සිසුන්ට දිවෙන් බත් ඇට ඉවත් කරන්නැයි අණ කළ පිස්සු ගෑණිට මාරුවක්

සිසුන්ට දිවෙන් බත් ඇට ඉවත් කරන්නැයි අණ කළ පිස්සු ගෑණිට මාරුවක්


සිසුන්ට දිවෙන් බත් ඇට ඉවත් කරන්නැයි අණ කළ පිස්සු ගෑණිට මාරුවක්

(17.12.2022 – 21:38 +0530 – hirunews.lk/sinhala)

= සිසුන්ට දිවෙන් බත් ඇට ඉවත් කරන්නැයි අණ කළ විදුහල්පතිනියට මාරුවක් =

පාසල් මේසය මත විසිරෙන අයුරින් දිවා ආහාරය ගත් සිසුන් පිරිසකට එම බත් ඇට දිවෙන් ඉවත් කරන ලෙස දඬුවමක් ලබාදුන් විදුහල්පතිවරියව වහා ම ක්‍රියාත්මක වන පරිදි මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත තාවකාලික ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

මාතර දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් ගොඩඋඩ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරියක විසින් සිසුන් වෙත මෙම අමානුෂික දඬුවම ලබා දී තිබූ අතර එහි වීඩියෝ දර්ශන ‘හිරු’ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ අද (17) විකාශය කළා.

එම වීඩියෝ පටයේ දැක්වුණේ, මේස මත විසිරුණු බත් ඇට සිසුන් ලවා දිවෙන් ඉවත් කරවීමට විදුහල්පතිවරිය නියෝග කරන ආකාරය යි.

එම විදුහල්පතිනිය විසින් මෙලෙස අමානුෂික දඬුවම නියම කර තිබුණේ එම පාසලේ 10 වන වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකටයි.

+


දරුවා ඈත් වෙන්න බලනවා නම් ඒ ගැන සොයන්න

(17.12.2022 – 21:30 +0530 – sinhala.adaderana.lk)

පාසල් ළමුන් අයිස් මත්ද්‍රව්‍යය භාවිතයට ප්‍රධානතම හේතුව අත්තරායක ඖෂධ පාලන ජාතික පර්යේෂණ මණ්ඩලයේ, පර්යේෂණ නිලධාරී නිලානි අලුත්ගේ ‘අද දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහනේදී අනාවරණය කළාය.

ඇය පැවසුවේ පාසල් දරුවන් සෑම දෙයක් ගැනම කුතුහලයෙන් කටයුතු කරන බවත් ඔවුන් බොහෝවිට අත්හදා බැලීම් සිදුකරණ බවත්ය. 

එම නිසා ජවාරම්කරුවන් විසින් වැඩි වශයෙන් ඉලක්ක කරන්නේ පාසල් දරුවන් බවද ඇය වැඩිදුරට පැවසීය.

“පාසල් දරුවන් කුතුහලයෙන් කටයුතු කරන්නේ. ඒ අය අත්හදා බලනවා. එම නිසා ජාවාරම්කරුවන්ට ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් මේ කණ්ඩායමෙන්.”
 
“දරුවෙක් දෙමව්පියන්ගෙන් ඈත්වෙන්න බලනවා නම්. ඒ ඈත්වීම තුළ මොනවා හරි දෙයක් තියෙනවා. අධ්‍යයන කටයුතු අඩපණ වෙනවා නම්, පාසල් යෑම අඩපණ වෙනවා නම් හෝ ශරීරය කෙට්ටු වෙනවා නම් මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වුණු දරුවෙක් වෙන්න පුළුවන්. ආහාර රුචිය අඩුවෙනවා. නිදිවර්ජිතව ඉන්න පුළුවන් පැය ගණන් වුණත්.”

“මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කරනවා. අධි මාත්‍රාවක් ගත් අවස්ථාවකදී මරණයට පත්වෙන්න පුළුවන්. දරුවෙකු ළඟ තිබිලා අහුවුණොත් පාසල ඉදිරියට ගේන්න හොඳ නැහැ. තනි කරලා ගන්න ඕනේ.”

++++++++++++

17-12-2022

+


පොලිස් වෙඩිල්ලෙන් මසකට පසු ගෙදර ආ දේශාන් – අද හැලහොල්මනක් නැතිව ඉන්නා හැටි (17.12.2022)

+


‘අද දෙරණ බිග් ෆෝකස්’ : යෝජිත විදුලි බිල සංශෝධනය සහ පාරිභෝගිකයන්ට සිදුවන බලපෑම (17.12.2022)

+


‘ෂෝටීස්’ (කෙටි කෑම) වල මිල බහියි

(18.12.2022 – 09:09 +0530 – hirunews.lk/sinhala)

‘කෙටි කෑම’වල මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ, සියලුම කෙටි කෑමවල මිල ගණන් අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10 කින් අඩු වනු ඇති බවයි.

ඇතැම් අමුද්‍රව්‍යවල මිල අඩුවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ. 

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක මිල ද රුපියල් 10 කින් අඩු කෙරුණා.

එමෙන්ම වෙළෙඳපොලේ තිරිඟු පිටි මිල ද අඩු කෙරුණු අතර, එය රුපියල් 28 කින් බවයි වාර්තා වන්නේ ෴


‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයන් පිරිසක් අත්අඩංගුවට

(18.12.2022 – 08:46 +0530 – hirunews.lk/sinhala)

බෙන්තොට – බෝධිමළුව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නිකේතනයේ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පවත්වන බවට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 21 ත් 27 ත් අතර පසුවන්නන්.

මොවුන් වත්තල, කොළඹ – අලුත්කඩේ, නාරාහේන්පිට, කොටහේන, මාළිගාවත්ත, මට්ටක්කුලිය, වලස්මුල්ල සහ ප්‍රදේශවල පදිංචිකරුවන් ෴


රජයේ අමාත්‍යාංශ 54 ක් තැබූ කෝටි ගණනේ විදුලි පොල්ල – මැති ඇමතිවරුන්ගේ ‘නම්’ එළියට

(18.12.2022 – 08:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට රජය යටතේ ඇති අමාත්‍යාංශ 54 ක කටයුතු කළ අමාත්‍යවරුන් පිරිසක් විසින් විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 42 ක විදුලි බිල් ගෙවීම් පැහැර හැරීමක් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සංගම් කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ, 2022 නොවැම්බර් මස 13 වැනි දිනට හිඟ මුදල් හෝ නොගෙවූ දැනට ප්‍රබල අමාත්‍ය ධුරවල පවා කටයුතු කරන සහ හිටපු මැති ඇමතිවරුන්ගෙන් අයවිය යුතු විශාල හිඟ විදුලි බිලක් ඇති බවයි.

මෙම හිඟ විදුලි බිල්පත් අතර වැඩිම මුදලක් ගෙවීමට ඇති මැති ඇමතිවරුන්ගේ නාමයන් සහ ඔවුන්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලයට අයවිය යුතු මුළු හිඟ මුදල ද පහතින් දැක්විය හැකියි.

  • ජේ. පෙරේරා – රු. 5,391,913.00
  • ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න – රු.1,628,523.07 + 660,485.56
  • එස්.පී.පී. දසනායක – රු. 1,409,015.27
  • ආර්.එම්.සී. රත්නායක – රු. 1,427,479.16
  • ආර්.පී. ගුණවර්ධන – රු. 1,356,927.28
  • ආර්. පතිරණ – රු. 1,237,043.35
  • ඩබ්ලිව්.එම්.ටී.බී. ඒකනායක – රු. 1,128,444.77
  • චන්ද්‍රසිරි ගජධීර – රු. 1048,703.80
  • රිෂාඩ් බදුයුදීන් – රු. 961,879.23
  • කේ.ඩී.එම්.සී. බණ්ඩාර – රු. 893,075.26
  • එච්.ජී. වීරකෝන් – රු. 801,748.75
  • සරත් ෆොන්සේකා – රු. 767,561.08
  • පී. හැරිසන් – රු. 691,075.09

මේ අතර වනවා. මීට අමතරව රුපියල් ලක්ෂ පහකට (5) ආසන්න හිඟ විදුලි බිල්පත්කරුවන් ලෙස ලැයිස්තුවේ පෙරමුණේ සිටින මැති ඇමතිවරුන් වන්නේ :

  • බී.එම්.එම්.ඩී. බන්නැහැක – රු. 540,376.64
  • ආර්. බෝගොල්ලාගම – රු. 475,290.19
  • ඒ.සී.එච්. ද සොයිසා – රු. 483,086.70
  • ඒ. ‍දොඩන්ගොඩ – රු. 403,197.44
  • ආනන්ද සංගරී – රු. 390,761.09
  • ඉමිතියාස් බාකිර් මාකර් – රු. 357,311.11
  • ආර්.ඩී.ඒ. සිරිසේන – රු. 355,765.71
  • හරීන් ප්‍රනාන්දු – රු. 275,028.59
  • එල්.ජී.ජේ. සෙනෙවිරත්න – රු. 262,447.62
  • ඩබ්ලිව්. අබේවර්ධන – රු. 246,105.90
  • ඩී.ඩී.කේ. අලහප්පෙරුම – 239,988.00
  • එන්.එච්.ආර්. සේනාරත්න – රු. 227,157.81
  • ජී.ඩබ්ලිව්.පී. සොයිසා – රු. 199,434.82
  • ජේ. වීරක්කුඹුර – රු. 198,749.87
  • ඒ.ඩී. ප්‍රේමදාස – රු. 162,146.08
  • පී. හැරිසන් – රු. 160,507.37
  • අනුර ප්‍රියදර්ශන යාපා – රු. 192,705.48
  • එච්.එම්. ෆවුසි – රු. 142,460.99
  • එස්. පුංචිනිලමේ – රු. 129,501.70
  • ඊ. ප්‍රේමරත්න – රු. 124,531.70
  • එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා – රු. 116,333.15
  • කේ.ටී. වික්‍රමරත්න – රු. 169,073.79
  • ඩී.ජේ.ඒ.එම්. දසනායක – රු. 165,073.68

එමෙන්ම සිය විදුලි බිල් රුපියල් ලක්ෂයකට ආසන්න හිඟ මුදලක් ඉතිරි කළ සහ විදුලි බල මණ්ඩලයට පොලු තැබූ මැති ඇමතිවරුන් වන්නේ :

  • ඒ.එල්.එම් අතාවුල්ලා – රු. 96,166.77
  • විමලේන්ද්‍රන් – රු. 89,443.57
  • ජේ.සී. අලවතුවල – රු. 87,156.10
  • තිස්ස අත්තනායක – රු. 85,244.06
  • කදිරගාමර් – රු. 73,968.17
  • තිස්ස කරලියද්ද – රු. 71,641.49
  • ආර්.එම්.ආර්.එම්. බණ්ඩාර – රු. 53,846.49
  • ජේ. ගුණවර්ධන – රු. 51,960.71
  • ආර්. වික්‍රමනායක – රු. 50,535.18
  • එම්.එෆ්. මුස්තාපා – රු. 38,371.58
  • එස්.බී. දිසානායක – රු. 32,367.54
  • ජී. සුසන්ත පුංචිනිලමේ – රු. 31,676.98
  • එම්.එම්.ඒ. හලීම් – රු. 4,347.67
  • එම්. අලුත්ගමගේ – රු. 1,854.61

මෙවන් රුපියල් කෝටි ගණනක විශාල හිඟ විදුලි බිල්පත් මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට අයවිය යුතු පසුබිමකදියි, රටේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කරමින්, බදු උපරිමයටම පනවමින් සහ තවදුරටත් ඒකක ගණනින් විදුලියට අය කරන මුදල යළිත් ඉහළ දැමීමට රජයේ අදූරදර්ශී පාලකයින් කටයුතු කරමින් යන්නේ ෴


‘ආබාධිත තැනැත්තන් භාවිතා කරන සහායක උපකරණ සඳහා බදු සහන ලබාදීමට වහා පියවර ගත යුතුයි’ – හිටපු අමාත්‍ය විමල් වීරවංශගෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියට ලිපියක්

(17.12.2022 – facebook.com/WimalWeerawansa.sl)

ගරු රංජිත් සියඹලාපිටිය
මුදල් රාජ්‍ය අමාත්‍යතුමා,
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය,
මහලේකම් කාර්යාලය,
කොළඹ 01

ගරු රාජ්‍ය අමාත්‍යතුමනි,

ආබාධිත තැනැත්තන් භාවිත කරන සහායක උපකරණ සඳහා බදු සහන ලබාදීම

ආබාධිතයන් විසින් භාවිතා කරන සහායක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස ඉල්ලමින් 2022.12.08 දින අයවැය විවාදයේ මා විසින් පැවැත්වූ පාර්ලිමේන්තු කතාව අතරතුර දී, “ආබාධිතයන් සඳහා ගෙන්වන කිසිදු උපකරණයකට බදු පනවා නැත” යනුවෙන් ඔබතුමා පැවසූ බව ඔබතුමාට මතක ඇතැයි සිතමි. මෙම අවස්ථාව පාර්ලිමේන්තු සජීව රූපවාහිනී ප්‍රචාරය මගින් විකාශනය වූ අතර විවිධ මාධ්‍ය මගින් ද වාර්තා කරන ලදී.

එසේ වෙතත් මා විසින් 2012.12.08 දින පාර්ලිමේන්තුවේ දී පැවසූ ආකාරයටම ආබාධිතයන් භාවිතා කරන උපකරණ සඳහා රේගු බදු අය කරන අතර එසේ බදු අය කරන උපකරණවලින් වැඩි කොටසක බදු කාණ්ඩ අංකයන් ඇතුළත් ලේඛනයක් ඔබතුමා දැනුම්වත්කිරීම පිණිස මේ සමග ඉදිරිපත් කරමි.

සත්‍ය තත්ත්වය නම් දෘශ්‍යාබාධිත, ශ්‍රවණ හා කථන ආබාධිත මෙන්ම, වෙනත් ශාරීරික දුබලතා නිසා ද ආබාධිත තත්ත්වයේ පසුවන්නවුන් භාවිතා කළයුතු සහායක උපකරණ වන අත්වාරු, රෝද පුටු, ශ්‍රවණාධාරක වැනි උපකරණවල මිල, ඒවා මත අය කෙරෙන බදු හේතුවෙන් ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි. මෙම සහායක උපකරණවලින් රෝදපුටු වැනි ඇතැම් දෑ යම් ප්‍රමාණයක් දේශීයව නිපදවෙන නමුත් ඒවායේ කල්පැවැත්ම අඩුවීම මෙන් ම, එම දේශීය රෝද පුටුවල මිල, ආනයනික උපකරණ හා සසඳා බැලීමේ දී 3-4 ගුණයකින් වැඩිවීම නිසාත්, තවත් බොහෝ සහායක උපකරණ දේශීයව නිෂ්පාදනය නොකෙරෙන නිසාත් මේවා ආනයනය කර ආබාධිත ප්‍රජාව වෙත ලබාදීම අත්‍යාවශ්‍ය වේ.

2012 වසරේදී සිදුකරන ලද අවසන් සංගණනයේදී එවකට ශ්‍රී ලංකාවේ අබාධිත තැනැත්තන් 1,617,924 දෙනෙකු සිටි බව වාර්තාවී ඇත. ඉන් වසර 10 කට පසුව අද වන විට මෙම සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවා ඇතැයි සැලකේ. එසේ ම අංශුමාත්‍ර හෝ ඉපැයුම් ධාරිතාවයක් ඇත්තේ ආබාධිතයන් අතුරින් අතිශය සුළුතරයකට පමණක් වන බව ද ඔබතුමාගේ අවධානයට ලක් කරනු කැමැත්තෙමි.

ආබාධිතයන් භාවිත කරන සහායක තාක්ෂණික උපකරණ කිසිවක් හුදෙක් උපකරණයක් ලෙස නොව ආබාධ සහිත තැනැත්තාගේ ශරීරයේ කොටසක් ලෙස සැලකෙන බැවින් ආබාධිතයන් භාවිතා කරන සහායක උපකරණ මත අයකෙරෙන බදු ඉවත් කිරීමට අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

විමල් වීරවංශ (පා.ම.)
2022.12.16

++++++++++

+


යාපනයට ඔබ්බෙන් අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි මියන්මාර ජාතිකයන් බේරාගැනේ

(18.12.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala)

යාපනයට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවේදි අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි මියන්මාර ජාතිකයන් 140 දෙනා බේරාගෙන තිබෙනවා.

ඒ නාවික හමුදාවේ විශේෂ මෙහෙයුමකින් පසුවයි.

මෙම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවට ඊයේ (17) පස්වරුවේ නාවික හමුදාව වෙත දැනුම්දී ඇත්තේ මෙරට ධීවර යාත්‍රාවක් මගින්.

පසුව නාවික හමුදාව සිය මෙහෙයුම් යාත්‍රා පහක් (5) අනතුරට පත් යාත්‍රාව බේරාගැනීම සඳහා යොමුකර තිබුණා.

උදාර නෞකාව ද ඊට ඇතුළත්.

බේරාගත් මියන්මාර ජාතිකයන් පිරිස මේ වනවිට යාපනය – මයිලිට්ටි වරාය වෙත රැගෙන එමින් පවතින බවයි නාවික හමුදාව සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *