ගෑස් මිල පහළට – කිලෝ 12.5 ක සිලින්ඩරයක් රු. 200 ත් 300 ත් අතර මිලකින් අඩුවේ

ගෑස් මිල පහළට – කිලෝ 12.5 ක සිලින්ඩරයක් රු. 200 ත් 300 ත් අතර මිලකින් අඩුවේ


ගෑස් මිල පහළට – කිලෝ 12.5 ක සිලින්ඩරයක් රු. 200 ත් 300 ත් අතර මිලකින් අඩුවේ

(04.01.2023 – 16:53 +0530 – hirunews.lk/sinhala)

හෙට (05) සිට කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගෑස් මිල රුපියල් 200 ත් 300 ත් අතර මිලකින් අඩුවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා.

කෙසේ වෙතත් මිල පහළ දමන නිශ්චිත ප්‍රමාණය හෙට (05) දිනයේ ප්‍රකාශයට පත්කරනු ඇති ෴


ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට (100,000) අඩු ‘බැංකු පොලී ආදායම’ ‘රඳවා ගැනීමේ බද්දෙන්’ නිදහස් කෙරේ

(04.01.2023 – 17:04 +0530 – hirunews.lk/sinhala)

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් සඳහා ලැබෙන පොලිය රුපියල් ලක්ෂයට (100,000) වඩා අඩු එම ගිණුම් සඳහා 5% ‘රඳවාගැනීමේ බද්ද’ (WHT) ඉවත් කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම රඳවා ගැනීම හේතුවෙන් ඔවුන් පත්වන අපහසුතා පිළිබඳ කරුණු අනාවරණය වීමෙන් පසු මෙම තීරණය ගත් බවයි.

“බැංකු තැන්පතු මත ලැබෙන මාසික පොලී ආදායම රුපියල් ලක්ෂයට (100,000) වඩා වැඩි නම් බදු සීමාවට යටත් වෙනවා.

නමුත් රඳවා ගැනීමේ බදු 5% අනුපාතයත් සමග රුපියල් ලක්ෂයට (100,000) වඩා අඩු මාසික පොලී ආදායමක් ලැබෙන පුද්ගලයන්ට ආදායම් රඳවා ගැනීමක් සිදු වීමෙන් ඔවුන්ට සිදුවන අපහසුතා පිළිබඳ තොරතුරු වාර්තා වුණා.

ඒ නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන සහනයක් හැටියට මාසික බැංකු පොලී ආදායම රුපියල් ලක්ෂයට (100,000) වඩා අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායමෙන් රඳවා ගැනීමේ බද්දක් තබා නොගැනීමට මෙහිදී තීරණය කර තිබෙනවා ෴


පොලිස් ඇදුමකින් සැරසී රුපියල් ලක්ෂ 35 ක් මංකොල්ල කා පලා යයි

(04.01.2023 – 17:51 +0530 – hirunews.lk/sinhala)

ගලේවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් තොග බඩු බෙදා හරින ලොරි රථයක තිබු රුපියල් ලක්ෂ 35 ක පමණ මුදලක් මංකොල්ල කා පලායමින් සිටි සිව් දෙනෙකු (4) ගෙන් යුත් කොල්ල කල්ලියක් පසුපස හඹා ගොස් එක් (1) සැකකරුවකු හා යතුරුපැදියක් සමග අල්ලා පොලිසියට බාර දීමට කොල්ලකෑමට ලක්වූ ලොරි රථයේ රියදුරා ඇතුලු ලොරි රථයේ සිටි පිරිස සමත්ව තිබෙනවා.

ගිරානේගම පොලිස් බල ප්‍රදේශයට අයත් පැල්බැදියාව මනම්පේරිගම ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රියේ අදාළ කොල්ලකෑම සිදුව තිබෙනවා.

මාර්ග පරීක්ෂා රාජකාරී ස්වභාවයෙන් යතුරු පැදි දෙකකින් (2) පැමිණ පොලිස් කබායකින් සැරසී සිටි අයෙකු ඇතුලු සැකකරුවන් සිව් (4) දෙනෙකු මනම්පේරිගම ජනශූන්‍ය ප්‍රදේශයකදී පරීක්ෂා කිරීමේ මුවාවෙන් අදාළ ලොරි රථය නවතා සැකකරුවන් අදාළ ලොරි රථයේ තිබූ රුපියල් ලක්ෂ 35 ක පමණ මුදලක් රැගෙන පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.

කොල්ලකෑමට ලක්වූ ලොරි රථයේ රියැදුරු එතැන් පටන් පලායමින් සිටි කොල්ලකරුවන් කිලෝමීටර් 05 ක් පමණ හඹා ගොස් ඇති අතර එහිදී එක් යතුරුපැදියක් හා එහි ගමන් කරමින් සිටී සැකකරුවන් දෙදෙනා (2) ගෙන් අයෙකු (1) අල්ලා ගැනීමට ලොරි රථ රියදුරා ඇතුලු ලොරි රථයේ ගමන්ගත් පිරිස සමත්ව තිබෙනවා.

මංකොල්ල කෑ මුදල් රැගත් සෙසු සැකකරුවන් දෙදෙනා (2) ඔවුන් පැමිණී යතුරු පැදියෙන් වෙනත් මාර්ගයක් ඔස්සේ පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

එම අවස්ථාවෙ වහා ක්‍රියාත්මකව ඇති මකුල්ගස්වැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු පිරිසක් එම සැකකරු හා යතුරු පැදිය ද එම ස්ථානයේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුනා.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ වාරියපොල බංඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයෙක්.

ඔහු කලක් යුධ හමුදා සේවයේ නිරතව සිට ඇති අයෙකු බවද පොලිසිය පවසනවා.

මෙම මංකොල්ලය සම්බන්ධයෙන් ගිරානේගම පොලිස් ස්ථානය මගින් මේ වනවිට වැඩිදුර විමර්ශණ සිදුකරන අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහාද පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා ෴


පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමත් හෙට (05) සිට

(04.01.2023 – 18:57 +0530 – hirunews.lk/sinhala)

නාම යෝජනා කැඳවීම් නිකුත් කළ පළාත් පාලන ආයතන 340 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීම හෙට (05) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ලබන 23 වැනිදා මධ්‍යම රාත්‍රී 12 ට එම කාල සීමාව අවසන්වීමට නියමිත බවයි ඔවුන් නිවේදනය කළේ. අදාළ දිනය නැවත කිසිසේත් දීර්ඝ නොකරන බව එහි දැක්වෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති අතර, ඒ අනුව එළැඹෙන 18 වැනිදා සිට 21 දක්වා නාම යෝජනා කැඳවෙනු ඇති.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පළාත් පාලන ආයතන 341 න් 340 ක් සඳහා නාම යෝජනා කැඳවීම සිදු කිරීමටයි නියමිතව තිබෙන්නේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධූර කාලය තවමත් අවසන් නොවීම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා කැඳවීමක් සිදු කෙරෙන්නේ නැහැ.

ඒ අනුව, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද (04) නිකුත් කෙරුණු අතර මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත අද (04) දිනයේ අදාළ දැන්වීම නිකුත් කිරිමට පියවර ගත් බවයි.

නාමයෝජනා භාර ගැනීම ලබන 18 වැනිදා ඇරඹෙන අතර ලබන 21 වැනිදා දහවල් 12 දක්වා ඒ සඳහා අවස්ථාව පවතිනවා.

අද (04) දිනයේ සිට ලබන 20 වැනිදා දහවල් 12 දක්වා ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. ඉන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කෙරෙනු ඇති.

2023 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැටඅටලක්ෂයක් (1,68,00,000) ෴

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් හමුව තිබෙනයවා.

එහිදී ජනාධිපතාවරයා සඳහන් කර ඇත්තේ කිසිදු මැතිවරණ කටයුත්තකට තමන් සහභාගි නොවන බවයි.

එමෙන්ම තමන්ට ජනවරම ලැබී ඇත්තේ වසර දෙකක (2) කාලයක දී රට ආගාධයෙන් ගොඩගැනීමට බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

කෙසේවෙතත් ඡන්ද අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාම්ප්‍රදායික රැස්වීමේ මූලාසනය පමණක් දරන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ ෴

+


සමාජ මාධ්‍ය ක්‍රියාකාරක, නිරාගමික මිසදිටුවාට එරෙහිව මහා සංඝරත්නයෙන් පොලීසියට පමිණිල්ලක් (04.01.2023)

+++++++++

++++++++++

ව්‍යාජ දළදා මාළිගාවක් මවා ජනතාව මුලාකරන පුද්ගලයන් ගැනත්, දළදා වහන්සේට අපහාස කරන පුද්ගලයන් ගැනත් සොයා බලන්න – මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

(04.01.2023 – 14:26 +0530 – lankaleadnews.com)

කුරුණෑගල, වාදාකඩ පාර, පොතුහැර යන ස්තානයේ ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවත්, දේශීය හා විදේශීය ගිහි පැවැදි බොහෝ දෙනෙක් මෙයට රැටවී මුදල් හා රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවත් මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසති.

එසේම සමාජ මාධ්‍ය හරහා වීඩියෝ සිදුකරන සේපාල් අමරසිංහ නැමැති පුද්ගලයෙක් බුදු දහමට හා දළදා වහන්සේට අපහාස වන ආකරයෙන් ප්‍රකාශයන් සිදුකරන බවද උන්වහන්සේලා මෙම ලිපියේ සදහන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට ඇති පරිදි බුදු දහම ආරක්ෂා කර පෝෂණය කිරීමට රජය බැදී සිටින නිසා මේ පිළිබඳව වහා කරුණු පරීක්ෂා කොට ආරම්භයේදීම ඒවා වළක්වාලීමට කටයුතු කිරීමට අවධායනය යොමුකරන ලෙස උන්වහන්සේලා ජනපතිවරයාට දන්වා සිටිති.

ලිපිය පහළින් :


04-01-2023

අපේ උන් ගොනාට අන්දපු වික්‍රමාරච්චි හොර කපුවගේ රෙදි ගැලව්වේ මෙහෙමයි (04.01.2023)

++++++++++

04-01-2023

++++++++++

04-01-2023
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *