විනාශ කිරීමට පිළියම් සෙවීම සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුව මගින් නිර්දේශයක් ඉදිරිපත් කර නොමැති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයට එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ.

මේ අතර පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුලු පරිසර සංවිධාන හතරක් (4) ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙරට රිළවුන් චීනයට අපනයනය කිරීමට එරෙහිව අදහස් දක්වා තිබෙනවා.

එමඟින් ඔවුන් දක්වා ඇත්තේ දැනුමින් සහ අවබෝධයෙන් විසඳුම් සෙවිය හැකි ගැටලුවලට දණින් වැටෙන ප්‍රතික්‍රියා දැක්වීම අවසන් කිරිමට කාලය එළඹ ඇති බවයි.

ස්වභාව ධර්මයට අදාළ විසඳුම් ලබාදිය යුත්තේ, විද්‍යාව සහ පර්යේෂණ පදනම් කරගෙන බවත්, ඉදිරි මැතිවරණ ගැන සිතමින් විසඳුම් ලබාදීම සිදු නොකළ යුතු බවයි අදාළ නිවේදනයෙන් දක්වා ඇත්තේ ෴

+++++++++

රිළවුන් අපනයනය සැළසුමක කොටසක් – ශර්මිලා රාජපක්ෂ

(14.04.2023 – 13:09 +0530 – hirunews.lk/sinhala)

මෙරට රිලවුන් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යාන වෙත ලබාදීම ගැටලු සහගත තත්ත්වයක් බවත් එය කිසිවෙකුගේ හෝ සැලසුමක කොටසක් බවත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ පවසනවා.

ඇය මේ බව සදහන් කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන ඇති අදාළ තීරණය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

+


ගිරිඋල්ල, ගිනිකෙළි වෙළඳසැලක ගින්නක්

(14.04.2023 – 10:25 +0530 – hirunews.lk/sinhala)

ගිරිඋල්ල, කෙලින් වීදිය ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකර තිබූ ගිනිකෙළි වෙළඳසැලක හදිසි ගින්නක් හට ගෙන තිබුණා.

ඊයේ (13) හට ගත් එම ගින්නෙන් එම ගිනිකෙළි වෙළඳසැලේ තිබූ සියළුම වර්ගයේ ගිනිකෙළි විනාශ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම එම ස්ථානයට දෙපස තිබූ වෙළඳසැල් දෙකක දේපලවලට ද අලාභ හානි සිදු වි තිබෙනවා.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

+

+


වැලිමඩ රෙදිපිළි වෙළෙඳසැලක ගින්නක්

(14.04.2023 – 12:53 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩ නගරයේ තෙමහල් (3) රෙදිපිළි වෙළෙඳසැලක ඇති වූ ගින්නකින් එහි දේපළ රැසකට හානි සිදුවී තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය සහ අවට පිරිස් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණා.

+

+


වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(14.04.2023 – 13:17 +0530 – hirunews.lk/sinhala)

තඹුත්තේගම තෙල්හිරියාව ප්‍රදේශයේ දී වන අලියෙකුගේ පහර දීමෙන් පුද්ගලයෙකු ඡිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය නිවසට යාබදව ඇති දියණියගේ නිවසට පැමිණි වන අලියා එලවා දැමීමට ගිය අවස්ථාවේ ඔහු මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබුණා.

මියගිය පුද්ගලයා තෙල්හිරියාව ප්‍රදේශයේම පදිංචි 54 හැවිරිදි තිදරු පියෙක් ෴


ලිහිසි තෙල්, ග්‍රීස් නිෂ්පාදනයට සහ ආනයනයටත් බලපත්‍ර

(14.04.2023 – 13:28 +0530 – hirunews.lk/sinhala)

ලිහිසි තෙල් හෝ ග්‍රීස් නිෂ්පාදනය සහ ආනයනය කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත යටතේ වන නියමයන්ට අනුකූලව බලපත්‍රයක් ලබාගත යුතු බව දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

එහි සභාපති ශාන්ත නිරිඇල්ල විසින් නිකුත් කර ඇති එමඟින් දක්වා ඇත්තේ ලිහිසි තෙල් හෝ ග්‍රීස් අලෙවි කිරීමේදී අදාළ බලපත්‍රයේ අංකය ලේබලයේ සටහන් කළ යුතු බවයි.

එසේ නොමැතිව එම ද්‍රව්‍ය ගබඩා කිරීම, ඇසුරුම් කිරීම හෝ විකිණීම සිදු නොකළ යුතු බවද ගැසට් නිවේදනයේ සඳහන් ෴


අලුත් අවුරුද්දේ අනතුරු වළක්වා ගන්නැයි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

(14.04.2023 – 13:46 +0530 – hirunews.lk/sinhala)

සිංහල අලුත් අවුරුදු සමයේ දී මහමඟ දී සහ ගෘහස්ථව සිදුවන අනතුරුවලින් වැළකීම සඳහා අවධානයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලට අනුව මීට පෙර අලුත් අවුරුදු සමයන් හිදී මෙන්ම මෙවරද අනතුරු ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා.

එම තත්වය සැළකිල්ලට ගෙන ආත්මාරක්ෂාව පිළිබඳව අවධානයක් යොමුකරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

එසේම, සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ගිණිකෙළි භාවිතයේ දී සතුන්ට හිංසා නොවන පරිදි කටයුතු කළ යුතුයි. අධික ශබ්දය සහිත ඇතැම් ගිණිකෙළි සතුන්ගේ ශ්‍රවණ ඉන්ද්‍රියට හානිවන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ෴


සත්ත්ව ආහාර සඳහා සෝයා භාවිතය අවම කිරීමට සැලැස්මක්

(14.04.2023 – 16:00 +0530 – hirunews.lk/sinhala)

සත්ත්ව ආහාර ලෙස සෝයා, භාවිතයට ගැනීම අවම කිරීම සඳහා චීන කෘෂිකර්ම අමාත්‍යාංශය තුන් අවුරුදු ක්‍රියාකාරි සැලැස්මක් එළිදක්වා තිබෙනවා.

මේ වන විට සියයට 14.5 ක්ව පවතින එරට සත්ත්වයින් සඳහා සෝයා භාවිතයට ගන්නා ප්‍රතිශතය 2025 වසර වන විට සියයට 13.5 අගයක පවත්වාගෙන යාම මෙහි අරමුණයි.

ලෝක වෙළඳපලේ සියයට 60 කට අධික සෝයා බෝංචි මිලදී ගනු ලබන්නේ චීනය වන අතර වසරකට ඔවුන් ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ බ්‍රසීලයෙන් සෝයා බෝංචි ටොන් මිලියන 90 කට අධික ප්‍රමාණයක් මිල දී ගන්නා බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ෴


ශ්‍රී ලංකාවට මූල්‍ය පරතරය පියවීමට ලබාගත යුතු ණය ගැන IMF ප්‍රකාශයක්

(14.04.2023 – 19:47 +0530 – hirunews.lk/sinhala)

2023 වර්ෂයේ සිට 2027 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට මූල්‍ය පරතරය පියවීම සදහා ඩොලර් බිලියන 17 ක පමණ ණය ගැනීමට සිදුවනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මාධ්‍ය හමුවකදී සදහන් කළේ අදාළ කාලසීමාවේදී ලංකාවේ මූල්‍ය පරතරය ඩොලර් බිලියන 24 ක් පමණ වනු ඇති බවයි.

එහිදී ණය වශයෙන් අවශ්‍ය වන ඩොලර් බිලියන 17 ක මුදල සම්පාදනය කර ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ණය ගැනීමට සිදුවනු ඇති බවයි ඔහු එහිදී සදහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද ණය හිමියන් සමග වන සාකච්ඡා දැන් ආරම්භ කර ඇති බවත් එහිදී සිදුවන එකඟතා සම්බන්ධයෙන් තීරණ ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන බවත් ක්‍රිෂ්ණා සිරිනිවාසන් සදහන් කර තිබෙනවා.

මේ මස අග දී ඒ සම්බන්ධ උපාය මාර්ග ප්‍රකාශයට පත් කෙරනු ඇති බව ද ඔහු සදහන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා වැඩසටහන ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී අද (14) අලු‍යම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ සඳහා මූලික වී කටයුතු කරන්නේ, ඉන්දියාව, ජපානය සහ ප්‍රංශයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ මෙහෙයවීමෙන් අමෙරිකාවේ වොෂින්ටන්හිදී පැවැත්වෙන, වසර මැද සමුළුව හෙවත් ස්ප්‍රින්ග් සමුළුව අතරවාරයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේයි මෙම ඒකාබද්ධ සාකච්ඡාව පැවැත්වුණේ.

ට ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි, එරට උප මුදල් අමාත්‍ය මසටෝ කන්දා, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, ප්‍රංශ භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජනරාල් එමෑනුවෙල් මොව්ලින් එක්ව සිටියා.

ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අන්තර්ජාලය ඔස්සේ සජීව ලෙස සම්බන්ධ වූ අතර, සමුළුව සඳහා වොෂිංටනයට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වුණා.

ශ්‍රී ලංකාව සමග එක්ව ණය හිමියන් අතර ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බහුපාර්ශ්විය සහයෝගීතාව ලබා ගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා පැවසුවේ, ශ්‍රී ලංකාවට මෙම ගැඹුරු ණය අර්බුදයෙන් හැකි ඉක්මණින් මිදීම සඳහා කඩිනම් විසඳුමක් අවශ්‍ය බවයි.

ඒ සඳහා ණය තිරසාරත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීමට ණය හිමියන්ගේ සහාය අත්‍යාවශ්‍ය බව ද ඔහු ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය යන මෙරට ණය හිමි රටවල් විසින් සම්බන්ධීකරණය කරන ලද මෙම සාකච්ඡා ණය පිළියම්කරණයේ සංසන්දනාත්මක බව සහතික කිරීමට උපකාරී වන බවයි.

එසේම, සියලු‍ නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ට මෙම සාකච්ඡා සඳහා සහභාගී විය හැකි බව ද ඔහු සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි සඳහන් කළේ මෙතරම් පුළුල් ණය හිමියන් සමූහයක් එක් රැස් කරමින් මෙම සාකච්ඡා ක්‍රියාවලිය ආරම්භ කිරීමට හැකි වීම ඓතිහාසික අවස්ථාවක් බවයි.

එසේම මෙම සාකච්ඡා කමිටුව සියලු‍ම ණය හිමියන්ට විවෘත බව ද ඔහු පැවසුවා.

ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක් වූ ප්‍රංශ භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජනරාල් එමෑනුවෙල් මොව්ලින් මෙහිදී පැවසුවේ, හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ පළමු සාකච්ඡා වටය පැවැත්වීමට සූදානම් බවයි.

ආර්ථික අර්බුදය විසඳාලීමට ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව කැපවන බවයි ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සඳහන් කළේ.

ඇය අවධාරණය කළේ, ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡාවලදී සියලු‍ම ණය හිමියන් සඳහා විනිවිදභාවය සහ සමානාත්මතාව සහතික කිරීමට ණය හිමියන් අතර සහයෝගීතාව ඉතා වැදගත් වනු ඇති බවයි.

සංසන්දනාත්මකව සැලකීමේ මුලධර්මය මත ශ්‍රී ලංකාව ණය හිමියන් සමග කටයුතු කරන බව මෙම අවස්ථාවට අන්තර්ජාලය ඔස්සේ එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

+


අහුංගල්ලේ වෙඩි තැබීමක් – යතුරුපැදිකරු මරුට

(14.04.2023 – 20:57 +0530 – hirunews.lk/sinhala)

අහුංගල්ල මිද්දරමුල්ල ප්‍රදේශයේ දී අද (14) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇති අතර එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නාඳුනන දෙදෙනකු (2) යතුරුපැදියකින් පැමිණ තවත් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අයෙකුට (1) මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණ ද ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

යතුරුපැදිකරුට වෙඩි වැදීමෙන් එම යතුරුපැදිය පෙරළී ඇති අතර එහි ගමන් කරමින් සිටි දරුවන් දෙදෙනකු (2) ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නෙ.

මරණකරු 29 හැවිරිදි අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *