හෙරොයින් කිලෝග්‍රෑම් 196 ක් සමඟ අත්අඩංගුවට ගත් 05 දෙනෙකු චෝදනාවලින් නිදොස් කොට නිදහස්
හෙරොයින් කිලෝග්‍රෑම් 196 ක් සමඟ අත්අඩංගුවට ගත් 05 දෙනෙකු චෝදනාවලින් නිදොස් කොට නිදහස්
(06.04.2023 – 15:04 +0530 – hirunews.lk/sinhala)
හෙරොයින් කිලෝග්‍රෑම් 196 කට අධික තොගයක් සමඟ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් විත්තිකරුවන් 05 දෙනෙකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය අද (06) නියෝග කළා.
අදාළ විත්තිකරුවන් 2019 වසරේ අප්‍රේල් 21 හෝ ඊට ආසන්න දිනක දී අත්අඩංගුවට ගනු ලැබුවේ නාවික හමුදාව විසින්.
හෙරොයින් මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම, ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනීම යන චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ආදිත්‍ය පටිබැඳිගේ සභාපතිත්වයෙන් යුත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (06) ලබාදුන්නා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් විසින් ලබාදුන් සාක්ෂිවල පරස්පරතා පවතින බැවින් සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු නොවන නිසා විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමටයි විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර ඇත්තේ ෴
අනුරපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය ගැටලුව විසඳිය යුත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයයි – කෙහෙළිය රඹුක්වැල්ල
(06.04.2023 – 14:08 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සේවය අතහැර යාමේ ගැටලුව තමන්ට අයත් එකක් නොවන බවත්, එම ගැටලුව විසඳිය යුත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
කෙසේ වෙතත්, අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැනට මතුව ඇති වෛද්‍ය හිඟය පියවීම සඳහා වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) එම රෝහලට යොමුකළ බවයි හිරු ප්රවෘත්ති අංශය සඳහන් කළේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වන මහාචාර්ය ඒකකයේ වෛද්‍යවරුන් 9 දෙනෙකු සේවය හැර ගොස් ඇති බවට මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කර තිබුණා.
මිට පෙර එම රෝහලේ ළමා රෝග ඒකකය වසා දැමුණේ එහි සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) රට අතහැර යාම හේතුවෙන්.
මෙම තත්ත්වය මත රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව ද අහිමිව ගොස් තිබෙනවා.
එම සිසුන් පසුගියදා විරෝධතාවක නිරත වූයේ තමන්ට සායනික පුහුණුව ලබා ගැනීම සඳහා අවස්ථාව අහිමිව ගොස් ඇති බව පවසමින්.
එවන් පසුබිමක අනුරාධපුර ශික්ෂණ රෝහලේ තවත් වෛද්‍යවරුන් 6 දෙනෙකු වසර දෙකකට (2) සහ 5 ක කාලයකට නිවාඩු ලබා ඉන් ඉවත්ව ගොස් තිබෙනවා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ වෛද්‍යවරුන් මෙලෙස රට හැර ගොස් ඇති බැවින් එය පාලනය වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
කෙසේ වෙතත්, රෝගී ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) හැකි ඉක්මනින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමුකළ බවයි ඔහු ප්‍රකාශ කළේ ෴
අලුත් අවුරුද්දටත් සමෘද්ධි නිලධාරින් වැඩ වර්ජනයේ
(06.04.2023 – 14:21 +0530 – hirunews.lk/sinhala)
සමෘද්ධි බැංකු සේවකයින් පිරිසක් අද (06) ආරම්භ කළ සංකේත වර්ජනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක බැංකු වෙත පැමිණි ගණුදෙනුකරුවන් අපහසුතාවයට පත්වුණා.
දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා මහ බැංකු සංගම් හා කාර්යාල හා ක්ෂේත්‍ර නිලධාරින්ගේ සංගමයයි ලෙඩ නිවාඩු වාර්තා කර තිබුණේ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයත් සමග ඇතැම් ප්‍රදේශවල සමෘද්ධි බැංකුවල කටයුතු අඩාල වූ අතර, ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සමෘද්ධි බැංකු සාමාන්‍ය ලෙස ගණුදෙනු සිදුකරනු ලැබුවා.
මේ අතර, එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අලුත් අවුරුදු උත්සව පැවැත්වීම හා ගණුදෙනු චාරිත්‍රයට අදාළ අවුරුදු ගණුදෙනුවලින් ලබන 15 වනදා ඉවත්වීමට සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එමෙන්ම, තමන්ගේ ගැටලුවට ද විසදුම් ලබාදුනහොත් උසස් පෙළ ඇගයීම් කටයුතුවලට සහය පළ කරන බවත් ලංකා ගුරු සංගමය සිදුකරන චෝදනා සාධාරණ නොවන බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වී නොමැති බවත් ඇගයීම් කටයුතු සිදුකිරීම සදහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ලබාදෙන කඩයිම් සීමාව මේ දක්වා නිකුත් කර නොමැති බවත් ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළා.
එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මේ බව කියා සිටියේ මහනුවර ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමය නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති කියා සිටියා.
+
සංචාරකයන්ට කිරි ඉතිරෙන මෙවර අලුත් අවුරුද්ද
(06.04.2023 – 14:31 +0530 – hirunews.lk/sinhala)
වසර 3 කට ආසන්න කාලයක් මෙරට සිංහල දෙමළ ජනතාවට අලුත් අවුරුද්ද රිසි සේ පිළිගන්නට නොහැකි වුයේ කොවිඩ් කාලසීමාව සහ රට මුහුණ දුන් ආර්ථික දේශපාලන වාතාවරණය නිසාවෙන්.
නමුත් එම දුෂ්කර කාලසීමාවකට මුහුණදී මේ වනවිට යන්තම් හිස ඔසවමින් සිටින මෙරට වැසියන් මෙවර අවුරුද්ද ඉහළින්ම පිළිගන්න සූදානමින් සිටිනවා.
මුළු රටම අවුරුදු සිරිය ගෙන ඇති මේ කාලවකවානුවේ අලුත් අවුරුද්ද පිළිගන්නට සියලු දෙනා ලක ලැහැස්ති වෙමින් සිටින ආකාරය දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා.
අවුරුද්දත් සමඟ කරලියට එන තවත් අංගයක් ලෙස ‘අවුරුදු උත්සව’ හඳුනා ගැනෙනවා.
ඒ අනුව, සංචාරක කර්මාන්තය යළි හිස ඔසවමින් පවතින මේ වකවානුවේ ඊට තවත් සවියක් වෙමින් විදේශීකයින් වෙනුවෙන් අම්බන්ගොඩ සංචාරක පුරවරයේදී අපූරු අවුරුදු උත්සවය සංවිධානය කර තිබුණා.
ඒ ස්කොට්ලන්තය, වේල්සය, අයර්ලන්තය වැනි රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සංචාරකට පැමිණි 54 දෙනෙකුගෙන් සමන්විත විදේශීය සංචාරක කණ්ඩායමක් වෙනුවෙන්.
+
බඩෝවිට රඝු අත්අඩංගුවට
(06.04.2023 – 16:48 +0530 – hirunews.lk/sinhala)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්මල්ලි නමැත්තා විසින් ඩුබායි සිට මෙහෙයවන හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 100 යි මිලිග්‍රෑම් 280 ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කවුඩාන ප්‍රදේශයේ දීයි.
පොලිසිය සඳහන් කළේ. ‘බඩෝවිට රඝු’ නමින් හඳුන්වන මෙම සැකකරු මොරටුව, දෙහිවල, පිළියන්දල, පානදුර සහ කවුඩාන යන ප්‍රදේශවල හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනවල දී අනාවරණ වී ඇති බවයි ෴
‘සොජිට්’ චක්‍රීය බලාගාරය විදුලිබල මණ්ඩලය යටතට
(06.04.2023 – 16:57 +0530 – hirunews.lk/sinhala)
‘සොජිට්’ කැළණිතිස්ස සමාගම විසින් පාලනය කළ ඒකාබද්ධ චක්‍රීය බලාගාරය ලංකා විදුලිබල මණ්ඩලය යටතට පත්කර තිබෙනවා.
මෙම බලාගාරයෙන් මෙගාවොට් 163 ක ධාරිතාවක් සැපයෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ෴
විසදුම් ඉල්ලා වතුකරයේ ජනතාව ගෑස්පහ හන්දියේ විරෝධතාවක
(06.04.2023 – 17:12 +0530 – hirunews.lk/sinhala)
වතුකරයේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසදුම් ඉල්ලා අද (06) දහවල් කොළඹ, ගෑස්පහ හන්දියේ විරෝධතාවක් පැවැත්වුණා.
ඉඩම් ගැටලුව ඇතුළු තවත් ගැටලු කිහිපයකට විසදුම් ඉල්ලමිනුයි ඔවුන් මෙම විරෝධතාවය සිදුකළේ ෴
සතොස හෙට සිට භාණ්ඩ 03 ක මිල අඩු කෙරේ
(06.04.2023 – 17:38 +0530 – hirunews.lk/sinhala)
සතොස හෙට (07) සිට භාණ්ඩ 03 ක මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව, ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 30 කින් අඩු කර ඇති අතර එහි නව මිල සඳහන් වෙන්නේ රුපියල් 490 ක් ලෙසයි.
එමෙන්ම ලොකු ලූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 22කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 97ක්.
තවද තිරිඟු පිටි මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 225 ක් ලෙස දැක්වෙනවා ෴
ආරක්ෂක ලේකම් චමුදිත ඇතුළු පිරිසකගෙන් වන්දි ඉල්ලයි
(06.04.2023 – divaina.lk)
තමා ඉලක්ක කරගනිමින් අපහාසාත්මක කරුණු ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, අසේල ධර්මසිරි සහ ජී.පී. නිශ්ශංක අයට එරෙහිව රුපියල් මිලියන 500 බැගින් ඉල්ලා නඩු පවරා ඇත.
චමුදිත සමරවික්‍රම
අසේල ධර්මසිරි යන අයකු විසින් Truth with Chamuditha යන යූ ටියුබ් නාලිකාව තුළින් සහ ඔහුගේ මුහුණු පොත් ගිණුම් ගණනාවක් මගින් තමා ඉලක්ක කරගෙන විවිධ අපහාසාත්මක කරුණු මෑතකදී ප්‍රචාරය කිරීම තුළින් තමාගේ කීර්තිනාමයට මෙන්ම ප්‍රතිරූපයට හානියක් වූ බවට ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත.
එසේම www.ravanalankanews.lk යනුවෙන් හඳුන්වනු ලබන වෙබ් අඩවියක් මගින් මෑතකදී ප්‍රචාරය කර ඇති කරුණු මගින් ද තමා හට අපහාසයක් සිදුවූ බවට ප්‍රකාශ කරමින් ආරක්ෂක ලේකම්වරයා විසින් එම වෙබ් අඩවිය මෙහෙයවනු ලබන බවට සැලකෙන ජී.පී. නිශ්ශංක යන අයට එරෙහිවද රුපියල් මිලියන 500 ක් වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු යොදා ඇත ෴
වනඅලි උඩවලව ජාතික වනෝද්‍යානය හැරයාම ඉහළ යයි
(06.04.2023 – 20:45 +0530 – hirunews.lk/sinhala)
වනඅලි සඳහා හිතකර පරිසරයක් නොමැතිවීම හේතුවෙන් මේ වන විට වනඅලි උඩවලව ජාතික වනෝද්‍යානය හැරයාම ඉහළ ගොස් තිබෙනවා.
උඩවලව අලි පර්යේෂණ ව්‍යාප්තියේ පර්යේෂණ කළමනාකරු සමීර වීරතුංග සඳහන් කළේ ජාතික වනෝද්‍යානය තුළ මීට පෙර පිරිමි අලි 600 ක පමණ පිරිසක් සිටිය ද මේ වන විට සංචාරකයින්ට දිනකට නිරීක්ෂණය කළ හැක්කේ වන අලි 10 කටත් අඩු ප්‍රමාණයක් බවයි.
උඩවලව ජාතික වනෝද්‍යානයේ වන අලි ව්‍යාප්තිය මේ පිළිබඳ පර්යේෂණයක් ද සිදුකර තිබෙනවා.
එම පර්යේෂණයෙන් වැඩිදුරටත් හෙළිව ඇත්තේ මව් අලි ඇතුන්ගේ පැටවුන් බිහිකිරීමේ කාල සීමාවද වසර තුනේ (3) සිට 4 ත් 6 ත් දක්වා දීර්ඝ වී ඇති බවයි.
එමෙන්ම ජාතික වනෝද්‍යානය තුළ අලින්ට අවශ්‍ය තෘණ සහ කටු පදුරු නොමැති වීම හේතුවෙන් අලි ඇතුන්ගේ වර්ධනය බාලවී, පෝෂණ ඌණතා ගැටලු ඇතිවී තිබෙන බව ද උඩවලව අලි පර්යේෂණ ව්‍යාප්තියේ පර්යේෂණ කළමනාකරු සමීර වීරතුංග කියා සිටියා ෴
විශ්ව විද්‍යාල ආචාර්යවරු තාවකාලික සහනයක් ඉල්ලයි
(06.04.2023 – 21:25 +0530 – hirunews.lk/sinhala)
නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට (06) දින 29 ක් සපිරෙනවා.
එසේම, ඔවුන් උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවලින්ද ඉවත්වයි වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ.
එවන් පසුබිමක අද (06) දිනයේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක රජයෙන් ඉල්ලා සිටියේ උපයන විට ගෙවීමේ බද්ද හරහා ලැබූ ආදායම, රජයේ අපේක්ෂිත ආදායම ඉක්මවා යන්නේ නම් වෘත්තිකයන්ට තාවකාලික සහනයක් හෝ ලබාදෙන ලෙසයි.
එසේම, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ද අද (06) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අනිවාර්යයෙන්ම සිටිය යුතු බවයි ෴
ත්‍රිකුණාමලයේ ධීවර ගම්මානයක උණුසුම් තත්ත්වයක්
(06.04.2023 – 23:24 +0530 – hirunews.lk/sinhala)
ත්‍රිකුණාමලය, විජිතපුර ප්‍රදේශයේ ධීවර කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.
මසුන් මැරීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ වනවිට තත්ත්වය පාලනය කිරීමට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා නිලධාරීන් එම ප්‍රදේශයට කැඳවා ඇති බවයි ආරක්ෂක අංශ පැවසුවේ.
+
පාස්කු සතිය තුළ දේවස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
(06.04.2023 – 23:18 +0530 – hirunews.lk/sinhala)
පාස්කු සතිය තුළ දේවස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා.
ඒ අනුව, හෙටින් (07) ආරම්භ වීමට නියමිත පාස්කු සතිය සඳහා මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴