බත් පැකට්ටුව, කොත්තුව සහ ප්‍රයිඩ් රයිස් මිල අද (05) සිට පහතට
බත් පැකට්ටුව, කොත්තුව සහ ප්‍රයිඩ් රයිස් මිල අද (05) සිට පහතට
(05.04.2023 – 07:34 +0530 – hirunews.lk/sinhala)
ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් කොත්තු, රයිස් සහ බත් පැකට්ටුව ඇතුළු අනෙකුත් ආහාර ද්‍රව්‍යවල මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 20% කින් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ තේ කෝප්පයක මිල ද රුපියල් 10 කින් පහත දමන බවයි.
මේ අතර ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට මිල පහත දමනු ලැබුවා.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,290 කින් අඩු කර ඇති අතර, එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3,990 ක් ලෙසයි.
කිලෝග්‍රෑම් පහේ (5) ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 516 කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 1,596 ක්.
එමෙන්ම කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1005 කින් අඩු කිරීමටයි එම සමාගම පියවර ගනු ලැබුවේ.
ඒ අනුව එහි නව මිල රුපියල් 3,738 ක්.
එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 402කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1502ක් ලෙසයි.
කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 183 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 700 ක්.
+
මුං ඇට සහ රතු සීනි ආනයනය කිරීමට අවසර ඉල්ලයි
(05.04.2023 – 07:40 +0530 – hirunews.lk/sinhala)
ආනයන තහනම ඉවත් කර මුං ඇට සහ රතු සීනි ගෙන්වීමට අවසර ලබාදෙන ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළඳුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එම භාණ්ඩ සඳහා පවතින ඉහළ මිල සළකා තීරු බදු පනවා හෝ අදාළ අවසරය ලබාදෙන ලෙසයි හිරු ප්රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ.
රුපියල ශක්තිමත් වීමත් සමඟ පිටකොටුවේ භාණ්ඩ මිල 10% ත් 12% ත් අතර ප්‍රමාණයකින් පහල ගිය බව ද ඔහු ප්‍රකාශ කළා.
+
කොළ මඩින යන්ත්‍රයකට සිරවී පුද්ගලයෙකු මරුට
(05.04.2023 – 07:58 +0530 – hirunews.lk/sinhala)
කුමන තත්ත්වයක් යටතේ වුව ද අවධානය ගිළිහුණු තැන ජීවිතය අවදානම් වීම පිළිබඳ සිද්ධියක් ගල්නෑව – මීදැල්ලෑව ප්‍රදේශයෙන් ඊයේ (04) වාර්තා වුණා.
42 හැවිරිදි අදාළ පුද්ගලයා මියගොස් තිබුණේ කොළ මඩින යන්ත්‍රයට සිරවීමෙන්.
ප්‍රදේශයේ කුඹුරක ට්‍රැක්ටර් රථයකට සම්බන්ධ කළ කොළ මඩින යන්ත්‍රයකින් ඔහු කොළ මඩිමින් සිට ඇත්තේ දැඩි අව් රශ්මිය නිසා සරමක් හිසේ ඔතාගෙනයි.
යන්ත්‍රයෙන් බිමට බසින අවස්ථාවේ එම සරමේ පොටක් යන්ත්‍රයේ පටියක සිරවී තිබෙනවා.
එහිදී අනතුරට ලක්වූ මෙම පුද්ගලයාගේ හිස සිරුරෙන් වෙන්ව තිබුණා.
පොලිසිය ප්‍රකාශ කළේ මෘත ශරීරය ගල්නෑව රෝහලේ තැන්පත් කර ඇති බවයි ෴
රුමේනියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්
(05.04.2023 – 08:06 +0530 – hirunews.lk/sinhala)
රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා අනාවරණ වුණා.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී මේ පිළිබඳව සාකච්ඡා වූ බවයි.
රුමේනියාවේ තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව එහිදී විදේශ අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කර තිබෙනවා.
ඊට අදාළ සේවක සංඛ්‍යාව දැනටමත් අනුමත කර ඇති අතර, තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවයි ඔවුන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴
පොලී අනුපාත අඩු කළ හැකි බව මහ බැංකු අධිපති කියයි
(05.04.2023 – 08:15 +0530 – hirunews.lk/sinhala)
දේශීය ණය පිළිබඳ පැවති අහිතකර තත්වය ක්‍රමක් ක්‍රමයෙන් පහව යෑමත් සමඟ පොලී අනුපාත තවදුරටත් අඩුවනු ඇතැයි මහ බැංකුව තවදුරටත් විශ්වාසය පළ කරනවා.
මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනක එදිරිසිංහ මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදියි.
මේ එම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මූල්‍ය අරමුදලේ ණය භාවිත කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
“මේ වසරේ පළමු (1) කාර්තුවේ දී පුද්ගල අත්තිකාරම් ආදායම් බදු හෙවත් උපයන විට බද්ද මඟින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 25,577 ක් උපයාගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
ජනවාරි මාසයේදී පමණක් ආදායම් බදු ලෙස රුපියල් මිලියන 3106 ක් උපයා ගෙන ඇති අතර පෙබරවාරියේ රුපියල් මිලියන 10,540 ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. එමෙන්ම මාර්තු මාසයේදී රුපියල් මිලියන 11,931 ක් උපයාගෙන ඇති බවද එහි සඳහන් ෴
ඉන්දියාවෙන් තවත් බිත්තර මිලියනයක්
(05.04.2023 – 12:41 +0530 – hirunews.lk/sinhala)
ආනයනය කරන ලද බිත්තර අඩු මුදලකට බේකරි කර්මාන්තයට ලබාදුන්න ද බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට බේකරි හිමියන් කටයුතු කර නොමැති බවට ‘සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය’ චෝදනා කරනවා.
එහි ජාතික සංවිධායක නිලුක්ෂ කුමාර කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පාරිභෝගික අධිකාරිය, මැදිහත් වී එහි වාසිය ජනතාවට ලබාදිය යුතු බවයි.
මේ අතර, ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් දිවයිනට ළගා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ බිත්තර ලක්ෂ 10 රැගෙන ආ නෞකාව ඊයේ (04) රාත්‍රියේ කොළඹ වාරයට පැමිණි බවයි.
එලෙස ගෙන්වු බිත්තර ලක්ෂ 10 සමඟත් මේ වනවිට මෙරටට ආනයනය කළ මුළු බිත්තර ප්‍රමාණය ලක්ෂ 40 ක්.
ඉදිරියේ දී තවත් බිත්තර ලක්ෂ 10 ආනයනය කිරිමට නියමිත අතර, එලෙස ගෙන්වන බිත්තර සියල්ලම බේකරි නිෂ්පාදනයට සහ හෝටල්වලට පමණක් අලෙවි කරන බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, ගැස් මිළ අඩු කිරිමත් සමඟ, අද (05) මධ්‍යම රාත්‍රියේ සිට කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල සියයට 20 කින් අඩු කරන බව ‘සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ’ සභාපති අසේල සම්පත් කියා සිටියා ෴
බ්‍රිතාන්‍යයට ගෙන ගිය සිංහල පුස්කොළපොත් ඩිජිටල්කරණය කෙරේ
(05.04.2023 – 13:00 +0530 – hirunews.lk/sinhala)
යටත් විජිත සමයේ මෙරටින් බ්‍රිතාන්‍යයට රැගෙන ගිය පවතින සිංහල පුස්කොළපොත පොත් ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා පරමත්ත සංවිධානය හා බ්‍රිතාන්‍යය පුස්තකාලය ගිවිසුම්ගත වී ඇති අතර, වසර 5 ක් තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත බවයි එම සංවිධානයේ සභාපති ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමියන් සදහන් කළේ.
බ්‍රිතාන්‍යය තුළ සිංහල පුස්කොළපොත් 3000 කට ආසන්න සංඛ්‍යාවක් පවතින අතර, ඉන් වැඩිම එකතුවක් පවතින්නේ බ්‍රිතාන්‍යය පුස්තකාලය තුළ බව උන්වහන්සේ සඳහන් කළා.
දැනට සිංහල පුස්කොළපොත් 4 ක් ඩිජිටල්කරණය කර අන්තර්ජාලයට මුදා හැර ඇති අතර, ඒවා බ්‍රිතාන්‍යය පුස්තකාලයේ වෙබ් අඩවියෙන් හෝ https://www.paramaththa.org/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් පරිශීලනය කළ හැකි බව පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමියන් සඳහන් කළා ෴
පොහොර බෙදීමත් පෞද්ගලික අංශයට
(05.04.2023 – 13:04 +0530 – hirunews.lk/sinhala)
මේ වසරේ මහකන්නයට පොහොර බෙදාදීමේ කටයුතුවලින් රජය ඉවත් වී එය පෞද්ගලික අංශයට ලබාදීමට තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ජනතාවට අවශ්‍ය රසායනික පොහොර, කාබනික පොහොර, බීජ වර්ග හා අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීමට ගොවීන්ට මූල්‍යමය සහනාධාරයක් ලබාදෙන බවයි.
ඒ සඳහා ‘කිව්-ආර් ඛේතයක්’ සෑම ගොවියෙකුටම ලබාදීමට පියවර ගන්නා අතර, එමගින් අවශ්‍ය කෘෂි යෙදවුම් ලබා ගත හැකි බව, කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර, දීමනා ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හෙට (06) දිනයේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ‘සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහ සංගම් හා කාර්යාල හා ක්ෂෙත්ර නිලධාරින්ගේ සංගමය’ තීරණය කර තිබෙනවා ෴
මහවැලි ගඟේ ජලය අඩුවීමෙන් පවුල් 30,000 කට පානීය ජල හිඟයක්
(05.04.2023 – 13:25 +0530 – hirunews.lk/sinhala)
වර්ෂා රහිත කාලගුණය හේතුවෙන් මහවැලි ගඟේ ජලය අඩුවීම නිසා කුණ්ඩසාලේ, බලගොල්ල, දිගන, වරාපිටිය ඇතුළු අවට ගම්මානවල පවුල් තිස්දාහකට (30,000) පමණ උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දී සිටිනවා.
ගඟේ ජලය පොම්ප කර සපයා දුන්න ද පසුගිය දින කිහිපයේ එලෙස ලබාදීම සිදු නොවූ බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.
මේ අතර, අද (05) සිට ලබන 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ඉහලින් ඍජුවම හිරු මුදුන්වන අතර, තල්පේ, වැලිපිටිය සහ තිහගොඩ යන ප්‍රදේශවලට අද (05) දිනයේ හිරු මුදුන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴
මෙම වසරේ (2023) ඩෙංගු රෝගින් සංඛ්‍යාව ඉහළට
(05.04.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala)
මෙම වසරේ (2023) මුල් මාස 3 තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 19,877 ක් වාර්තා වී තිබෙනවා.
මේ අනුව පසුගිය මාර්තු මාසයේ රෝගීන් 5,109 ක්, පෙබරවාරි මාසයේ රෝගීන් 6,383 ක් සහ ජනවාරි මාසයේ රෝගීන් 7,393 ක් ලෙස වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.
මින් 43.8% ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.
පසුගිය වසරේ පළමු මාස 3 තුළ දී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 11,827 ක් ෴
ජූලි මාසයේත් බස් ගාස්තු සංශෝධනයක්
(05.04.2023 – 13:38 +0530 – hirunews.lk/sinhala)
ලබන ජුලි මාසයේ යළිත් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අමතර කොටස් මිල පහළ දමන්නේ නම්, එහි වාසිය ද මගී ජනතාව වෙත ලබාදිය හැකි බවයි.
අමතර ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් සේවකයන්ට ලබාදෙන මුදල් මෙන්ම අමතර කොටස් සඳහා වැය වන අධික මුදල් ඉතිරි කර ගත හැකි නම් ත්‍රිරෝද රථ ගාස්තු තවදුරටත් අඩු කළ හැකි බවයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ ෴
කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු කාලසීමාවේ වෙනසක්
(05.04.2023 – 13:41 +0530 – hirunews.lk/sinhala)
කොළඹ කොටස් හුවමාරුවේ දෛනිකව ගණුදෙනු සිදුකරන කාලසීමාව ලබන 10 වැනිදා සිට සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව පෙරවරු 09:30 සිට පස්වරු 02:30 දක්වා එම කටයුතු සිදුකරන බවයි එම හුවමාරුව නිවේදනය කළේ.
මීට පෙර පෙරවරු 10 සිට පස්වරු 1 දක්වා එම කටයුතු සිදුකෙරුණා
+
සමෘද්ධි සේවකයින් හෙට (06) වෘත්තීය ක්‍රියාමාර්ගයක
(05.04.2023 – 13:49 +0530 – hirunews.lk/sinhala)
සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහ සංගම් සහ කාර්යාල නිලධාරී සංගමය හෙට (06) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව පවසනවා.
ඒ බව ඔවුන් ප්‍රකාශ කළේ, මහනුවර පැවති මාධ්‍ය හමුවක දීයි.
සමෘද්ධි සේවක සංයුතියේ ගැටලු සහ දීමනා පිළිබඳ කළ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් තමන් මෙම ක්‍රියාමාර්ගයට එළැඹෙන බවයි එහිදී ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴