‍නානුඔයේ දී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් 7 ක් මරුට – 51 කට තුවාල

නානුඔයේ දී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් 7 ක් මරුට – 51 කට තුවාල


නානුඔයේ දී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් 7 ක් මරුට – 51 කට තුවාල

(20.01.2023 – 19:40 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය – නානුඔයේ දී මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන්.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික්ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ පවුලේ චාරිකාවකට එක් ව සිටි පිරිසක් රැගත් වෑන් රියක් බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය – නානුඔය මාර්ගයේ බස් රථයකට ගමන් කිරීමට ඉතා අපහසු රදැල්ල බෑවුම් පෙදෙසින් දික්ඔය දෙසට අදාළ බස් රථය වේගයෙන් පැමිණීමත් සමග, බෑවුම් ප්‍රදේශයේ දී බස් රථයෙහි තිරිංග යෙදීමට රියදුරු උත්සාහ කළ ද, තිරිංග අක්‍රීය වී ඇති බවයි දැනට ලැබෙන ආරංචි මාර්ගවලින් අනාවරණය වී ඇත්තේ.

බස් රථයෙහි තිරිංග තද නොවීම මත, පහළ බෑවුම දෙසින් ආ වෑන් රියෙහි ගැටී, බස් රිය විසි වී ගොස්, වෑන් රියට පසුපසින් ආ ත්‍රිරෝද රථයක ද ගැටී මාර්ගයේ එක් පසෙකට මීටර් 50 ක් පමණ ඇදී ගොස් තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව ගැන මෙතෙක් නිශ්චිත ව තහවුරු වී නැති බව එහි සිටින අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

අනතුරින් බස් රථයේ ගමන් කළ කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුව නැති අතර, දැඩි හානි සිදුව ඇත්තේ වෑන් රියෙහි ගමන් කළ පිරිසට බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.

කෙසේවෙතත් සිද්ධිය සිදු වූ ස්ථානයට මේ වනවිට නානුඔය පොලිසියෙන් පැමිණ විමර්ශන ආරම්භ කර ඇති අතර, තුවාල ලැබූ හා ජීවිතක්ෂයට පත්වූවන් රෝහල්ගත කිරීමේ මෙහෙයුම් කඩිනමින් සිදුවෙමින් පවතින බවත් වාර්තා වනවා.

නානුඔය – රදැල්ල බෑවුම් ප්‍රදේශයේ දී පෙර බස් රියක් සහ වෑන් රියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවට රෝහල් ආරංචි මාර්ග තහවුරු කරනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෑන් රියෙහි පැමිණි සාමාජිකයින් බවයි වාර්තා වන්නේ.

අනතුරින් පුද්ගල‍යින් 51 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

[ https://www.youtube.com/watch?v=H10xsYRwdZc ]

+

https://www.youtube.com/watch?v=CfTrQp3fEj0

+

[ https://www.youtube.com/watch?v=rQ11XnfaZwU ]

+

+

+

+

+

+

+


කොළඹ ස්ථාන දෙකක (2) අද (20) විරෝධතා

(20.01.2023 – 19:14 +0530 – hirunews.lk/sinhala)

රජය මගින් යෝජිත නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් අද (20) වෘත්තීවේදීන් ඇතුළු පාර්ශව කිහිපයක් කොළඹ ස්ථාන දෙකක (2) දී විරෝධතා දියත් කරනු ලැබුවා.

එක් විරෝධතාවක් කොළඹ නෙළුම් පොකුණ අසලින් පැවැත්වුණු අතර එය සංවිධාන කර තිබුණේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තීයවේදින් පිරිසක්.

ඔවුන් පාගමනින් මුදල් අමාත්‍යංශය වෙත පැමිණීමට සැළසුම්කර තිබූ නමුත් පොලිසිය නෙළුම් පොකුණ රඟහල අසළින් ඔවුන්ට විරෝධතාව ආරම්භ කිරීමට ඉඩ ලබාදුන්නේ නැහැ.

පසුව ඔවුන් එම ස්ථානයෙන් විසිර ගිය අතර මේ එහිදී වෛද්‍ය පීඨ ආචාර්වරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජික මහාචාර්ය ඉන්දික කරුණාතිලක අදහස් දැක්වූවා.

මේ අතර වෛද්‍යවරුන් , බැංකු සේවකයින්, සහ විදුළිබල මණ්ඩල සේවකයින් ඇතුළු වෘත්තීයවේදින් පිරිසක් තවත් විරෝධතාවක් අද (20) මුදල් අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වුවා.

මේ හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමීමටයි පොලිසිය පියවර ගෙන තිබුණේ ෴

+++++++

+

+

+


මාස කිහිපයකදී ලක්ෂ 20 ක විදුලිය විසන්ධි කෙරේ

(20.01.2023 – 19:23 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය මණ්ඩලය මගින් යෝජනා කළ පරිදි විදුලි ගාස්තු සංශෝධනය කඩිනමින් සිදුකිරීමට තමන් විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.

කෙසේ වෙතත්, එහි අනෙකුත් සාමාජිකයන් ප්‍රකාශ කර ඇත්තේ විදුලි ගාස්තු සංශෝධනය කැබිනට් තීරණයට අනුව කඩිනමින් සිදුකර පසුව කොමිසම විසින් එය ගණනය කර ගාස්තුවට ගැලපීමට කටයුතු කළ යුතු බවයි.

මෙවන් පසුබිමක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කොමිසමේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන් ඊයේ (19) කැඳවා සාකච්ඡාවක් ද සිදුකර තිබුණා.

පසුව එදිනම කොමිසමේ සාමාජිකයන් පාර්ලිමේන්තුවේ පැවති මහජන සභාව හමුවට කැඳවා තිබුණේ ද අමාත්‍ය මණ්ඩලය යෝජනා කළ පරිදි විදුලි ගාස්තු සංශෝධනය සිදුනොකරන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් විමසීම සඳහායී.

කෙසේ වෙතත්, පසුගිය 12 වනදා කොමිසම රැස්වී තීරණය කර තිබුණේ අදාළ යෝජනාව නීතියට පටහැනි බැවින් ඊට අනුමැතියක් ලබා නොදීමටයි.

එවන් පසුබිමක ඊයේ (19) පාර්ලිමේන්තුවේ පැවති මහජන සභාවේදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන් තුන් දෙනා (3) ප්‍රකාශ කර තිබුණේ අදාළ තීරණය ගෙන තිබුණේ නිසි දැනුවත්වීමකින් තොරව බවයි.

ඒ අනුව කොමිසමේ සාමාජිකයන් සහ සභාපතිවරයාගේ මතය අතර බෙදීමක් හටගෙන තිබුණා.

ඒ අනුව අද (20) දිනයේදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කොමිසමේ සාමාජිකයන් විශේෂ සාකච්ඡාවක් සඳහා කැඳවීමට පියවර ගනු ලැබුවා.

එම සාකච්ඡාවට එක්වීමෙන් අනතුරුව එහි උප සභාපති උදේනි වික්‍රමසිංහ, කොමසාරිස්වරුන් වන මොහාන් සමරනායක සහ චතුරිකා විජේසිංහ පිටත්ව යන අවස්ථාවේදී විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ සාමාජිකයන් අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්.

සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුව විදුලි ගාස්තු සංශෝධනය සිදු කිරීමට යෑමේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තමන් නීතියේ පිහිට පතන බවයි.

එසේම, සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ විදුලි ගාස්තු පසුගිය අගෝස්තු මාසයේදී ඉහළ දැමීමෙන් පසුව ගතවූ මාස දෙක, තුන ඇතුළත කාලයේදී මිලියන දෙකක (20,00,000) පමණ පාරිභෝගිකයන්ගේ විදුලි සම්බන්ධතා විසන්ධි කිරීමට කටයුතු කර ඇති බවයි.

++++++++

+


සිසුවෙකුට අමානුෂිකව පහරදුන් ‘ගුරු සාදු මැරයා’ අත්අඩංගුවට

(20.01.2023 – ada.lk ඇසුරෙන්)

බේරුවල පාසලක 7 වසරේ සිසුවකුට රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා තත්ත්වයකට වේවැලකින් අමානුෂික ලෙස පහර දුන් බව කියන එම පාසලේ සැකකාර ‘ගුරු සාදු මැරයා’ බේරුවල පොලිසිය මගින් අද (20) අත්අඩංගුවට ගත් බව කියයි.

පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු (2) අතර ඇතිවු දබරයක් මුල්කරගෙන පන්තිභාර ‘ගුරු සාදු මැරයා’ ඉන් එක් සිසුවෙකුට මෙසේ දඬුවම් ලෙස වේවැලෙන් විශාලවාර ගණනක් ඒම සිසුවාගේ පිටට උරහිස් සහ අත් වලටදඬුවම් දුන් බව කියා සිය මව සමඟ බේරුවල පොලිසියට කළ පැමිණිලි කර තිබේ.

පසුව පරීක්ෂණ පවත්වා පාසලට ගොස් නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරයෙකු ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම සැකකාර ‘ගුරු සාදු මැරයා’ බේරුවල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. පහරකෑමට ලක්වූ සිසුවා සහ ඔහු සමග එකට ඉගෙනුම ලබන එකම පන්තියේ සම වයසේ තවත් සිසුවෙකු අතර පාසල් ක්‍රීඩා පිටියේදී ඇති වූ අඬදබරයක් හේතුවෙන් මෙම බාලවයස්කාර – වයස අවුරුදු 12 ක් වූ සිසුවාට ‘ගුරු සාදු මැරයා’ පහර දී තිබෙන බව විමර්ශන සිදුකළ පොලීසිය කියයි.

සැකකාර ‘ගුරු සාදු මැරයා’ගෙන් බේරුවල පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මේ වන විට එම සිසුවා බේරුවල පොලිසිය මගින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ‘එස්.එස්.යු.’ ඒකකයේ ප්‍රතිකාර ලබන බව කියයි. පහරකෑමට ලක්වූ සිසුවා බේරුවල පොලිස් වසමට අයත් නවසි වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් සැකකාර ‘ගුරු සාදු මැරයා’ පයාගල පොලිස්වසමේ වාසයකරමින් එම පාසලේ දරුවන්ට ඉගැන්වීම සඳහා පැමිණෙන බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ‘ගුරු සාදු මැරයා’ කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *