21 හැවිරිදි තරුණියකගේ, වැලමිටට මදක් ඉහළින් වෙන්වී ගිය අතක් සාර්ථකව බද්ධකරයි
21 හැවිරිදි තරුණියකගේ, වැලමිටට මදක් ඉහළින් වෙන්වී ගිය අතක් සාර්ථකව බද්ධකරයි
(05.04.2023 – 22:46 +0530 – hirunews.lk/sinhala)
21 හැවිරිදි තරුණියකගේ, වැලමිටට මදක් ඉහළින් වෙන්වී ගිය අතක් සාර්ථකව බද්ධ කළ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම තරුණියගේ අත වෙන් වී තිබුණා.
කෑගල්ල දීවෙල එරබුදුපිටිය ප්‍රදේශයේ ඥාති පවුල් දෙකක් (2) අතර, ඉඩම් ආරවුලක් දුරදිග යෑමෙන් ඇති වූ ගැටුමක දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තරුණියකගේ වම් අත වැලමිටට මදක් ඉහළින් වෙන් වී ගොස් තිබුණා.
මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ 21 හැවිරිදි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියක්.
අතේ වෙන් වූ කොටස අයිස් යෙදූ කවරයක බහා, එයත් රැගෙන තරුණිය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට ඇගේ ඥාතීන් කඩිනමින් පියවර ගෙන තිබුණා.
යුහුසුළුව ක්‍රියාත්මක වූ කෑගල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන ඇතුලු වෛද්‍ය කණ්ඩායම මෙම තරුණියගේ අත බද්ධ කිරීම ආරම්භ කළා.
රාත්‍රී 9 ට පමණ ආරම්භ කළ ශල්‍යකර්මය පැය හතරක (4) පමණ කාලයකින් නිම කිරීමට වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට හැකි වුණා.
තරුණියට පහර දුන් පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර, සිද්දිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව කෑගල්ල පොලිසිය සඳහන් කළා.
+
ඇස් ඉස් මස් දන් දුන් – මලියදේවයාගේ දාන පාරමිතාව (05.04.2023)
+
ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත අතර ලංකාවත්, නුවරඑළිය පුංචි එංගලන්තයක් – ජුලියානා බ්‍රොස්ටේ (05.04.2023)
+
ගන්න තියෙන, එක්ස්ප්‍රස්පර්ල් වන්දිය – IMF ණය මුදල වගේ දෙගුණයක් (05.04.2023)
+
ශ්‍රී ලාංකික තරුණයින්ට කොරියාවෙන් පණිවුඩයක්
(05.04.2023 – 16:24 +0530 – sinhala.adaderana.lk)
ශ්‍රී ලාංකික තරුණයන් රැකියා අවස්ථා වැඩිවශයෙන් ලබා දෙන බවට දකුණු කොරියානු ප්‍රකට සමාගමක ප්‍රධානීන් පවසා තිබේ.
එරට ප්‍රකට සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai) සමාගමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇත.
දකුණු කොරියානු රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, ඊට අදාළ පුහුණුව ඇතුළු කටයුතු සොයා බැලීමට, මෙරටට පැමිණි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) කිම් බොයොන්ග් බෝ (Kim Byong Boo) මහතා ඇතුළු නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී හමුවී තිබේ.
මෙරට තරුණයන් ඉහළ නිපුණත්වයකින් යුතු බවත්, පුහුණුව ලැබූ ශ්‍රී ලාංකේය තරුණයන් වැඩි වශයෙන් එරට රැකියා සදහා ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් මෙම නියෝජිත පිරිස පවසා තිබේ.
විශේෂයෙන් මෙම ශ්‍රමිකයින් යහපත් ගුණාංගයන්ගෙන් හෙබි විනයගරුක තරුණයන් වීම වැදගත් බව ද ඔවුන් අවධාරණය කර ඇත.
එහිදී රජය මැදිහත් වී නිසි වෘත්තීය පුහුණුවක් මෙරට තුළදී ලබා දීමත් ප්‍රමාදයකින් තොරව හැකිතාක් කඩිනමින් පුහුණු ශ්‍රමිකයන් දකුණු කොරියාවට යොමු කිරීමේ අවශ්‍යතාවත් ඔවුහු පෙන්වා දී ඇති අතර මෙරට ශ්‍රමිකයින්ගේ පහසුකම් සහ ආරක්ෂාව උපරිම වශයෙන් ලබා දෙන බවට ද සහතික කළේය.
මේ අනුව නෞකා ඉදිකිරීම් හා අලුත්වැඩියාව, විදුලි කාර්මික, වෑල්ඩින් ආදී ක්ෂේත්රවල පුහුණු ශ්‍රමිකයන් සදහා ඉහළ ඉල්ලුමක් පවතින බවත් ඔවුන්ට ඉහළ වැටුප් හිමිවන බවත් නියෝජිත පිරිස මෙහිදී සඳහන් කර ඇත ෴
ඉරණම සමග පොරබදන දෑත අහිමි දිරිය පියෙක්
(05.04.2023 – 15:14 +0530 – sinhala.adaderana.lk)
වර්තමාන සමාජයේ අත්පා ඇතිව අංග සම්පූර්ණ ශරීරයක් ඇති බොහෝ මිනිසුන් අනුනට අත පා ජීවත්වන්නට පුරුදු වී සිටී.
නමුත්, ආබාධිත වුවත් සිය දරු පවුල ජීවත්කරවන්නට අප්‍රමාණ වෙහෙසක් දරන අයත් අප අතර නැතුවාම නොවේ.
එවන් ආදර්ශවත් පුද්ගලයෙකු ගැන අම්පාර වෙහෙරගම ගම්මානයෙන් වාර්තා වුණි.
අම්පාර උහන වෙහෙරගම ගම්මානයේ ජීවත්වන ‘නිලූක ජීවන්ත’ සිය පුංචි පුතා ද සහායට ගනිමින් මේ සිදුකරන්නේ බයිසිකලයක් සවිකිරීමයි.
නමුත්, නිලූකගේ අත් දෙකේ මැණික් කටුවෙන් එහා කොටස මුළුමුණින්ම අහිමි වී ගොස්ය.
උපතින් නිරෝගී පුද්ගලයෙකු ලෙස මෙලොව එළිය දකින ඔහුට දෑත් අහිමි වෙලා දැනට වසර 30 කි.
“පොත් කර්මාන්ත ශාලාවක සේවය කරද්දි 1991 දී මගේ දෑතම මට අහිමිවුණා. පරණ බයිසිකල් ගෙනල්ලා ඒවා අලුත්වැඩියා කරලා, කාටහරි විකුණාගෙන තමා ජීවත්වෙන්නේ.”
දෑත් අහිමි වුණත් දරු සිව් (4) දෙනාගේ කුස පිරවීමට ඔහු ගන්නේ අපරිමිත වෙහෙසකි.
නමුත්, සැමියා උපයන ආදායමෙන් පමණක් ජීවත්වීම අපහසු නිසා බිරිඳ ද පොළට ගොස් එළවළු විකුණා යම් ආදායමක් ලබාගැනීමට උත්සාහ කරයි.
ඊට ද නිලූක හැකි පමණින් උදව් කරන්නේ සැමියෙකු, පියෙකු සතු වගකීම් හා යුතුකම් මනාව ඉටුකරමිනි.
නිලූක ඇතුළු පවුල ගල්ඔය ව්‍යාපාරය යටතේ ඉදිවූ ඉතා අබලන් නිවසක ජීවත්වන අතර එහි හිමිකාරිත්වයද ඔහුගේ මව සතුයි.
එම නිවස තුළත් කිසිඳු ගෘහභාණ්ඩයක් නොමැති වීම කනගාටුවට කරුණකි.
දෑත් අහිමිව වුවත් සිය දරු පවුල ජීවත් කරවීම සඳහා සටනක නියැලී සිටින නිලූක සමාජයටම ආදර්ශයකි.
“දෙමාපියන්ගේ නිවසක ඉන්නේ, ඒකෙනුත් ඒ අය යන්න කියලා තියෙනවා. කොහොම හරි දරුවෝ ජීවත් කරනවා. ඕනම දුකක් විඳිනවා ඒ වෙනුවෙන්. පුළුවන් නම් අපිට ඉන්න තැනක් හදලා දෙන්න කියන එක තමා එකම ඉල්ලීම.”
ඒ ඉල්ලීම වෙනුවෙන් ඔබටත් යමක් කළ හැකිනම් 070 321 0333 යන දුරකථන අංකයට අමතා වැඩි විස්තර ලබාගත හැකිය.
+
වකුගඩු ජාවාරමේ විමර්ශන ප්‍රමාදයි
(05.04.2023 – 13:08 +0530 – sinhala.adaderana.lk)
‘අද දෙරණ උකුස්සා’ අනාවරණ කළ බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශන මන්දගාමී වී තිබේ.
අප කළ සොයාබැලීමේදී අනාවරණ වුණේ රෝහලේ සේවය කරන කාන්තාවන් දෙදෙනෙකු (2) සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශන අඩාළ වීම නිසා එම තත්ත්වය උද්ගතවී ඇති බවය.
බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් ‘අද දෙරණ උකුස්සා’ රටතුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් අනාවරණයක් සිදුකළේය.
ඒ අනුව එහි විමර්ශන සිදුකිරීම පැවරුණේ කොළඹ අපරාධ කොට්ඨාසයටය.
එහි ප්‍රතිඵලයක් ලෙස ආධාර අනුබල දුන් ග්රමානිලධාරීන් පිරිසක් ඇතුළු රෝහල් සේවකයන් 10 ක් පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අදාළ රෝහලේ කාන්තාවන් දෙදෙනෙකු (2) විසින් වකුගඩු ලබාදුන් පුද්ගලයන් හා තැරැව්කරුවන් සම්බන්ධ කරගනිමින් අදාළ ජවාරම සිදුකර ඇති බවය.
කෙසේවෙතත් ඔවුන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීමට පොලීසිය තවමත් අපොහොසත් වී තිබේ.
අදාළ කාන්තාවන් දෙදෙනා (2) ගෙන් පොලීසියට වැඩිදුර ප්‍රශ්න කිරීමට පවා නොහැකි වී ඇතැයි වාර්තා වේ.
එම නිසා අදාළ විමර්ශන සිදුකිරීම ඇණහිට ඇති හෙයින් වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට පැවසෙන රෝහලේ තවත් ප්‍රධානීන් පිළිබඳව ද විමර්ශන සිදුකිරීමට පොලීසියට නොහැකි වී තිබේ.
විමර්ශන නිලධාරීන් මේ පිළිබඳව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා තෙක් ‘අද දෙරණ’ අවධානයෙන්.
+
‘හරක්කටා’ගේ බිරිඳව අත්අඩංගුවට ගන්න මෙහෙයුම්
(05.04.2023 – 10:57 +0530 – sinhala.adaderana.lk)
මීට දින කිහිපයකට ඉහතදී මැඩගස්කර රාජ්‍යයේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ නොහොත් ‘හරක්කටා’ නමැත්තා ගේ බිරිඳ ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉකුත් මස 15 වැනි දින ‘හරක්කටා’ නැමැත්තා සමඟ සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘සලිඳු මල්ශිත’ නොහොත් ‘පානදුර කුඩු සලිඳු’ මෙරටට රැගෙන එනු ලැබීය.
මේ වන විට එම අපරාධකරුවන් දෙදෙනා (2) රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවද උසස් නිලධාරියා කියා සිටියේය.
එම ප්‍රශ්න කිරීමේදී ‘හරක්කටා’ නමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුගේ බිරිඳ ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් අත්අඩංගුවට ගෙන මෙරටට ඉතා ඉක්මනින් රැගෙන ඒමට නියමිතය ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴