‘උකුසු ඇස’ට හසුවූ පෞද්ගලික රෝහල ගැන විමර්ශනයට සත් පුද්ගල කමිටුවක්

‘උකුසු ඇස’ට හසුවූ පෞද්ගලික රෝහල ගැන විමර්ශනයට සත් පුද්ගල කමිටුවක්


‘උකුසු ඇස’ට හසුවූ පෞද්ගලික රෝහල ගැන විමර්ශනයට සත් පුද්ගල කමිටුවක්

(05.12.2022 – 18:27 +0530 – sinhala.adaderana.lk)

‘අද දෙරණ උකුස්සා’ මගින් කොළඹ පෞද්ගලික රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කළේය.

අදාළ රෝහල සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සත් (7) පුද්ගල කමිටුවක් පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර අවසන් වන තුරු එම රෝහලේ අවයව බද්ධ කිරීම තාවකාලිකව නවතා දැමීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

එසේම අදාළ සිදුවීම සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් ද විමර්ශනයක් සිදුකෙරේ.

+++++++++++

වෘෂණ කෝෂ බද්ධ කිරීම විද්‍යාත්මක ව අසත්‍යයක් – වෛද්‍යවරුගෙන් තහවුරුවක්

(05.12.2022 – 21:32 +0530 – hirunews.lk/sinhala)

වෘෂණ කෝෂ බද්ධ කිරීම වෛද්‍ය විද්‍යාත්මක ව කිසි සේත් සිදු කළ නො හැකි ක්‍රියාවක් බව විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කරනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, මෙම සිදුවීම ජනතාව නොමග යැවීම සඳහා සිදු කළ ව්‍යාජ ප්‍රචාරයක් බව යි.

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සිදු කෙරුණු බවට වාර්තා පළ වූ අවයව ජාවාරම සහ වෘෂණ කෝෂ විකිණීමට තැත් කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වෘෂණ කෝෂ හෝ වකුගඩු වැනි අවයව විකිණීම නීතියෙන් තහනම් ක්‍රියාවක්.

වෘෂණ කෝෂ විකිණීමේ ජාවාරමේ සත්‍ය අසත්‍යතාව වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට ලක්ෂයක මුදලකට විකිණිමට තැත් කළ බවට තොරතුරු වාර්තා වූවත් එලෙස සිදුකිරීමේ හැකියාව සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාත්මක මතය කුමක්දැයි අප විමසා බැලුවා.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අදහස් පළ කළ අතර, එම සංගමය ද පවසන්නේ, එවැනි බද්ධ කිරීම සිදු කළ නො හැකි බව යි.

+++++++++++

වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරු CID භාරයට

(06.12.2022 – 07:15 +0530 – sinhala.adaderana.lk)

වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ (05) පස්වරුවේ එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි මට්ටක්කුලිය කජිමාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

එම සැකකරු විසින් වකුගඩු මුදලට විකිණීමේ ජාවාරමේ ප්‍රධාන තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර වකුගඩු ලබාදෙන පුද්ගලයින් සම්බන්ධීකරණය කර ඇත්තේ මොහු බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

‘මොහොමඩ් බසීර් මොහොමඩ් රාජබ්දීන්’ නැමැත් එම සැකකරු ඇඳුම් වෙළෙඳාම් කරන පුද්ගලයෙකු ලෙස කටයුතු කර තිබේ.

සැකකරු අද (06) දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර පෞද්ගලික රෝහලකදී ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත්පුද්ගල (7) විමර්ශන කමිටුවක් පත්කර තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු කණ්ඩායමක් මේ සඳහා පත්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා හා ලැබුණු තොරතුරු ඔස්සේ මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස් ලබාදී තිබුණි.

ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු සිදුකර එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගන්නා තෙක් අදාළ පෞද්ගලික රෝහලේ අවයව බද්ධ කිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට ද තීරණය කළ බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය ෴

+++++++++++

+++++++++++

In 1984, Prof Rezvi Sheriff established his own private hospital on Cotta Road to address the growing problem of kidney related diseases and the need for dialysis and kidney transplantation in Sri Lanka. This was the beginning of Western Hospital’s journey.
.
Professor Rezvi Sheriff (MBBS, MD, FRCP, FRACP, FRCPE, FCCP, FNASSL, FSLCGP), who is widely regarded to be the ‘Father of Nephrology’ by the medical community in Sri Lanka. Nephrology is the branch of medical science that deals with diseases of the kidneys. He was born on 4-11-1948.

රට රැකියා ජාවාරමට කාන්තාවක් අත්අඩංගුවට

(05.12.2022 – 17:57 +0530 – sinhala.adaderana.lk)

මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් විදෙස්ගත කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සැකකරුවන් විසින් සංචාරක වීසා යොදාගනිමින් මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් රැගෙන යන බවට තොරතුරු ලැබී ඇති බව එම කාර්යාංශය පැවසුවේය.

පසුගිය දින කිහිපය තුළ සංචාරක වීසා යොදාගනිමින් විදෙස්ගත වීමට උත්සාහ කළ පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙකුත් සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේය ෴


ලංගම සභාපතිට ඉවත්වන්නැයි දැනුම්දෙයි

(05.12.2022 – 17:01 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට වහාම ක්‍රියාත්මකවන පරිදි එම ධුරයෙන් ඉවත්වන ලෙසට විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන දැනුම්දී තිබේ.

අදාළ ලිපිය පහතින් දැක්වේ :

+++++++

ඉල්ලා අස්වීමට තමන්ට දැනුම් දී නොමැති බව ලංගම සභාපති කියයි

(06.12.2022 – 07:28 +0530 – sinhala.adaderana.lk)

තමාට ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මාධ්‍ය වාර්තාවකින් පමණක් ඒ පිළිබඳව තමන් දැනුවත් වූ බවය.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන්, සභාපති ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කිංස්ලි රණවක මහතා වෙත දැනුම් දී ඇති බව එම අමාත්‍යංශය ඊයේ (05) පස්වරුවේ නිවේදනය කළේය.

රජයේ ප්‍රතිපත්ති තීරණයකට අනුව මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ගමන් කිරීම සඳහා ආරම්භ කළ ‘සිටි බස්’ සේවාව තමන් වෙත නොදන්වා හදිසියේ නවතා දමා ඇති බවට පළවන වාර්තා සැලකිල්ලට ගනිමින් සභාපතිවරයාට ධූරයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ‘අද දෙරණ’ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාගෙන් විමසීමක් කළේය.

මෙතෙක් තමන්ට එවැනි කිසිදු දැනුම්දීමක් සිදුකර නොහැති අතර ‘සිටි බස් සේවාව’ ද මෙතෙක් නතර කර නොමැති බව කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.

“ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයා විදියට නොයෙකුත් මට ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ලැබිලා තිබෙනවා මට තනතුරෙන් අයින්වෙන්න කිව්වා කියලා අමාත්‍යවරයා. නමුත් මේ වනකම් අමාත්‍යංශයෙන් හෝ අමාත්‍යවරයා විසින් ඒ වගේ ඉල්ලීමක් හෝ දැනුම්දීමක් කරලා නෑ. කුමන පදනමකින් මේක ප්‍රවෘත්තියක් ලෙස ගෙනියනවාද කියක එක මම දන්නේ නෑ.

ප්‍රශ්නය – ඒ කියන බස් සේවාව නවත්වලා නෑනේ?

“දැනට නවත්වලා නෑ ; නවත්වන්න වෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලයට දැම්මට පස්සේ අධ්‍යක්ෂක මණ්ඩලයට තේරෙනවා නම් මාස දෙක තුනකට රුපියල් ලක්ෂ 60 ක් 70 ක් පාඩු වෙනවා කියලා, ඒ මදිවට කම්පැනි එකටත් ලක්ෂ දෙකහමාරක් (2½) ගෙවන්න වෙනවා කිව්වාම ලොකු ප්‍රශ්නයක් නේ මේක. පාඩු ලබන ‘ප්‍රොජෙකට්’ එකකින් තව පුද්ගලික කම්පැනියකට ලක්ෂ 2 ක් ගෙවන්න වෙනවා. අනිත් බස්වලින් ලබාගන්න සල්ලිවලින් පැත්තක තිබෙන පුද්ගලික කම්පැනියකට ගෙවන්නද කියන්නේ.”

ප්‍රශ්නය – මෙහෙම පාඩුවක් තියෙනවා කියලා අමාත්‍යංශයට පෙන්ලා දුන්නද?

“අමාත්‍යංශයට පෙන්නන්න අපි ගියේ නෑ තාම. ඒ අතරතුරේ තමා ‘සිටි බස් සේවාව’ නවත්වන්න හදලා තියෙන්නේ.”

+


ශම්මි සිල්වා, සංචාර සඳහා කාන්තාවන් රැගෙන ගිය බවට චෝදනාවක් – ක්‍රිකට් ආයතනයටත් නවව්‍යවස්ථාවක්

(05.12.2022 – 20:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වාට එරෙහි ව අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කෙරුණා.

ඒ ‘මගෙන් රටට’ සංවිධානය ඇතුළු තවත් සිවිල් සංවිධාන කිහිපයක් විසින්.

ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි-විස්ස ලෝක කුසලාන සංචාරයට කාන්තාවන් තුන්දෙනෙකු (3) රැගෙන ගොස් ඇති බව ඔවුන්ට ගුවන් ප්‍රවේශ පත්‍ර සපයා ඇති බවයි ඔවුන් එමඟින් චෝදනා කර ඇත්තේ.

ගත වූ ලෝක කුසලාන තරගාවලිය අතර දී කැසිනෝ ශාලාවක ගැටුමක් ඇති වූ අතර, මෙම කාන්තාවන් එම ගැටුම සිදු වන අවස්ථාවේ දී එහි සිටි බව සඳහන්.

මෙම කාන්තාවන් ඔස්ට්‍රේලියාවට රැගෙන ගොස් ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල්වලින් බවත් මෙම චෝදනා ගොනු කළ පිරිස අවධාරණය කරනවා.

ශම්මි ශිල්වා විසින් මෙම සංචාරය සඳහා අතිරේක ගුවන් ටිකට් පත් තුනක් (3) ද මිල දී ගෙන ඇති අතර, ඒ අදාළ කාන්තාවන් තිදෙනා (3) වෙනුවෙන් බවත් වාර්තා වනවා.

2020, 21 හා 22 යන වර්ෂ තුනේ (3) දී ම අදාළ කාන්තාවන් තිදෙනා (3) ශම්මි ශිල්වා සමඟ සංචාරවලට එකතු වී ඇති බව සඳහන්.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා අද (05) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු හිටපු ක්‍රිකට් පරිපාලකයන් පිරිසක් ගොනු කළ පෙත්සමත් අද (05) කැඳවනු ලැබූ අවස්ථාවේ දී යි.

නව ක්‍රිකට් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට සමගාමී ව ක්‍රීඩා පනත හා ඊට අදාළ ක්‍රීඩා රෙගුලාසි ද සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව එහි දී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දන්වා සිටියා.

පෙත්සම ලබන වසරේ පෙබරවාරි මස 28 වනදා යළි කැඳවීමට නියමිත යි ෴


විදේශ විනිමය පනත කඩිනමින් සංශෝධනයට – අධිකරණ ඇමති කියයි

(05.12.2022 – 20:04 +0530 – hirunews.lk/sinhala)

විදේශ විනිමය පනත කඩිනමින් සංශෝධනය කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (05) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ පසුගිය වසර 12 තුළ සිදු කළ අපනයනයන්ගෙන් ලැබිය යුතු ඇමරිකානු ඩොලර් බිලියන 52 ක මුදලක් ව්‍යාපාරිකයින් විදෙස් රටවල රඳවාගෙන ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද ඊට මැදිහත් වුණා.

මේ අතර, අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණ භාරයට පත්වන මත්කුඩු යළි වෙළදපළට පැමිණෙන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඒ, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයන්ට අදාළ වැය ශිර්ෂයන් හි අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්.


මැයි 09 මොක ද වුණේ ? – වාර්තාව හංගන්න එපා (05.12.2022)


ඩයනා බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බව ආගමන විගමන පාලක ජනරාල් කියලා තියෙන්නේ ගිය අවුරුද්දේ

(05.12.2022 – 19:23 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ හට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉකුත් වසරේ දෙසැම්බර් මස 15 වැනි දින ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, ආගමන හා විගමනික පාලක ජනරාල් ලෙස එවක දී කටයුතු කළ යූ.වී. සරත් රූපසිරි විසින් රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියකින් දැනුම් දී තිබුණා.

උක්ත ලිපිය යටතේ, එවක සිටි ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින් මෙම මන්ත්‍රීවරිය හට රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් කාරණා 4 ක් අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව අදාල රාජ්‍ය අමාත්‍යවරිය 2004 වසරේ සිට බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ලෙස බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලබාගෙන ඇති බවත්, 521398876 අංක දරණ බ්‍රිතාන්‍ය ගුවන් බලපත්‍රයට ඇය හිමිකම් කියන බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින් අනාවරණය කර තිබෙනවා.

එසේ ම අදාල කාලයේ සිට ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිගේ ලාංකීය පුරවැසි භාවය අහෝස් වී ඇති බව පවසන ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින් වැඩිදුරටත් අනාවරණය කරන්නේ, ඇය විසින් තම බ්‍රිතාන්‍ය පුරවැසිභාවය පිළිබඳ තොරතුරු හෙළි නොකොට 2014 වසරේ ජනවාරි මස 24 වැනි දා ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවයි.

තව ද ඇය විසින් 2018 වසරේ නොවැම්බර් මස 05 වැනි දා නැවත වතාවක් විදෙස් පුරවැසිභාවය හෙළි නොකොට රාජකාරි ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින් රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දන්වා තිබෙනවා.

මෙම අනාවරණයන් සමග උක්ත කරුණ සම්බන්ධයෙන් තම නිරීක්ෂණය රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කරන ආගමන හා විගමන පාලක ජනරාල්වරයා කියා සිටින්නේ, රාජ්‍ය අමාත්‍යවරිය විසින් නැවත වතාවක් ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම් කිරීමේ දී ඇයගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඉවත් කර ගත් බවට ලිඛිත තොරතුරු තම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර නැති බවයි.

මෙම සියලු කරුණු සලකා බලා රාජ්‍ය අමාත්‍යවරියට රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා දිය නොහැකි බවට නිරීක්ෂණය වන බව පවසමින් ආගමන විගමන පාලක ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මේ සියලු කරුණු අනාවරණය කෙරෙන 2021-12-21 දිනැති ලිපිය අද (05) පාර්ලිමේන්තුවේ සභාගත කරමින් මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය පිළිබඳ තොරතුරු සභාවට අනාවරණය කළා ෴


ප්‍රදේශ කිහිපයකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

(06.12.2022 – 08:20 +0530 – hirunews.lk/sinhala)

ජාඇල – ඒකළ – දඩුගම මාර්ගයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අද (06) පස්වරු 6 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව දඩුගම, ඒකළ, තුඩැල්ල, කොටුගොඩ, අලවතුපිටිය, මිනුවන්ගොඩ, උඩුගම්පොල, දඹතුරේ සහ රද්දොළුගම ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති ෴


‘දෙරණ 360’ අජිත් නිවාඩ් කබ්රාල් (05.12.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *