දීර්ඝ විදුලි කප්පාදුවක් සමග දැවැන්ත ආර්ථික අර්බුදයක්.. ජනතාව පාරට බසින අරගලයක් ආසන්නයේ… – උදය ගම්මන්පිල

දීර්ඝ විදුලි කප්පාදුවක් සමග දැවැන්ත ආර්ථික අර්බුදයක්.. ජනතාව පාරට බසින අරගලයක් ආසන්නයේ… – උදය ගම්මන්පිල


දීර්ඝ විදුලි කප්පාදුවක් සමග දැවැන්ත ආර්ථික අර්බුදයක්.. ජනතාව පාරට බසින අරගලයක් ආසන්නයේ… – උදය ගම්මන්පිල

(01.01.2023 – 03:21 +0530 – lankacnews.com)

2023 ජනවාරි මුල් සතිය වන විට ‘උත්තර ලංකා සභාගය’ ඇතුළු බලවේග රැසක් එක්ව නව සන්ධානයක් බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එම නව සන්ධානය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වංචා දුෂණ වලට ලක් නොවු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක් වෙන බවද ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

2023 මාර්තු මාසය වන විට පැය අටක (8) විදුලි කප්පාදුවත් සමග රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණ වෙන බවත් කුඩා ළමුන්ට පවා අහාර දීමට නොහැකි ජනතාව මාර්තු මාසය වන විට පාරට බැස දැවැන්ත අරගලයක් සිදු කිරීමට ඉඩ ඇති බව ඒ මහතා එහිදී පැවසීය.

+


අර්බුදය නිසි ලෙස වටහා ගනිමු! එය ජයගැනීමේ අදිටන ඇතිකර ගනිමු! – විමල් වීරවංශ

(01.01.2023 – facebook.com/WimalWeerawansa.sl)

2023 වසර වෙත අප පිය නඟන්නේ ඉතිහාසය තුළ රට බරපතළම ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින මොහොතකය. දැනටමත් එහි බරපතළ ප්‍රතිවිපාක අපට බලපෑම් කරන අතර 2023 වසර තුළ ඒවා තවදුරටත් තීව්‍ර වන ආකාරය දැකගත හැකිය. ඊට ප්‍රධාන හේතු දෙකකි.

පළමුවැන්න ලෝක පරිමාණ ආහාර සහ ඉන්ධන අර්බුදයක් උද්ගතව තිබීමය.
දෙවැන්න මෙම ආර්ථික ආපදාවට වත්මන් පාලකයන් නිසි ලෙස මුහුණ නොදීම ය.

‘අර්බුදය කුමක්ද?’ යන්නත් ‘ඊට තම විසඳුම කුමක්ද?’ යන්නත් ඔවුන් පවසන්නේ නැත. ඔවුනට ඇති ඇති එකම විසඳුම ලෙස පෙනෙන්නේ ඩොලර් බිලියන 50 ක පමණ ණය කන්දක් පාමුල සිටින රටට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 2.9 ක ණයක් ලබා ගැනීමය. ඊට අමතරව වත්මන් ජනාධිපතිවරයා සූදානම් වන්නේ ශ්‍රී ලංකාව සතු ආර්ථික මර්මස්ථාන ද විකුණා දමා, ඉන් ලැබෙන මුදලින් විදේශ විනිමය සංචිතය ඉහළ දමා ගෙන, සුපුරුදු ‘ණයට අරන් සැපට කෑමේ’ ගමන තවදුරටත් යාමටය.

ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුම් වන, විදේශ විනිමය පනත සංශෝධනය කරමින් පෙර පැවති ආකාරයට රටට හිමි අපනයන ආදායම රට තුළට ගෙන්වා ගැනීමට මේ පාලකයන්ට අවශ්‍ය නැත; විදේශයන්හි සේවයේ නියුක්ත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ගෙන්වා ගැනීමට ඔවුන් තුළ විශ්වාසය ගොඩනැඟීමේ වැඩපිළිවෙළක් සකසන්නේ ද නැත. දේශීය නිෂ්පාදකයාට, කර්මාන්තකරුවාට සහන සැලසීම කෙසේවෙතත් බදු බරින් ඔවුන් හාන්සි කරවීමට වත්මන් පාලකයෝ කටයුතු කරති. රට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ඔවුන්ට අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය මේ අර්බුදය දඩමීමා කරගත් බෙදුම්වාදී න්‍යාය පත්‍රයකට අවශ්‍ය සර්වපාක්ෂික වැඩපිළිවෙළකි. අප වත්මන් පාලකයන්ට ‘කරව්! නැතිනම් පලයව්!’ කියා අවධාරණය කරන්නේ ඒ නිසාය.

කෙසේ වෙතත් මෙහිදී අපට තනි පුද්ගල වගකීමක් ද තිබේ. එනම් පාන් පිටි, කිරි පිටි වැනි ආහාර ද්‍රව්‍ය ඇතුළු ආනයනික භාණ්ඩ පරිභෝජනය වැඩිවීමට පාරිභෝගික සැම ද වගකිව යුතුය. වහාම දේශීය නිෂ්පාදන අගයන, පරිභෝජන රටාවකට එළඹෙන ලෙස 2023 වසර අපට බල කරයි.

එසේම 2023 වසර යනු මැතිවරණ සඳහා ද ඉඩකඩ නිර්මාණය වී ඇති වසරකි. එහිදී මේ අසමත් පාලකයන් දුරින් දුරු කරනවා සේම, හුදු සටන් පාඨ තොරොම්බල් කරන පිරිස් ද බැහැර කරමින්, ජනතා ප්‍රශ්නවලට උත්තර සෙවිය හැකි පාලනයකට ඉඩකඩ විවර කර ගැනීමේ වගකීම ද ජනතාව සතුව පවතී.

තවද වත්මන් පාලකයන් ගොඩනැඟෙමින් තිබෙන ආසියානු බලය කෙරෙහි විශ්වාසය තබන්නේ නම් රුසියාව සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹී ඉන්ධන, ගෑස් හා පොහොර සහන මිලට ගෙන්වාගැනීමට ද චීනය සමග මිත්‍රශීලීව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන්ට එළඹීම ද අපහසු නැත. නමුත් මෙම පාලකයන් තම බටහිර හාම්පුතුන්ගේ ආපදා අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට ඉඩ සැලසීම වෙනුවෙන් සිදු නොකරන්නේ ද එයමය. අද ‘ක්වැඩ්’ නමින් හඳුන්වන ඉන්දියාව, ඇමරිකාව, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රටවල් එක්ව දියත් කරනු ලබන ඉන්දු -පැසිෆික් න්‍යාය පත්‍රය අනුව ඉන්දු ඇමරිකානු පොදු උවමනාව වන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ අර්ධ යටත් විජිතයක් බවට පත් කිරීමය.

මේ සියල්ල ඉතාමත් ගැඹුරින් වටහා ගැනීමටත් දේශීය නිෂ්පාදන අගයන පාරිභෝජන රටාවකට එළඹීමටත් ලක්මවගේ දූදරුවන් මේ නව වසරේ අදිටන් කරගතහොත් එය රටක් ලෙස ගුණාත්මක පරිවර්තනයකට අප රැගෙන යනු නොඅනුමානය. ඒ වෙනුවෙන් පෙළගැසෙමු! ඔබ සැමට සුබ නව වසරක් වේවා!

විමල් වීරවංශ (පා.ම.)
නායක, ජාතික නිදහස් පෙරමුණ,
2023-01-01


දක්ෂිණ අධිවේගයේ බස් රථයක් අනතුරට – 16 ක් රෝහලේ

(01.01.2023 – 12:46 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 88 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී බස් රථයක් අනතුරට ලක්ව තිබෙන බව වාර්තා වනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වන්දනා චාරිකාවක ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක්.

එම අනතුරින් බස්‍ රථයේ රියදුරු ඇතුළු 16 දෙනෙක් තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් පිරිස රෝහල්ගතකර තිබෙනවා.

රියදුරුට නින්ද යාම මෙම අනතුර සිදු වීමට හේතුව බවට පොලීසිය සැක පළ කරන අතර බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මීටර් 100 කට ආසන්න දුරක් ගමන්කර ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

++++++++

(01.01.2023 – facebook.com/accident1stofficial/)

කතරගම ගොස් ආපසු පැමිණෙමින් තිබු සුඛෝපභෝගි බස්රථයක් දක්ෂිණ අධිවේගි මාර්ගයේ 88 වැනි කිලෝමිටරය අසලදි මාර්ගයෙන් ඉවතට පැන ගල් බැම්මක ගැටිමෙන් අද (01) උදෑසන සිදුවු අනතුරකින් බසයේ ගමන්ගත් 15 දෙනකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුනා.

තුවාල ලැබුවන් අතර පිරිමි පුද්ගලයින් 11 දෙනකු හා කාන්තාවන් 04 දෙනෙකු (කුඩා ලමුන් තිදෙනෙකු (3) ද ඇතුළුව) ඇති අතර බස් රථයේ රියදුරා බරපතළ තුවාල ලබා ඇතිබව සදහන් වනවා.

+


ගෝල්ෆේස් හෝටලේ කාමර අංක 1005 වුණේ මොනවද..? සුපිරි සැපක් එක්ක කෝට්ටේ හෝටලයක ගත්තු නයිට් බෝඩ් මීටින් එක (31.12.2022)

+


ගාල්ල – කටුගොඩ රෙදිපිළි අලෙවි සැලක ගින්නක්

(01.01.2023 – galletimes.lk)

ගාල්ල කටුගොඩ දෙවට හන්දිය ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි සැලක අද (01) දහවල් ඇතිවු ගින්නකින් වෙළඳසැලට හානි සිදුව ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි.

ගින්න හටගත් ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිනි ගැනීමත් සමඟ වෙළඳ සැළ තුල තිබුණු රෙදිපිළි සහ නුල් වර්ග විනාශ වී තිබේ. පසුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවීමට කටයුතු කර තිබේ.

ඒ අතරතුර පැමිණි ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ දෙකක් (2) ගින්න නිවා දමා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

+


විදුලි බිල වැඩි කලොත් පැය 24 ක් ඇතුලත රටම පාරට බස්සනවා…

(01.01.2023 – 17:30 +0530 – lankacnews.com)

විදුලි ගාස්තුව නැවතත් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී පැය විසිහතරක් (24) ඇතුළත විදුලි පාරිභෝගිකයන්ට සියලුදෙනාම පාරට බස්සා දැවැන්ත විරෝධතාවයක් ආරම්භ වන බව ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එසේ විරෝධතා කැඳවා විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණය ආපස්සට හරවන බවද සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හැත්තෑ හතරක් (74,00,000) මෙරට තුළ සිටින බවත් ජනවාරි මාසයේදී විදුලි ගාස්තු ඉහළ දැම්මොත් පාරිභෝගිකයන් සියලු දෙනාට එය දරා ගත නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

රජය උත්සහ කරනු ලබන්නේ මාස හයෙන්-හයට (6-6) විදුලි ගාස්තු ඉහල දැමීමට බවද පැවසූ ඔහු ජනවාරියේදී විදුලි බිල ඉහළ දැමීමට ඉඩ දුනහොත් මැයි මාසයේදී ද යළිත් එය සිදුකරන බවද කියා සිටියේය.

පාලකයන් මේ සූදානම් වන්නේ වෙන කිසිවකට නොව විදුලිය හදිසි මිලදීගැනීම් යටතේ පුද්ගලික බලාගාරවලින් විදුලිය ගැනීමේ ජාවාරම දිගටම කරගෙන යාමට බවද ඔහු තවදුරටත් පැවසීය ෴


මාතර වෙරළ තීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු මරුට

(01.01.2023 – 18:25 +0530 – sinhala.adaderana.lk)

මාතර වෙරළතීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු (2) සැඩපහරට හසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ මාතර අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි (2).

පොලීසිය පැවසුවේ සිව්දෙනෙකු (4) දියනෑමට ගොස් ඇති බවත් ඉන් දෙදෙනෙකු (2) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත්ය.

උපකාරක පන්තිවලට සහභාගීවන බව පවසා ඔවුන් සිය නිවෙස්වලින් පැමිණ ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

මාතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි ෴


සොහොයුරියගේ මාලය සොරාගත් සහෝදරයාට අත්වූ ඉරණම

(01.01.2023 – 20:49 +0530 – sinhala.adaderana.lk)

සිය සොහොයුරියගේ ගෙලබැඳි රන් මාලය සොරාගත් තරුණයෙක්, පොලීසිය කළ ලුහුබැඳීමක් අතරතුර නිවසක වහලයකින් ඇද වැටී මියගොස් තිබේ.

ගම්පොළ ප්‍රදේශයෙන් මෙම සිදුවීම අද (01) වාර්තා වූ අතර මරණකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බව සඳහන්ය.

අදාළ පුද්ගලයා විසින් මෙලෙස සොරාගෙන ඇති රන් මාලය රුපියල් ලක්ෂ 11 ක් පමණ වටිනා බවට අනාවරණය වී තිබේ.

+


මහ බැංකු අධිපති හෙළිකළ අපේක්ෂාව

(01.01.2023 – 20:24 +0530 – sinhala.adaderana.lk)

උද්ධමනය පහත දමා ආර්ථික වශයෙන් රට ස්ථාවර කිරීම වසරේ ප්‍රධානතම අපේක්ෂාව බව මහ බැංකු අධිපති අචාර්යය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ක්‍රමාණුකූලව මේ වනවිට උද්ධමනය අඩුවෙමින් පවතින බවය.

නව වසර වෙනුවෙන් දළදා සමිඳු වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ බැංකු අධිපති අචාර්යය නන්දලාල් වීරසිංහ මහතා එම අදහස් පළකළේය.

“අපි බලාපොරොත්තුවෙනවා පසුගිය වසරේ තිබුණු ආර්ථික අමාරුකම්වලින් මිදිලා යමිකිසි ස්ථාවර තත්ත්වයකට ඇවිල්ලා රටේ ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරන්න. විශේෂයෙන් මහ බැංකුවේ වගකීම වන්නේ උද්ධමනය පාලනය කිරීම. අපි දැනටම දකිනවා උද්ධමනය සීඝ්‍රයෙන් අඩුවේගෙන යනවා. අපි මේ වසරේ බලාපොරොත්තු වෙනවා උද්ධමනය තවදුරටත් අඩුවෙලා රටේ පොලී අනුපාතය තවදුරටත් පහළ ගිහිල්ලා අපේ ජනතාවට හැමෝටම රටේ ආර්ථිකය යම්කිසි ආකාරයට නැවත යථාතත්ත්වයට පත්වීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට හැකිවේයැයි කියලා.”

+


දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

(01.01.2023 – 16:33 +0530 – sinhala.adaderana.lk)

දුම්රිය ගමන්වාර 60 කට වැඩි සංඛ්‍යාවක් හෙට (02) දිනයේදී අවලංගු විය හැකි බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

සමස්ත කාර්ය මණ්ඩලයෙන් 500 කට ආසන්න පිරිසක් ඊයේ (31) සිට විශ්‍රාම ගැන්වීමත් සමග ඇතිවූ සේවක පුරප්පාඩුව එම තත්ත්වයට හේතු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා,

“ඊයේ දුම්රිය ගමන්වාර 44 ක් අවලංගු වීමට නියමිත වුණා. මේ මොහොත වන විට ගමන්වාර 7 ක් පමණ අවලංගුවීම් සිද්ධවෙලා තියෙනවා. ඒක දෙගුණ තෙගුණ වෙන්න ඉඩ තියෙනවා. හෙට (02) දිනයේදී මේක 60 ක් 70 ක් වෙන්න පුළුවන් එහෙම වුණොත් දුවන දුම්රියවලට ධාරිතාවය දරන්න බැරි වෙයි. මගීන් ගැටුම් ඇති කරයි දුම්රිය ස්ථානවලට ඇවිල්ලා. මාසේ මුල්ම දවසේ.. අවුරුද්දේ මුල්ම දවසේ මේ තත්ත්වය උදාවෙනවා කියන එක නිෂ්චිතවම අපිට කියන්න පුළුවන්. කාර්යාලවලට යන මගීන්ට දැඩි බලපෑමක් සිද්ධ වෙනවා. විශ්‍රාම ගැන්වුණ සේවකයින්ට අවශ්‍ය විදිහට කොන්ත්‍රාත් පදනම මත සේවා ලබාදීමත් මේ වෙනකොට ඉටුවේලා නැහැ. ඒ වගේම දිගින් දිගටම මේ බඳවාගැනීම් පිළිබඳව දැනුම්දුන්නා. ඒවා හරියට ක්‍රියානොකරපු එකෙන් අවුරුදු එක හමාරක් (1½) අනුමැතියකින් තොරව වැඩකරපු සේවකයින් 4 දෙනෙකුට ඔවුන්ගේ ගෙවීමත් නොකර ඔවුන්ව ඉවත්කරලා දාන්නට මේ ‌දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඒ වගේම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය මඟහරින්න නව දුම්රිය ස්ථානාධිපතිවරු බඳවාගත්තත් තනතුරු අනුමත කිරීම 2013 න් පස්සේ සිදුවෙලා නැහැ. මේ හේතුවඋඩ මාතර සිට බෙලිඅත්ත දුම්රිය ස්ථාන ඉදිරි කාලසීමාවේදී අපිට වසාදමන්න සිදුවෙනවා. මේකට ඉදිරි සතියේදී නිවැරදි විසඳුමක් නැතිනම් අපි 09 වනදා වන විට සමස්ත දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ කඩාවැටීමට එරෙහිව සියලු කාරණා මුල්කරගෙන අනිවාර්යෙන්ම වැඩවර්ජනයකට යනවා කියන එක මේ මොහොතේදී දැනුම්දෙනවා.”


විදුලි බිල ඉහළ දැමීමට කැබිනට්ටුවෙන් එන යෝජනා පිළිගන්නේ නැහැ උපයෝගිතා කොමිසම කියයි

(01.01.2023 – 19:21 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු ඉහල දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිදු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ලට නොගන්නා බව එහි සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

කොළඹදී අද (01) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු චෝදනා කළේ පනත වැරදි ලෙස අර්ථකථනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම සාමාන්‍ය ප්‍රතිපත්ති සැලැස්මක් යටතට ගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් වන බවටයි.

ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදය විදුලිබල පනතේ වෙනම දක්වා ඇති බව සඳහන් කළ උපයෝගිත කොමිසමේ සභාපතිවරයා ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල මණ්ඩලයෙනන් ලැබුණහොත් පමණක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවයි වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර යළිත් විදුලිබිල වැඩිකළහොත් වතු කම්කරුවන්ට එම බිල්පත් ගෙවීමට නොහැකි වීම නිසා වතු කම්කරුවන් වෙත ලබාදී ඇති විදුලි සම්බන්ධතාව විසන්ධි කරන ලෙස කදුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් පවසනවා.

හැටන් ප්‍රදේශයේ අද (01) පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

++++++

+


කන්ජිපානි ඉම්රාන් ඉන්දියාව ට පැනයයි

(01.01.2023 – 09:44 +0530 – sinhala.adaderana.lk)

මෙරට ප්‍රකට පාතාල ක්‍රියාකාරිකයෙක් ලෙස සැලකෙන කන්ජිපානි ඉම්රාන් රාමේශ්වරම් ඔස්සේ ඉන්දියාව ට පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

‘ද හින්දු’ පුවත්පත ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණි.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි ඉම්රාන් මෙරට අධිකරණයක් මගින් පසුගියදා ඇපමත නිදහස් කළේය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *