පළාත් පාලන ඡන්දය පැවැත්වීම පිළිබඳ මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

පළාත් පාලන ඡන්දය පැවැත්වීම පිළිබඳ මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්


පළාත් පාලන ඡන්දය පැවැත්වීම පිළිබඳ මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

(18.01.2023 – 11:33 +0530 – hirunews.lk/sinhala)

නාම යෝජනා කැඳවීමෙන් පසුව පළාත් පාලන ඡන්දය විමසීම් පනතට අනුකූලව ඡන්දය විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව මැතිවරණ කොමිසම, ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.

ඒ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ගොනු කළ පෙත්සමක් අද (18) කැඳවූ අවස්ථාවේදීයි.

එහි දී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනිසිටි ජනාධිපති නිතීඥ සාලිය පීරිස් විසින් විසින් මෙම ප්‍රතිඥාව ලබා දී තිබෙනවා.

ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා කැඳවීම ආරම්භ කර ඇති බවත්, එය ලබන 21 වන දා අවසන් වූ පසු පනත ප්‍රකාර ව මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.

ජනාධිපති නීතිඥ්‍යවරුන් වන රෙමේෂ් ද සිල්වා සහ සංජීව ජයවර්ධන යන අය පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි බවයි අප අධිකරණ වර්තාකරු සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමගි ජනබගවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර අනෙක් පෙත්සම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, එම්.ඒ. සුමන්තිරන් සහ අනුර ප්‍රියදර්ශන යාපා විසින් ඉදිරිපත් කර තිබුණා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පාළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ඡන්ද විමසීම් පැවැත්වීමට මැතිවරණ කොමිසම මෙතෙක් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව පෙත්සම් වලින් චෝදනා කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ජනමාධ්‍ය හරහා නිකුත්වන වාර්තා අනුව අදාළ ඡන්ද විමසීම කල් දැමීමට මැතිවරණ බලධාරීන් උත්සාහ දරමින් සිටින බවක් පෙනීය බව ද අදාල පෙත්සම්වල සඳහන් කර තිබෙනවා.

අදාළ පෙත්සම පෙබරවාරි 14 වන දා කැඳවීමට දින නියම කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර මැතිවරණ කොමිසමේ නිලධාරින් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිළධාරීන් අතර හමුවක් අද (18) පැවැත්වෙනවා.

ඒ පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු පවත්වාගෙන යාමේදී අවශ්‍ය වන ඉන්ධන සැපයුම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

මැතිවරණ කොමිසම මීට පෙර පළාත් පාලන ඡන්ද විමසීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පොලිස්පති, රජ්‍ය මුද්‍රණාලාධිපති හා තැපැල්පති ඇතුළු මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය අංශ සමඟ සාකච්ඡා කළා.

එමෙන්ම, ඉදිරි දින වලදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානීන් සමඟ මැතිවරණ කොමිසම සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම අද (18) පෙරවරුවේ ආරම්භ වුණා.

එය 21 වනදා දහවල් 12 දක්වා ක්‍රියාත්මක වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

ඒ අනුව එළඹෙන 21 වනදා නාම යෝජනා කැඳවීම අවසන් කිරීමෙන් අනතුරුව දහවල් 12 සිට දහවල් 01:30 දක්වා කාළය තුළ විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

අනතුරුව තේරිම්භාර නිලධාරිවරයා විසින් මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කරනු ඇති බවයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ.

+

+


උසස් පෙළට සියලු කටයුතු සූදානම් – විභාග කොමසාරිස් ජනරාල්

(18.01.2023 – 13:06 +0530 – hirunews.lk/sinhala)

තවත් දින හතරකින් (4) පසුව එනම්, එළඹෙන 23 වනදා ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා මේ වනවිටත් සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ කිසියම් අපේක්ෂකයෙකුට වලංගු හැඳුනුම්පත් හෝ ප්‍රවේශ පත්‍රයක් නොමැති වුව ද විභාගයට පෙනී සිටිය හැකි බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා කියා සිටියේ විභාග ගැටලු සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනුම්දීමට 1911 ක්ෂණික දුරකථන අංකය මෙන්ම, 011 278 4208, 011 278 4537, 011 278 5211 සහ 011 278 6616 යන අංක පැය 24 පුරා විවෘත බවයි.

මේ අතර, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත්, හැකි ඉක්මණින් එම විභාගයේ ප්‍රතිඵළ නිකුත් කිරීමට කටයුතු කරන බවත්, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

+


‘ජූලි චංග්’ පැවසූ පරිදි IMF සාකච්ඡා තුළ චීනය හැසිරෙන්නේ අවුල් කරන්නෙකු ලෙස ද?

(18.01.2023 – 13:28 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ‘ජූලී චංග්’ බ්‍රිතාන්‍ය බීබීසී රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවක දී ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණීමට චීනය බාධා කරන බව පැවසීම පිළිබඳ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දී චීන තානාපති කාර්යාලය ඇමෙරිකානු තානාපතිනී ජූලි චංග් විසින් චීනය ‘අවුල් කරන්නෙක්’ ලෙස හඳුන්වා දීම පිළිබඳ බරපතළ විවේචනයක්ද සමගින් මෙම මාධ්‍ය නිවේදනය හරහා දොස් පවරා තිබෙනවා.

චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කළ එම මාධ්‍ය නිවේදනයේ සිංහල පරිවර්තනය පහලින් :

‘චීනය, චීනය, චීනය!’, අපගේ එක්සත් ජනපද සගයා මෙම කුප්‍රකට මන්ත්‍රය ජප කිරීමට පටන් ගෙන, ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ රූපවාහිනී වැඩසටහනක් සමඟ ඇය මෑතකදී කරන ලද සම්මුඛ සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සිදු කරන සාකච්ඡාවල දී ‘අවුල් කරන්නෙක්’ ලෙස චීනයට දොස් පවරයි.

ඇගේ පදනම් විරහිත චෝදනා සහ දේශනවලට පෙර, අපගේ එක්සත් ජනපද සගයා අඩුම තරමින් තමන්ගෙන්ම මෙසේ අසාගත යුතුව තිබුණි.

ප්‍රධාන ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් නිෂේධ බලයක් ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හි තනි විශාලතම කොටස් හිමියා කවුද?

වසර 2020 දී පමණක් එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 3 කට වඩා වැඩි ප්‍රමාණයක් එක්සත් ජනපදය සමග එක්ව මුද්‍රණය කරන්නේ කවුද?

ඉහළම පොලී අනුපාත සහිත ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය තොගයෙන් 40% ක් හිමි එම පුද්ගලික ණය හිමියා කවුද?

ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇමරිකානු ෆෙඩරල් අධිකරණයේ නඩු පැවරුවේ කවුද?

සහල් මෙට්‍රික් ටොන් 10,000 ක්, ඩීසල් ලීටර් 9000 ක්, රුපියල් බිලියන 5 ක් වටිනා ඖෂධ සහ පාසල් නිල ඇඳුම් රෙදි මීටර මිලියන 3 ක් ත්‍යාග කර තිබියදී ශ්‍රී ලාංකීය ජනතාවට උදව් කිරීමට ඇමරිකාව සිදු කළේ කුමක්දැයි දැන ගැනීමට ජනතාව සහ චීනය කැමත්තෙන් සිටී.

ඒ වගේම කැපවීම සහ භාවිතය මගින් පමනක්ම සහතික වන චීනයේ ‘කිසිදු බැඳීමක් නැති’ ආධාර අතරේ, එක්සත් ජනපද ආධාරවල දේශපාලන පූර්ව කොන්දේසි මොනවාදැයි දැනගැනීමටත් මෙරට ජනතාව ඔවුන් ප්‍රශ්න කළ හැකිය.

මේ සියල්ල තිබිය දී අපගේ එක්සත් ජනපද සගයා ස්වයං පරීක්ෂණයක් කරනු වෙනුවට දොස් පැවරීමේ ක්‍රීඩාවට ප්‍රවිශ්ට වීම කුහකකම නොවේද?

ඒ සියල්ල පසෙක තිබිය දී, චීනය සහ ශ්‍රී ලංකාව අතර අසමගිය වපුරනවා වෙනුවට, ශ්‍රී ලංකාවට වඩාත් සුවපහසු විසඳුමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ තුළ තීරණාත්මක ක්‍රියාමාර්ග නොගත් එක්සත් ජනපදය, ඔවුන් සෑම වසරකම මුද්‍රණය කරන ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් දිවයිනට ආධාර ලබා නොදුන්නේ ඇයි?

අපේ සංවර්ධනය ‘අවුල්කරන්නා’ කවුදැයි කිසිදු විදේශ දේශනයක් නොමැතිව ම විනිශ්චය කිරීමට තරම් චීන ජාතිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් ද බුද්ධිමත් ය.

+


මහ දවල් කළ බ්ලූමැන්ඩල් වෙඩි තැබීම (18.01.2023)

+


බිරිඳ සහ දරුවා ඉදිරියේ සැමියා මැරූ ඝාතකයා – වසර 6 කට පසු අත් අඩංගුවට !

(18.01.2023 – 15:17 +0530 – hirunews.lk/sinhala)

2017 වසරේ දී මට්ටක්කුලිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය, මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී යි.

2017 වසරේ දී මෙම වෙඩි තැබීම සිදු වන්නේ මට්ටක්කුලිය ප්‍රදේශයේ යි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

සිය බිරිඳ සහ දරුවා ඉදිරිපිට මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ ‘සුබේ අප්පුකම්කානම්ලාගේ ගයාන් ජීවන්ත’ නම් පුද්ගලයෙක්.

වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු සහ යතුරුපැදිකරු ඝාතනයෙන් අනතුරුව පළාගොස් තිබුණා.

ඩෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ ලබාදුන් තොරතුරු මත පදනම්ව වෙඩි තැබූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කෙරුණා.

කොළඹ අපරාධ කොට්ටඨාසයට ලද තොරතුරක් මත මට්ටක්කුලිය ඉන්ධන පිරවුම්හල අසලදී සැකකරු අත්අඩංගුවට ගැණුනේ සිද්ධියෙන් වසර 06 කට පසුව යි.

සැකකරු මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර
ගතකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනවා.

+


ගංජා ගහලා වැඩ කරන රෝහල් සුළු සේවකයින් – රෝහලේ බඩුත් උස්සනවා (18.01.2023)

+


ඡන්දය කල්දාන ක්‍රම දෙක – ලැයිස්තුවේ තරුණයන් ඉන්නවා නම් කළ යුතු දේ – Hiru Eththa – Mahinda Deshapriya

+


අඩු ආදායම් පවුල් වෙත බෙදා හැරීමට ෆොන්ටෙරා සමාගමෙන් කිරිපිටි

(18.01.2023 – 14:13 +0530 – hirunews.lk/sinhala)

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙලට සම්බන්ධ වෙමින් ෆොන්ටෙරා සමාගම ආර්ථික දුෂ්කරතාවයෙන් පෙලෙන අඩු ආදායම්ලාභි පවුල් වෙත බෙදා හැරීමට කිරිපිටි පැකට්ටු 70,000 ක් පමණ පරිත්‍යාග කර තිබෙනවා.

එහි වටිනාකම රුපියල් මිලියන 174 ක්.

එම පරිත්‍යාගය නවසීලන්ත මහකොමසාරිස්වරයා ඇතුළු එරට නියෝජිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *