රාජ්‍ය බැංකු දෙක (2) තෙල් සංස්ථාවට හා ලංවිමට ණය නොදෙයි

රාජ්‍ය බැංකු දෙක (2) තෙල් සංස්ථාවට හා ලංවිමට ණය නොදෙයි


රාජ්‍ය බැංකු දෙක (2) තෙල් සංස්ථාවට හා ලංවිමට ණය නොදෙයි

(19.01.2023 – divaina.lk)

• ආයතන දෙකම දැඩි මූල්‍ය අර්බුදයක
• විදුලි බිල වැඩි කරන්නැත්නම් රුපියල් කෝටි 10,800 ක ණය තෙල් සංස්ථාවට ගෙවන්න බෑ – ලංවිම සභාපති කියයි

රාජ්‍ය බැංකු දෙකක් (2) මගින් තෙල් සංස්ථාවට සහ ලංකා විදුලිබල මණ්ඩලයට ණය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආයතන දෙකම (2) බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය බලාගාර සඳහා ලබාගත් රුපියල් කෝටි 10,800 (බිලියන 108) ක හිඟ ණය මුදල වහා තෙල් සංස්ථාවට පියවන ලෙස සංස්ථාව මේ වනවිටත් ලංවිමට දැනුම්දී ඇත.

එම හිඟ ණය ප්‍රමාණය වහා තෙල් සංස්ථාවට ලබා නොදුනහොත් රටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැතිවීම නිසා තෙල් සංස්ථාව මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතන දෙකම (2) බරපතළ ලෙස කඩාවැටීමට ලක්විය හැකි යැයි ලංකා ඛනිජ තෙල් සංස්ථා කළමනාකරණ අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතා කියා සිටී.

රාජ්‍ය සමාගමක් ලෙස විදුලිබල අවශ්‍යතාව සපුරාලීම සඳහා අවශ්‍ය සහාය මණ්ඩලයට ලබාදීමට බැදී සිටියත් අදාළ හිඟ ණය මුදල පියවීමට ලංවිම කටයුතු නොකළහොත් ඉන්ධන මිලදී ගැනීමට හා පිරිපහදුව දිගටම ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇතැයි ද ඒ මහතා කීය.

මෙම ණය මුදල පියවීමට පියවර ගන්නේදැයි ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ විදුලි ගාස්තු ඉහළ නොදමන්නේ නම් අදාළ ණය පියවීමට නොහැකි වන බවයි. බලාගාර සඳහා තෙල් සංස්ථාව තවදුරටත් ණය පදනම මත ලංවිමට ඉන්ධන ලබා නොදුනහොත් දෛනික විදුලි කප්පාදුව තව පැය ගණනක් වැඩි කිරීම හැර වෙන කිසිම විකල්පයක් නොමැති බව ද ඒ මහතා කීය.

මේ වනවිට රාජ්‍ය බැංකු දෙකම (2) ණය ලබාදීමට නොහැකි බවට දැනුම්දී ඇතැයි ද විදුලි ගාස්තු වැඩි කරන්නේ නම් ඉදිරි මාස දෙකට (2) මුහුණදීම සඳහා ණය ලබාගත හැකි බව ද ලංවිම සභාපතිවරයා පැවසීය ෴


ශ්‍රී ලංකාවේ කෘති 4 ක් ඉන්දියාවේ දී දෙමළ බසින් එළි දැක්වෙයි

(19.01.2023 – 11:38 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ චෙන්නායි හි පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමී ව ශ්‍රී ලාංකික ගත් කතුවරයන් විසින් රචිත ග්‍රන්ථ 4 ක දෙමළ පරිවර්තන එළිදක්වා තිබෙනවා.

එම ග්‍රන්ථ වන්නේ සීතා කුලතුංගගේ ‘Third Wife’ (නවකතා), සුජිත් ප්‍රසංග විසින් රචිත ‘සාමිමලේ’ (නවකතා), සුසන්ත මූණමල්පේ රචිත ‘පහන් පහක කතාව’ (කෙටිකතා), වෛද්‍ය බෝධිනී සමරතුංග රචිත ‘සායනික සටහන් නොවේ’ (පුවත්පත් තීරු ලිපි එකතුවක්) යන ග්‍රන්ථ යි.

මෙම පරිවර්තන සිදු කර තිබෙන්නේ, සම්මානනීය පරිවර්තකයෙක් වන එම්. රිෂාන් ෂරීෆ් විසින්.

ඔහු මේ වන විට ග්‍රන්ථ 32 ක් පමණ රචනා කර ඇති අතර අවස්ථා කිහිපයක දී ම සිය නිර්මාණ වෙනුවෙන් රාජ්‍ය සම්මාන ද හිමි කරගෙන ඇත.

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%B6%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92

පවිත්‍රා වන්නිආරච්චිට සහ ජීවන් තොණ්ඩමන්ට කැබිනට් අමාත්‍ය ධුර

(19.01.2023 – 11:51 +0530 – hirunews.lk/sinhala)

නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු (2) අද (19) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ ජනාධිපති කාර්යාලයේ දී යි.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි, වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධුරයේත්, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ජල සම්පාදන සහ වතු, යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධුරයේත් දිවුරුම් දෙනු ලැබුවා.

මීට පෙර, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වනජිවි සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධුරය දැරූ අතර ඔහු අද (19) පෙරවරුවේ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ජල සම්පාදන අමාත්‍ය ධුරය දරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලයි.

මෙම දිවුරුම්දීමත් සමග වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 37 ක් ෴


කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා (21) ජල සැපයුම අත්හිටුවයි

(19.01.2023 – 15:11 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලය සිදුකරන අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අනිද්දා (21.01.2023) පෙරවරු 11 සිට රාත්‍රී 8 දක්වා පැය 9 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටවුන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, දෙහිවල , ගල්කිස්ස , කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශ සහ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ මෙන්ම රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇති ෴


තැපැල් ඡන්ද අයදුම්පත් භාර දීම 23 වැනි දා දක්වා

(19.01.2023 – 12:41 +0530 – hirunews.lk/sinhala)

හෙට (20) සිට ලබන 23 වැනි දා දක්වා සහතික කළ තැපැල් ඡන්ද අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ගෙනවිත් භාර දීමට තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරින්ට අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මෙම දින සෙනසුරාදා සහ ඉරිදා යෙදී තිබීම නිසා තැපෑලෙන් අයදුම්පත් ලැබීමේ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා යි මෙම තීරණය ගෙන ඇත්තේ.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ව තැපැල් ඡන්දය දීම සඳහා වූ අයදුම්පත් භාරගැනීම ලබන 23 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත ව තිබෙනවා.

එමෙන්ම, මැතිවරණ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය වීම පිළිබඳ එම මධ්‍යස්ථානයට දුරකථනයෙන්, ෆැක්ස් මගින්, විද්‍යුත් තැපෑලෙන්, වට්ස්ඇප්,වයිබර් හෝ ෆේස්බුක් මගින් පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

මේ අතර, ඊයේත් (18) දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් නාමයෝජනා භාර දුන්නා.

මාතලේ, නුවරඑළිය, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට ජාතික ජනබලවේගය නාමයෝජනා භාරදුන් අතර නිදහස් ජනතා සන්ධානය කොළඹ දිස්ත්‍රික්කයට නාමයෝජනා භාරදුන්නා.

එක්සත් ජාතික පක්ෂය මන්නාරමටත්, ඉලංගෛයි තමිල් අරසුකච්චි කිලිනොච්චියටත්, තමිල් මක්කල් විදුතලෛයි පක්ෂය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත්, ජනසෙත පෙරමුණ මොණරාගල දිස්ත්‍රික්කයටත් තවත් ස්වාධීන කණ්ඩායමක් අම්පාරටත් නාමයෝජනා භාරදුන් බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික්ක 9 ක් සඳහා පක්ෂ 6 ක් සහ එක් (1) ස්වාධීන කණ්ඩායමක් ඊයේ (18) පස්වරුවට වනවිට නාම යෝජනා භාර දී තිබෙනවා.

නාම යෝජනා කැඳවීම ලබන 21 වැනි දා දහවල් අවසන් කිරීමට නියමිත යි.

කොළඹ, මාතලේ නුවරඑළිය , හම්බන්තොට, කිලිනොච්චිය, මන්නාරම, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා නාම යෝජනා ලබාදීම ඊයේ (18) සිදු කෙරුණා.

මේ අතර ජාතික ජනබලවේගය පළාත් පාලන මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් සඳහා නාම යෝජනා භාර දෙනු ලැබුවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂය අද (19) කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා.

මේ අතර ඇප තැන්පත් කිරීමේ කටයුතුද දිස්ත්‍රික්ක කිහිපයකදී සිදු කෙරුණු අතර ඇප තැන්පත් කිරීමේ කාලසීමාව හෙට (20) දහවල් 12න් අවසන් වීමට නියමිතයි.

මැතිවරණ කොමිසමේ සභිකයන් දෙදෙනෙකුට (2) ඊයේ (18) රාත්‍රියේ සිදු කර ඇති ජිවිත තර්ජනය සම්බන්ධයෙන් රහස් පොලීසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින් ෴


පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත්කළ පංච (5) පුද්ගල කමිටු වාර්තාව ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට

(19.01.2023 – 13:33 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත්කළ පංච (5) පුද්ගල කමිටුවේ වාර්තාව ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

+


තම අයිතිවාසිකම් කඩ වන බව පවසමින් ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

(19.01.2023 – 13:48 +0530 – hirunews.lk/sinhala)

තම අයිතිවාසිකම් කඩ වන බව පවසමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් පනතක් සම්මත කරන ලෙසයි එම පැමිණිල්ල මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ.

ආදිවාසි ජනතාවගේ අයිතිවාසිනම් කඩවීම හා ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සම්බන්ධයෙන් පනතක් තහවුරු කරන ලෙස ඉල්මින් ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිලඇත්තන් මානව හිමිනම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර, මෙරට ආදීවාසී ජනතාව මුහුණ දෙන විවිධ ගැටලු මූලික කර ගනිමින් සැකසුණු ප්‍රතිපත්ති ලේඛනයක් ඉදිරිපත් කිරීමේ වැඩසටහනත් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණා.

+


කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාව කණිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් බලහත්කාරයෙන් රඳවා ගැනේ

(19.01.2023 – 14:35 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ ඇතැම් කණිෂ්ඨ සේවකයන් ගංජා භාවිත කරන බවට ‘හිරු ප්‍රවෘත්ති’ කළ අනාවරණයෙන් පසු එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කණිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් බලහත්කාරයෙන් කාර්යාල පරිශ්‍රයේ රඳවා ගනු ලැබ තිබෙනවා.

රජයේ ඇතැම් රෝහල්වල සුළු සේවකයින් රාජකාරී වේලාවන් තුළ ‘අයිස්’ හා ගංජා භාවිතා කර සේවයේ යෙදෙන බවට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඊයේ (18) ‘හිරු ප්‍රවෘත්ති’ වෙත අනාවරණයක් කළා.

එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් මෙලෙස කනිෂ්ඨ සේවකයින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ නිල කාමරය වටලා ඔහුව බලහත්කාරයෙන් රඳවා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ ෴


හම්බන්තොට වරායෙන් පන්ලක්ෂයකට අධික මෝටර් රථ තොගයක් ප්‍රතිනැව්ගත කෙරේ

(19.01.2023 – 16:22 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ දී (2022) පමණක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා මෝටර් රථ 558,188 ක් නෞකා 249 කින් ප්‍රතිනැව්ගත කර තිබෙනවා.

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ සඳහන් කළේ පසුගියදා වරායට පැමිණි ‘හර්මිස් ලීඩර්’ නෞකාව මගින් ඉන්දියාවේ සිට රැගෙන ආ වාහන 1156 ක් ඉදිරි දින කිහිපය තුළ ප්‍රතිනැව්ගත කිරීමට අපේක්ෂා කරන බවයි.

දකුණු අප්‍රිකාව, ජෝර්දානය, සුඩානය සහ ටැන්සානියාව යන රටවල් වෙතයි මෙම වාහන ප්‍රතිනැව් ගතකිරීමට නියමිතව ඇත්තේ ෴


පාසල්වල තෙවන (3) වාරයේ දෙවන (2) අදියර හෙටින් (20) අවසන්

(19.01.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala)

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන (3) වාරයේ දෙවන (2) අදියර හෙට (20) දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, මුස්ලිම් පාසල් සඳහා තෙවන (3) වාරයේ දෙවන (2) අදියර පෙබරවාරි 06 වැනිදා සඳුදා දින අවසන් වීමට නියමිතයි.

එමෙන්ම, සියලුම පාසල්වල තෙවන (3) වාරයේ තෙවන (3) අදියර ද පෙබරවාරි 20 වැනිදා වන සඳුදා දිනයෙන් ආරම්භ වන බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ ෴


මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මත වෙයි

(19.01.2023 – 17:49 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 61 කින් අද (19) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

මෙම පනතට පක්ෂව ඡන්ද 97ක් හිමි වූ අතර ඊට විපක්ෂව ලැබු ඡන්ද සංඛ්‍යාව 36 ක්.

+


පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ගෙවන්න මට ආර්ථික ශක්තියක් නැහැ – මෛත්‍රීපාල සිරිසේන

(19.01.2023 – 20:51 +0530 – hirunews.lk/sinhala)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *