දරුවන් ගැන වෛද්‍යවරුන්ගෙන් බය හිතෙන අනතුරු ඇඟවීමක්
(05.04.2023 – 10:01 +0530 – sinhala.adaderana.lk)
දෛනිකව ලබාගන්නා ආහාරවල ලුණු, සීනි හා තෙල් අන්තර්ගත ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් දරුවන් විශාල සංඛ්‍යාවක් විවිධ රෝගාබාධයන්ට ගොඳුරු වෙමින් පවතින බව වෛද්‍යවරු පවසති.
BIG FOCUS වැඩසටහනක් සමග එකවෙමින්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ, අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසා සිටියේ, දරුවන් රැසක් මේ වනවිට අධික රුධිර පීඩනය හා දියවැඩියා තත්ත්වයන්ට ලක්ව ඇති බවය.
“අපේ ආහාරවෙල අඩංගු වෙලා තියෙනවා වස වර්ග තුනක් (3). අපි හැමදාම ගන්න ආහාර වර්ග තුනක් (3). මේක අපි ඕනවාට වඩා ගත්තහම අපිට ඒක විසක් වෙනවා. එකක් තමා සීනි. සීනි කියන එක අපේ රටේ ජනගහණය එක්ක බැලුවොත් එක්කෙනෙක් භාවිත කරන්න ඕනේ ප්‍රමාණයට වඩා තුන් (3) ගුණයක් සීනි භාවිත කරනවා. තෙල් ගත්තහම ඒකත් එහෙමයි. අපි පොල්කිරිවලින් කෑම උයනවා. නවීන තෙල් වර්ගවලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඊළඟ කාරණය තමා ලුණු. අපේ රටේ ජනගහණය එක්ක භාවිත කරන ලුණු ටොන් ගණන බැලුවොත් ඉතාම අධිකයි. සාමාන්‍යයෙන් දිනකට ලුණු ග්‍රෑම් 5 ක් වගේ එක පුද්ගලයෙක් භාවිත කරන්න ඕනේ. නමුත් බලන්න දෙන්නෙක් ඉන්න ගෙදරකට ලුණු පැකට් කීයක් අරන් යනවා ද? ශ්‍රී ලංකාවේ අපි තෙල්, ලුණු හා සීනි භාවිතය ඉතා අධිකයි. අපිට හැදෙන රෝගවලට වඩා රෝග හදාගන්න පාදක වෙලා තියෙනවා.”
මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටියේ වසරකට දරුවන් 100 ක් පමණ දියවැඩියා රෝගීන් ලෙස වාර්තා වන බවය.
“දියවැඩියාව තියෙන දරුවෝ 100 ක් විතර වසරකට වාර්තා වෙනවා. අපි ඉගෙන ගන්න කාලේ හරි අමාරුයි දියවැඩියාව තියෙන දරුවෙක්ව හොයාගන්න … අපිට ඉගෙන ගන්න. දැන් එහෙම නෑ. අධික රුධිර පීඩනය තියෙන දරුවෝ වාර්තා වෙනවා. වෙන හේතු නෑ. සමහර වෙලාවට අපේ ලුණු භාවිතය වැඩි නිසා වෙන්න ඇති කියලා අපි හිතනවා. ඒවා වස. තෙල්, ලුණු, සීනි කියන ජාති තුන (3) පුංචි කාලේ ඉඳලා හඳුන්වා දෙන්න එපා. අවුරුදු 2 ක් යනකල් මව්කිරි දෙන්න. වැඩිපුර ලුණු දෙන්න එපා මාස 10 – 12 ක් යනකල්. මොකද දරුවාගේ වකුගඩු වර්ධනය වෙලා නෑ. අනිත් එක සීනි හඳුන්වා දෙන්න එපා අවුරුදු 2 ක් යනකල්. පුංචි කාලේ සීනි රස පුරුදු කරාම ඒ අයට සීනි ඕන වෙනවා. ඒවා නැතිව කෑම පුරුදු කරන්න. එහෙම පුරුදු කරපු දරුවාට ජීවිත කාලෙම ඒවා ඕන වෙන්නේ නෑ. ලුණු නිසා එන්න පුළුවන් වකුගඩු රෝග සහ අධික රුධිර පීඩනය අවම කරගන්න පුළුවන්. සීනි නිසා එන්න පුළුවන් දියවැඩියාව අවම කරගන්න පුළුවන්. තරබාරුව වගේ දේවල්වලටත් මේක එක හේතුවක්. පුංචි කාලේ දරුවාව සීනි, ලුණු හඳුන්වා දීම පහුකරන්න…”
මේ අතර ආහාර ලබාගැනීමේ දී රූපවාහිනිය නැරඹීමට හා දුරකථනය නැරඹීමට දරුවන් යොමුවීම තුළින් සෞඛ්‍ය ගැටලු රැසක් මතුව ඇතැයි ද වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.
“ගොඩක් වෙලාවට දරුවන්ට කවන්නේ ෆෝන් එක අතට දීලා. ඒක දිහා බලාගෙන ඉන්නකොට ඔහේ කටට දාන දේ ගිලිනවා. එතකොට ගන්න ආහාර ප්‍රමාණය වැඩිවෙන්න පුළුවන්.”
“අද වෙද්දි කීදෙනෙක් දුරකථනවලට හා රූපවාහිනි වැඩසටහන්වලට ඇබ්බැහිවෙලා මනස විකෘතිවෙලා අපේ ළඟට – රිජ්වේ ආර්යා ළමා රෝහලට එක්කන් එනව ද? සෑහෙන පිරිසක් පොඩි ළමයි එක්කන් එනවා. සාමාන්‍යයෙන් අවුරුදු 4 – 5 ළමයි. දෙමාපියන්ට කීකරු නෑ. සමහර වෙලාවට නිදාගන්නේ නෑ. සමහර වෙලාවට කෑම කන්නේ නෑ. නොයෙක් නොයෙක් ගැටලුවලට පාත්‍රවෙලා තියෙනවා. පාසල් දරුවොත් එහෙමයි. මේ වගේ දේවල්වල සීමාසහිතභාවයක් තියෙන්න ඕනේ.”
+
‘හරක්කටා’ හා ‘කුඩු සළිඳු’ ගැන තවත් තොරතුරු රැසක් එළියට
(05.04.2023 – 20:44 +0530 – sinhala.adaderana.lk)
‘හරක්කටා’ හා ‘කුඩු සළිඳු’ පිළිබඳව තවත් තොරතුරු රැසක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබේ.
‘නඳුන් චින්තක’ නොහොත් ‘හරක්කටා’ හා ‘සළිඳු මල්ෂිත’ හෙවත් ‘කුඩු සළිඳු’ පසුගිය මාර්තු පළමුවනදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව සැකකරුවන් දෙදෙනාව (2) මෙරටට රැගෙනවිත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා දින 90 ක රැඳවුම් නියෝග ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය කටයුතු කළේය.
එවන් පසුබිමක ‘සළිඳු මල්ෂිත’ හෙවත් ‘කුඩු සළිඳු’ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් විමර්ශන නිලධාරීන් විසින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අධිකරණය හමුවේ අනාවරණ වුණේ ‘හරක්කටා’ හා ‘කුඩු සළිඳු’ ඩුබායීහී සිට මැඩගස්කරය බලා ගමන් කළ ජෙට් යානය ඔවුන්ට සපයා ඇත්තේ, LTTE ත්‍රස්ත ජාලය සමග සෘජුවම සබඳතා පවත්වන ලද ‘ඉන්දික බණ්ඩාර’ නොහොත් ‘හර්බි’ යන පුද්ගලයෙකු විසින් බවය.
එම පුද්ගලයා LTTE ත්‍රස්ත ජාලය තුළ ක්‍රියාත්මක වෙමින් ප්‍රභූවරුන් ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය සමග ත්‍රස්ත මර්ධන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අයෙක් වන අතර ඒ පිළිබඳව අධිකරණය හමුවේ වරදකරුවකුද වූවෙකි.
‘හරක්කටා’ සමග ‘කුඩු සළිඳු’ මැඩගස්කරයට පැමිණ ඇත්තේ, ඔහුගේ විදෙස් ජාතික බිරිඳට දාව උපන් දරුවාගේ ආගමික වතාවත් සඳහා බවද අධිකරණය හමුවේ අනාවරණ වී තිබේ.
එමෙන්ම ‘හරක්කටා’ අවස්ථා දෙකකදී (2) , හෙරොයින් කිලෝ ග්‍රෑම් 645 ක්, නීති විරෝධී ගිනි අවි 3 ක්, AK-47 වර්ගයේ ගිනි අවි 05 ක් හා එම උණ්ඩ 1000 ක් මෙරටට එවීමේදී අත්අඩංගුව ගත් බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට වාර්තා කළේය.
මේ සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ ජාත්‍යන්තර පොලිසිය මගින් ඉන්දියානු රජයෙන් කරන ලද විමසීමකදී අනාවරණ වී ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන සැකකරුවන් LTTE සංවිධානය සමග සම්බන්ධතා පවත්වා ඇති බවය.
ඒ අනුව සැකකාර ‘කුඩු සළිඳු’ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන, පාර්ශ්ව කිහිපයක් විසින් සිදුකරන බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුර වාර්තාව මගින් දැනුම් දී තිබේ.
+
කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගොවීන්ට දැනුම්දීමක්
(06.04.2023 – 10:47 +0530 – hirunews.lk/sinhala)
මඩපොහොර හෙවත් ටී.එස්.පී. පොහොර මෙතෙක් ලබා නොගත් සියලුම ගොවීන් අප්‍රේල් 10 වනදාට පෙර ඒවා ලබාගන්නා ලෙසට කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.
යල කන්නය සඳහා මඩ පොහොර ගොවීන් වෙත නොමිලේ බෙදා හැරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙනවා.
ලබන 10 වනදායින් පසු ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඇති මඩපොහොර තොග ආපසු ප්‍රධාන ගබඩාවලට යොමු කිරීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
කොමර්ෂල් පොහොර සමාගම ටී.එස්.පී මෙට්‍රික් ටොන් 36,000 ක් සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හැර ඇති අතර ගොවිජන බල ප්‍රදේශ 38 කට ඒවා බෙදා හැර අවසන් කර තිබෙනවා ෴
දුරකතන සංවාද පටිගත කිරීමේ පුවත සාවද්‍යයයි
(06.04.2023 – 11:00 +0530 – hirunews.lk/sinhala)
කිසියම් බාහිර පාර්ශවයක් විසින් කෙටි පණිවිඩ නිරීක්ෂණය කිරීම සහ දුරකථන සංවාද පටිගත කිරීමක් සිදු වන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
whatsapp සහ facebook යන සමාජ මාධ්‍ය යෙදවුම් හරහා පැතිර යන පුවත සම්බන්ධයෙන් කිසිදු කළබලයකට පත් නොවන ලෙසයි ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙන්නේ ෴
මස් පිණිස ගවයන් ප්‍රවාහනය කල අයෙක් අත්අඩංගුවට
(06.04.2023 – 11:58 +0530 – hirunews.lk/sinhala)
බලපත්‍ර නොමැතිව මස් පිණිස ගවයන් ප්‍රවාහනය කල ලොරි රථයක් සහ එහි රියදුරු නුවරඑලිය පොලිසිය විසින් අද (06) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු විසින් අඹේවෙල ප්‍රදේශයේ පිහිටි සත්ත්ව ගොවිපොලකින් ගවයන් තිදෙනෙකු (3) මිලදී ගෙන ඇති අතර, නානුඔය පිහිටි ගව ඝාතකාගාරයක් වෙත මෙම සතුන් ප්‍රවාහනය කරමින් සිටිය අතරතුර දී යි මෙලෙස අත්අඩංගුවට පත් ව ඇත්තේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු විසින් මෙම සතුන්ට පහර දී ඔවුන්ගේ පාද කඩා දමා ප්‍රමාණවත් ඉඩක් නොමැති ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (06) දින නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
අධිපතිගේ ප්‍රකාශය පටලවාගත් අයට මහබැංකුවෙන් පැහැදිලි කිරීමක්
(06.04.2023 – 12:55 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා සිදුකළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථ කථනය කර ඇති බවයි.
ඉදිරි කාල පරිච්ඡේදය තුලදී ශ්‍රී ලංකා ආර්ථිකය දැනට පවතින තත්ත්වයටත් වඩා දුෂ්කර වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ඇතැම් වාර්තාවල සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත්, මහබැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මහබැංකු අධිපතිවරයා එවැන්නක් ප්‍රකාශ නොකළ බවයි.
පසුගිය වසරේ ඇති වූ සමාජ ආර්ථික අර්බුද වලට සාපේක්ෂව රජය සහ මහබැංකුව ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය හේතුවෙන් ආර්ථික තත්ත්වයේ ස්ථායිතාවයක් ඇතිව තිබෙන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
කෙසේ වෙතත්, අපේක්ෂිත ආර්ථික ගැලපුම් වැඩසටහනේ යම් ප්‍රමාදයක් ඇතිවුවහොත් ඉදිරි ආර්ථික දැක්ම දුර්වල වන අතර, එමගින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම අවදානමකට ලක්වී ඇති බව මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළ බව මහබැංකු සන්නිවේදන දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළා ෴
මෙරට ආර්ථිකයේ ඉදිරි දැක්ම ගැන කියන ලෝක බැංකුවේ නවතම වාර්තාව
(06.04.2023 – 13:47 +0530 – hirunews.lk/sinhala)
මෙරට දේශපාලන තත්ත්වය ආර්ථිකයේ ඉදිරි දැක්ම සඳහා සැලකිය යුතු බලපෑමක් ඇතිකරන බව ලෝක බැංකුව පවසනවා.
සිය නවතම වාර්තාව මඟින් ලෝක බැංකුව පෙන්වා දී ඇත්තේ, මෙරට දේශපාලන තත්ත්වය ආර්ථිකයේ ඉදිරි දැක්ම සඳහා සැලකිය යුතු බලපෑමක් කරන බවයි.
එමෙන්ම මෙරට ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීමට නම් බාහිර මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද අවශ්‍ය වන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම සැලකිය යුතු අවිනිශ්චිතතාවකට පත් වීමට අස්ථාවර දේශපාලන තත්ත්වයද හේතු වී ඇති බවත් ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සදහා බාහිර මෙන්ම ඇතැම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද අවශ්‍ය වනු ඇති බවත් මෙම වාර්තාවේ දැක්වෙනවා.
2023 වර්ෂය සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු අභියෝගවලට මුහුණදෙන බව, ලෝක බැංකුව සිය නවතම වාර්තාව මඟින් පෙන්වා දෙන අතර, එමඟින් ඔවුන් පුරෝකථනය කර ඇත්තේ, 2023 වසරේදීත් මෙරට ආර්ථිකය සියයට 4.3 කින් හැකිලෙනු ඇති බවටයි.
ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ මුල්‍යකරණ සහාය ඇතිව රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ශක්තිමත් සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් ආර්ථිකය යහපත්ව පවත්වා ගැනීමට හැකියාව පවතින බවද මෙම වාර්තා වේ වැඩි දුරටත් දක්වා සිටී.
මීට අමතරව 2021 සහ 2022 වර්ෂවල ලක්ෂ 27 කට වැඩි පිරිසකගේ රැකියා අහිමි වී ඇති බවත් ඒ හේතුවෙන් දරිද්‍රතාවයට ඇද වැටී ඇති දිළිඳු පවුල් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කරගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කළයුතු බවද එමගින් අවධාරණය කර තිබෙනවා ෴
කබ්රාල්ට එරෙහි පැමිණිල්ල අධිකරණය ප්‍රතික්ෂේප කරයි
(06.04.2023 – 14:36 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(06) තීන්දු කළා.
අජිත් නිවාඩ් කබ්රාල්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පැමිණිලිකරු විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.
ඒ අනුව අදාළ පැමිණිල්ල නිෂ්ප්රභා කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.
දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් මෙම පුද්ගලික පැමිණිල්ල ගොනු කර තිබුණා.
2006 වසරේ සිට 2015 වසර දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ගෙවීම, ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව පවසමින් ඇමරිකානු ඔත්තුකරුවකු වූ ඉමාඩ් සුබේරි නැමැත්තාට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් ගෙවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් කබ්රාල්ට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ගොනු කර තිබුණා ෴
කළුබෝවිල රෝහලට මළ සිරුරු භාර ගැනීම නවතයි
(06.04.2023 – 15:09 +0530 – hirunews.lk/sinhala)
කළුබෝවිල ශික්ෂණ රෝහලට පොලීසිය විසින් ගෙන එනු ලබන නාඳුනන මළ සිරුරු අද (06) සිට භාර නොගන්නා බව රෝහල් බලධාරින් ප්‍රකාශ කළා.
එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ රෝහල් මෘත ශරීරාගාරයේ ධාරිතාව ඉක්මවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
සාමාන්‍යයෙන් මෘත ශරීරාගාරයේ මළ සිරුරු 36 ක් තැන්පත් කළ හැකියි.
කෙසේ වෙතත්, රෝහලට පිටින් ගෙන එනු ලබන මළ සිරුරු අද (06) සිට භාර නොගන්නා බව ගල්කිස්ස හා නුගේගොඩ පොලිස් කොට්ඨාශවල පිහිටි සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී තිබෙනවා ෴
ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමේ නියෝගයට දින නියම කරයි
(06.04.2023 – 16:32 +0530 – hirunews.lk/sinhala)
ආගමන- විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නේ ද නැත්ද යන්න තීරණය ප්‍රකාශයට පත් කිරීමට දින නියම වී තිබෙනවා.
ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙන්නේ, මෙම මස 24 වැනි දින මෙම නියෝගය නිකුත් කිරීමටයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴