ලක්ෂපාන බලාගාරය විකිණීමේ සූදානමක්

ලක්ෂපාන බලාගාරය විකිණීමේ සූදානමක්


ලක්ෂපාන බලාගාරය විකිණීමේ සූදානමක්

(15.01.2023 – 13:33 +0530 – hirunews.lk/sinhala)

ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණය විකිණීමේ සුදානමක් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසනවා.

විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මේ බව පැවසුවේ මාතලේ ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින්.

+


රුපියල් කෝටියක් දීලත් බීමට දිය පොදක් නොලද මිනිස්සු

(15.01.2023 – 13:42 +0530 – hirunews.lk/sinhala)

යටිතල පහසුකම් සැපයීමේදී ග්‍රාමීය ජනතාවට යම් ප්‍රමුඛතාවක් ලබා දිය යුත්තේ නාගරික ජනතාවට වඩා ඔවුන් පහසුකම් අතින් අඩු මට්ටමක සිටිම හේතුවෙන්.

එහෙත් බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් බොන්න වතුරත් නැති, යන්න පාරකුත් නැති ජනතාවක් පිළිබඳව අප වාර්තා වුණා.

මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ආසනයේ පිහිටි දොළුව බටහිර, දොළුව නැගෙනහිර, කොටලිගොඩ උතුර සහ දකුණ මෙන්ම නාඩිතලාව යන ගම්මානවල පවුල් 1,200 ක සාමාජිකයින් පිරිසක් උග්‍ර පානීය ජල අර්බුදයට මුහුණ දී සිටින්නේ අදක ඊයේක සිට නොවෙයි.

වරින් වර පැවැත්වෙන මැතිවරණවලදී මෙම ගැටලුව විසඳා දෙන බවට දේශපාලනඥයින් පැමිණ කොතෙකුත් පොරොන්දු දුන්නද, වසර 15 ක් පුරා තමන් පානීය ජලය සපයා ගැනීමට දැඩි වෙහෙසක් දරන බවයි අදාළ ගම්මානවල වැසියන් පෙන්වා දෙන්නේ.

මීට වසර 4 කට පෙර රුපියල් කෝටි 4 කට ආසන්න මුදලක් වෙන් කරමින් පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කළද, මේ දක්වා එය අවසන් කිරීමට බලධාරීන්ට නොහැකි වී ඇති බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

එම රුපියල් කෝටි 4 න් කෝටියකට (1) ආසන්න මුදලක් සැපයීමට ද මෙම ගම්මානවල ජනතාව පියවර ගෙන ඇත්තේ, පානීය ජල ව්‍යාපෘතිය ගම්මානයට අත්‍යවශ්‍යම
අංගයක් වීම හේතුවෙන්.

පානීය ජල ගැටලුවට අමතරව, දොළුව බටහිර, දොළුව නැගෙනහිර, කොටලිගොඩ උතුර සහ දකුණ මෙන්ම නාඩිතලාව යන ගම්මානවල ජනතාව මුහුණ දෙන තවත් ප්‍රධානතම ගැටලුවක් වන්නේ ගමනාගමන පහසුකම් සපයා ගැනීමේදී මුහුණ දෙන දුෂ්කරතායි.

තේ, ගම්මිරිස්, කෝපි, සාදික්කා, කරබුනැටි වැනි සුළු අපනයන භෝග වගාව ප්‍රධාන ජීවනෝපාය කරගත් මෙම ජනතාවට සිය අස්වැන්න නගරයට ගෙන යාමට ද නොහැකි තත්ත්වයක් මතුව ඇත්තේ, අදාළ ගම්මානවලට යාමට ඇති එකම මාර්ගය වන ආඬියාතැන්න මාර්ගය දීර්ඝ කාලයක සිට දැඩි ලෙස අබලන් වීම හේතුවෙන්.

මෙම ගම්මානවලට යාම සඳහා එක් බස් රථයක් යොදවා තිබුණද එය ද මෙම මාර්ගයේ ධාවනය කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

මාර්ගය පිළිසකර කර දෙන ලෙස බලධාරීන්ගෙන් කොතෙක් ඉල්ලා සිටියත්, එය බීරි අලින්ට වීණා වැයීමක් වීම හේතුවෙන් මෙම වැසියන් පසුගියදා ශ්‍රමදානයක් සංවිධාන කර සිය මාර්ගය පිළිසකර කර ගත්තා.

+


බොරැල්ලේ නිහඬ විරෝධයක්

(15.01.2023 – 13:49 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී බෝම්බයක් හමු වී වසරක් ගත වී ඇතත් ඒ පිළිබඳ නිසි පරීක්ෂණයන් සිදු නොවීම සම්බන්ධව විරෝධය පෑම සඳහා මීසම්වාසීන් හා පියතුමන්ලාගේ සහභාගිත්වයෙන් ඉරුදින උදෑසන දේව මෙහෙයෙන් පසු නිහඬ විරෝධතාවයක් අද (15) පැවැත්වුණා.


මොණරාගල ගංජා සිද්ධියට ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිගේ වැඩ තහනම්

(15.01.2023 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ගංජා ළඟ තබාගැනීමේ සිද්ධියට මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර අත්අඩංගුවට ගැනීමෙන් පසු එම සිද්ධියට අදාළව පොලිස් භාරයට ගනු ලැබූ ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජය ධර්මදාසගේ වැඩ තහනම් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ 12 වනදා පස්වරුවේයි.

මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාරගේ නිල නිවසේ තිබී සොයාගත් ගංජා පැළ සැකකාර ස්ථානාධිපතිවරයා සිය නිල රථයෙන් රැගෙන ගොස් භාරදී ඇති බවට අනාවරණය කරගැනීමෙන් පසුවයි මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ ෴


‘බෝනගේන්කරණය’ වේගවත් වේ.. ඉහලම ප‍්‍රභූන්ද ජෙරම් පසුපස… කළු සල්ලි සුදු කිරීමක් ද ක‍්‍රියාත්මකයි..

(15.01.2023 – 09:20 +0530 – lankacnews.com)

‘බෝන් අගේන්’ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අමතරව එල්ලේ ඇතුළුව තවත් ජනප්‍රිය ක්‍රීඩා සංගම් කීපයකම නියෝජිතයන් සහ ක්‍රීඩකයන්ද සිය අනුගාමිකයන් ලෙස බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

දිවැසිවරයෙක් ලෙස පෙනී සිටින ‘ජෙරම් ප්‍රනාන්දු’ නමැත්තා විසින් පවත්වන දේව මෙහෙයන්වලට එක්වන පන්සියයත් හයසියයත් (500-600) අතර පිරිසක් සතිපතා ආගමට හරවා ගන්නා බවට ආරක්ෂක බුද්ධි අංශ අනාවරණය කර ඇත. ඉහළ උපදෙස් මත ඇරඹි බුද්ධි විමර්ශනයකින් මේ බව හෙළිවී ඇත.

දැනට කෙරෙන බුද්ධි අංශ විමර්ශනවලින් තහවුරු කර ඇත්තේ සුවකිරීමේ දේව මෙහෙයන්වලට මුවා වී පාරම්පරික බෞද්ධයන්, හින්දු හා කතෝලික ආගමේ අය ද මෙම කණ්ඩායමට එක්කර ගන්නා බවය. අන්තර්ජාලය මගින්ද පුද්ගලයන් ලියාපදිංචි කිරීම අන්‍යාගමිකරන වැඩපිළිවෙළේ එක් සැලසුමක් බව අනාවරණය වී ඇත.

ආගම් ප්‍රචාරයට මුවා වී කළු සල්ලි සුදු කරන මෙහෙයුමක්ද මේ හරහා ක්‍රියාත්මක වෙන බවද හෙළිවී තිබේ.

දුප්පත් පවුල්වල ආධාර සැලසීම, පොත් බෙදාදීම, රෝද පුටු, වියළි සලාක ලබාදීම මෙන්ම පාසල්වලට ආධාර කිරීම මගින්ද මෙම ආගමික ප්‍රචාරකයින් ආගමට හරවා ගන්නා මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද හෙළිවී ඇත. ජනතාවට උපකාර කරන මුවාවෙන් මොවුන් ආගම ප්‍රචලිත කරන බවද හෙළිවී තිබේ. ‘බෝර්න් අගේන්’ කණ්ඩායම්වල මීළඟ ඉලක්කය ජනප්‍රිය ක්‍රීඩකයන් හා ජාතික තලයේ දේශපාලනඥයන් බඳවාගැනීම බවද බුද්ධි අංශ අනාවරණය කර ඇත.

ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ප්‍රකට එල්ලේ ක්‍රීඩකයන් මෙන්ම තවත් ක්‍රීඩා සංගම් නියෝජිතයන් මෙන්ම ක්‍රීඩකයන්ද මේ වන විටත් සිය අනුගාමිකයන් බවට පත් කර ගෙන ඇතැයිද දැනට කෙරෙන විමර්ශනවලදී හෙළිවී තිබේ. රටේ ධනවතුන් ප්‍රභූවරුන් මෙන්ම ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන්ද ‘බෝර්න් අගේන්’ කණ්ඩායම් සමග සබඳතා පවත්වන බැවින් ඉදිරියේදි මෙය බරපතළ අර්බුදයක් නිර්මාණය කළ හැකි බවද ආරක්ෂක බුද්ධි අංශ අනතුරු හඟවති.

මෙකී ‘බෝන් අගේන්’ කණ්ඩායම සඳහා එංගලන්තය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ඩුබායි, සිම්බාබ්වේ, ඉන්දියා, යුරෝපය ඇතුළු රටවලින් ආධාර මුදල් ලැබෙන බවද අනාවරණය වී ඇත. මේ සම්බන්ධව බුද්ධි අංශ රැස් කරන තොරතුරු රජයට ලබාදීමට මේ වනවිටත් කටයුතු යොදා තිබේ.

~ අරුණ


සුපිරි හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදය වටලයි

(15.01.2023 – 17:35 +0530 – ada.lk)

කොම්පඤ්ඤ වීදිය සුපිරි අවන්හලක 30 වෙනි මහලේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් අද (15 දා) අලුයම වටලා තරුණියක් ඇතුළු සිව් (4) දෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.

සැකකරුවන් සමග කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් හා ඩාන්සින් ටැබ්ලට් යනුවෙන් හඳුන්වන මත් පෙත්තක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සාදය මුහුණු පොත හරහා සංවිධානය පද්දකි. මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.

සිවිල් ඇඳුමින් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් එම සාදය වැටලීම සඳහා ගිය අවස්ථාවේදී බහුතරයක් පුද්ගලයන් මත්ව සිටි අතර ආවේක්ෂණ රාජකාරි සිදු කරමින් මත්ද්‍රව්‍ය සන්තකේ තිබෙන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් පමණක් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණි.

කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම සුපිරි අවන්හලේ උත්සව ශාලාව රුපියල් ලක්ෂ 5 කට කුලියට ගෙන සාදය සංවිධානය කර තිබූ බව පොලිසිය කියයි.

මුහුණු පොත හරහා සංවිධානය කර තිබූ මෙම සාදය සඳහා සහභාගිවීමට රුපියල් 5000 ක මුදලක් අයකර ගෙන ඇති අතර ඒ සඳහා සහභාගි වී ඇත්තේ ඇති හැකි ධනවත් පුද්ගලයන්ගේ දරුවන් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායිකාවක් ද සාදයේ ගී ගැයීම සඳහා ආරාධනා කර තිබූ බවට තොරතුරු වාර්තා වූ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම සාදය සඳහා සහභාගී වූවන්ට මෙම ස්ථානයේ දී මත්පැන් බෝතලයක් අලෙවි කර ඇති අවම මුදල රුපියල් 28,000 බවත් ඊට අමතරව කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් එකක් රුපියල් පනස්දාහක් (50,000) සහ මත් පෙත්තක් රුපියල් පන්දහසක් (5,000) වැනි මිලකට අලෙවි කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොම්පඤ්ඤ වීදිය පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴


අලෙවිසැල කැඩූ සැකකරු ‘තෙවැනි ඇසේ’

(15.01.2023 – 15:10 +0530 – ada.lk)

අම්බලන්තොට නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ප්‍රධාන දොර කඩා ඇතුළු වූ පුද්ගලයෙකු වෙළඳසැලේ ලාච්චුවේ තිබූ මුදල්ගෙරැගෙන ගොස් ඇති බවට වෙළඳසැල් හිමියා විසින් අද (15 දා) අම්බලන්තොට පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

සැකකරු විසින් වෙළදසැලේ ප්‍රධාන වීදුරු දොරට දැඩි හානි සිදු කර මෙම සොරකම සිදුකර තිබේ. තවද ඒ අසළ තවත් වෙළඳසැල් 2 ක දොර යතුරු කඩා ඇති අතර ඒවාට සැකකරු ඇතුල් වී නොමැති බව පොලිසිය පවසයි.

තනි පුද්ගලයෙක් ලෙස පැමිණෙන සැකකරු පොල් ලෙලි ගසන පොල් උලකින් ප්‍රධාන වීදුරු දොර කඩා වෙළඳසැලට ඇතුල් වන ආකාරය ආයතනයේ සවිකර තිබු සීසීටීවී කැමරාවල පටිගතවී ඇත.

මෙම සීසීටීවී දර්ශනවල සිටින පුද්ගලයා මීට පෙර තංගල්ල, රන්න, හුංගම යන ප්‍රදේශවල ද වෙළඳසැල් කඩා ඇති බව සීසීටීවී දර්ශනවලින් හෙළි වී ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධව අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

++++++++

+


ජනෙල් පියස්සෙන් බිමට වැටුණු කෝප්‍රල්වරයා මරුට

(15.01.2023 – 09:48 +0530 – ada.lk)

පනාගොඩ යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන කාර්යාලයේ ජනෙලයක ඉහළින් තිබෙන කොන්ක්‍රීට් පියස්සක් මතින් බිමට වැටීමෙන් ලාන්ස් කෝප්‍රල්වරයකු මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඇකිරිය,කුරනාගම, පොල් ගහ කොටුව පදිංචිව සිටි පලවෙනි කාර්ය ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස සේවය කළ ජි.පි.එම්. රත්නායක නැමැති 32 හැවිරිදි දෙදරු පියෙකි.

මියගිය ලාන්ස් කෝප්‍රල්වරයා යුද්ධ හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල කාර්‍යාලයේ වහලය වෙත විහිදී තිබූ කොස් ගසක අත්තක් කැපීම සඳහා එම කාර්යාලයේ ජනේලය ඉහලින් තියෙන කොන්ක්‍රීට් පියස්ස මත නැගී සිටිය දී පය ලිස්සා බිමට වැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඒ වනවිට ඔහුගේ කණ්ඩායමේ පහලොස් (15) දෙනෙකු පමණ ඒ ආසන්නයේ සිට ඇති අතර වහා ක්‍රියාත්මක වූ එම සෙබළුන් බරපතළ තුවාල ලද ලාන්ස් කෝප්‍රල්වරයා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මියගිය කෝප්‍රල්වරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදයකුමාර මහතා විසින් සිදු සිදුකිරීමට නියමිතය. හෝමාගම පොලිසිය පරීක්ෂණ පවත්වයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *