ගුවන් සේවිකා සිහින මවා තරුණියන් 20 කගේ නිරුවත් පින්තූර ගෙන්වා ගෙන

ගුවන් සේවිකා සිහින මවා තරුණියන් 20 කගේ නිරුවත් පින්තූර ගෙන්වා ගෙන


ගුවන් සේවිකා සිහින මවා තරුණියන් 20 කගේ නිරුවත් පින්තූර ගෙන්වා ගෙන

(21.12.2022 – 08:48 +0530 – mawbima.lk)

ගුවන් සේවිකාවන් ලෙස තරුණියන් බඳවා ගන්නා බව කියමින් රූමත් ළාබාල තරුණියන් 20 දෙනෙකුගේ නිරුවත් පින්තූර ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් ගෙන්වා ඔවුන් ‘බ්ලැක්මේල්’ කළ ‘ජල සම්පාදන මණ්ඩලයේ මනු කියවන්නෙකු’ මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරු වයස අවුරුදු 29 ක හඟුරන්කෙත පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකාර මනු කියවන්නා මෙලෙස තරුණියන් බ්ලැක්මේල් කිරීම සඳහා ජංගම දුරකතන 4 ක්, සිම්පත් 13 ක් සහ නවීන පරිගණකයක් භාවිත කර ඇති අතර ඒ සියල්ල පරිගණක අපරාධ කොට්ඨාසය විසින් භාරයට ගනු ලැබ තිබේ.

එම කොට්ඨාසය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගුවන් සේවිකාවක් සඳහා ඉල්ලුම්පතක් යොමු කළ තරුණියකගේ නිරුවත් පින්තූර ලබාගෙන ඇය බ්ලැක්මේල් කළ බවට ඇය විසින් කොළඹ රහස් පොලිස් මූලස්ථානයේ පරිගණක අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව ය.

එම කොට්ඨාසය පවසන ආකාරයට ඇය සහ තවත් තරුණියන් 20 දෙනෙකු සැකකරුට රැවටී ඇත්තේ මෙලෙසිනි.

‘රුවැත්තියන්ගේ ගැටලු’ නමින් මුහුණු පොත ඔස්සේ සංසරණය වන ගිණුමකින් ගුවන් සේවිකාවන් බඳවා ගැනීම සඳහා අයැදුම්කරන ලෙසට දැන්වීමක් පළ කර තිබේ. මෙම රැකියාව සඳහා කැමැති ළාබාල තරුණියන්ට ගිණුම සමග සම්බන්ධ වීමට දුරකතන අංකයක් ද ලබා දී තිබූ අතර සියල ගනුදෙනු SMS හරහා සිදුකළ යුතුවේ.

ඒ අනුව, මෙම තරුණිය ද මුහුණුපොතේ සඳහන් දුරකතන අංකයට SMS පණිවුඩ යවමින් කාන්තාවක් සමග සම්බන්ධ වී තිබේ. පසුව එම කාන්තාව විසින් ගුවන් සේවිකා තනතුර සඳහා අවශ්‍ය අයැදුම්පත් සහ ඇගේ ඡායාරූප කිහිපයක් එවන ලෙස සඳහන් කරමින් ඊමේල් ලිපිනය ලබා දී තිබේ.

පසුව ඉල්ලුම් පත්‍රයක් සමග ඇය ඇගේ පින්තූර කිහිපයක් ද ඊමේල් ලිපිනයට යවා ඇති අතර එහිදී රුවැත්තියන්ගේ ගැටලු ගිණුම භාර කාන්තාව තරුණියට පවසා ඇත්තේ ඔබේ පින්තූර ගුවන් සේවිකා තනතුරට සුදුසු බවට තෝරාගෙන ඇති බව ත් මේ සම්බන්ධයෙන් ආයතනයේ හිමිකරු සමග කතාබස් කරගන්නා ලෙසත්ය. ඇය ආයතනයේ හිමිකරුගේ අංකය ද එම තරුණියට ලබා දී තිබේ.

කෙසේ වෙතත් SMS පණිවුඩ මාර්ගයෙන් ඉල්ලුම්කාරි තරුණිය ආයතනයේ හිමිකරු සමග සබඳතා පවත්වා ඇත. එහිදී හිමිකරු ඇයට පවසා ඇත්තේ ගුවන් සේවිකාවක් ලෙස බඳවා ගැනීමේදී සිරුරේ අඟපසඟ පරීක්‍ෂා කළ යුතු බැවින් අත්පාවල නියපොතුවල රූප ඔහු වෙත එවන ලෙස ය.

පසුව එම පින්තූර ද තරුණිය ආයතන හිමිකරුට යවා තිබේ. එහිදී ඔහු මෙම තරුණියට පවසා ඇත්තේ එම පින්තූරවලට අනුව ගුවන් සේවිකාවක් ලෙස ඇය තෝරාගෙන ඇති හෙයින් සිරුරේ නිරුවත් පින්තූර කිහිපයක් ඔහුගේ ගිණුමට යොදන ලෙස ය.

මෙහිදී අසරණතාවට පත් මෙම තරුණිය රුවැත්තියන්ගේ ගැටලු ගිණුම මෙහෙයවූ කාන්තාවට කතා කර ඒ සම්බන්ධයෙන් විමසා ඇති අතර එහිදී ඇය ද මෙම තරුණියට මැසේජ් කර පවසා ඇත්තේ ගුවන් සේවිකාවක් ලෙස රැකියාව කිරීමට අඟපසඟ සුදුසු ලෙස තිබිය යුතු හෙයින් සිරුරේ නිරුවත් පින්තූර ආයතනයේ හිමිකරු වෙත යවන ලෙසත් එය රහසිගතව සිදුකරන ක්‍රියාවලියක් බවත් ය.

පසුව මෙම තරුණිය සිය සිරුරේ නිරුවත් පින්තූර රැසක් ආයතනයේ හිමිකරු වෙත යවා ඇති අතර ගුවන් සේවිකාවක් ලෙස රැකියාවට යාමට බලාපොරොත්තුවෙන් කාලය ගත කර තිබේ.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ආයතනයේ හිමිකරු ලෙස හැඳින්වූ පුද්ගලයා මෙම තරුණියට කෙටි පණිවුඩ යවමින් ඇගේ නිරුවත් පින්තූර තමා සතුව ඇති බැවින් ඔහු සමග ලිංගිකව හැසිරීමට එන ලෙසත් එසේ නැතහොත් එම නිරුවත් පින්තූර මුහුණුපොතට සහ සමාජ මාධ්‍යවලට යොමු කරන ලෙසත් පවසා තිබේ.

මින් බියට පත් තරුණිය වහා මේ බව සිය මවුපියන්ට දැන්වීමෙන් අනතුරුව සිදුවීම පරිගණක අපරාධ කොට්ඨාසය වෙත පැමිණිලි කර තිබේ.

එම කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් කරන ලද පරිගණක විමර්ශනයේදී හෙළිවී ඇත්තේ ආයතන හිමිකරු ලෙස පෙනී සිටින තැනැත්තා හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ය.

පසුව මහනුවර පරිගණක කොට්ඨාස ඒකකයට මේ පිළිබඳ දැනුම්දීමෙන් පසු ආයතන හිමිකරු ලෙස පෙනී සිටි තැනැත්තා අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි වී ඇති අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී මොහු ජල සම්පාදන මණ්ඩලයේ මනු කියවන්නෙකු බව අනාවරණය කරගෙන ඇත.

වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ‘රුවැත්තියන්ගේ ගැටලු’ නමින් මුහුණුපොත හරහා ගිණුමක් පවත්වාගෙන යන්නේ මොහු බවත් එය මෙහෙයවන කාන්තාව ලෙසත් ආයතන හිමිකරු ලෙසත් ද්විත්ව රංගනයක යෙදී ඇත්තේ සැකකාර මනු කියවන්නා බව ත් ය.

පසුව ඔහු සතු ජංගම දුරකතන හතර පරීක්‍ෂා කිරීමේදී ගුවන් සේවිකාවන් ලෙස බඳවා ගන්නා බව කියමින් මොහු ළාබාල තරුණියන් 20 දෙනකුගේ නිරුවත් පින්තූර රැගෙන ඔවුන් සාපරාධී බියගැන්වීමකට ලක්කර (බ්ලැක්මේල්) ඇති බව ය. එම තරුණියන්ට මොහු සමග ලිංගිකව හැසිරීමට කතා කරමින් සැකකරු මෙම තරුණියන් බිය ගන්වා තිබේ.

මේ වනවිට සැකකරුට විරුද්ධව පැමිණිලි දෙකක් (2) ලැබී ඇති අතර ඔහු සතු දුරකතන හතර සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා කැඳවා ඇති බවත් ඉන් මොහුට රැවටුණු තරුණියන් කවුදැයි හඳුනා ගැනීම සිදුකරන බව ත් පරිගණක අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. එමෙන් ම මොහුගේ ජංගම දුරකතනවල සටහන්ව ඇති නිරුවත් පින්තූර සහිත කාන්තාවන් 20 දෙනා කවුදැයි හඳුනා ගැනීම මෙම විමර්ශනයේ ඊළඟ පියවර බවත් හෙතෙම සඳහන් කළේ ය.

එමෙන් ම මෙලෙස මුහුණු පොත ඔස්සේ ගුවන් සේවිකා තනතුරු ලබා ගැනීමේ අරමුණෙන් සැකකරුට රැවටුණු තරුණියන් වෙතොත් වහා අපරාධ නිරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට දන්වන ලෙස එම කොට්ඨාසය ඉල්ලා සිටී.

සැකකරු වැඩිදුර විමර්ශනයෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණියගේ උපදෙස් මත පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ මහනුවර උපඒකකයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්‍ෂකා චතුරි දිසානායක ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි ෴


ශාෆ්ටර්ගේ වාහනේ කෙටි ආහාර පාර්සල් දෙක නෑ – තවම කිසිම සැකකරුවකු අල්ලා නෑ

(22.12.2022 – divaina.lk)

ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතන සිද්ධිය තවමත් විශාල අබිරහසක් බව විමර්ශන කණ්ඩායම පවසති. පැති කීපයක් ඔස්සේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශන පවත්වාගෙන යන අතර ඊයේ (21 වැනිදා) වනතුරුත් සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

විමර්ශන කණ්ඩායම් පවසන්නේ බැලූ බැල්මට මෙම ඝාතනය ප්‍රාථමික මට්ටමේ එකක් බවට පෙනී ගියද එය සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ඉතාම සැලසුම් සහගත ලෙස සිදුකර ඇති බවයි.

ඝාතකයන් ශාෆ්ටර් මහතා මරා දැමූ ස්ථානයේ කිසිදු සාක්‍ෂියක් ඉතිරි කර නොයෑම මොවුන් ඉතාම සැලසුම් සහගත ලෙස මෙය කළ බව පැහැදිලි වන බව විමර්ශන කණ්ඩායම් පවසති.

එමෙන්ම ශාෆ්ටර් මහතා මරා දැමූ කණ්ඩායමට අවශ්‍ය වී තිබුණේ ඔහුට හිරිහැර කර මරණ බිය ඇති කිරීම විය හැකි බව එම විමර්ශකයෝ කියා සිටිති.

ශාෆ්ටර් මහතා මරා දැමීමට අවශ්‍ය වූයේ නම් ඒ සඳහා පහසු ක්‍රම ඕනෑ තරම් යොදා ගැනීමට තිබූ බවද විමර්ශකයෝ කියති.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දුරකථනයට ලැබුණු සැක කටයුතු දුරකථන අංක 4 ක් හඳුනාගෙන ඇති අතර එම අංක පිළිබඳ තොරතුරු ලබා ගැනීමට බොරැල්ල පොලිසිය අධිකරණයේ අවසර ඉල්ලා ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (21) වනවිට ශාෆ්ටර් මහතාගේ බිරිඳගෙන් ඇතුළු පුද්ගලයන් 50 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට විමර්ශකයන් කටයුතු කර තිබේ.

මේ අතර ශාෆ්ටර් මහතා නිවසින් පිටවී බොරැල්ල කනත්ත දක්වා යද්දී අතර මගදී ආපන ශාලාවකින් කෙටි ආහාර පාර්සල් දෙකක් (2) මිලදී ගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

එහෙත් ශාෆ්ටර් මහතා ඝාතනයවූ මෝටර් රථය තුළ ඔහු මිලදී ගත් කෙටි ආහාර සහිත පාර්සල් දෙක (2) තිබී නැත. මේ ආකාරයට මෙම ඝාතන සිද්ධියේ සැකසහිත සිදුවීම් රැසක් තිබෙන බව විමර්ශකයෝ කියා සිටිති.

හේමන්ත රන්දුණු


යාපනය නගරයේ පාසල් ළමුන්ට ගංජා මිශ්‍ර මත් පුවක් විකුණයි…

(22.12.2022 – 08:03 +0530 – lankacnews.com)

යාපනය නගරයේ පාසල්හි සිසුන්ට මත් පුවක් විකිණීමේ ජාවාරමක නිරත වූ අයෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් යාපනය නගරයේ බස්නැවතුම්පල ආසන්නයේදී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබී මත් පුවක් කිලෝ 3 යි ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

අදාල මත් පුවක් ගංජා මිශ්‍ර කොට සකසා ඇති අතර මත් පුවක් කුඩා ෂොපින් උරයකට දමා විවිධ මිල ගණන්වලට යාපනය නගරයේ පාසල් රැසක සිසුන් වෙතට විකිණීමට මෙම සැකකරු විසින් ක්‍රියාකොට ඇතැයිද අනාවරනය වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය නගරයේම පදිංචි කරුවෙක් වන අතර ඔහු යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුරටත් පැවසීය.

~ වන්නි රොමේෂ් මධුෂංඛ


මෙරට බැංකුවක් ඉන්දියාවේ ‘වොස්ට්රෝ ගිණුමක්’ අරඹයි

(21.12.2022 – 07:36 +0530 – hirunews.lk/sinhala)

මෙරට බැංකුවක් ඉන්දීය රුපියල්වලින් ගණුදෙනු කිරීම සඳහා ‘ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා’ හි ‘වොස්ට්රෝ ගිණුමක්’ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව සමඟ ද්විපාර්ශවික ගනුදෙනුවල දී ඉන්දීය රුපියල්වලින් ගණුදෙනු කිරීමේ අවස්ථාව මෙමඟින් උදා වනවා.

ඩොලර් භාවිත කරමින් ඉන්දියාව සමඟ ගනුදෙනු කිරීමේ අවශ්‍යතාව එමඟින් මග හැරී යනු ඇති.

ඩොලර් අර්බුදයට මුහුණදීමත් සමඟ කලාපයේ රටවල් හයක් (6), ගණුදෙනු සිදු කිරීමේ දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටියා.

ඉන්දියාව පාර්ශවයෙන් ඒ සඳහා ක්‍රමවේදයක් සැකසූ බව පසුගියදා ප්‍රකාශ කෙරුණු අතර, ඒ අනුව රුසියාව වෙනුවෙන් වොස්ට්රෝ ගිණුම් 12 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වොස්ට්රෝ ගිණුම් පහක් (5) සහ මුරුසිය වෙනුවෙන් එක් (1) ගිණුමක් විවෘත කිරීමට යි ඉන්දිය මහ බැංකුව අනුමැතිය ලබාදුන්නේ ෴


හොදට පවුල් කන හැටි රූපවාහිනියෙන් කියන හිමිනම දායකයාගේ බිරිඳ අරන් යයි.. වීඩියෝ අධිකරණයට..

(22.12.2022 – 10:40 +0530 – lankacnews.com)

සාර්ථක පවුල් ජීවිතයක් සම්බන්ධයෙන් රූපවාහිනිය ඔස්සේ උපදෙස් ලබා දෙන කථිකාචාර්ය හිමිනමක් විසින් තම බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යන්නේ යැයි චෝදනා කරමින් අදාල හිමිනමගේ විහාරස්ථානයේ දායකයකු නඩුවක් පවරා තිබේ.

ඒ අනුව එම නඩුවට අදාල වීඩියෝ සාක්ෂි සිකුරාදා දින (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.

මෙසේ චෝදනා එල්ල වන්නේ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයෙකු වූ ‘ඇත්කඳුරේ සුමනසාර’ ට විරුද්ධවයි.

බිරිඳගෙන් දික්කසාදය ලබා ගැනීමට නඩු පවරමින් රුපියල් කෝටි දෙකහමාරක (2,50,00,000) වන්දියක් ගෙවන ලෙස එම හිමියන්ට විරුද්ධව පැමිණිලි ගොනු කර තිබේ.

තම බිරිද නිවාස දෙකක (2) රඳවා තබා ගනිමින් මෙම හිමියන් ගත කරන ජීවිතය ගැන වීඩියෝ සාක්ෂි අධිකරණය ඉදිරිපත් කිරීමට පැමිණිලිකරු කටයුතු කර තිබේ ෴

ඇත්කඳුරේ සුමනසාර

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ හිස් මත්පැන් බෝතල්

(22.12.2022 – 20:08 +0530 – hirunews.lk/sinhala)

දින නියමයක් නොමැතිව වසා දමා ඇති හෝමාගම – පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නේවාසිකාගාරයේ හිස්වූ මත්පැන් බෝතල් 1000 කට ආසන්න සංඛ්‍යාවක් තිබූ බවට වාර්තා පළවනවා.

පසුගිය 19 වනදා එම විශ්ව විද්‍යාලය වසා දැමුණේ නවක වද සිද්ධීන් ඇතුළු විනය විරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන්.

පසුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහෝපාධ්‍ය මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බලධාරින් එක්ව විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය විශේෂ සෝදිසියක් සිදුකළා.

ඒ අනුවයි එම භූමියෙහි කසළ බැහැර කරන ස්ථානයේ අපජලය බැහැර කරන වලක් තුළ තිබී හිස් මත්පැන් බෝතල් 1000 කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන ඇත්තේ.

අප මේ සම්බන්ධයෙන් බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති මහෝපාධ්‍ය මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන්ගෙන් විමසීමක් කළ අතර එහිදී උන්වහන්සේ පැවසූවේ විශ්ව විද්‍යාලය තුළ සිදුවූ විනය විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා බැලීමට මහාචාර්යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ස්ථාපිත කර ඇති බවයි.

එහි අවසන් වාර්තාව ඉදිරි දින කිහිපය තුළදී ලැබීමට නියමිත බවත් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූවගෙන් කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකදීද මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියා.

පෙරේදා (20) දිනයේදී මාධ්‍යයට අදහස් දක්වමින් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් කියා සිටියේ ප්‍රතිව්‍යුහගත කිරීමකින් පසු ලබන වසරේ වෙසක් පොහොයට පෙර විශ්ව විද්‍යාලය විවෘත කිරීමට කටයුතු කරන බවයි.

(දුස්සීල සාදු බල්ලන්ගේ මාධ්‍ය හමුව)

+


පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

(22.12.2022 – 17:26 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරුද්ධ විතානගේ ව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පේරාදෙණිය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද (22) පොලීසියට නියෝග කළා.

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සිසුන් 12 දෙනා එළඹෙන ජනවාරි 04 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය අද (22) නියෝග කළා.

උපකුලපතිවරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (22) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබුණා.

එහි දී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් සිසුන් 06 දෙනෙකුව හඳුනාගෙන තිබෙනවා ෴


තුන්වැනි (3) පාසල් වාරයේ දෙවන (2) අදියර ජනවාරි 02 ඇරඹේ

(22.12.2022 – 16:09 +0530 – hirunews.lk/sinhala)

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසරට අදාළ තුන්වන (3) වාරයේ දෙවන (2) අදියර ලබන ජනවාරි 02 වනදායි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, තුන්වන (3) වාරයේ පළමු (1) අදියර අදින් අවසන් කෙරුණු බවයි.

ඒ අනුව හෙට (23) සිට පාසල් නිවාඩු ඇරඹෙන අතර යළි ජනවාරි 02 වනදා පාසල් ආරම්භ වනවා ෴


පෞරාණික කඩුවක් අලෙවි කිරීමට තැත් කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(22.12.2022 – 14:19 +0530 – hirunews.lk/sinhala)

වලගම්බා රජ සමයට අයත් බව කියන පුරාවිද්‍යා වටිනකමකින් යුත් කඩුවක් රුපියල් ලක්ෂ 60 කට අලෙවි කිරීමට සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කඩුව මීට සති 3 කට පමණ ඉහතදී මහියංගණය රක්ෂිතයේ නිධානයකින් ලබාගෙන ඇති බවටයි සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.

රත්නපුර – පඹහින්න ප්‍රදේශයට අදාළ කඩුව රැගෙන විත් අලෙවි කිරීමට සූදානම් වී ඇති අතර, එම අවස්ථාවේ දී යි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴


උත්සව සමය වෙනුවෙන් විශේෂ පොලිස් රථවාහන සැලැසුමක්

(22.12.2022 – 13:42 +0530 – hirunews.lk/sinhala)

මාරක රිය අනතුරුවලින් දිනකට පුද්ගල මරණ 06 ක් වාර්තා වන බව පොලිසිය පවසනවා.

එමෙන්ම හදිසි අනතුරුවලින් වසරකට මරණ 12,000 ක් වාර්තා වන බව යි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මේ අතර, උත්සව සමයේ දී බීමත් ව රිය ධාවනය කරන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා පෙලිසිය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව සඳහන්.

+


ඉන්දියාවෙන් පොලිසියට ජීප් රථ 125 ක්

(22.12.2022 – 13:20 +0530 – hirunews.lk/sinhala)

ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත ජීප් රථ 125 ක් ලබා දී තිබෙනවා.

පොලිසිය වෙත ජීප් රථ 500 ක් ලබාදීමේ පළමු අදියර ලෙස යි මෙම ප්‍රදානය කර ඇත්තේ.

ඒ, සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශ රථගාලේ දී යි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද එක් ව සිටියා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *