නීති විරෝධී ලෙස ආනයනය කළ සීනි මෙට්‍රික් ටොන් 1200 ක් රේගුව භාරයට

නීති විරෝධී ලෙස ආනයනය කළ සීනි මෙට්‍රික් ටොන් 1200 ක් රේගුව භාරයට


නීති විරෝධී ලෙස ආනයනය කළ සීනි මෙට්‍රික් ටොන් 1200 ක් රේගුව භාරයට

(06.01.2023 – 16:42 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 600 ක් ආනයනය කරන ලද ආනයනකරු විසින් නීතිවිරෝධී ලෙසම මෙරටට ආනයනය කරන ලද තවත් දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 600 ක් රේගු දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

මෙම දුඹුරු සීනි තොගය සොයා ගෙන ඇත්තේ කොළඹ වරායේ බහාලුම් 30 ක තිබිය දී බවයි රේගු දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව ඔහු විසින් මේ වන විට නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 1200 ක් රේගු දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර එම සීනි තොගයේ වටිනාකම රුපියල් මිලියන 241 ක් ෴

+++++++++

+


ලාෆ් ගෑස් මිලත් අඩුවෙයි

(06.01.2023 – 14:35 +0530 – hirunews.lk/sinhala)

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද (06) සිට රුපියල් 220 කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව, එහි නව මිල වන්නේ රුපියල් 5,080 ක්.

කිලෝග්‍රෑම් පහේ (5) ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 88 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 2,032 ක් ෴


අතුරුදන් වූ වයස අවුරුදු 15 ක දැරියක් සෙවීමට පොලිසිය මහජන සහාය පතයි

(06.01.2023 – 17:35 +0530 – hirunews.lk/sinhala)

තෙල්දෙණිය කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක දැරියක් අතුරුදන් වී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.

පසුගිය ඔක්තෝබර් මස 13 වැනි දින තම මිතුරියක සමඟ පාසලට නොගොස් මහනුවර සිට කොළඹ බලා ඔවුන් දුම්‍රිය මගින් පැමිණ ඇති බවත්, දුම්රියේ සිටි තරුණයෙකුට ඔවුන් පිළිබඳ සැක සිතී අදාල දැරියන්ගේ දෙමව්පියන් දැනුවත් කර තිබෙනවා.

අනතුරුවගේ දැරියන්ගේ දෙමාපියන් පැමිණ එක් දැරියක භාරගෙන ඇති බවත් අනෙක් දැරිය දෙමාපියන් පැමිණීමට පෙර පළා ගොස් ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ඒකකය පවසනවා.

කෙසේ නමුත් අතුරුදන් වූ වයස අවුරුදු 15 ක් වන එම දැරිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත් ඇයව සොයා ගැනීම සඳහා පොලිසිය මහජන පතන බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසනවා.

එබැවින් අතුරුදන් වූ දැරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය පවසන්නේ.

තෙල්දෙණිය පොලිසිය : 081 237 4073
තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂක : 071 859 1066


කොළඹට පැය 18 ක ජල කප්පාදුවක්

(06.01.2023 – 17:58 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රදේශ රැසකට හෙට (07) සහ අනිද්දා (08) යන දෙදින පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ හෙට (07) රාත්‍රී 10 සිට ඉරිදා (08) පස්වරු 04 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

ඒ අනුව, කොළඹ 01, 02, 03, 04, 07, 09, 10 සහ 11 යන ප්‍රදේශවල අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

මාලිඟාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නල පද්ධතියට අදාළ ව්‍යාපෘතියේ සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරනු ලබන බවයි ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ ෴


රෝගී දරුවෙකුගේ රුව යොදා ගනිමින් සිදු කළ ජාවාරමක් ‘හිරු සී.අයි.ඒ.’ හෙළි කරයි

(06.01.2023 – 21:29 +0530 – hirunews.lk/sinhala)

තැලිසීමියා රෝගයෙන් පෙළෙන දරුවෙකුට සැත්කමක් කිරීමට අවශ්‍ය මුදල් එක්රැස් කරන බව පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපයන ජාවාරමක පුවතක් වාර්තා වෙනවා‍.

‘හිරු සී.අයි.ඒ.’ විසින් මෙම තොරතුරු අනාවරණය කර ගෙන තිබුණා.

දුරගමන් සේවා බස් රථවලට නගින පිරිසක් විසින් තැලිසීමියාවෙන් පෙළෙන දරුවෙකුගේ මවක් සිදුකළ ප්‍රකාශයක් ජංගම දුරකථන ඔස්සේ ප්‍රචාරය කරමින් මුදල් උපයන ජාවාරම සිදු කළ බවයි වාර්තා වෙන්නේ.

‘හිරු සී.අයි.ඒ.’ විසින් කළ අනාවරණයේ දී හෙළිවුයේ දරුවන් පස්දෙනෙකු (5) ගෙන් යුත් අදාළ පවුලේ දරුවන් තිදෙනෙකුම (3) තැලිසීමියා රෝගයෙන් පීඩා විඳින බවයි.

ඉන් එක් (1) දරුවෙකුගේ සැත්කමක් සඳහා උපකාර ලබා දිය හැකි බව පවසා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් මෙම දරුවන්ගේ දෙමාපියන් රවටා තිබෙනවා.

දරුවාට උපකාර කරන්න යැයි පවසා ග්‍රාමසේවක සහතික, පොලිස් වාර්තා ආදිය ලබා ගෙන ඇති අතර ඒවා උපයෝගී කරගනිමින් වංචනික පිරිස සිදු කර ඇත්තේ දරුවාගේ රුව යොදා ටිකට් පත් මුද්‍රණය කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපැයීමයි ෴

+


බස් නැවතුමක් අසල ගසක එල්ලා තිබූ අත්බෝම්බය ගැන වැඩිදුර විමර්ශන

(06.01.2023 – 14:42 +0530 – sinhala.adaderana.lk)

බම්බලපිටිය බෞද්ධාලෝක මාවතේ බස් නැවතුමක් අසල ගසක එල්ලා තිබූ ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවය.

පවිත්‍රතා සේවකයෙකු වන අදාළ සැකකරු මොරොන්තුඩුවේ සිට රැගෙන ආ ජීව අත්බෝම්බයක් පොලීතින් බෑගයක දමා බම්බලපිටිය බෞද්ධාලෝක මාවතේ මාර්ග අංක 154 බස්රථ නැවතුම් පොළක් අසල එලෙස ගසක එල්ලූ බවට සැක කෙරෙයි.

බෑගයක දැමූ බෝම්බයක් ගසක එල්ලා ඇති බව අදාළ සැකකාර පවිත්‍රතා සේවකයා විසින්ම පොලීසිය වෙත තොරතුරු ලබාදීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනවලින් පසු එම ක්‍රියාව ඔහු විසින් සිදුකළ බවට අනාවරණයවීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

අත්අඩංගුවේ පසුවන සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී, මොරන්තුඩුව මහා ගෝනදූව ප්‍රදේශයේ සිට රැකියාව සඳහා පැමිණෙන අවස්ථාවේදී මාර්ගය අසල තිබී යකඩ බෝලයක් වැනි දෙයක් දුටු බවත් එය යකඩවලට විකිණීම සඳහා ගෙන ඒමෙන් අනතුරුව එය දුටු තවත් පවිත්‍රතා සේවකයෙකු බෝම්බයක් බව තමන්ට පැවසීමෙන් අනතුරුව ගසෙහි එල්ලු බව ඔහු පවසා තිබේ.

65 හැවිරිදි සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් විමර්ශනවලදී නිවරැදි තොරතුරු අනාවරණය නොවුණහොත් ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත විමර්ශන භාරදීමට කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

බම්බලපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පත්මලාල් මහතාගේ උපදෙස් මත සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙයි ෴


‘සේපාලි අමරසිං ලබ්බා’ගේ කීර්තිමත් ඉතිහාසයෙන් බිඳක්

සේපාලි අමරසිං නමැති පුද්ගලයා 2005 දී පමණ කරලියට එනුයේ පත්තරවල කෑලි ගාණට ලිපි ලියා සොච්චමක් උපයා ගන්නා නිදහස් ලේඛකයෙකු ලෙසය.

එහෙත් දියණියන් තිදෙනෙකුගෙන් යුත් තම පවුල නඩත්තු කිරීමට ඒ ආදායම ප්‍රමාණවත් නොවීය. සදාකාලිකවම ආර්ථික ප්‍රශ්නවලින් හෙම්බත් වී සිටි සේපාලි ඒ ප්‍රශ්න විසඳා ගැනීමටද නොයෙක් දහජරා උපක්‍රම අනුගමනය කළේය.

පත්තරවලට ලිපි ලියා නමක් හදාගත් සේපාලි 2011 දී පමණ ‘පැපරාස්සියා’ නමින් මඩ සඟරාවක් ආරම්භ කළේය. එහි ප්‍රධාන අරමුණ වූයේ සාහිත්‍ය කලා ලෝකයේ ප්‍රකට චරිතවල පෞද්ගලික කුණු කන්දල් අවුස්සමින්, බොරු චෝදනාද සහිත නින්දිත මඩ ප්‍රහාර එල්ල කිරීමය.

කුණු රසයෙන් යුත් මේ සඟරාවේ පිටපත් තුන් දහසක් පමණ අලෙවි කරගැනීමට සේපාලි නොවිඳිනා දුක් වින්දේය. සඟරාවේ සියලු ලිපි ලිවීම, ලේ අවුට් කිරීම, මෝටර් සයිකලයේ බැඳගෙන සඟරා බෙදාහැරීම, පෝස්ටර් ඇලවීම ආදී මේ සියල්ල සිදුකළේ සේපාලි විසිනි.

කෙතරම් දහදුක් වින්දද සඟරාවෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීය. එවිට ඔහු තම ආදායම වැඩි කරගැනීම සඳහා අනුගමනය කළ ප්‍රකට කටයුත්තක් වූයේ කාගේ හෝ කුණු ගොඩක් සොයාගෙන එය සඟරාවේ පළ කරන බවට තර්ජනය කරමින් අදාළ පුද්ගලයාගෙන් කප්පම් ලබාගැනීමය.

ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පුත්‍රයෙකුගෙන් ඔහු වරක් මේ ආකාරයට විශාල කප්පම් මුදලක් ලබාගත් අතර, සඟරා විකිණීමෙන් ලැබෙන මුදලට වඩා වැඩි මුදලක් ඔහු මෙවැනි කටයුතුවලින් උපයා ගත්තේය.

කාන්තාවන් රවටා මුදල් ලබාගැනීමටද සේපාලිගේ ජීවිකාවේ තවත් වැදගත් අංගයකි. ඔහු කාලයක් තිස්සේ සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය කාන්තාවකගෙන් වරින් වර ලක්ෂ දහයක පමණ මුදලක් ගරා ගැනීමට සේපාලි සමත් විය.

මේ සම්බන්ධය තම බිරිඳට හෙළිවීම නිසා කරදර රැසකට මුහුණ දීමට සේපාලිට සිදුවිය. ලෝකයට චණ්ඩිපාට් නරිවාදම් දමන සේපාලිව කණෙන් අල්ලා නිවසෙන් එළියට දැමීමට ඔහුගේ සැරපරුෂ බිරිඳ කටයුතු කළ අතර, ඔහු දීර්ඝ කාලයක් උයාගෙන කාගෙන තනිවම ජීවත් වූයේ නිවසෙන් එළියේ පිහිටි බලු කූඩුවක් වැනි කුඩා කොටසකය.

සේපාලිගේ ආර්ථික ප්‍රශ්න ගැන අනුකම්පා කළ රටේ ප්‍රකට ස්වාමීන් වහන්සේ නමක් කාලයක් ඔහුව තම පන්සලට ගෙන්වාගෙන පිරිවෙනේ භික්ෂූන් වහන්සේලාට ඉංග්‍රීසි ඉගැන්වීමටද අවස්ථාව සලසා දුන්නේය.

කුලියට ලිවීම ගැන මනා පළපුරුද්දක් ඇති සේපාලි, උපුලි ශාන්ති සන්නස්ගලි ගෙන් ලැබුණු සොච්චම් මුදලක් වෙනුවෙන් ‘සන්නස්ගලිගේ ප්‍රශ්නපත්‍ර හොරකම’ නමැති පොතක් ලීවේය.

වෙනත් ලේඛකයෙකු ලක්ෂ පහකට තමන්ගේ නම රහිතව ලියා දෙන්නට පොරොන්දු වී තිබූ මේ පොත ලිවීමේ අවස්ථාව සේපාලිට ලැබුණේ ඔහු ඊට වඩා අඩු මුදලකට තමාගේ නමද සහිතව පොත ලිවීමට එකඟ වීම නිසාය.

කාලයක් විජේරාමයේ නැවතී සන්නස්ගලිට සර් කියමින් ඔහුගේ බැලමෙහෙවරකම් කරමින් සිටි සේපාලි පසුව සන්නස්ගලි සමඟ අමනාප විය. ඉන්පසු ඔහු තම සඟරාවේ ‘සුනිල් සන්නස්ගලි’ යනුවෙන් ලිපියක් ලියමින් සන්නස්ගලිගේ මූණ ජිප්පීස් සුනිල් පෙරේරාගේ ශරීරයට සම්බන්ධ කළේ සන්නස්ගලිට අපහාස කිරීම සඳහාය.

සන්නස්ගලිගෙන් පසු සේපාලි දත ගැලවූ තවත් ප්‍රකට පුද්ගලයෙකු වූයේ නාගානන්දි කොඩිතුවක්කි ය. ඔහු නාගානන්දිගේ කොන්ත්‍රාත් ඉටුකරමින් කාලයක් ජීවිකාව සරිකර ගත්තේය.

මේ අතර මාතලේ ප්‍රදේශයේ තවත් කනවැන්දුම් ධනවත් කාන්තාවකට ඉව ඇල්ලූ සේපාලි එයින් තවත් ඉල්ලමක් පාදා ගත්තේය. ඇය පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ බාහිර අධ්‍යයන පීඨයක තාවකාලික පදනමින් ඉංග්‍රීසි ඉගැන්වූ තැනැත්තියකි. මෝටර්සයිකලය පදිමින් සිටි සේපාලි එතැන් සිට ඇයගේ වාහනය පාවිච්චි කරන්නට වූ අතර, සේපාලි යූ ටියුබ් චැනල් ආදිය ආරම්භ කළේ මේ කාන්තාවගේ පිහිටෙනි.

මේ අතර කාලයක් විකල්ප රැඩිකල් කල්ලිය සමඟ අමනාප වූ සේපාලි කාලයක් ඔවුන්ට පහර දීමද සිදුකළේය. 2015 ජනාධිපතිවරණයේදි ඔහු මෛත්‍රීපාල වෙනුවෙන් පෙනී සිටියේය. ඊට පසු නාගානන්දි වෙනුවෙන් පෙනී සිටියේය. පසුව 2019 ආ රැල්ල සමඟ ඔහු ගෝඨාභය වෙනුවෙන්ද පෙනී සිටියේය. ඔහු දැන් පෙනී සිටින්නේ ජවිපෙ වෙනුවෙනි. මතවාදයක් නැති සේපාලි කාලයෙන් කාලයට ලැබෙන ගතමනාව ආදී කාරණා අනුව අදහස්ද වෙනස් කළේය.

වසර කීපයක් තිස්සේ ඔහුගේ යූ ටියුබ් චැනලය වැලේ වැල් නැති මට්ටමේ තිබුණද ගෝඨාගේ ආණ්ඩුවට ආ විරෝධයත් සමග එය තරමක් හොඳ අතට හැරුණු අතර, අරගල සමයේදී එහි නරඹන්නන් ප්‍රමාණය ඉහළ ගියේය.

මේ අතර සියලු දෙනා විසින් වරින් වර පාවිච්චි කර ඉවත දමා තිබූ සේපාලි නමැති දේශපාලන ගණිකාවගේ අලුත්ම ගැනුම්කරුවා වූයේ ‘ජනතා විමුක්ති පෙරමුණ’ය.

ජවිපෙ තම ඉදිරි ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සේපාලිගේ හා සුදත්ති තිලකසරිගේ යූ ටියුබ් නාලිකාවලට ගෙවූ මුදල් ගැන හෙළිදරව් වන, කොළඹ ප්‍රධාන පෙළේ ප්‍රචාරණ සමාගම් දෙකක නම්ද ඇතුළත් ලිපියක් ඒ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වූ අතර, එයින් නොබෝ දිනකට පසු සේපාලි දිගට හරහට ‘ජාතික ජන බලවේගය’ට කඩේ යන්නට පටන් ගත්තේය.

ඒ වීඩියෝවල ඔහු නිතර නිතර ප්‍රකාශ කළේ රාජ්‍යය ආගමෙන් නිදහස් කොට රට නිරාගමික කළ හැක්කේ අනුර කුමාරට බවය.

කාලයක් තිස්සේ අතේ සතේ නැතුව, අනුන්ගේ කුණු විකුණමින්, කුලියට ලියමින්, හොර අඹුවන්ගෙන් හිඟාකමින් සිටි සේපාලිට කරල පැහෙන්නට පටන් ගත්තේ ‘ජාතික ජන බලවේගය’ නිසාය.

ජාතික ජන බලවේගය මුදලට සේපාලිගේ සේවය ලබාගත්තා පමණක් නොව ජාතික ජන බලවේගයේ විදෙස් ගත හිතවත්තු සේපාලිට ආධාර කරන්නටද ඉදිරිපත් වූහ.

දත ගැලවීමේ උපන් හපනෙකු වන සේපාලිට මෙය හතර මහා නිධානය පහළ වූවා වැනිය. තම වැඩිමහල් දියණියගේ මංගල උත්සවය සරුවට කිරීමටත්, නව ශබ්දාගාරයක් ඉදිකිරීමේ මුවාවෙන් තමාගේ නිවසට තට්ටු කීපයක් එක්කර අලුත්වැඩියා කරගැනීමටත් සේපාලිට හැකි වූයේ ‘ජන බලවේග’ හිතවතුන්ගෙන් පහළ වූ ධන නිධානය නිසාය.

අද දළදාවට අපහාස කර වීරයන් වෙන්නට උත්සාහ කරන සේපාලි අමරසිං වැන්නවුන්ගේ සැබෑ ජීවිතය මෙවැන්නක් නම් අප කළ යුත්තේ මෙවැනි තක්කඩියන්ට වෛර කිරීම නොව අනුකම්පා කිරීමය.

එහෙත් අද මෙවැනි අපකීර්තිමත් ඉතිහාසයක් ඇති දූෂිත පුද්ගලයෙකු තම දේශපාලනය සඳහා යොදවාගෙන ඇත්තේ හොරු අල්ලා රට හදන්නට එන බව කියන ‘ජාතික ජන බලවේගය’ විසින් වීම සිනහවට කරුණකි.

අද ‘ජාතික ජන බලවේගය’ මේ ගැන කුමක් කීවද සේපාලි මෑත කාලයේ කළ වීඩියෝ නරඹන අයෙකුට ඔහු ඉටු කළේ කාගේ කොන්ත්‍රාත්තුව දැයි හොඳාකාරවම දැකගත හැකි වනු ඇත.

~ තම්බිපන්නි එෆ්බී

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *