අනිද්දා (08) පැවැත්වීමට සැළසුම්කර ඇති දීප ව්‍යාප්ත වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට වෘත්තීය සමිති හෙට (07) රැස්වේ

අනිද්දා (08) පැවැත්වීමට සැළසුම්කර ඇති දීප ව්‍යාප්ත වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට වෘත්තීය සමිති හෙට (07) රැස්වේ


අනිද්දා (08) පැවැත්වීමට සැළසුම්කර ඇති දීප ව්‍යාප්ත වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට වෘත්තීය සමිති හෙට (07) රැස්වේ

(06.03.2023 – 19:43 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (08) පැවැත්වීමට සැළසුම්කර ඇති දීප ව්‍යාප්ත වර්ජනය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් රාජ්‍ය, අර්ධ රාජ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිතිවල නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දැනුම්දෙන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

මෙම වර්ජනයට සමඟාමීව අනිද්දා (08) එක්දින (1) සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සමස්ථ ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා ෴

+


පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහභාගි වූ රැස්වීමක් උණුසුම් වෙයි – වේදිකාවට පිරිසක් කඩා වදී

(06.03.2023 – 19:55 +0530 – hirunews.lk/sinhala)

‘නිරායුධ නිර්පාක්ෂික අරගලය – ජනතා විප්ලවයක් කරා’ යන තේමාව යටතේ අද (06) පස්වරුවේ කොළඹ දී වැඩසටහනක් පැවැත්වුණා.

ඊට විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකායි.

එහිදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අදහස් දැක්වීමෙන් පසුව ඊට එක්ව සිටි පිරිසක් කියා සිටියේ මෙම වැඩසටහන නිර්පාක්ෂික නොවන බවයි.

ඒ සමඟම ඔවුන්ගෙන් පිරිසක් ඊට විරෝධය පළ කිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

+


පොල්කිරිවලිනුත් ඩොලර් මිලියන 150 ක ආදායමක්

(06.03.2023 – 20:53 +0530 – hirunews.lk/sinhala)

මෙරට පොල්කිරි සඳහා විදේශ වෙළඳපලේ වැඩි ඉල්ලුමක් පවතින බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා.

පසුගිය වසරේදී පමණක් මෙට්‍රික් ටොන් 40,000 ක පොල් කිරි අපනයනය කළ බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක සරත් එදිරිසිංහ සඳහන් කළේ.

එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 150 ක මුදලක් උපයාගෙන තිබෙනවා.

ජර්මනිය, ඉතාලිය ආදි රටවලින් මෙරට පොල්කිරි සඳහා වැඩි ඉල්ලුමක් පවතින බවයි වාර්තා වන්නේ ෴


පවුල් ආරවුල් හේතුවෙන් ජිවිතයෙන් වන්දි ගෙවන දරුවන්

(06.03.2023 – 22:59 +0530 – hirunews.lk/sinhala)

සිය දිවි හානි කරගැනීමේ අරමුණින් මවක් සිය ආබාධිත දරු දෙදෙනා (2) සමඟ ළිඳකට පැනීමේ පුවතක් කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයෙන් වාර්තාවනවා.

සිද්ධියෙන් වැඩිමහල් දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර මව සහ අනෙක් දරුවා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.

කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මවක් සිය ආබාධිත දරු දෙදෙනා (2) සමඟ සියදිවි හානි කරගැනීම සඳහා ළිඳකට පැන තිබුණේ ඊයේ (05) දිනයේයි.

සිද්ධියෙන් 21 හැවිරිදි ආබාධිත දරුවා ජීවිතක්ෂයට පත්වූ අතර 9 හැවිරිදි අනෙක් දරුවා සහ මව බේරාගෙන රෝහල් ගත කර තිබෙනවා.

සිවිල් ආරක්ෂක භටයෙකුවන දරුවන්ගේ පියා ඊයේ (05) රාජකාරියට ගොස් යළි නිවසට පැමිණි අවස්ථාවේ පසක් වී ඇත්තේ බිරිද සහ දරුවන් නිවසේ නොමැති බවයි.

පසුව සොයා බැලීමේදී නිවස ආසන්නයේ ළිඳේ වැටී සිටියදී ඔවුන් හමු වී තිබෙනවා.

දින කිහිපයකට පෙර සැමියා සහ බිරිඳ අතර ආරවුලක් ඇතිවී ඇත්තේ දරුවන්ගේ ආබාධිත තත්ත්වය මුල්කර ගෙනයි.

එම ආරවුල සහ මානසික ආතතිය හේතුවෙන් මව දරු දෙදෙනා (2) සමග මෙලෙස සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

පවුල් ආරවුල්, ආර්ථික අපහසුතා වැනි කරුණු මුල්කරගෙන මව්පියන් විසින් දරුවන්ද සමග සිය දිවි නසා ගැනීමේ සිදුවීම් කිහිපයක් පසුගිය දිනවල වාර්තා වුණා.

ඒ අතරින් ගිරිඋල්ල ප්‍රදේශයේ මවක් සිය දරු දෙදෙනාට (2) වස පොවා ඇයද වස පානය කිරීමේ සිදුවීමත්, මාවනැල්ලේදී දරු දෙදෙනා (2) ඝාතනය කර සිය දිවි නසා ගත් පියෙකු පිළිබදවත් අසන්නට ලැබුණේ මේ සම්බන්ධව සමාජයේ අවධානයට යොමු කරමින්.

ඊට අමතරව සැමියා සමඟ ඇති වූ ආරවුලකින් පසු මව විසින් අවුරුදු එක හමාරක් (1½) වයසැති සිය සිඟිති දියණිය ඉස්සන් කොටුවකට තල්ලු කිරීමේ පුවතක්ද හලාවත ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පවුල් ආරවුල්, ආර්ථික අපහසුතා වැනි හේතු මත දෙමාපියන්ට අමතරව දරුවන්ට එහි ගොදුරක් බවට පත්වීමට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයක් නොවේද?

https://www.youtube.com/watch?v=aYzpHd9FUS4

+


06-03-2023

+


වීරකැටිය පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු හා වීරකැටිය අත්තනයායේ පවුලක සාමාජිකයන් පිරිසක් අතර ලොකු ගැටුමක්

(06.03.2023 – 08:44 +0530 – lankadeepa.lk)

වීරකැටිය පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු හා වීරකැටිය අත්තනයායේ පවුලක සාමාජිකයන් පිරිසක් අතර අද (06) සවස ඇති ව තිබූ ගැටුමකින් අනතුරුව ගැටුමට මැදි වූ අයකු සපා කෑමෙන් උප පොලිස් පරීක්ෂකවරයකුගේ කන් දෙකම (2) අහිමි වී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.

ගැටුම අතර තුරදී කන් දෙක (2) සපා කෑමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇතැයිද පොලීසිය කියයි.

ගැටුමෙන් පොලිස් නිළධාරීන් 05 දෙනකු හා සිවිල් වැසියන් දෙදෙනකු (2) තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. සිවිල් වැසියන් දෙදෙනා (2) සහ පොලිස් නිළධාරීන් සිවු (4) දෙනකු තංගල්ල මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිති.

වීරකැටිය පොලීසියේ නිළධාරීන් පිරිසක් වීරකැටිය පොලිස් වසමේ ගෝනදෙනිය ප්‍රදේශයේ කසිප්පු වැටලීමකට ගොස් නැවත එන අතර තුරදී අත්තනයායේ ප්‍රදේශයේ මාර්ගයේ රැදී සිටි කිහිප දෙනකු පරීක්ෂාවට ලක් කොට තිබේ. ඒ අතර තුරදී තරුණයන් දෙදෙනෙකු (2) හා පොලිස් නිළධාරීන් අතර බහින් බස් වීමක් ඇති වූ බවට තොරතුරු තිබේ. අනතුරුව එය ගැටුමක් බවට පත්ව තිබේ.

+++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *