නීතිය ඉටු නොවුනොත් මෙරට හැර යන බව ඕමාන සමාගමක් දන්වයි
(04.04.2023 – 08:25 +0530 – hirunews.lk/sinhala)
කටාන – හල්පේ – කෝපියාවත්ත ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක හිමිකරුවෙකු වන ඕමාන ජාතිකයාට පහර දීම සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ඉටුනොවන්නේ නම් අදාළ ආයෝජකයින් සිය මෙහෙයුම් අත්හිටුවා, ශ්‍රී ලංකාවෙන් පිටවයාමට තීරණය කර ඇති බව මෙරට ඕමාන තානාපති අහමඩ් අලි ශහිඩ් අල් රාශ්ඩි විදේශ අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා.
පහරදීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සමීපතමයින් පිරිසකට චෝදනා වන අතර පහරකෑමට ලක් වූ අදාළ කර්මාන්තශාලාවේ හිමිකරු සමඟ මෙරට ඕමාන තානාපතිවරයා, විදේශ අමාත්‍යවරයා ඊයේ (03) හමුවී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දීයි.
අදාළ පහරදීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය අලි සබ්රි කණගාටුව පළකර තිබෙනවා.
කෙසේ වෙතත් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කඩිනමින් මුදා හැරීමට බඩල්ගම පොලිසිය කටයුතු කර ඇති බවයි මෙහිදී කර්මාන්තශාලාවේ කළමණාකාරීත්වය ප්‍රකාශ කර ඇත්තේ.
එහිදී විදේශ අමාත්‍යවරයා දුරකතනය ඔස්සේ පොලිස්පතිවරයා ද සම්බන්ධ කර විමර්ශන සම්බන්ධයෙන් විමසා තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් විදේශ අමාත්‍යවරයා හරහා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට ද මෙරට ඕමාන තනාපතිවරයා කටයුතු කර ඇති බව සඳහන්.
පසුගිය 29 වනදා අදාළ කර්මාන්තශාලාවේ තාප්පයෙන් පැන පුද්ගලයින් 5 දෙනෙකු එහි හිමිකරු සහ ආරක්ෂක නිලධාරියාට පහරදී තිබූණා ෴
ගිනි අවි නිෂ්පාදනය සහ ලඟ තබා ගත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(04.04.2023 – 07:24 +0530 – hirunews.lk/sinhala)
පල්ලේවෙලබැද්ද ප්‍රදේශයේ දී ඊයේ(03) මොණරාගල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් සිදුකළ වැටලීමක දී ගිනි අවි නිෂ්පාදනය කළ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු පල්ලෙවෙලබැද්ද ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 46 ක අයෙක්.
සැකකරු ප්‍රදේශයේ සිටින කම්මල්කරුවෙක් වන බවත් සැකකරු සන්තකයේ තිබී ගිනි අවි නිෂ්පාදනයට යොදා ගන්න යකඩ බට 03 ක්, ගිනි අවි අච්චු 02 ක් සහ ගිනි අවි නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රැසක් සොයාගත් බව පොලිසීය සඳහන් කරනවා.
දඹගල්ල පොලිසිය විසින් සැකකරු අද (04) දින සියඹලාආණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම, ඊයේ (03) දින පදවිය පොලිසියට ලද තොරතුරක් මත ද සිදුකළ වැටලීමක දී බෝහගවැව ප්‍රදේශයේ මෙරට නිශ්පාදිත ගිනි අවියක් ලඟ තබාගෙන සිටි වයස අවුරුදු 56 ක් වන අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් එම සැකකරු බෝහගවැව ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයෙකු වෙනවා.
පදවිය පොලිසිය විසින් සැකකරු අද (04) දින කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැල්ලවත්තේ දී දුම්රියක ගැටී කාන්තාවක් මරුට
(04.04.2023 – 07:27 +0530 – hirunews.lk/sinhala)
වැල්ලවත්ත ප්‍රදේශයේ ඊයේ(03) දින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දී දෙහිවල සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.
මියගිය කාන්තාව වයස අවුරුදු 21 ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය සඳහන් කරනවා.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර, වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴
සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අද (04) විරෝධතාවක
(04.04.2023 – 08:20 +0530 – hirunews.lk/sinhala)
සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අද (04) දහවල් කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් පැවැත්වෙන මෙම විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක දී අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ තිබුණා.
මේ අතර ජලසම්පාදන සේවකයින් අද (04) දින කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
වෛද්‍ය නිවාඩු දින වල සේවා ඉටු කිරීම වෙනුවෙන් ලබාදිය යුතු දීමනා ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම සංකේත වර්ජනය දියත් කරන බවයි ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක කියා සිටියේ.
+
ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් නිවාස 87,000 කට ජල කප්පාදුවක්
(04.04.2023 – 08:37 +0530 – hirunews.lk/sinhala)
ගතවූ දින කිහිපයක කාලයේ දී බිල් නොගෙවීම නිසා පවුල් 87,000 කට ජල සැපයුම් විසන්ධි කර ඇති බව නිදහස ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.
ඊයේ (03) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ විදුලි පාරිභෝජනය ද 20% කින් අඩු වී ඇති බවයි ෴
මුලතිව් සහ මාතලේ සිදුවූ රිය අනතුරුවලින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට
(04.04.2023 – 08:41 +0530 – hirunews.lk/sinhala)
මුලතිව් ප්‍රදේශයේ දී කෝකිලායි දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඊයේ (03) දින අනතුරකට ලක් වී තිබෙනවා.
යතුරු පැදිය එය ධාවනය කළ කාන්තාවට පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් අනතුරට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
යතුරු පැදියේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනාම (2) බරපතල තුවාල ලබා සෙන්මලේ රෝහලට ඇතුලත් කරන අවස්තාවේ දී යතුරුපැදිකාරිය මියගොස් තිබෙනවා.
මියගිය කාන්තාව වයස අවුරුදු 40 ක් වන සිලාවත්ත, මුලතිව් ප්‍රදේශයේ පදිංචිකාරියක්.
එමෙන්ම, ඊයේ (03) දිනයේ දීම මාතලේ නගරයේ දී පාර හරහා මාරු වෙමින් සිටි පුද්ගලයෙකු ද අනතුරට ලක් වී තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු මාතලේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගියා.
ඔහු කිරිමැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79 ක අයෙක් ෴
125,000 ඉක්ම වු සංචාරකයින් පිරිසක් මාර්තු මස දිවයිනට
(04.04.2023 – 08:48 +0530 – hirunews.lk/sinhala)
මාර්තු මාසයේ මෙරටට සංචාරකයින් 125,495 ක් පැමිණ තිබෙනවා.
2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ මෙම මාසයේ වීම විශේෂයත්වයක්.
රුසියාව, ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය සහ ප්‍රංශය මෙලෙස සංචාරකයින් පැමිණි රටවල් අතර ප්‍රධාන වෙනවා.
මේ වසරේ මෙරටට සංචාරකයින් මිලියන 1.5 ක් ගෙන්වීමට අපේක්ෂා කළ අතර එම අපේක්ෂාව මිලියන 2 දක්වා ඉහළ නංවා ඇති බවයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කළේ ෴
පාන් මිල අඩු කිරීම ගැන බේකරි හිමියන්ගේ අවධානය
(04.04.2023 – 08:57 +0530 – hirunews.lk/sinhala)
ගෑස් මිල අඩු වුවහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
බේකරි හිමියන් ගෑස් සහ දර භාවිතයෙන් සිය නිෂ්පාදන කටයුතු සිදු කරන අතර, මෙම තත්ත්වය හමුවේ තම සංගමය ඉදිරියේදී රැස්වී තීරණයක් ගන්නා බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළේ.
අවසන් වරට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කරනු ලැබුවේ පිටි කිලෝවක මිල රුපියල් 15 කින් අඩු කිරීමත් සමඟයි ෴
රියදුරු බලපත්‍ර ඇතුළු තවත් ව්‍යාජ ලේඛන සකස් කරන ස්ථානයක් සොයා ගැනේ
(04.04.2023 – 09:47 +0530 – hirunews.lk/sinhala)
නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිටුපස පවත්වාගෙන ගිය රියදුරු බලපත්‍ර ඇතුළු තවත් ව්‍යාජ ලේඛන සකස් කරන ස්ථානයක් සොයාගෙන තිබෙනවා.
එහිදී ව්‍යාජ ලෙස සකස්කර තිබූ රියදුරු බලපත්‍ර 20 ක්, බැංකු කාඩ්පත් 07 ක්, ආදායම් බලපත්‍ර 03 ක්, විවිධ පුද්ගලයින්ගෙන් සොරකම්කළ බවට සැකකෙරෙන හැදුනුම්පත් 04 ක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සිද්ධියට අදාළව එක් (1) පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ, සැකකරු විසින් දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයින් රවටමින් දහස් ගණන් මුදල් ලබාගෙන ව්‍යාජ බලපත්‍ර සකස්කර දී ඇති බවටයි ෴
වැල්ලවත්තේ දී දුම්රියක ගැටී කාන්තාවක් මරුට
(04.04.2023 – 07:27 +0530 – hirunews.lk/sinhala)
වැල්ලවත්ත ප්‍රදේශයේ ඊයේ(03) දින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දී දෙහිවල සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.
මියගිය කාන්තාව වයස අවුරුදු 21 ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය සඳහන් කරනවා.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර, වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴
යෝජිත මහබැංකු පනත ව්‍යවස්ථානුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
(04.04.2023 – 10:20 +0530 – hirunews.lk/sinhala)
යෝජිත ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දීමට අද (04) කථානායකවරයා කටයුතු කළා.
එමෙන්ම සංශෝධනවලට යටත්ව සරල බහුතරයකින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බව ද කථානායකවරයා පැවසුවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴