ගංජා විතරක් ‘එක්ස්පෝට්’ කරලා ගොඩයන්න බෑ – වෛද්‍ය සමාධි රාජපක්ෂ

ගංජා විතරක් ‘එක්ස්පෝට්’ කරලා ගොඩයන්න බෑ – වෛද්‍ය සමාධි රාජපක්ෂ


ගංජා විතරක් ‘එක්ස්පෝට්’ කරලා ගොඩයන්න බෑ – වෛද්‍ය සමාධි රාජපක්ෂ

(26.12.2022 – 20:25 +0530 – hirunews.lk/sinhala)

දුම්කොළ පිළිබඳ බදු ප්‍රතිපත්තිය සම්මත කිරීමෙන් රුපියල් බිලියන 11 වඩා අධික ආදායමක් ඉපයිය හැකි බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ඇතැම් නෝනලා පවසන පරිද්දෙන් ගංජා පමණක් අපනයනය කර, මේ රටට ගොඩ යා නොහැකි බවත් සභාපතිවරයා සඳහන් කළා.

මෙම දුම්කොළ බදු ප්‍රතිපත්ති සංශෝධනයට වැට බැඳ ඇත්තේ ඇතැම් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් බවත්, ඔවුන් ඒවායේ අතකොළු බවට පත් වී ඇති බවත් හෙතෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් කියා සිටියා.

+


ඉන්ධන භාවිතය සියයට 40 කින් අඩු වෙයි

(26.12.2022 – 20:22 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදය හමුවේ ජනතාව විදුලි පාරිභෝජනය අඩු කර ඇති අවස්ථාවක විදුලි බිල යළි වැඩි කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව මහජන සභාව පවසනවා.

කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි නියෝජිත පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කළේ විදුලි ගාස්තු යලි ඉහළ නැවීමට කටයුතු කළ හොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එම මාධ්‍ය හමුවට එක්ව සිටි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩි.ආර්. අතුල කියා සිටියේ යළි විදුලි ගාස්තු ඉහළ නැංවීම නිසා ජනතාව විදුලි පාරිභෝජනය තවදුරටත් අඩු කිරීමෙන් විදුලි බල මණ්ඩලයට පාඩු සිදුවිය හැකි බවයි.

මේ අතර, හෙට (27) සිට ලබන 30 වනදා දක්වා විදුලි කප්පාදුව පැය 2 යි මිනිත්තු 20 ක කාලයක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව දිවා කාලයේ දී පැයකුත් (1), රාත්‍රියේ දී පැයයි (1) මිනිත්තු 20 ක් මෙම විදුලි කප්පාදුව සිදු කරනු ඇති.

මේ අතර කිව්.ආර්. කේතය හඳුන්වා දීමෙන් පසු ඉන්ධන පාරිභෝජනය සියයට 40 කින් අඩු වී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 5500 ක් මීට පෙර පාරිභෝජනය සඳහා ඉල්ලුම් කෙරුණ ද මේ වන විට එය මෙට්‍රික් ටොන් 4000 දක්වා අඩු වී ඇති බවයි එම සංස්ථාව සඳහන් කළේ.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3750 ක් සඳහා පැවති ඉල්ලුම ද කිව්.ආර්. කේතය හඳුන්වා දීමෙන් පසු මෙට්‍රික් ටොන් 3000 දක්වා පහත බැස තිබෙනවා.

භූමිතෙල් පාරිභෝජනය සඳහා දිනකට මෙට්‍රික් ටොන් 800 ක ඉල්ලුමක් පැවති අතර, මේ වන විට ඒ සඳහා ඉල්ලුම පවතින්නේ මෙට්‍රික් ටොන් 300 ක් සඳහා පමණක් බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටියේ.

+


දුම්රිය තුළ සොරකමක් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(26.12.2022 – 22:24 +0530 – hirunews.lk/sinhala)

ධාවනය වෙමින් තිබූ දුම්රියක සිටි මගියෙකුගේ ජංගම දුරකථනයක් සොරකම් කර පලා යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වේයන්ගොඩ පොලීසිය සමත් වුණා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා දුම්රියේ ගමන් ගන්නා පුද්ගලයන්ගේ භාණ්ඩ සොරකම් කිරීම කලක සිට සිදු කර ඇති අතර ඔහු සන්තකයේ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 40 ක් සොයා ගැනීමට ද වේයන්ගොඩ පොලීසිය සමත් වුණා.

+


කල්බදු හෝ මූල්‍ය සමාගම්වලට හිතුමතේ රථවාහන අත්පත් කරගැනීමට අවසර නැහැ

(27.12.2022 – 07:22 +0530 – hirunews.lk/sinhala)

කල්බදු හෝ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත්කර ගැනීමේ දී අදාළ රථයේ හිමිකරු විරෝධය දක්වන්නේ නම්, සමාගම් දිසා අධිකරණයේ නඩු පවරා වාහනය අත්පත් කර ගැනීමට නෛතික ව පියවර ගත යුතු බව පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා.

ඒ පොලිස් ස්ථාන වෙත විශේෂ චක්‍රලේකයක් නිකුත් කරමින්.

කල්බදු හෝ මූල්‍ය සමාගම් වාහන හෝ උපකරණ අත්පත්කර ගැනීම් පිළිබඳ එහි අයිතිකරුවන් පොලිසිය වෙත පැමිණිලි කිරීමට යාමේ දී ඇතැම් පොලිස් ස්ථාන පැමිණිලි බාර නො ගන්නා අවස්ථා සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා.

එහෙත් මින් ඉදිරියට එම පැමිණිලි බාරගෙන නිසි විමර්ශනයක් සිදු කළ යුතු බව යි අදාළ චක්‍රලේකයෙන් පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් වාහන කොල්ල කෑම්, සොරකම් කිරීම ආදි වරදක් සිදු වුව හොත් ඒ පිළිබඳ පොලිසිය නීති ක්‍රියාමර්ග ගත යුතු බව ද එහි සඳහන් ෴


ඊ.ටී.එෆ්. අරමුදලේ මුදල් ප්‍රේෂණය ඔන්ලයින් ක්‍රමයට පමණ යි

(27.12.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala)

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට දායකත්ව මුදල් ප්‍රේෂණය කිරීම ලබන වසරේ පෙබරවාරි මස පළමු වනදා (01.02.2023) සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

සේවකයන් 15 දෙනෙකුට වඩා සේවය කරන ආයතනවල සේවායෝජකයන් අදාළ ගෙවීම සිදු කිරීම සහ මාසික වාර්තා ඉදිරිපත් කිරීමද මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කළ යුතු බව යි ඔහු කියා සිටියේ.

මේ හරහා සේව්‍ය පාර්ශවයට පහසුවෙන් දායකත්ව මුදල් සේවා ස්ථානයේ සිටම ප්‍රේෂණය කළ හැකි අතර සේවකයින්ට ද දායකත්ව මුදල් ආයතනය විසින් නිසි පරිදි ගෙවා ඇති බවට තහවුරු කර ගත හැකි බව ද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා ෴


තවත් රුසියානු ගුවන් සමාගමක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි

(27.12.2022 – 09:20 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ ‘රෙඩ් වින්ග්ස්’ ගුවන් සේවය අනිද්දා (29) සිට රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසනවා.

එම ගුවන් සේවයට අයත් යානයකින් එදින රුසියානු සංචාරකයින් 404 දෙනෙකු මෙරටට පැමිණෙන බවයි එහි සභාපති උපුල් ධර්මදාස පැවසුවේ.

‘අසූර්’ සහ ‘එරෝෆ්ලොට්’ ගුවන් සමාගම් මේ වනවිටත් රුසියාවේ සිට ශ්‍රී ලංකාව බලා සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.

‘රෙඩ් වින්ග්ස්’ සමාගම ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමග රුසියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක සෘජු ගුවන් සේවා සංඛ්‍යාව 3 ක් ෴


ද්විත්ව පුරවැසිභාවය සඳහා කෙරෙන ඉල්ලුම ඉහළට

(27.12.2022 – 09:28 +0530 – hirunews.lk/sinhala)

2021 වසරේ දී ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා පුද්ගලයන් 5401 දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත්‍ර යොමු කර ඇති බව වාර්තා වනවා.

එයින් වැඩි ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවේ වාසය කරන අය වන බව යි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම ගණන 1,621 ක්.

එක්සත් රාජධානියෙන් 885 දෙනෙක්, අමෙරිකාවෙන් 795 දෙනෙක්, කැනඩාවෙන් 371 දෙනෙක් ඇතුළු ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ස්වීඩනය, නවසීලන්තය, ප්‍රංශය හා ඩෙන්මාර්කය යන රටවලින් ද ද්විත්ව පුරවැසිභාවය සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුම් කර ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ පිරිසට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව යි සඳහන් වන්නේ ෴


සමස්ත රියදුරන්ට ම විශේෂ දැනුම්දීමක්

(27.12.2022 – 07:24 +0530 – sinhala.adaderana.lk)

රිය ධාවනය කිරීමේදී රියදුරු අතින් සිදුවන වැරදි සඳහා ක්‍රියාත්මක “රියදුරු අකුසලතා ලකුණු ක්‍රමය” ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.

ඒ අනුව රිය ධාවනයේදී රියදුරු අතින් මහමඟ සිදුවන වැරදි සඳහා නව ක්‍රමය යටතේ ‘අකුසලතා ලකුණු’ ලබාදීමේ සහ ඊට අදාළ දඩුවම් පැනවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බව ඔහු පැවසුවේය.

ඊට අදාළ මූළික ක්‍රමවේදය මේ වන විට සකස් කර අවසන්ව ඇති අතර එය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට යොමුකිරීමට බලාපොරොත්තු වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේය.

“2023 පළමු කාර්තුවේ දී අපි ප්‍රවාහන අමාත්‍යතුමාගේ සහ රාජ්‍ය අමාත්‍යතුමාගේ අවශ්‍යතාවය පරිදි අපි ලෑස්ති කරලා තියෙනවා ‘රියදුරු අකුලසලතා ලකුණු ක්‍රමය’ හඳුන්වා දෙන්න. ඒ අනුව මහ පාරේ දී සිදුවන රථවාහන වැරදි වෙනුවෙන් ලකුණු 20 ක් දක්වා අකුසලතා ලකුණු හිමිවන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව යම්කිසි කෙනෙක් ලකුණු 20 සම්පූර්ණ කරාම එයාගේ ‘ඩ්‍රයිවින් ලයිසන්’ එක අවලංගු වෙනවා. ඒ අනුව එයා ඒක අවලංගු වන කාලයෙන් පසු නැවත මුල ඉඳන් ඩ්‍රයිවින් ලයිසන් එක ලබාගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. මේකෙන් අපි අපේක්ෂා කරන්නේ, දැනට වසරක් තුළ සිදුවන මාරක රිය අනතුරු අවම කරගැනීම. අපේ මේ වනවිට මෙයට අදාළ මුලික ක්‍රමවේදය සකස් කරලා කැබිනට් එකට ඉදිරිපත් කරන්න අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරමින් පවතිනවා කෙටුම්පත. බොහෝදුරට අපි බලාපොරොත්තු වෙනවා ජනවාරියේ කැබිනට් එකට ඉදිරිපත් කරලා ඒ අවසරය ගන්න ජනවාරියේ ඒ ක්‍රියාමාර්ග ගන්න.”


උත්තර ලංකා සභාගයෙන් පොහොට්ටුවට අභියෝගයක්

(27.12.2022 – 12:48 +0530 – hirunews.lk/sinhala)

හැකිනම් සන්ධානයක් ගොඩනගා පෙන්වන ලෙස උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අභියෝගයක් සිදු කළා.

ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (26) පැවති එම පක්ෂයේ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියා.

මේ එම හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීර, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කර ඇතුළු පිරිසක්ද එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

+


කන්තලේ සේරුවිල රක්ෂිතයේ අක්කර 30 ක වන විනාශයක්

(27.12.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala)

කන්තලේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රක්ෂිත ප්‍රදේශයක අක්කර 30 ක පමණ ප්‍රදේශයක් අනවසරයෙන් හෙළි පෙහෙළි කර තිබෙනවා.

ගම්වාසීන් චෝදනා කරන්නේ, සේරුවිල ප්‍රාදේශීය සභා සභාපතිවරයාට අයත් ලෝඩරයකින් මෙම නීති විරෝධී වන විනාශය සිදු කරන බව යි.

කන්තලේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙහිවත්ත ගම්මානයේ මහවැලි ගඟ උතුරු රක්ෂිතයේ මෙම වන විනාශය සිදුකර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මේ වන විට අක්කර 30 ක පමණ ප්‍රදේශයක් වන සංහාරකයන්ට ගොදුරු වී ඇති බව යි.

පෙරේදා රාත්‍රී 10 ට පමණ මෙම වන විනාශය සිදු කරන බවට ගම්වාසීන් පොලිසියට දැනුවත් කර ඇතත්, පොලිස් නිලධාරීන් ඒ පිළිබද සොයා බැලීමට පැමිණ තිබුණේ නැහැ.

ඒ අනුව ගම්වාසීන් යුද හමුදා නිලධාරින්ට මේ පිළිබඳ දන්වා ඇති අතර, යුද හමුදා නිලධාරීන් පැමිණීමත් සමග වන විනාශය සිදු කරමින් සිටි ලෝඩරය දමා එහි රියදුරු පළා ගොස් තිබෙනවා.

ගම්වාසීන් චෝදනා කරන්නේ වන විනාශය සඳහා යොදාගත් මෙම ලෝඩරය සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට අයත්වුවක් බව යි.

මීට පෙර ද ‘සාෆි නගර්’ ප්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීමට මෙම ලෝඩරය භාවිත කර තිබු අවස්ථාවක එය පොලිස් භාරයට ගෙන තිබුනා.

පසු ව අධිකරණයට ඉදිරිපත් කර තිබු මෙම ලෝඩරය පසුව ඇප මත නිදහස් කරගෙන පැමිණ මෙම වනවිනාශය සිදුකර ඇති බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ.

යුද හමුදා නිලධාරීන්ගේ භාරයට ගත් ලෝඩරය පොලිසියට භාරදීමට යි මේ වන විට කටයුතු කර ඇත්තේ.

+


හිසට සෙවණක් ඉල්ලන පොතුහැර අසරණ පවුල

(27.12.2022 – 13:39 +0530 – hirunews.lk/sinhala)

හිසට සෙවණක් නොමැති ව අසීරුවෙන් සිය ජීවිතය ගැට ගසා ගන්න පවුලක් පිළිබද පුවතක් අපට කුරුණෑගල පොතුහැර වදාකඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ, සිය නිවස ඉදිකර ගැනීම සඳහා කිසිවෙකු හෝ සහාය වන ලෙස යි.

දින විසි පහක් (25) වයසැති කුඩා දියනියක් හා තුන් (3) හැවිරිදි පුතෙක් සමඟ කුරුණෑගල, වදාකඩ ප්‍රදේශයේ මවක් ජීවත්වන ආකාරයයි මේ.

ඇල්බීසියා ලෑලිවලින් අටවා ගත් කුඩා නිවසක ජීවත්වන මෙම පවුලේ පියා කුලී වැඩ කර සිය පවුල ජිවත් කරවීමට වෙහෙසෙන අතර ඔවුනට බීමට ජලය පවා සපයා ගැනීමට නිසි ක්‍රමයක් නැහැ.

වර්ෂා කාලයේ ඉටි කොළවලින් සෙවිලි කළ සිය නිවස නිතර නිතර තෙමීමට ලක් වන බව ද එම කාලයේ තමන්ට ඉවුම් පිහුම් කටයුතු කර ගැනීමට නොහැකි බව ද ගෙහිමි කාන්තාව පවසනවා.

දින විසි පහක් (25) වයසැති තම දියණියට නිදා ගැනීමට හරි හමන් ඇදක් පවා නොමැති බව ද තම පවුලට සනිපාරක්ෂාව සපයා ගැනීමට වැසිකිලියක්වත් නොමැති බව ද ඇය පවසනවා.

පවතින ආර්තික තත්ත්වය හමුවේ සිය ජීවිතය ගැට ගසා ගැනීම අසිරු කටයුත්තක් බව යි ඉරේෂා ලක්මාලි පවසන්නේ.

+


ඕමානයේ සුරක්ෂා නිවසේ 84 දෙනෙකුගෙන් ප්‍රකාශ

(27.12.2022 – 16:05 +0530 – hirunews.lk/sinhala)

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවස සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේදී කාර්යාංශ පනත උල්ලංඝනය කිරීම් හා මිනිස් වෙළඳාම සම්බන්ධ කරුණු අනාවරණ වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

පසුගිය 10 වැනිදා එහි රැඳී සිටි කාන්තාවන් 84 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇති කරුණු අනුව ඊට අදාළ සැකකරුවන් බොහෝ දුරට මේ වනවිට හඳුනාගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් කාර්යාංශය කළේ.

ඒ අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒකාබද්ධව කටයුතු කරන බව ද එහි දැක්වෙනවා ෴


චෛත්‍ය 500 ක් හැදීමේ මහා ජාවාරම පිටුපසත් චීවරේ – නිලන්ත රණසිංහ (27.12.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *