කටාන ඕමාන ඇඟලුම් කම්හලට එල්ල කළ ‘ම්ලේච්ඡ ඇමති මැර ප්‍රහාරය’ ට සම්බන්ධ රාජ්‍ය ඇමති වහා අත්අඩංගුවට ගත යුතුයි – විමල් වීරවංශ
(02.04.2023 – 11:04 +0530 – lankaleadnews.com)
= කටාන ඕමාන ඇඟලුම් කම්හලට එල්ල කළ ‘ම්ලේච්ඡ ඇමති මැර ප්‍රහාරය’ දැඩි සේ හෙළා දකිනවා – සිද්ධියට සම්බන්ධ රාජ්‍ය ඇමති වහා අත්අඩංගුවට ගත යුතුයි – විමල් වීරවංශ =
රාජ්‍ය අමාත්‍යවරයකුගේ මැර කණ්ඩායමක් කටාන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවත්වාගෙන යන, ඕමාන ආයෝජකයකුට අයත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකට කඩාවැදී එහි කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන ඕමාන ජාතිකයාට සහ ආරක්ෂක නිලධාරීන්ට පහරදී කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දේපළවලට අලාභහානි සිදුකිරීම හෙළාදකිමින් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත්කර තිබේ.
නිවේදනය පහළින් :
ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්තරා රාජ්‍ය අමාත්‍යවරයකුගේ මැර කණ්ඩායමක් කටාන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවත්වාගෙන යන, ඕමාන ආයෝජකයකුට අයත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකට කඩාවැදී එහි කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන ඕමාන ජාතිකයාට සහ ආරක්ෂක නිලධාරීන්ට පහරදී කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දේපළවලට ද අලාභහානි කර පලා ගොස් ඇතැයි මාධ්‍ය මගින් දැනටමත් අනාවරණය කර තිබේ. ශ්‍රී ලංකා රාජ්‍යයත් එහි ජනතාවත් දැඩි අපකීර්තියට පත් කරමින් සිදු කරන ලද මේ නින්දිත, ම්ලේච්ඡ ක්‍රියාව අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.
පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට අදාළ රාජ්‍ය අමාත්‍යවරයාගේ දැනුම් දීම මත ඔහුගේ ‘ගෝලයකු’ පසුගිය මාර්තු 30 වැනිදා ඉහත කර්මාන්ත ශාලාවට ගොස් ඇත්තේ තමන්ට අයත් වෑන් රථයක් කර්මාන්ත ශාලාවට කුලී පදනම මත ලබා දීමට අවශ්‍ය යැයි කියමිනි. මේ අවස්ථාවේ එම ඉල්ලීම ඉටු කිරීමට නොහැකි බව කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය දැනුම් දීමෙන් අනතුරුව ‘ඇමති ගෝලයා’ පාලනාධිකාරියට බැණ වැදී, තර්ජනය කර ඇත. එසේම පසුදින රාත්‍රියේ බලහත්කාරයෙන් කම්හල් පරිශ්‍රයට කඩාවැදී ඇති ඇමති මැරයන්, ආරක්ෂක නිලධාරියකුට පහර දෙමින්, එහි පිහිටි තම නිල නිවසේ සිටි කම්හල් කළමනාකාර අධ්යක්ෂවරයාට ද පහර දී ඔහුගේ නිවසේ දේපළවලට, වාහනයකට අලාභහානි කර පලා ගොස් ඇත.
දරුණු ආර්ථික අර්බුදයකට පත්ව සිටින රටක, ඵලදායී විදේශ ආයෝජන ඉල්ලා සිටින රටක, රාජ්‍ය පාලනය හා සම්බන්ධ ‘උකුණු හිසක තරම්වත් මොළයක් ඇත්තකු’ මෙවන් ක්‍රියා සඳහා අනුබල දෙන්නේ නැත. නමුත් විවෘත ආර්ථිකයත් සමග පැමිණි ‘බල්ලො මරා හෝ සල්ලි හොයන දේශපාලන සංස්කෘතිය’ තවමත් රජ කරනු ලබයි. මේ එහි නවතම ප්රතිඵලයයි. මෙවන් නිර්ලජ්ජිත සිදුවීම් අපට යළි යළිත් අවධාරණය කරනුයේ, එකී තුච්ඡ, නින්දිත දේශපාලන සංස්කෘතිය වෙනුවට තරුණ පරපුර ඉල්ලා සිටින ‘ආදර්ශය වපුරන දේශපාලන සංස්කෘතියක’ යළි ආගමනයයි.
තවද ඕමාන රජය තම ආයෝජන සමාගමකට ශ්‍රී ලංකාව තුළ දී උරුම වූ ඛේදනීය ඉරණම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසා ඇති මේ මොහොතේ, එම නින්දිත සිදුවීම පිළිබඳව අප ද මෙරට ජනතාව වෙනුවෙන් ඕමාන රජයට මෙන්ම අදාළ ආයෝජන සමාගමට අපගේ බලවත් කනගාටුව පළ කර සිටීමට ද මෙය අවස්ථාවක් කර ගන්නෙමු.
අවසන් වශයෙන් මෙම ම්ලේච්ඡ සිදුවීම යළිත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමින්, විමර්ශනවලදී හෙළිවී ඇති මෙම සිදුවීමට සෘජුව සබඳතාවක් පෙන්නුම් කරන අදාළ රාජ්‍ය අමාත්‍යවරයා ද වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට යොමු කරන ලෙස අදාළ බලධාරීන්ට අවධාරණය කර සිටින්නෙමු.
විමල් වීරවංශ (පා.ම.),
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2023-04-02
වඩුන්නාගල බෞද්ධ පුරාවිද්‍යා උරුමය රැකගන්න මැදිහත් වන්නැයි මහාචාර්ය චන්න ජයසුමන ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලයි
(02.04.2023 – 15:10 +0530 – lankaleadnews.com)
වඩුන්නාගල ඓතිහාසික බෞද්ධ උරුමය පිළිබඳව හා අද වන විට එම පුරාවිද්‍යා උරුමය බෙදුම්වාදී අන්තවාදීන් විසින් විනාශ කරමින් සිටීම පිළිබඳවත් දැනුවත් කරමින් ඒ සඳහා මැදිහත්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
මෙම පුරාවිද්‍යා ස්ථානයේ කිසිඳු ඉදිකිරීමක් නොකරන ලෙස අධිකරණයෙන් දන්වා තිබුනද පසුගිය දින කිහිපයේදී අන්තවාදී පිරිස් විසින් යම් යම් ආගමික ඉදිකිරීම් සිදුකරමින් සිටින බවද ඒ මහතා මෙමගින් පෙන්වා දී තිබේ.
අදාළ ලිපිය පහළින් :
තද වැසි ඉල්ලා සිදුනු වැවු පතුලේ පූජාවන් කරයි..
(02.04.2023 – 17:30 +0530 – lankacnews.com)
ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට තද වැසි ලැබෙන ලෙසට ප්‍රාර්ථනා කරමින් මස්කෙලිය ප්‍රදේශයේ සර්ව ආගමික නායකයින් විසින් මවුස්සාකැලේ ජලාශයේ (02) දින විශේෂ ආගමික වතාවන් රැසක් පවත්වනු ලැබුහ.
මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි ජලාශයට යට වු පැරණි මස්කෙලිය නගරයේ පන්සල , කොවිල, පල්ලිය මේ වන විට මතු වි ඇති අතර, එසේ මතු වු ආගමික ස්ථාන වෙත මෙසේ ආගමික වතාවන් පවත්වනු ලැබුහ.
මස්කෙලිය සහ නල්ලතන්නිය පොලිස් ස්ථාන වල නිලධාරින් , මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින් , කැනියොන් ජල විදුලි බලාගාරයේ ඉංජිනේරුවන් සහ සේවකයින්, මවුස්සාකැලේ ජලාශ වේල්ලේ ආරක්ෂක නිලධාරින් එක්ව මෙම ආගමික වතාවන් සිදු කරනු ලැබුහ.
ආගමික වතාවන් සිදු කිරිමෙන් අනතුරුව මවුස්සාකැලේ ජලාශයට වැඩම කල සර්ව ආගමික නායකයින්ට දානය පිලි ගැන්විමටද එම උත්සවය සංවිධානය කර පිරිස විසින් කටයුතු කර තිබුණි.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 50% පමණ පහල බැස ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.
+රංජිත් රාජපක්ෂ
+
+
මාස 2 ට පරිගණක අපරාධ 677 ක්
(01.04.2023 – silumina.lk)
මේ වසරේ පළමු මාස දෙක (2) තුළ පමණක් පරිගණක අපරාධ පැමිණිලි 677 ක් ලැබී ඇති අතර අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 27 කි. විදේශිකයන්ද ඒ අතර වූ බව පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රකාශකයෙක් ‘සිළුමිණ’ට කීය.
වසර 2022 දී අන්තර්ජාල අපරාධ පැමිණිලි 3,400 ක් ලැබී ඇති අතර විදේශිකයන් 25 දෙනෙක් ඇතුළු පුද්ගලයන් 263 ක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ. ඉන් 14 ක් නයිජීරියානු ජාතිකයන්ය.
එමෙන්ම ක්ෂණික ණය මුදල් ලබාදෙන මුවාවෙන් බැංකු ගිණුම් තොරතුරු සහ ජාතික හැඳුනුම්පතේ තොරතුරු ලබාගෙන ගිණුම්වල ඇති මුදල් වංචා කර තිබේ ෴
බරපතළ අපරාධකරුවන්ගෙන් සුළු වැරදිකරුවන් වෙන් කරයි
(02.04.2023 – 07:05 +0530 – hirunews.lk/sinhala)
බරපතළ අපරාධකරුවන් සමඟ සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වන රැඳවියන් මිශ්රවීම වළක්වා ගැනීම සඳහා වැඩපිලිවෙලක් සැකසෙමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ පිළිබඳව කමිටුවක් මගින් අධ්‍යයන කරමින් සිටින බවයි මහනුවර ඊයේ (01) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ෴
පේරාදෙණිය සරසවියේ ඇදුරන් සහ කාර්ය මණ්ඩලවලින් රුපියල් කෝටි 13 ක පොල්ලක්
(02.04.2023 – 07:06 +0530 – hirunews.lk/sinhala)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බැඳුම්කර සහ ගිවිසුම් කඩකරන ලද ආචාර්යවරුන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් 111 දෙනෙකුගෙන් අයවිය යුතු රුපියල් දහතුන් කෝටි දහ අට ලක්ෂ හැත්තෑඑක්දහස් හාරසීය පනස් හතරක (13,18,71,454) මුදලක් අයකර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2021 වසරට අදාළ වාර්ෂික වාර්තාවේ මේ බව දැක්වෙනවා.
කෙසේ වෙතත්, ඊට පිළිතුරු ලබාදෙමින් පාලනාධිකාරිය සඳහන් කර ඇත්තේ අදාළ වටිනාකම් අය කර ගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බවයි.
ඒ අනුව අර්ථසාධක අරමුදලේ ශේෂයන් මගින් බැඳුම්කර වටිනාකම් අය කර ගැනීම මෙන්ම බැඳුම්කර කඩකළ ආචාර්යවරුන් නඩු පැවරීම සඳහා නීති අංශ වෙත යොමුකර ඇති බව ද දක්වා තිබෙනවා.
ඊට අමතරව වසර තුනේ (3) සිට වසර 40 දක්වා කාලයක සිට විශ්වවිද්‍යාලයේ පීඨ 09 ක සිසුන්ගෙන් අයවිය යුතු ශාලා ගාස්තු සහ දඩ මුදල් රුපියල් 13,25,849 ක් 2021 වසරේ දෙසැම්බර් 31 වනදා වනවිටත් අයකර ගැනීමට කටයුතු කර නොමැති බව එහි සඳහන්.
එසේම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය සඳහා අනුමත ශිෂ්‍ය සංඛ්‍යාව, ලියාපදිංචි කළ ශිෂ්‍ය සංඛ්‍යාව සමඟ සැසඳීමේදී පසුගිය වසර 12 ක කාලය තුළ සිසුන් 218 ක ප්‍රමාණයක් අඩුවෙන් ලියාපදිංචි කර ඇති බවද විගණකාධිපති වාර්තාව මගින් පෙන්වා දෙනවා.
ඊට අමතරව, විගණකාධිපති වාර්තාව මගින් කලා පීඨයේ ගොඩනැගිලි 04 ක් සඳහා විදුලි සෝපාන සවි කිරීමේ කොන්ත්‍රාත්තුව රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට පටහැනිව ලබාදීමෙන් විශ්වවිද්‍යාලයට රුපියල් 20,79,143 ක මුදලක පාඩුවක් සිදුව ඇති බවද අනාවරණ කර තිබෙනවා ෴
ඇඟලුම් අපනයන ආදායම අඩුවෙයි
(02.04.2023 – 07:33 +0530 – hirunews.lk/sinhala)
කොවිඩ් වසංගත සමයේ ද කඩා නොවැටුණු ඇඟලුම් අපනයන ආදායම මේ වනවිට (02) අඩුවෙමින් පවතින බව මහ බැංකුවේ අලුත්ම නිවේදනයක් මගින් අනාවරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මේ බව අනාවරණ කර ඇත්තේ මාර්තු 31 වෙනි දින නිකුත් කරන ලද පසුගිය පෙබරවාරි මාසට අදාළ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය දැක්වෙන නිවේදනය මගින්.
2022 පෙබරවාරි මාසයේ ඇඟළුම් අපනයන ආදායම ඩොලර් මිලියන 496.4 ක් වී තිබූ අතර මෙම වසරේ පෙබරවාරි මාසයේදී එය ඩොලර් මිලියන 431.3 දක්වා පහත වැටී තිබෙනවා.
එසේම පසුගිය 2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේ (2) දී ඇඟලුම් අපනයනයෙන් ඩොලර් මිලියන 1012.5 ක් උපයාගෙන ඇති අතර මෙම වසරේ මුල් මාස දෙකේ (2) දී එය ඩොලර් මිලියන 855.7 දක්වා සියයට 15.5 කින් අඩු වී ඇති බවයි මහ බැංකු වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ෴
තහනම් කෘෂි රසායන ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට
(02.04.2023 – 09:21 +0530 – hirunews.lk/sinhala)
ආනයනය තහනම් කරන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) දිවුලපිටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විවිධ වර්ගයේ කෘෂි රසායන පැකට් 1950 ක් මෙහිදී සොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් 16,72,500 ක් බවයි පොලිසිය සඳහන් කළේ.
වයස අවුරුදු 40 සහ 45 වයස්වල පසුවන ඔවුන් වැල්ලවාය සහ දියතලාව ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.
එමෙන්ම බලපත්‍ර නොමැතිව කොතලහිඹුටු කොටස් කිලෝග්‍රෑම් 539 ක් කැබ් රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ද දිවුලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 35 හැවිරිදි කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴
ලංගමයට අලුතින් රියදුරන් 800 ක්
(02.04.2023 – 11:36 +0530 – hirunews.lk/sinhala)
ලංකා ගමනාගමන මණ්ඩලය රියදුරන් 800 දෙනෙකු සහ කොන්දොස්තරවරුන් 275 දෙනෙකු අලුතින් බඳවාගැනීමට පියවර ගෙන තිබෙනවා.
එහි සභාපති ලලිත් ද අල්විස් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ දැනට ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු පුරප්පාඩු 1,035 ක් පවතින බවයි.
එමෙන්ම කොන්දොස්තරවරුන් 450 දෙනෙකුගේ හිඟයක් පවතින බවද ඔහු සඳහන් කළා.
වාර්ෂිකව සිදු කෙරෙන සේවකයින් විශ්‍රාම ගැන්වීමට අදාළව මෙම නව බඳවාගැනීම් සිදු කෙරෙනවා ෴
වර්ජනයේ නිරත සරසවි ඇදුරන් තාවකාලික විසඳුමක් ඉල්ලයි
(02.04.2023 – 13:20 +0530 – hirunews.lk/sinhala)
සිය වෘත්තිකයින්ට අන්තර්කාලීන සහනයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව වෘත්තිය ක්‍රියමාර්ගය අතහැර උසස් පෙල පිලිතුරු පත්‍ර ඇගයීම ඇතුළු අනෙකුත් කාර්යයන් සඳහා සහභාගි වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ජාවක් ලබාදීමට ජනාධිපති ලේකම්වරයා පොරොන්දු වුවද ඒ සදහා මෙතෙක් ප්‍රතිචාර නොදැක්වීම මත අපහසුතාවයට පත්වන්නේ උසස් පෙල විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසු දරුවන් බවයි එම සම්මේලනය පෙන්වා දෙන්නේ ෴
හම්බන්තොට ලංකා ලුණු සමාගමට ඓතිහාසික ආදායමක්
(02.04.2023 – 13:22 +0530 – hirunews.lk/sinhala)
හම්බන්තොට ලංකා ලුණු සමාගම් ඉතිහාසයේ මසක් තුළ ඉපයූ වැඩිම ආදායම මෙම වසරේ මාර්තු මාසය තුළ දී උපයාගැනීමට හැකිවී තිබෙනවා.
එය රුපියල් මිලියන 700 ඉක්මවා ඇති බවයි හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ චමින්ද සූරියපටබැඳි කියා සිටියේ.
2023 ජනවාරි සහ පෙබරවාරි සහ මාර්තු මාසයේදී පමණක් මිලියන 110 කට වැඩි ආදායමක් උපයා තිබෙනවා.
2020 වසරේදී ලුණු ආනයනයට සීමා පැනවීම හේතුවෙන් මෙම ලාභය උපයා ගැනීමට හැකි වූ බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴