බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් වල්මත් වුණු පොළොන්නරුව NLDB ගොවිපොළ

බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් වල්මත් වුණු පොළොන්නරුව NLDB ගොවිපොළ


බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් වල්මත් වුණු පොළොන්නරුව NLDB ගොවිපොළ

(08.01.2023 – 14:20 +0530 – hirunews.lk/sinhala)

බලධාරීන්ගේ නොසැළකිළිමත්කම හේතුවෙන් රාජ්‍ය සම්පත් අභාවයට යාමේ සිදුවීම් කොතෙකුත් වාර්තා කිරීමට අපට සිදුව තිබෙනවා.

මේ, දේශීය කිරි නිෂ්පාදනය සඳහා ඉහළ දායකත්වයක් ලබා දුන් රජයේ පශු සම්පත් මණ්ඩලයට අයත් එන්.එල්.ඩී.බී. (NLDB) ආයතනයේ පොළොන්නරුව ගොවිපොළේ තත්ත්වයයි මේ.

මේ ගොවිපොළ පිහිටා ඇත්තේ පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේයි.

1970 වසරේ ආරම්භකල මෙම රජයේ සත්ව ගොවිපොල තුළ එවකට එල ගවයන් 4000 කට වැඩි ප්‍රමාණයක් සිට ඇති අතර අක්කර තුන්දහසකට (3000) වැඩි භූමි භාගයක් පුරා පැතිරුණු ස්ථානයක්.

නමුත් මෙම සත්ත්ව ගොවිපොල භූමිය මේ වනවිට අක්කර දෙදහස් දෙසීයයක් (2200) දක්වා පහත වැටී ඇති අතර එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ විටින් විට බලයට පත්වන රජයන් තම අභිමතය පරිදි මෙම ගොවිපළෙහි භූමිය විවිධ කටයුතු සඳහා යොදා ගැනීම බවයි.

1982 වර්ෂයේ පශු සම්පත් මංඩලයට පවරා ගන්නා මෙම සත්ව ගෙවිපලෙහි මී ගවයන් සහ එළ ගවයන්ගෙන් දෛනිකව දියර කිරි ලිටර් 3500 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබෙනවා.

නමුත් අද වනවිට මෙහි මී ගවයන් පමනක් සිටින අතර එම ප්‍රමාණයද සතුන් 700 කට ආසන්න අගයක් දක්වා පහත බැස තිබීම ගොවිපොළේ වත්මන් පරිහානියට හොඳම නිදසුනක්.

අද වන විට දෛනිකව නිශ්පාදනය කෙරෙන දියර කිරි ප්‍රමාණයද ලීටර 500 ක් දක්වා අඩු වී ඇති බවයි කිරි ගොවීන් පෙන්වා දෙන්නේ.

කිරි ගවයින් සඳහා ඉදිකළ ගොඩනැගිලිද විශාල ප්‍රමාණයක් මේ වනවිට සතුන් නොමැතිවීමෙන් අතහැර දමා ඇති අතර කිරි ගවයින් සඳහා තණ ලබාදීමට වෙන්කර තිබූ භූමිය බඩ ඉරිඟු වගාවක් සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්ථමේන්තුවේ නිළධාරීන් වෙත ලබා දී තිබෙනවා.

රජයේ සත්ව ගොවිපොල තුළම කෘෂි උපකරණ හා සේවා රථවාහන කිහිපයක්ම පවතින අතර දැනට වසර ගණනකට පෙර එම ස්ථානයට ගෙනවිත් තිබූ අතිනවීන කෘෂිකාර්මික වාහන උපකරණ කිසිදු පල ප්‍රයොජනයක් නොමැතිව අතහැර දමා තිබෙන ආකාරය ද දැකගත හැකියි.

ඇතැම් කෘෂි උපකරණ ගෙන්වු අයුරින්ම එම ස්ථානයේ ගාල්කර තිබෙන අතර ඇතැම් උපකරණ වල්වැදි විනාශ වී තිබෙනවා.

එවකට ආසියාවේ හොදම සත්ව ගොවිපොල ලෙස ද සම්මාන පවා දිනාගත් මෙම සත්ව ගොවිපල දේශීය කිරි කර්මාන්තය වෙනුවෙන් රැක ගැනීම බලධාරීන් සතු වගකීමක් නොවේද?

+


මාර්තු 19 ට පෙර ඡන්දය – පොහොට්ටුව දිස්ත්‍රික්ක 05 කට නාමයෝජනා අත්සන් තබයි

(08.01.2023 – 19:35 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 19 වනදාට පෙර පවත්වා අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසම පවසනවා.

මේ අතර ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (08) දිස්ත්‍රික්ක 05 ක් සඳහා නාමයෝජනා අත්සන් කර තිබෙනවා.

රත්නපුර, අම්පාර, හම්බන්තොට, මාතලේ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලටයි එලෙස නාමයෝජනා අත්සන් කර ඇත්තේ.

මීට අමතරව ඔවුන් හෙට (09) කොළඹ, කුරුණෑගල, පුත්තල යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කිරීමටද නියමිතයි.

එමෙන්ම සමගි ජනබලවේගය විසින් දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි පළාත් නියෝජිතයන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (08) කෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේදී සිදුකරනු ලැබුවා.

දමිල ප්‍රගතිශිලි සන්ධානය සමගි ජනබලවේගය සමඟ එක්ව පළාත් පාලන ඡන්දයට තරඟ කරන බව එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.

හැටන් ප්‍රදේශයේදී අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

++++++++

+


බොරැල්ලේ සහ නාරහේන්පිට පාතල කල්ලි දෙකක 10 දෙනෙකු අත්අඩංගුවට

(08.01.2023 – 19:51 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රදේශයේ පාතාල කල්ලි දෙකකට (2) අයත් සාමාජිකයින් 10 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් බොරැල්ල, කිතුල්වත්ත සහ නාරාහේන්පිට යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු (2) ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් සමඟ ඔවුන් අපරාධ සඳහා භාවිත කළ බවට සැකකෙරෙන තියුණු ආයුධ රැසක්ද සොයා ගෙන තිබෙනවා.

මොවුන් බොරැල්ල සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල සිදුවූ විවිධ අපරාධ සඳහා සම්බන්ධ වී ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම මෙම කල්ලි දෙක (2) අතරද ගැටුම් ඇති වී තිබෙනවා ෴


ව්‍යාජ දළදා මාලිගාවේ පත්තිරිප්පුව වෙනුවට සමාධි පිළිමයක්

(08.01.2023 – 19:53 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – පොතුහැර – වදාකඩ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ව්‍යාජ දළදා මාලිගාවේ පත්තිරිප්පුව හැඩයේ ආකෘතිය කඩා ඉවත්කර එම ස්ථානයේ සමාධි බුදු පිළිමයක් තැම්පත් කිරීමට පියවර ගත් බව එහි නිර්මාතෘ ජානක සේනාධිපති ප්‍රකාශ කළා.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මහානාහිමිවරු ඇතුළු මහා සංඝරත්නයට ගරු කිරීමක් ලෙස එම ආකෘතිය ඉවත්කළ බවයි.

කුරුණෑගල – පොතුහැර – වදාකඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් ඉදිකරමින් පවතින බවට පසුගිය දා වාර්තා පල වීමත් සමඟ ඒ පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් ඇති වුණා.

මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් සහ දියවඩන නිලමේවරයා විසින් මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයාගෙන් පසුගිය දා ඉල්ලා සිටියේ.

ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා.

ඒ අනුව විමර්ශන කණ්ඩායමක් ඊයේ (07) එම ස්ථානයට ගොස් තිබුණා.

+++++++++++

භූතයන් මුදා හරින බව ‘බෝසත් ජානක’ දැනුම් දෙයි..

(08.01.2023 – 22:02 +0530 – lankacnews.com)

මලගිය ප‍්‍රාණකාරයන් එවන බවට කුරුණෑගල පොතුහැර බෝධිසත්ව ජානක සේනාධිපති නැමැත්තා ආධාරකරුවෙකුට පවසා ඇති හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

දුරතතන මාර්ගයෙන් ඔහු මෙසේ පවසන්නේ චෛත්‍යයක් නිර්මාණය කිරීම සඳහා ආධාර ලබාදෙන ව්‍යාපාරිකයෙකු තමන් කියන ආකාරයට වැඩ නොකරන්නේ යයි පවසමිනි.

+


සිය ආබාධිත නංගි රැක බලා ගැනීමට දිවියම කැප කළ අයියා

(08.01.2023 – 21:52 +0530 – hirunews.lk/sinhala)

සහෝදර සෙනෙහස බෙහෝ අවස්ථාවලදී දෙවැනි වන්නේ දරු සෙනෙහසට පමණයි.

සිය ආබාධිත නැඟනිය රැක බලා ගැනීමට දිවියම කැප කළ සහෝදරයෙකු පිළිබඳවයි මේ තොරතුරු.

හලාවත, කුමාරකට්ටුව, පීරිස් වත්තේ පදිංචි 22 හැවිරිදි නිශාන් මධුරංගයි මේ.

වයස අවුරුදු 19 ක් වන තම, ආබාධිත එකම නැඟනිය රැකබලා ගැනීම සඳහා ඔහු ජීවිතයම කැප කර ඇත්තේ සහෝදර සෙනෙහසේ තරම ලොවට කියාපාමින්.

මොවුන් කුඩා කලදීම පියා මියගොස් ඇති අතර, මව ද මීට මාස 3 කට පෙර තමන් හැර ගොස් ඇති බවයි නිශාන් පැවසුවේ​.

සිය නැඟනියගේ ඕනෑ එපාකම් පිරිමැසීම සඳහා වඩු වැඩ, මේසන් වැඩ, වැල්ඩින් වැඩ ආදී රැකියා රැසක් සිදුකළ මෙම තරුණයාට පවතින තත්ත්වය හමුවේ සිය අනාගතය පිළිබඳ හෝ සිතීමට නොහැකි වී තිබෙනවා.

නිශාන් රැකියාවට යන අවස්ථාවලදී මෙම නැඟනියට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නේ මොවුන්ගේ පුංචි අම්මා විසින්.

විදුලි බලයෙන් ක්‍රියා කරන රෝද පුටුවක් සිය නැඟනිය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කිසියම් හෝ අයෙකුට හැකිනම් එය මහත් පුණ්‍යකර්මයක් බවයි නිශාන් අප සමඟ පැවසුවේ.

++++++++

+


බොරැල්ල පොලීසිය යාචකන්ට කළ අපූරූ වැඩේ

කොළඹට මත්ද්‍රව්‍ය බෙදූ ජාවාරාම්කරුවන් තිදෙනෙක් (3) අත්අඩංගුවට

(09.01.2023 – 07:55 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අවට ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ තුන්දෙනෙකු (3) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැළණිය, කළුතර, පානදුර සහ නුගේගොඩ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට මොවුන් විසින් හෙරොයින්, ගංජා සහ හෂීශ් බෙදාහැර ඇති බවටයි වාර්තා වන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මාලිගාවත්ත පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුවයි ඊයේ (08) මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ඔවුන් කොටහේන, වත්තල සහ දික්ඔය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

කෙසේ වෙතත් සැකකරුවන් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇත්තේ වත්තල ප්‍රදේශයේ තාවකාලිකව නවාතැනක සිටිමින් ෴


ගංජා තොගයක් සමඟ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු පස්දෙනෙකු (5) අත්අඩංගුවට

(09.01.2023 – 08:29 +0530 – hirunews.lk/sinhala)

මොනරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර, නිවසේ සිවිලිමේ සඟවා තිබූ වියළි ගංජා කිලෝ ග්‍රෑම් 15 ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමඟ ඔහුගේ රියදුරා සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු (3) ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (08) රාත්‍රියේ මොහුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ දී මෙම ගංජා තොගය සහ ලෝහ වර්ග සොයන ස්කෑනර් යන්ත්‍රයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එහි පිටත්ව ගොස් ඇති බවයි ෴

+++++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *