‘නිදහස් ජනතා සන්ධානය’ ජනගත වෙයි !

‘නිදහස් ජනතා සන්ධානය’ ජනගත වෙයි !


‘නිදහස් ජනතා සන්ධානය’ ජනගත වෙයි !

(11.01.2023 – 19:16 +0530 – lankaleadnews.com)

‘උත්තර ලංකා සභාගය’ නියෝජනය කරන ‘ජාතික නිදහස් පෙරමුණ’, ‘ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ’, ‘ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය’, ‘ලංකා සම සමාජ පක්ෂය’, ‘පිවිතුරු හෙළ උරුමය’, ‘විජයධරණී ජාතික සභාව’ හා ‘යුතුකම ජාතික සංවිධානය’ ද ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’, ‘නිදහස ජනතා සභාව’, ‘ජන ජය පෙරමුණ’, ‘ශ්‍රී ලංකා මහජන පක්ෂය’, ‘නිදහස් ජනතා පෙරමුණ’ ද ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් අද (11) කොළඹ දී සන්ධානගත විය.

‘නිදහස් ජනතා සන්ධානය’ පිහිටුවීම සංකේතවත් කරමින් ‘නිදහස් ජනතා සන්ධානයේ’ ප්‍රධාන ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී. එල්. පීරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ජන ජය පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, අසංක නවරත්න, නිදහස් ජනතා පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා යන මහත්වරු සන්ධාන ගිවිසුම් පත්‍රයට අත්සන් තැබීම ද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාව අමතා ජන ජය පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු අදහස් දැක්වූහ.

+

(11.01.2023 – 18:01 +0530 – hirunews.lk/sinhala)

නිදහස් ජනතා සන්ධානයේ ලකුණ ලෙස යොදා ගෙන තිබුණේ ‘හෙලිකොප්ටරයයි’. නව සන්ධානයේ මහලේකම් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පත් කර ගෙන තිබෙනවා.

මෙම පාර්ශව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 37 දෙනෙකු ඊට සහභාගි වී තිබෙනවා ෴

+

+

+

++++++++++++

+

+

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *