STF කියා බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේදී ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 27 ක් කොල්ලකෑ කල්ලිය සොයා විමර්ශන

STF කියා බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේදී ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 27 ක් කොල්ලකෑ කල්ලිය සොයා විමර්ශන


STF කියා බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේදී ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 27 ක් කොල්ලකෑ කල්ලිය සොයා විමර්ශන

(09.12.2022 – dinamina.lk)

බුඩායි සිට ටොෆි සහ චොකලට් මෙරටට රැගෙන විත් බෙදාහරින ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු සිය ‘සගයෙක්’ සහ ව්‍යාපාරික මිතුරෙක් සමඟ ගමන් කරමින් සිටි ජීප් රථයක්, බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ අවන්හලක් අසලදී ‘පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්’ යැයි පවසමින් නතර කර එහි තිබූ රුපියල් ලක්ෂ 27 ක් කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ කොල්ලය සිදුවී ඇත්තේ පෙරේදා (07) සවස් කාලයේදීය.

මෙහිදී ‘විශේෂ කාර්ය බළකා නිලධාරීන්’ ලෙස පෙනී සිටි කොල්ලකරුවන් පලා යමින් සිටියදී ඔවුන් දෙදෙනා (2) හඹා යමින් ජීප් රථයෙන් ඔවුන්ගේ යතුරුපැදිය ගැටීමට සලස්වා, යතුරුපැදිය බිම වට්ටවා එක් (1) කොල්ලකරුවෙක් අල්ලා ගැනීමට ද ව්‍යාපාරිකයාගේ මිතුරා සමත්ව ඇත. එම කොල්ලකරු බම්බලපිටිය පොලිස් ස්ථානයට භාර දීමට ක්‍රියා කර ඇති අතර, ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී තොරතුරු රැසක් හෙළි වෙමින් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීවේය. අත්අඩංගුවට ගත් කොල්ලකරු ‘හර්ෂණ පෙරේරා’ නමැති 41 ක් වියැති පුද්ගලයෙකි. එම පුද්ගලයා කොළඹ හැව්ලොක් පාරේ පදිංචිකරුවෙකි. බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙක් ලෙස කටයුතු කරන ඔහු මේ කොල්ලයට පැමිණ ඇත්තේ ඔහුටම අයත් යතුරුපැදියකිනි. කොල්ලය සිදු වන විට යතුරුපැදිය පැදවී ඇත්තේ ඔහු විසින් බව පොලිසිය කියයි.

මේ කොල්ලයට මොහු සම්බන්ධ වී ඇතැයි අනාවරණය වී ඇත්තේ ජා ඇළ පදිංචිකරුවෙක් වන ‘ගම්පහ සුද්දා’ නමැති අයෙකු මාර්ගයෙනි. යතුරුපැදියේ පසු පැදිකරු ලෙස ගමන් කර ඇත්තේ ‘ගම්පහ සුද්දා’ ය.

මේ පුද්ගලයා පාමංකඩ පිහිටි ඉන්ධන පිරවුම්හලක හිමිකරුවකුගේ පෞද්ගලික ආරක්ෂකයෙක් ලෙස කටයුතු කර ඇති බවත්, ඒ ඔස්සේ හැව්ලොක් පාරේ පුද්ගලයා දැන හඳුනාගෙන ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. මේ කොල්ලය සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරිකයා සමඟ ජීප් රථයේ ගමන් කරමින් සිටි ‘ඔහුගේ සගයා’ විසින් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එම සගයා ‘එන්. ආර්. අභිනයන්’ නොහොත් ‘අභී’ නමැති අයෙකි. ඔහු අක්කරෙයිපත්තුව සෙල්වරාජා මාවතේ පදිංචිකරුවෙකි.

දෙහිවල, රොබට් පාරේ පදිංචිකරුවෙක් වන ඒ. එස්. එම්. සෆ්රාස් නමැති මේ ව්‍යාපාරිකයා බම්බලපිටිය පොලිසියට පවසා ඇත්තේ එම ‘සගයා’ ඔහු සේවයට ගෙන ඇත්තේ මාස 04 කට පමණ පෙර බවයි. ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත්තේ අංශභාගය වැනි රෝගී තත්ත්වයක් තමාට ඇති වූ නිසා ව්‍යාපාර කටයුතු කරගෙන යෑමේ පහසුවට ඔහු තමාගේ ‘සමීපතම සේවකයෙකු’ ලෙස ගත් බවයි. කොළඹ ගෑස්පහ හන්දියේ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධව සිටි එම ‘සගයා’ බ්‍රෝකර්වරයෙකු බව පොලිසිය කියයි. තමා වෙනුවෙන් ටොෆි සහ චොකලට් බෙදාහැරීම් සහ චෙක්පත් රැස්කිරීම් වැනි කටයුතුවල ‘ඉතා විශ්වාසවන්තව’ මොහු ක්‍රියා කළ අයෙකු බව ද ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත.

ව්‍යාපාරිකයා වැඩිදුරටත් පොලිසියට මෙසේ පවසා තිබේ :

“පෙරේදා (07) දහවල් කොළොන්නාවේ මගේ බිරිඳගේ මවුපියන්ගේ නිවෙසට ගිහින් කොළොන්නාවේ ඔසුසලක් කරන මිතුරකු මුණගැසීමට ගියා. ටොෆි සහ චොකලට් රැගෙන ඒමට මා ඊයේ (08) ඩුබායි යෑමට නියමිතව සිටියේ. ඒ නිසා ඔසුසලේ මිතුරා මට ඔහුගේ ඔසුසලට අවශ්‍ය චොකලට් රැගෙන ඒමට රුපියල් ලක්ෂ 23 ක් දුන්නා. ඒ මිතුරා සමඟ ඔහුට අයත් ජීප් රථයෙන් දෙහිවල නිවෙස බලා යමින් සිටියදී අතරමඟදී බැංකුවෙන් මා රුපියල් ලක්ෂ 04 ක් ද ගෙන එම මුදල් සියල්ලක්ම ජීප් රථයේ කැබින් එකේ දැම්මා.

මම නිවෙසට යන අතරතුර මගේ ‘සගයා වූ අභී’ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා. ව්‍යාපාරික කටයුත්තක් සඳහා පුද්ගලයෙක් මුණගැසීමට ඇති බවත් කීවා. ඒ නිසා අභී, ජීප් රථයට කොළඹ ඩික්මන් පාරේදී ගොඩ වුණා. ඔහු අසුන් ගත්තේ ජීප් රථයේ පිටුපස අසුනේ. ටොෆි සහ චොකලට් සම්බන්ධ ගනුදෙනුවකට අභී තවත් පුද්ගලයෙකු මට මුණගැස්සවීමට සූදානම් වුණා. අභීගේ උපදෙස් මත ජිප් රථය එම ගනුදෙනුකරුවන් මුණගැසීමට ඩුප්ලිකේෂන් පාරේ අවන්හලක් අසල නතර කළා. එවිට එතැනට යතුරුපැදියකින් ආ දෙන්නෙක් (2) තමන් ‘එස්. ටී. එෆ්. නිලධාරීන්’ බව පවසමින් මත්කුඩු ජාවාරමක් ගැන තොරතුරු පවසා වාහනය පරීක්ෂා කළා. ඒ අතර අභී ජීප් රථයෙන් බැස කැබින් එකේ තිබූ රුපියල් ලක්ෂ 27 රැගෙන දිව ගොස් ත්‍රීවීල් එකක නැඟ පලා ගියා. ඒ ත්‍රිවිල් එක පස්සේ මම දිව ගියා. ඒ අතර යතුරුපැදියේ පැමිණි ‘විශේෂ කාර්ය බළකා නිලධාරීන්’ ලෙස පෙනී සිටි පුද්ගලයන් ද ඔවුන් පැමිණි යතුරුපැදියේ නැඟී පලා ගොස් තිබෙනවා. පසුව මිතුරාත් ජීප් රථයට නංවාගෙන ත්‍රීවීල් එක පසුපස ගියත් අභී අතරමඟදී මුදල් පාර්සලය වෙනත් යතුරුපැදියකින් ආ දෙදෙනකුට (2) දුන්නා. පසුව මම බම්බලපිටිය පැත්තේ අතුරු මාර්ගවල ගමන් කරමින් පලා ගිය යතුරුපැදිය ලුහුබඳිමින් සිටියදී බම්බලපිටිය ලෝරන්ස් පාරේදී ‘විශේෂ කාර්ය බළකා නිලධාරීන්’ ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා (2) ගමන් කරමින් සිටි යතුරුපැදිය හමු වුණා. එහිදී එම රථය පසුපස ගොස් එහි ජීප් රථය ගැටීමට සලස්වා එක් සැකකරුවෙක් අල්ලා ගත්තා.”

බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එච්. එස්. පද්මලාල්, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් විමර්ශන පවත්වති.

ගයාන් කුමාර වීරසිංහ


මත්කරල් ජාවාරම් කළ මහරගම රෝහලක කළමනාකරු දොඩන්ගොඩදී අත්අඩංගුවට

(09.12.2022 – dinamina.lk)

• සැකකරුට කරල් දෙන්නේ ඖෂධ නියෝජිතයෙක්

• රු. 40 ට ගන්න කරල විකුණන්නේ රු. 500 ට

මත්කුඩු ලෝලීන් ඉලක්ක කරගෙන මත්කරල් බෙදා හරිමින් සිටි මහරගම පිහිටි පෞද්ගලික රෝහලක සේවකයෙකු දොඩන්ගොඩ පොලිසිය පෙරේදා (07) අත්අඩංගුවට ගෙන තිබේ.

පාසල් සිසුන් ද මොහුගේ ඉලක්කයක් වී ඇතැයි සැක කරන බැවින් ඒ ගැන විශේෂ විමර්ශනයක් පැවැත්වෙමින් පවතින බව දොඩන්ගොඩ පොලිසිය සඳහන් කළේය. නඩරාජා මනෝ (26) නමැති මෙම සැකකරු සතුව තිබී මත්කරල් 800 ක් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 ක් සොයා ගෙන තිබේ. මෙම මත්කරල් සහ අයිස් රැගෙන මෙම සැකකරු මහරගම සිට පැමිණෙන අතර, දොඩන්ගොඩ දික්හේනේදී ඔහු අත්අඩංගුවට ගැනුණු බව පොලිසිය කියයි.

මෙම සැකකරු පුද්ගලික රෝහලේ මිල දී ගැනීම් අංශයේ කළමනාකරුවෙකු ලෙස කටයුතු කරන තැනැත්තෙකි.

දොඩංගොඩ පහන්වත්තේ පදිංචිකරුවෙක් වන ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ මත්කුඩු ලෝලීන්ට මෙම කරලක් රුපියල් 500 බැගින් අලෙවි කරන බවය. ඊට අමතරව විවිධ තරුණ කොටස් ද මෙම මත්කරල් මිල දී ගන්නා බව ද ඔහු පවසා ඇත. මෙම මත්කරල් තමා මිල දී ගන්නේ ඹෟෂධ බෙදා හැරීමේ නියෝජිතායතනයකින් බවත් කරල් 100 ක් අඩංගු පැකට් එකක් තමාට ලැබෙන්නේ රුපියල් 3500 ත් 4000 ත් අතර මිලකට බවත් ඔහු පවසා ඇත. ඒ අනුව රුපියල් 40 ක් පමණ උපරිම මිල වන මෙම කරලක් ඔහු රුපියල් 500 කට අලෙවි කරමින් විශාල මුදලක් උපයා ගන්නා බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මෙම සැකකරු කාලයක් තිස්සේම මෙම මත්කරල් අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිට ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ


අන්තර්ජාල ඉතිහාසයේ විශේෂ සංධිස්ථානයක්

(07.12.2022 – dinamina.lk)

• Domain Name සිංහල සහ දෙමළ භාෂාවලින්

• ලේක්හවුසියත් නව තාක්ෂණය හා එක්වෙයි

මෙරට අන්තර්ජාල ඉතිහාසයේ විශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරමින් වසම් නාමයන් (Domain Name) සිංහල සහ දමිළ භාෂාවෙන් Dot Lanka ( .ලංකා ) and Dot Illangai ( .இலங்கை ) ලබා ගැනීමට ඊයේ (06) සිට හැකියාව ලැබිණි.

මෙරට විශාලතම මාධ්‍ය ආයතනය ලෙස ලේක්හවුස් ආයතනය මෙරට මාධ්‍ය ආයතන අතර සුවිශේෂී වෙමින් ඊයේ (06) සිට මෙම තාක්ෂණය හා එක්වුණි. ඒ අනුව ලේක්හවුස් ආයතනය ද සිය ප්‍රකාශනවලට අදාළ ඩොමේන් නාමයන් සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් ඉදිරිපත් කරනු ලැබේ.

එසේම ඉදිරියේ දී ඊමේල් ඩොමේන් නාමයන් ද සිංහල සහ දමිළ භාෂාවෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත් එසේම ඉහත ඩොමේන් නාමයන් යටතේ සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් ඊමේල් ලිපිනයන් ලබා ගැනීමට ද හැකියාව ඉදිරියේ දී ලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පාසලට (UCSC) අනුබද්ධ ලාභ නොලබන ආයතනයක් වන ‘තීක්ෂණ ආයතනයේ’ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හර්ෂ විජයවර්ධන මහතා පැවැසීය.

ඊයේ (06) පැවැති වැඩමුළුවක් අවසානයේ මාධ්‍ය අමතමින් හර්ෂ විජයවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියේය.

අද (07) සිට ඉදිරියට තමන්ට අවශ්‍ය වසම් නාමයන් සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂාවෙන් ලබා ගන්න හැකියාව ලැබෙනවා. මෙහි විශේෂත්වය එයයි. ඒ වගේම මේ වන විට ඊමේල් ෆ්ලැට්ෆෝම් එකක් මුළුමනින්ම වසම් නාමයෙන් ඊමේල් යැවීම සඳහා අවශ්‍ය තාක්ෂණික වැඩපිළිවෙළට අවශ්‍ය සර්වර සකස් කරමින් යනවා. මේ සම්බන්ධයෙන් අපි උදෑසන වැඩමුළුවක් ද පැවැත්වුවා.

ඒ වගේම තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. ලේක්හවුස් ආයතනය ලංකාවේ තියෙන පැරණිතම මාධ්‍ය ආයතනයක්. ලේක්හවුස් ආයතනය සතුව තියෙනවා ප්‍රකාශන රාශියක්. විශේෂයෙන්ම දිනමිණ සහ සිළුමිණ පත්තර ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත් කරනවා. ඔවුන් අද ඔවුන්ගේ වසම් සිංහලෙන් සහ දමිළ භාෂාවෙන් ඉදිරිපත් කරනවා. ඒක සුවිශේෂී අවස්ථාවක් වෙයි ලංකා ඉතිහාසයට, ඒ වගේම මාධ්‍ය ඉතිහාසයට. ඒ වගේම වසර සියයකට වඩා ඉතිහාසයක් තියෙන ලේක්හවුස් ආයතනයටත් සුවිශේෂී අවස්ථාවක් වෙනවා.

ඒ වගේම දැනට සෙවුම් යන්ත්‍රයකින් කිසියම් මාතෘකාවක් සොයා යන විට ලැබෙන්නේ අදාළ සෙවුම් යන්ත්‍රයේ ටයිප් කරන භාෂාවට අදාළ තොරතුරු පමණයි. බොහෝ විට ඉංග්‍රීසියෙන් යමක් සොයන විට සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇති තොරතුරු ලැබෙන්නේ නැහැ. මේ ගැටලුවටත් ඉදිරියේ දී විසඳුමක් දෙන්න අපි කටයුතු කරමින් සිටිනවා. එවිට සිංහලෙන් තොරතුරු සොයා යන විට ඉංග්‍රීසියෙන් අන්තර්ජාලයට එක් කළ තොරතුරුත් ලබා ගත හැකි වෙනවා.

පී.කේ. බණ්ඩාර

From https://www.domains.lk :

• Sinhala and Tamil Domain Names

The Registrants can request for Sinhala and Tamil domain names in the forms “ .ලංකා ” and “ .இலங்கை ” onthe LK Domain Registry.

The .lk domain registrant(s) can request for the relevant Sinhala and Tamil domain(s) to the existing .lk domain(s) Free of Charge (FOC), through the online request form available on the LK Domain registry official website. The requested domain name should be derived from the existing .lk domain name by transliteration or pronunciation.

How to Register a Domain

++++++++

https://www.සිළුමිණ.ලංකා
https://www.දිනමිණ.ලංකා

+++++++++

A turning point in the history of the internet – Domain names in Sinhala and Tamil


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *