නිදහස් උළෙලේ පෙරහුරු දින 05 ක් – කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

නිදහස් උළෙලේ පෙරහුරු දින 05 ක් – කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්


නිදහස් උළෙලේ පෙරහුරු දින 05 ක් – කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

(27.01.2023 – 19:56 +0530 – hirunews.lk/sinhala)

නිදහස් දිනය හා ඊට සමඟාමීව සිදු කරන පෙරහුරු හේතුවෙන් ගාලු මුවදොර හා කොළඹ මාර්ග රැසක විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කළා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බස්නාහිර රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ සඳහන් කළේ, හෙට (28) අනිද්දා (29) හා පෙබරවාරි 1, 2, 3 සහ 4 යන දිනයන්වල උදෑසන 5 සිට දහවල් 12 දක්වා මෙම විශේෂ රථවාහන සැළැස්ම ක්‍රියාමත්මක බවයි.


මුතුරාජවෙල මායිම් ලකුණු කිරීමට ආණ්ඩුවට මාස 03 ක් කල්දෙයි

(27.01.2023 – 19:51 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල රක්ෂිත ප්‍රදේශයට අදාළ මායිම් සලකුණු කිරීමේ කටයුතු නිම කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් අද (27) රජයට මාස තුනක (03) කාලයක් ලබා දුන්නා.

ඒ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ විසින් ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් (2) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

මුතුරාජවෙල රක්ෂිත කලාපය තුළ නීති විරෝධී ක්‍රියා සිදුවන බැවින් එය සුරක්ෂිත කිරීම සඳහා මායිම් සලකුණු කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝග නිකුත් කරන ලෙසයි අදාළ පෙත්සම් මගින් ඉල්ලා ඇත්තේ ෴


කාදිනල් හිමියන්ගේ පෙත්සම විභාගයට ගැනීමට අවසර

(27.01.2023 – 19:39 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළව, ජනාධිපති පරීක්ෂණ කොමිසම, පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදුකර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට අභියාචනාධිකරණය අද (27) දින නියම කළා.

ඒ අනුව ලබන මැයි මස 19 වනදා අදාළ පෙත්සම සළකා බැලීමට නියමිතයි.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද (27) කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රූකාන්ත අබේසූරිය අධිකරණයට දන්වා සිටියේ මෙවැනි ගැටලු‍ සම්බන්ධයෙන් සොයා බලනු ලබන්නේ ජාතික පොලිස් කොමිසම වන අතර, ජාතික පොලිස් කොමිසම මෙම පෙත්සමේ සාමාජිකයෙකු වශයෙන් නම් කර නොමැති බවයි.

ඒ අනුව අදාළ පෙත්සම සංශෝධනය කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට අභියාචනාධිකරණය අවසර දුන්නා.

මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළ නඩුව විභාගවන අවස්ථාවේදී විත්ති කූඩුවට නැගීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අද (27) අවවාද කරනු ලැබුවා.

ඉන් අනතුරුව ඔහු විත්ති කූඩුවට නැගුණු බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමන් ඇතුළු දෙදෙනෙකු (2) විසින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද (27) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගනු ලැබුවා.

එහිදී හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැගීමකින් තොරව පිටත රැඳී සිටි අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න ඊට විරෝධය පළකළා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා කියා සිටියේ සිය සේවා දායකයා වෙනුවෙන් පවරා ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගැනීම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්තිකූඩුවට නැගීමක් සිදු නොකළ බවයි.

කෙසේ වෙතත් අභියාචනාධිකරණය විසින් තම අධිකරණයට නියෝග කර ඇත්තේ සැකකරුට චෝදනා පත්‍රය කියවාදී නඩුවේ ඉදිරි කටයුතු යළි අභියාචනාධිකරණ තීන්දුවක් ලබාදෙන තුරු වැළැක්වීම මිස ඔහුට විත්ති කූඩුවට නොනගින ලෙස නියෝගයක් නොවන බවයි මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ.

ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැග ඇති අතර, නඩුව යළි මාර්තු 17 වනදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා ෴


පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

(27.01.2023 – 15:24 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළව වසර තුනක (3) කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ‘මොහොමඩ් ඊබ්‍රහිම් ස්මයිල්’ට ඇප ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීමක් අද (27) කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළා.

විත්තිකාර පාර්ශවයේ නීතිඥවරුන් මෙම ඉල්ලීම අද (27) සිදුකළ අතර කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් එය ප්‍රතික්ෂේප කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරයේ තොරතුරු දැනගෙන ඒ පිළිබඳ පොලිසිය දැනුම් නොදීම ඇතුළු අධි චෝදනා යටතේ සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබුණා.

+


පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ – නව සැසිවාරය පෙරබවාරි 08

(27.01.2023 – 16:07 +0530 – hirunews.lk/sinhala)

නව වන පාර්ලිමේන්තුවේ තුන්වන (3) සැසිවාරය අද (27) මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිතව ඇති අතර එහි යළිත් නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කෙරෙන ලබන පෙබරවාරි 08 වනදා ලෙස දක්වා ඇති බවයි වාර්තාවන්නේ.

මෙලෙස පාර්ලිමේන්තු සැසිවාරයක් අවසන් කිරීමෙන් පසු ආරම්භ වන නව සැසිවාරයේදී තේරීම් කාරක සභා නැවත පත්කළ යුතු වනවා.

කෙසේ වෙතත්, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, වාර අවසාන කළ අවස්ථාවක වූව ද අඛණ්ඩව ක්‍රියාත්මකයි.

මීට පෙර ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය වසරේ ජුලි 28 වනදා පාර්ලිමේන්තුව වාර අවසාන කළ අතර තුන්වන (3) සැසිවාරය යළි ආරම්භ වූයේ පසුගිය වසරේ අගෝස්තු 08 වනදායි ෴


මණ්ඩලේ කඩලා විකුණමු ද? නැත්නම් හදලා ගොඩගමු ද? (26.01.2023)

+


“බැසිල්ගෙ පොහොට්ටුව මේ ඡන්දෙදි බිංදුවට වැට්ටිය යුතුයි” (27.01.2023)

+


ස්වාධීන කපුටු පැටව් අයිති කාටද? (27.01.2023)

+


26.01.2023

+


මේ රට කෑලි 9 කට කඩන්න දෙන්නේ ඉඩ දෙන්නේ නෑ නෑමයි.. හිටපු ජනාධිපති ඉදිරියේ මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් කියයි (2023-01-27 සිරස පුවත්)

+


ලියාපදිංචි නොකළ ජංගම දුරකතන පාර්සල් බෙදන්නන් හරහා ගෙන්වන ජාවාරමට තිත – ඇමැති මනුෂ මැදිහත් වෙයි

(28.01.2023 – dinamina.lk)

රජයේ බදු ආදායම අහිමි කරමින්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස ලියාපදිංචි නොකළ ජංගම දුරකතන පාර්සල් බෙදාහරින්නන් හරහා ගෙන්වන ජාවාරමට තිත තැබීමට ඇමැති මනුෂ නානායක්කාර මහතා මැදිහත් වෙයි.

පාර්සල් බෙදාහරින්නන් හරහා සංවිධානාත්මක ලෙස, ලියාපදිංචියක් නැතිව ජංගම දුරකතන මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ජංගම දුරකතන ආනයනකරුවන්ගේ එකමුතුව ඇමැති මනුෂ නානායක්කාර මහතාට කරුණු පැහැදිලි කිරීමෙන් පසු අදාළ ගැටලු මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මනුෂ නානායක්කාර ඇමැතිවරයා පියවර ගත්තේය.

මේ කරුණු හෙළිදරව් කර ඇත්තේ ජංගම දුරකථන ආනයනකරුවන්ගේ එකමුතුව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා සමඟ ඊයේ (27) පැවැත් වූ සාකච්ඡාවකදීය. එහිදී ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගත යුතු බවත් ජංගම දුරකථන ආනයනකරුවන්‌ගේ සංගමය පවසා තිබේ.

2021 වසරේ දී මෙලෙස ජංගම දුරකතන ආනයනය කිරීම නිසා අමෙරිකානු ඩොලර් මිලියන 220 ක මුදලක් නීති විරෝධී ලෙස ‘උණ්ඩියල්’ ක්‍රමය හරහා රටින් පිටව ගොස් ඇති බවත්, එමඟින් රජයට අහිමි වී ඇති බදු ආදායම රුපියල් බිලියන 7.8 ක් වෙතැයි තක්සේරු කරන බවත්, ජංගම දුරකතන ආනයනකරුවන්ගේ එකමුතුව ඇමැතිවරයා හමුවේ පවසා තිබේ.

මේ ආකාරයට ලියාපදිංචියක් නැතිව ජංගම දුරකතන ආයනයනය කිරීම ජාතික ආරක්ෂාවට ද බලපාන බවත්, මේ ජංගම දුරකතන සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලබාගැනීමට හැකියාවක් නැති බවත් ආනයනයකරුවන් ඇමැතිවරයාට පෙන්වා දී තිබේ.

රටේ බදු ආදායමටත්, ජාතික ආරක්ෂාවටත් බලපාන, නීති විරෝධී ආකාරයට ජංගම දුරකතන ආනයනය කිරීම් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉදිරිපත් වූ ඉල්ලීම් පිළිබඳ ද අවධානය යොමු කර මුදල් රාජ්‍ය ඇමැතිවරයාත්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් සම්බන්ධ කර ගනිමින් ඉදිරි පියවර ගැනීමට කටයුතු කළ බවත් ඇමැති මනුෂ නානායක්කාර මහතා පැවැසීය ෴


රනිල් කොහොමද 13+ දෙන්නේ – අරගලයෙන් පසු ක්‍රියාත්මක වෙන්නෙ plan B – Dr Wasantha Bandara (18.01.2023)

+


නිදහස් ජනතා සන්ධානයේ ප්‍රචාරක කටයුතු එළිදැක්වීමේ අවස්ථාව (27.01.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *