මහබැංකු සංශෝධන පනත් කෙටුම්පත විත්ති කූඩුවට නගියි

මහබැංකු සංශෝධන පනත් කෙටුම්පත විත්ති කූඩුවට නගියි


මහබැංකු සංශෝධන පනත් කෙටුම්පත විත්ති කූඩුවට නගියි

(23.03.2023 – 21:49 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකා මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම්
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අද (23) ආරම්භ කෙරුණා.

ඒ ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ දීයි.

ශ්‍රී ලංකා මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ සඳහන් ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා පෙත්සම් ගොනු කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිළ, විමල් වීරවංශ, පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ විශ්‍රාමික යුධ හමුදා කර්නල් අනිල් අමරසේකර ඇතුළු පාර්ශව විසින්.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.

“ස්වාමීනි, යෝජිත පනත් කෙටුම්පත තුළින් ශ්‍රී ලංකා මහ බැංකුව විධායකයේ පාලනයෙන් බැහැර වෙනවා. ඒ හරහා එම බැංකුව ශ්‍රී ලංකා රජයේ පාලනයෙන් ද ඉවත් වීමක් සිදු වෙනවා. මහ බැංකුව වෘත්තීය වශයෙන් ස්වාධීන වීම වැදගත් කරුණක්. එහෙත් එම බැංකුව ශ්‍රී ලංකා රාජ්‍යයේ පාලනයෙන් බැහැර වීම අනතුරුදායක තත්ත්වයක්. එය ජනතා පරමාධිපත්‍යයට ද පටහැනි ක්‍රියාවක්.”

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා පැවසුවේ යෝජිත පනත් කෙටුම්පත මගින් මහ බැංකු අධිපතිවරයාට මෙරට තුළ වෙනත් මුදල් ඒකක භාවිතා කිරීම සඳහා අවසර දීමට හැකියාව පවතින බවයි.

පෙත්සම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ යෝජිත පනත් කෙටුම්පත තුළින් මහ බැංකු අධිපතිවරයාට මෙන්ම නියෝජ්‍ය අධිපතිවරුන්ට එම බැංකුවෙන් නිදහස් වී දේශීය හා ජාත්‍යන්තර ආයතනවල සේවය කොට යළිත් පැමිණ ශ්‍රී ලංකා මහ බැංකුවට සම්බන්ධ වීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

එම කරුණ කෙරෙහි අවධානය යොමුකළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ද පෙන්වා දුන්නේ එම තත්ත්වය අනුමත කළ නොහැකි බවයි.

ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස විනිසුරුවරයා විසින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාට දැනුම්දීමෙන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට (24) දිනය තෙක් කල් තැබුණා ෴


IMF ඡන්දය නාමිකව

(23.03.2023 – 20:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි නාමිකව ජන්දය විමසන ලෙස ජනාධිපතිවරයා දැනුම් දි තිබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකගතා ලියවිල්ල සභාගත කරමින් ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශය අදාළ විවාදයේ දෙවන (2) දිනයට අද (23) එක්වෙමින්.

+


ගුරු විභාගය අධිකරණ නියෝගයකින් නවතියි

(23.03.2023 – 21:21 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවයේ සිටින උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පැවැත්වීමට නියමිත ව තිබූ තරග විභාගය අනිද්දා (25) දිනයේ දී නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ ඊට අදාළ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලැබීමත් සමගයි.

ඒ අනුව අනිද්දා (25) දිනයේ දී අදාළ ගුරු විභාගය නොපැවැත්වෙන බවට විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා ෴


බැසිල්ගෙයි සමන්ගෙයි හඬපට ‘ලීක්’ වෙයි

(23.03.2023 – 21:36 +0530 – hirunews.lk/sinhala)

මැයි 09 වැනිදා ගාලුමුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ විසින් මොරටුවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුට දෝෂාරෝපණය කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂය නියෝජිතයින් නෙලුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ විශේෂ හමුවකදීයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සහ මැයි පලමුවැනිදා (01) රැළිය සම්බන්ධයෙන් මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

එහිදී මොරටුවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු සහ බැසිල් රාජපක්ෂ අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් සම්බන්ධයෙන් ද මෙලෙස තොරතුරු වාර්තා වුණා.

+


අයි.එම්.එෆ්. සල්ලි ගත්තට හිටපු ජනපති මෛත්‍රීගෙන් රජයට ප්‍රශංසා

(23.03.2023 – 21:44 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සම්බන්ධයෙන් වත්මන් රජයට සිය ගෞරවය පුදකරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා කරන යෝජනා කඩාකප්පල් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් බවයි අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ.

+


රුපියල් කෝටියක (1,00,00,000) උඳු සහ කහ ගෙන ආ ව්‍යාපාරිකයෙකු ගැන විමර්ශන

(24.03.2023 – 07:29 +0530 – hirunews.lk/sinhala)

ආනයනය තහනම් උඳු, වියලි කහ සහ කහ කුඩු ඇතුළු ආහාර ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ පිටකොටුවේ ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන් රේගු ආදායම් අධීක්ෂණ අංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කඩල බව ප්‍රකාශ කරමින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ බහාළුම් දෙකක් (2) පරීක්ෂා කිරීමේ දී මේවා සොයා ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා සඳහන් කළේ.

කඩල කිලෝග්‍රෑම් 42,600 ක් අදාළ බහාළුම් තුල පවතින බවට රේගුවට ප්‍රකාශ කර තිබුණද, සැබැවින්ම එහි අඩංගුව තිබී ඇත්තේ කඩල කිලෝග්‍රෑම් 5,390 ක් පමණක් බව සඳහන්.

රේගුවට ප්‍රකාශ නොකළ උඳු කිලෝග්‍රෑම් 19,510 ක්, වියලි කහ කිලෝග්‍රෑම් 4,500 ක් සහ කහ කුඩු කිලෝග්‍රෑම් 4,900 ක් අදාළ බහාළුම්වල තිබී සොයාගෙන තිබෙනවා.

ඒවායේ වටිනාකම රුපියල් 97,82,037 ක් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඊට අදාළව රජයට අහිමි වී ඇති බදු මුදල රුපියල් 92,40,600 ක් බවට තක්සේරු කර තිබෙනවා.

ඒ අනුව එම භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 20 කට අධික බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, ඒ-ෆෝ වර්ගයේ කඩදාසි බව පවසමින් කාම්බෝජයේ සිට සෝමාලියාව බලා ප්‍රතිඅපනයනය සඳහා කොළඹ වරායට පැමිණ තිබූ බහාළුමක තිබී රුපියල් කෝටි 60 ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.

කොළඹ වරාය හරහා මෙම දුම්වැටි නීතිවිරෝධීව ජාත්‍යන්තර වෙළඳපොලට වංචනිකව ජාවාරම් කර ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා විදේශීය ආයතනවල සහය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා කියා සිටියේ ෴


අයියා සහ නංගී සැඩ ජල පහරකට හසුවෙයි

(23.03.2023 – 22:04 +0530 – sinhala.adaderana.lk)

කුඩා දිය පහරකින් එගොඩවීමට ගිය එකම පවුලේ දරුවන් දෙදෙනෙක් (2) දියේ ගසාගෙන ගොස් තිබේ.

අද (23) සවස ඇතිවූ අධික වර්ෂාවත් සමග ගලාආ සැඩ පහරකට හසුවී එම දරුවන් දෙදෙනා (2) මෙම අනතුරට මුහුණ දී ඇත.

හාලිඇළ පොලිස් වසමට අයත් බෝගොඩ ගම්මානයේ පදිංචි එම දරුවන් දෙදෙනා (2) මෙම අනතුරට මුහුණදී තිබුණේ, බෝගොඩ – හළාඹ මාර්ගය හරහා ගලායන දිය පහරකදීය.

10 හැවිරිදි යසිදු උමේස් සත්සර (අයියා) සහ 08 හැවිරිදි දස්මි නදීකා (නංගි) මෙම අනතුරට මුහුණදී තිබුණේ‍ කුලීවැඩ සඳහා නිවසින් පිටවගිය අම්මා නැවත නිවසට පැමිණිම පමාවු නිසා ඇය පිළිබඳ සොයාබැලීම සඳහා ගිය අවස්ථාවේදීය.

සැඩ ජල පහරට ගසාගෙන ගිය දරුවන් සොයා පොලීසිය ගම්වාසීන් සමග එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබේ ෴


IMF මුදල් නිසා මෙරට පොලී අනුපාත පහළ යයි – මහ බැංකු අධිපති

(23.03.2023 – 20:22 +0530 – sinhala.adaderana.lk)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විස්තීර්ණ ණය පහසුකම ඉදිරියේදී මෙරට පොලී අනුපාත පහළ යෑමට ඉවහල් වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

‘අද දෙරණ’ සමග පැවති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ මෙම ණය පහසුකම නොලැබුණේ නම් රජයට වැඩි පොලියට අරමුදල් සපයාගැනීමට සිදුවන බවය.

තෙවන (3) හෝ සිව්වන (4) කාර්තුව වනවිට මෙරට උද්ධමනය තනි අගයකට ළගා කරගැනීමට හැකියාව පවතින බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

+


කළුතර දකුණ ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ට පහරදී මුදල් කොල්ලකයි

(23.03.2023 – 14:52 +0530 – sinhala.adaderana.lk)

කළුතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීප ඥාතියෙකු ඇතුළු පිරිසක් විසින් තමන්ට පහරදී මුදල් සහ ගෙල බැඳි රන් මාලය පැහැරගත් බව පවසමින් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කළුතර දකුණ පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

කෙසේවෙතත් එම ව්‍යාපාරිකයා පවසන්නේ මෙතෙක් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලීසිය අසමත්වී ඇති බවය.

කළුතර දකුණ ප්‍රදේශයේදී පසුගිය 10 වනදා මෙම පහරදීම සිදුවී තිබුණි.

එහිදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි එම ව්‍යාපාරිකයාට හා ඔහුගේ සහෝදරයාට 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ පහරදීමක් සිදුකර ඇති බව ඔවුන් පැවසීය.

එම අවස්ථාවේදී පහරකෑමට ලක්වූ ව්‍යාපාරිකයා ගමන්ගත් මෝටර් රථයේ තිබූ රුපියල් ලක්ෂ 12 ක පමණ මුදලක්ද එම කණ්ඩායම විසින් පැහැරගෙන ගොස් ඇති බවට ව්‍යාපාරිකයා චෝදනා කරයි.

අනතුරුව ප්‍රභූ පුද්ගලයන් වෙත ලබාදෙන, දුරකථන අංකය සඳහන් නොවන ‘නෝ කෝලර් අයි.ඩී’ ලෙස සඳහන් දුරකථන අංකයකින් අදාළ ව්‍යාපාරිකයාට පුද්ගලයෙකු විසින් තර්ජනය කර ඇත්තේ පොලීසියට ඒ පිළිබඳව පැමිණිලි නොකරන ලෙස දන්වමිනි.

පහරකෑමට ලක්වූ ව්‍යාපාරිකයා සඳහන් කළේ,

“මම, මගේ මල්ලි සමග මගේ පුතාව පාසලෙන් රැගෙන එන්න ගියා. ඒගොල්ලෝ ගාල්ලේ චාරිකාවක් ගිහින් තිබුණේ. මම ගෙදරින් පිටත්වෙලා මීටර් 200 ක් විතර යනකොට මෝටර් රථ 3 ක් ඇවිත් මගේ වාහනය හරස් කරලා නතර කළා. පුද්ගලයින් 12 ක් විතර වටවුණා.”

“දොර අරින්න කියලා පොලුවලින් මගේ කාර් එකට ගැහුවා. එක්කෙනෙක් ඇවිත් පිස්තෝලයක් පෙන්නලා කිව්වා දොර අරින්න කියලා. මම අන්ලොක් කළා. මල්ලිගෙ පැත්තෙන් දොර ඇරලා මල්ලිට යකඩ පොලුවලින් ගැහුවා. පස්සේ මටත් ගැහුවා. ඒ වෙලාවේ මගේ කරේ තිබුණු රන් මාලයත් කඩා ගත්තා. ඒ වෙලාවේ මගේ කාර් එකේ රුපියල් ලක්ෂ 15 ක මුදලක් තිබුණා. ඒකෙන් ලක්ෂ 12 ක් විතර ඇදලා ගත්තා.”

+


REBUILD SRI LANKA – රටේ රාජ්‍ය සේවය උපරිම කාර්‍යක්ෂමතාවයකින් සේවයක් සිදුවෙනවාද? (23.03.2023)

+


23-03-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *