මිරිස් කුඩු ගසා රන් කොල්ලකෑ අයියා – මලෝ පොලිස් අත් අඩංගුවට

මිරිස් කුඩු ගසා රන් කොල්ලකෑ අයියා – මලෝ පොලිස් අත් අඩංගුවට


මිරිස් කුඩු ගසා රන් කොල්ලකෑ අයියා – මලෝ පොලිස් අත් අඩංගුවට

(04.12.2022 – 15:36 +0530 – hirunews.lk/sinhala)

බරපතළ ගණයේ මංකොල්ලකෑම් රැසක යෙදුණු එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු (2) අකුරැස්ස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරින් විසින් අංක තහඩු නොමැතිව ධාවනය වූ යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදියි මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සන්තකයේ තිබී ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් ද සොයා ගැනුණා.

මොවුන් පැමිණ එමින් සිටි යතුරුපැදිය ද සොරකම් කළ එකක් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් වයස අවුරුදු 16 ත් 25 ත් අතරේ පසුවන ඉමදූව – අඟුළුගහ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිදු කළ මූලික පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ ඉකුත් 18 වැනි දින පස්වරුවේ අකුරැස්ස – බංගම පාරේ ස්වර්ණභරණ අලෙවි සැලකට ඇතුළු වී එහි කළමනාකරුගේ මුහුණට මිරිස් කුඩු ගසා රුපියල් ලක්ෂ 08 ක් වටිනා රත්‍රං මාල පෙට්ටියක් කොල්ලකා පලා ගිය පුද්ගලයින් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් ඔස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට

(04.12.2022 – 15:31 +0530 – sinhala.adaderana.lk)

ඔස්ට්‍රේලියාවේ වාසය කළ 44 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී සිය ස්වාමි පුරුෂයා අතින් ඝාතනයට ලක්ව ඇත්තේ, මෙල්බර්න් හි සෑන්ඩ්හර්ට්ස් හි වාසය කළ තුන්දරු (3) මවක වන මෙලොයිනි පෙරේරා නම් කාන්තාවකි.

මෙල්බර්න් හී සෑන්ඩ්හර්ට්ස් හී පදිංචි ශ්‍රී ලංකික කාන්තාව ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අසල්වැසි නිවසකට දැනුම් දෙන ආකාරය CCTV කැමරාවල ද සටහන්ව තිබුණි.

අසල්වාසීන් විසින් ඔස්ට්‍රේලියානු මාධ්‍යට පවසා ඇත්තේ, දියණිය පැමිණ “මගේ අම්මා මැරිලා, මගේ අම්මා මැරිලා” යනුවෙන් ඔවුන්ට පැවසු බවය.

44 හැවිරිදි මෙලෝයිනී පෙරේරා නමැති කාන්තාව ඝාතනය කර තිබුණේ, ඇයගේ ස්වාමිපුරුෂයා වන 45 හැවිරිදි දිනූෂ් කුරෙයිරා නමැත්තා විසිනි.

පිහි ඇනුම සිදුව තිබුණේ රාත්‍රී කාලයේදීය.

මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම යුවළගේ – පාසල් වයසේ පසුවන පුත්‍රයාද මෙම පිහි ඇනුමට මැදිව ඇති නමුත් ඔහු පළායාමට සමත්ව තිබේ. 

ඔහු මේ වනවිට බරපතළ තුවාල සහිතව සැත්කමකට ලක්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය.

මෙම යුවළ මෑතකදී එකිනෙකාගෙන් වෙන්ව ජීවත් වී ඇති අතර, ඇය නිවසේ අඟුළු පවා මෑතකදී වෙනස් කර ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි.

සැකකාර සැමියා පළායෑමට උත්සාහ දරා ඇතත්, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබුණි.

ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, නෛතික කටයුතු ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා පවසයි.


පොලිසියට අල්ලස් දුන් අයෙකු අත්අඩංගුවට

(04.12.2022 – 15:12 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරියෙකුට අල්ලස් ලබාදීමට තැත්කළ පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට නඩු නොපවරන ලෙස සහ පහළ අධිකරණයෙන් ඇප ලබාගත හැකි නඩුවක් පවරාදෙන ලෙස ඉල්ලා මොහු අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබාදීමට තැත්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් ස්ථානාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරින් දැනුවත් කොට රුපියල් 25,000 ක මුදලක් ලබාදීමට යාමේදී අවිස්සාවේල්ල පොලිස් ස්ථානය තුළ දී අද (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි රුවන්වැල්ල -අමිතිරිගල ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෙක් ෴


රටක ප්‍රශ්න විසඳිය යුත්තේ එරට සංස්කෘතියට අනුවයි – මහාචාර්‍ය ජී.එල්.පීරිස්

(04.12.2022 – 13:55 +0530 – hirunews.lk/sinhala)

ඕනෑම රටක ප්‍රශ්න විසඳිය යුත්තේ රටේ සංස්කෘතියට අනුකූලව බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා.

ඒ නිදහස ජනතා සභාවේ නියෝජිතයින් බදුල්ල දිස්ත්‍රික්කයේ සිදු කළ සංචාරයක් අතරතුරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු නිදහස ජනතා සභාවේ නියෝජිතයින් බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔවුන් මුතියංගනය රජමහා විහාරස්ථානය ඇතුළු සර්ව ආගමික ස්ථාන වැඳපුදා ගත්තා.

අනතුරුව මෙම නියෝජිතයින් බදුල්ල දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සහ ව්‍යාපාරිකයින් සමඟ සාකච්ඡාවක නිරත වූ අතර එහිදී එම අවස්ථාවට පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ බිරිඳ ඇසූ ප්‍රශ්නයක් යොමු කිරීමත් සමඟ විවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.


පිටරට ගිහින් ඩොලර් ගේන්න සැරසෙන ලංකාවේ ලොකුම කෙසෙල් වගාව (04.12.2022)


“පෙළ පොත් ටික මුද්‍රණය කරගන්න බැරි ආණ්ඩුව, අභ්‍යාස පොත් දෙන්නේ කොහොම ද? ” (04.12.2022)


“කරාපිටියේ ළමා පිළිකා ඒකකය වසර දෙකක් (2) අකර්මණ්‍යයි – දැන් සියලුම ළමයි මහරගමට යවන්න වෙලා…” (04.12.2022)


8 සිට උසස් පෙළ දක්වා සිසුන් අතර ‘අයිස්’ භාවිතය වැඩිවේ

(04.12.2022 – 20:02 +0530 – hirunews.lk/sinhala)

පාසල් සහ විශ්ව විද්‍යාල ආශ්‍රිතව සිඝ්‍රයෙන් ‘අයිස්’ මත්ද්‍රව්‍ය ව්‍යාප්තව ඇති බව බුද්ධි අංශ වාර්තාවක් මගින් තොරතුරු අනාවරණ කර තිබෙනවා.

අදාළ බුද්ධි අංශ වාර්තාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

එමගින් දිවයින පුරා රජයේ පාසල්, පුද්ගලික උපකාරක පන්ති සහ විශ්ව විද්‍යාල ආවරණය වන පරිදි තොරතුරු එක්රැස් කර ඇති අතර ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති පිරිස් සහ වයස් කාණ්ඩ ඔවුන් අතර එම මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට හේතුව මෙන්ම එය වලක්වා ගැනීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් ද එහි නිර්දේශ කර තිබෙනවා.

08 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන් අතර ‘අයිස්’ භාවිතයේ සිඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙන බවත් පුද්ගලික උපකාරක පන්ති ආශ්‍රිතව මෙම තත්ත්වය බහුලව දක්නට ලැබෙන බවත් අදාළ බුද්ධි අංශ වාර්තවේ සඳහන්.

එමෙන්ම විශ්ව විද්‍යාලවල පළමු (1) සහ දෙවන (2) වසර සිසුන් අතර ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වශයෙන් දක්නට ලැබෙන බව ද එහි දැක්වෙනවා.

මේ අතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට නොහැකි වී ඇත්තේ දේශපාලන මැදිහත් වීම් නිසා බවට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ගම්පහ ඊයේ (03) පැවති උත්වයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

කෙසේවෙතත් පොලිස් විශේෂ කාර්ය බලකාය අනෙකුත් රාජකාරීවලින් ඉවත් කොට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා පමණක් යෙදවීමට ඉදිරියේ දී පියවර ගන්නා බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය දා ප්‍රකාශ කළේ ෴

++++++++++++

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත් කරල් විකිණූ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(05.12.2022 – 08:46 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්‍ය බලකායේ වව්නියාව කඳවුරේ නිලධාරින් විසින් ලැබුණු බුද්ධිමය තොරතුරකට අනුව පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත් පෙති අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනකු (2) පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම ඊයේ (04) සිදු කෙරුණේ නෙළුක්කුලම ප්‍රදේශයේ දියි.

සැකකරුවන් සන්තකයේ තිබී අන්තරාදායක ඖෂධයක් වන Pregub 150 mg න් පෙති 400 ක් සොයා ගැනුණා.

සැකකරුවන් වයස අවුරුදු 22 හා 29 වයස්වල සීමාවල පසුවන්නන්.

සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නෙළුක්කුලම පොලිසියට භාර දී තිබෙනවා ෴


විදෙස් විනිමය ප්‍රේෂණ මත බදු පනවා නැහැ – මහ බැංකුව

(04.12.2022 – 10:56 +0530 – hirunews.lk/sinhala)

විදේශගත සේවා නියුක්තිකයන් මෙරටට එවනු ලබන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එලෙස බදු පනවා ඇති බවට හා එම ප්‍රේෂණ බලහත්කාරයෙන් රුපියල් බවට හරවනු ඇතැයි පැතිර යන කටකථා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ, විදේශිය ව්‍යවහාර මුදල් වශයෙන් තම බැංකු ගිණුම්වල තබාගැනීම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සිය අභිමතය පරිදි සිදුකළ හැකියි.

එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන්ට දැනට ලබා දී ඇති විවිධ දිරි දීමනා අඛණ්ඩව තවදුරටත් ඒ ආකාරයෙන්ම කිසිදු වෙනසක් නොමැතිව භුක්ති විඳිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර මෙවර අයවැයෙන් සමාජ සුබසාධන දීමනා වෙනුවෙන් රුපියල් බිලියන 43 ක් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.

සමෘද්ධි දීමනා, වැඩිහිටි මූල්‍යාධාර, ගර්භනී මව්වරුන්ගේ ආහාර පැකේජය, වකුගඩු රෝගීන් වෙනුවෙන් මූල්‍යාධාර සැපයීම, පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර ලබාදීම සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට පෝෂණ අතිරේක ලබාදීම මෙන්ම ත්‍රිපෝෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙම මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *