ප්‍රකට ටෙලි නාට්‍ය නිළි මංජුලා කුමාරි (ඕලු)ගේ පතලේ වැඩකළ සහය නළුවා නිල් මැණික් වංචාවට අත්අඩංගුවට

ප්‍රකට ටෙලි නාට්‍ය නිළි මංජුලා කුමාරි (ඕලු)ගේ පතලේ වැඩකළ සහය නළුවා නිල් මැණික් වංචාවට අත්අඩංගුවට

*********************************************

ප්‍රකට ටෙලි නාට්‍ය නිළි මංජුලා කුමාරි (ඕලු)ගේ පතලේ වැඩකළ සහය නළුවා නිල් මැණික් වංචාවට අත්අඩංගුවට

(24.11.2022 – gossiplankanews.com)

ප්‍රකට ටෙලි නාට්‍ය නිළි මංජුලා කුමාරි (ඕලු) තවත් කාන්තාවක සමග හවුලේ පවුත්වාගෙන යන මැණික් පතලක ඇතිවූ වංචාවක් සම්බන්ධයෙන් ගුණරත්න බණ්ඩාර නමැති සහය ටෙලි නාට්‍ය නළුවෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

මංජුලා කුමාරි සහ බෝතලයේ දැමූ මැණික් ගල

මෙම නළුවා අදාළ ව්‍යාපාරයට සම්බන්ධවී ඇත්තේ ටෙලි නිළියගේ හා ඇගේ සැමියාගේ හිතවත්කම මතයි. වවුනියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියට 22 දින රාත්‍රී සැකපිට ලග්ගල පොලිසිය මගින් එම්.ඩී.එම්. ගුණරත්න බණ්ඩාර නමැති සහය ටෙලි නාට්‍ය නළුවා අත්අඩංගුවට ගෙන තිබෙයි.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබූ පතලකින් වංචා කළ බව කියන නිල් මැණික් ගලක් සහ සුඛෝපභෝගි මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

ලග්ගල දෙවලදෙනිය ප්‍රදේශයේ කාන්තාවක් සමග ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළි මංජුලා කුමාරි පෙරේරා යන අය පතල් කැනීම් සඳහා ගිවිසුම් අත්සන් කොට ටෙලිනාට්‍ය නිළියගේ නියෝජිතයා ලෙස පතල බලාගැනීම සඳහා මෙම පුද්ගලයා පැමිණ සිටි බවත් මාස ගණනාවක් තිස්සේ ප්‍රදේශයේ සියලු දෙනාට ඔහු ‘වවුනියාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා’ බව ප්‍රකාශ කරමින් හැසිරී ඇතැයි වාර්තාවේ.

මෙම ප්‍රසිද්ධ නිළිය සමග පතල් ගිවිසුම අත්සන් කොට පතල ක්‍රියාත්මක කළ කාන්තාව ලග්ගල පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා ඇත්තේ මෙම පුද්ගලයා පතලේ ලැබුණු නිල් මැණික් ගලක් වංචා සහගතව රැගෙන යාමට උත්සාහ කරන බවත් ඔහු ‘ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු’ ලෙස බව පවසමින් තමන්ට තර්ජනය කරන බවත්ය.

මෙම පුද්ගලයා මීට පෙර පතලක ආරවුලක් මත පොලිසියට ගෙන්වා තිබුණු අයකුච වන අතර ‘ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා’ බව ප්‍රකාශ කරමින් පොලිසිය නොමග යැවූ බව පොලිසිය පවසයි. පොලිස් නිලධාරියෙකු ලෙස ව්‍යාජව පෙනී සිට විවිධ අපරාධවලට සම්බන්ධව වාරියපොල පොලිසියේ සහ කුරුණෑගල පොලිසියේ ඔහුට විරුද්ධව පැමිණිලි සහ අධිකරණවල නඩු ක්‍රියාත්මක වන බවද හෙළිව ඇත.

ටෙලි නාට්‍ය නිළියගේ තවත් කණ්ඩායමක් මෙම පතලේ වැඩ කරන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ටෙලි නාට්‍ය නිළිය සහ ඇයගේ සැමියා අද(24) උදෑසන 9 ට ලග්ගල පොලිසියේ පෙනී සිටිමටද නියමිතය.

අත්අඩංගුවට ගත් සැකකරු , මෝටර් රථය සහ නිල් මැණික් ගල ලග්ගල පොලිසිය විසින් නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට අද(23) ඉදිරිපත් කිරීමට නියමිතය ෴

++++++++++

ජනප්‍රිය නිළියගේ සහායකයා අත්අඩංගුවට

(24.11.2022 – 17:31 +0530 – sinhala.adaderana.lk)

ජනප්‍රිය නිළියකගේ නියෝජිතයෙකු බව කියන ව්‍යාජ පොලිස් නිලධාරියෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙකු ලග්ගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිල් මැණික් ගලක් වංචා කර රැගෙන යාමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි ගුණරත්න බණ්ඩාර නමැති පුද්ගලයෙකි.

එහිදී සැකකරු සන්තකයේ තිබී නිල් මැණිකක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

ජනප්‍රිය නිළියක් සහ ලග්ගල ප්‍රදේශයේ කාන්තාවක් සමග ගිවිසුම්ගතව මැණික් පතලක් පවත්වාගෙන ගොස් ඇත.

එහි කටයුතු බලාකියාගැනීම සඳහා ජනප්‍රිය නිලි මංජුලා කුමාරිගේ සැමියාගේ මිතුරෙකු වන මෙම සැකකරු පත්කර ඇති අතර ප්‍රදේශවාසීන්ට ඔහු තමන්ව හඳුන්වා දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ලෙසටය.

එසේම අවස්ථා කිහිපයකදී එම පතලේ ඇතිවූ ආරවුල් මත සැකකරු පොලීසිය වෙතට ගොස් ඇති අතර එහිදීද ඔහු තමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ලෙස හඳුන්වා දී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

මේ අතර සැකකරුට එරෙහිව ව්‍යාජ පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටීමේ චෝදනා මත අධිකරණ දෙකක (2) මේ වනවිටත් නඩු පවතින බවද වාර්තා වෙයි.

සැකකරු ටෙලි නාට්‍ය කිහිපයක පොලිස් නිලධාරීයෙකුගේ චරිතය රඟපෑ බවද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ලග්ගල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

++++++++++

SSP වෙස් ගෙන නිල් මැණිකක් වංචා කළ සිද්ධියට නිළි මංජුලාගේ නියෝජිතයෙක් ලග්ගලදී දැලේ

(24.11.2022 – 01:00 +0530 – sinhala.adaderana.lk)

වවුනියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නිළි මංජුලා කුමාරි පෙරේරාගේ නියෝජිතයෙකු පෙරේදා (22) රාත්‍රියේදී ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ටෙලිනාට්‍ය කිහිපයක පොලිස් චරිත සඳහා පෙනී සිටින වාරියපොළ, මිනුවන්ගැටේ, ප්‍රදේශයේ පදිංචි එම්.ඩී.එම්. ගුණරත්න බණ්ඩාර නැමැති සහාය නළුවෙකු බව ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා සඳහන් කළේය.

පතලකින් වංචා කළ බව කියන නිල් මැණික් ගලක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් ද මේ සමඟ පොලිස් භාරයට ගෙන ඇත.

ලග්ගල දේවාලදෙණිය ප්‍රදේශයේ කාන්තාවක් සමඟ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියක වන මංජුලා කුමාරි පෙරේරා යන අය පතල් කැණීම් සඳහා ගිවිසුම් අත්සන්කොට ඇති අතර, ටෙලිනාට්‍ය නිළියගේ නියෝජිතයා ලෙස පතල බලා ගැනීම සඳහා මෙම පුද්ගලයා පැමිණ සිටි බවත් මාස ගණනාවක් තිස්සේ ප්‍රදේශයේ සියලු දෙනාට ඔහු වවුනියාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා බව පවසමින් හැසිරී ඇතැයි පැවසේ.

මෙම ප්‍රසිද්ධ නිළිය සමඟ ගිවිසුම් අත්සන්කොට පතල ක්‍රියාත්මක කළ කාන්තාව ලග්ගල පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා ඇත්තේ මෙම පුද්ගලයා පතලෙන් ලැබුණු නිල් මැණික් ගලක් වංචා සහගතව රැගෙන යෑමට උත්සාහ කරන බවත් එම පුද්ගලයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු බව කියමින් තමන්ට තර්ජනය කරන බවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා පොලිස් කණ්ඩායමක් සමඟ දේවාලදෙණිය ප්‍රදේශයට ගොස් අදාළ සැකකරු මැණික් ගල සහ සුඛෝපභෝගී මෝටර් රථය පොලිස් භාරයට ගෙන තිබිණි.

සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ටෙලි නාට්‍ය නිළියගේ සැමියා සමඟ ඇති හිතවත්කම් මත මෙම පතල බලාගැනීම සඳහා ඔහුට පවරා ඇති බවය.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා මීට පෙර පතලක ආරවුලක් මත පොලිසියට ගෙන්වා තිබුණු බවද එම අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාට පවා තමා වවුනියාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා බව ප්‍රකාශ කරමින් පොලිසිය නොමඟ යැවූ බව ද පොලිසිය කියයි. එමෙන්ම පුද්ගලයා ලග්ගල ප්‍රදේශයේ රථවාහන රාජකාරිවල නිරතව සිටින පොලිස් නිලධාරීන්ට තමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු බව පවසා රථවාහන වැරදිකරුවන් පවා නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියක් සිදු කරමින් සිටි බවද පොලිසිය කියයි. අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වන අවස්ථාවේ දී හෙළි වී ඇත්තේ මෙම සැකකරු මීට පෙර පොලිස් නිලධාරියකු ලෙස ව්‍යාජව පෙනී සිට විවිධ අපරාධවලට සම්බන්ධව වාරියපොළ පොලිසියේ සහ කුරුණෑගල පොලිසියේ ඔහුට විරුද්ධව පැමිණිලි සහ අධිකරණවල නඩු ක්‍රියාත්මක වන බව ය.

මෙම පුද්ගලයා ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වන මංජුලා කුමාරි මහත්මිය සමඟ ටෙලිනාට්‍ය කිහිපයකම පොලිස් නිලධාරියකුගේ චරිත රඟපා තිබෙන බව පොලිසිය කියයි. ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියට සහ ඇයගේ සැමියාට අද (24) උදෑසන 9 ට ලග්ගල පොලිසියේ පෙනී සිටින ලෙස දන්වා යවා තිබෙන බව ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා සඳහන් කළේය

අත්අඩංගුවට පත් සැකකරු, වාහනය, නිල් මැණික් ගල ලග්ගල පොලිසිය මඟින් නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (23) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති. මේ පිළිබඳව ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළි මංජුලා කුමාරි මහත්මියගෙන් විමසීම සඳහා අවස්ථා ගණනාවක් අප උත්සාහ කළ ද ඇයගේ දුරකතනය විසන්ධි කොට තිබිණි ෴

***************************************

තිලිණිගේ වංචා විමර්ශනය කළ CI නෝනා නුගේගොඩට කෝර්ට් සාජන් නුවරඑළියට

(24.11.2022 – gossiplankanews.com)

තිලිණි පියුමාලිගේ රුපියල් කෝටි ගණනක වංචාවට අදාළ විමර්ශනයේ එක් විමර්ශන ඒකකයක ස්ථානාධිපති ධුරය හෙබ වූ ස්ථානාධිපතිවරිය හා උසාවි කටයුතු භාර සැරයන්වරයා පොලිස්පති නියෝග මත නුගේගොඩ හා නුවරඑළිය කොට්ඨාස වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර ඇත.

මෙසේ ස්ථාන මාරු ලබා ඇත්තේ ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිරෝෂණී හේවාපතිරණ හා සැරයන් ගුණරත්න (4701) යන දෙදනාය.

ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිරෝෂණි හේවාපතිරණ නුගේගොඩ කොට්ඨාසයටත්, පොලිස් සැරයන් ගුණරත්න නුවරඑළිය කොට්ඨාසයටත් මාරුකර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයට හා පොලිස්පතිවරයාට ලද පැමිණිලි මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) කරන ලද විමර්ශනයකට අනුව පොලිස්පතිවරයාට දුන් වාර්තාවක් මත මෙම ස්ථාන මාරුව ලබාදී තිබේ.

අධිකරණ කටයුත්තක සාක්ෂිකාරයකු ඉදිරිපත් කිරීමේ ගැටලුවක් සම්බන්ධව මෙම දෙදනාට එරෙහිව මහෙස්ත්‍රාත්වරයකු ඉදිරිපත් කළ චෝදනාවක්ද පොලිස්පතිවරයා විසින් විභාග කර ඇත.

කමල් හසන් නමැති​ කොළඹ නගරයේ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු විසින් තිලිණි පියුමාලි විසින් තමාගේ රන් ආභරණ හා මුදල් කෝටි ගණනක් වංචා කළ බවට කළ පැමිණිල්ල විභාග කළේ මෙම නිලධාරිනිය විසිනි.

තිස්ස රවින්ද්‍ර පෙරේරා

++++++++++

Exclusive : තිළිණි ප‍්‍රියමාලිගේ පියා ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ… සාක්‍ෂි තහවුරුයි…

(24.11.2022 – 22:02 +0530 – lankacnews.com)

බිලියන ගාණක මුල්‍ය වංචා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි යනු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ දියණිය බව නිදහස් මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා සඳහන් කරයි.

සෝමවංශ අමරසිංහ මහතා 1989 අනුව වකවානුවේ ඉන්දියාව හරහා පලා රටින් පලා යන යවස්ථාවේ විදෙස් බුද්ධි අංශ විසින් සකස් කරන ලද වාර්තාව තමන්ට පරිශීලනය කිරීමට ලැබුණු බවත් එහි මේ බව පැහැදිලිව සඳහන්ව තිබූ බවත් හෙතෙම කියා සිටියේය.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි තමන් සතුව වන බවත් ඒවා තහවුරු කරගෙන ඇති බවත් හෙතෙම පැවසීය.

පසුකාලීනව සෝමවංශ අමරසිංහ මහතා තිළිණි ප‍්‍රියමාලි ඝාතනය කිරීමට තැත් කළ බවත් එමෙන්ම සෝමවංශ අමරසිංහ මහතාගේ බිරිඳගේ දෙවන විවාහයේ සැමියා ද තිළිණි ප‍්‍රියමාලිට පරිභව කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

+

***************************************

‘අයිස්’ ග්‍රෑම් 5 ට වැඩිය තිබ්බොත් මරණ දඬුවම

(24.11.2022 – 17:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ ‘අයිස්’ (මත්ද්‍රව්‍යය) ග්‍රෑම් 5 කට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඕනෑ ම පුද්ගලයකුට මරණ දණ්ඩනය පැනවීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් පැවරී ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසනවා.

ඊයේ (23) සිට ක්‍රියාත්මක වන 2022 අංක 41 දරන වස විස, අබිං සහ අන්තරායකර ඖෂධ (සංශෝධන) පනත යටතේ, අධිකරණය වෙත ඊට අදාළ බලතල පවරා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් කැඳවමින්.

මීට පෙර මේ ආකාරයේ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තිබියදී මරණ දණ්ඩනය නියම කිරීමට අධිකරණයට හැකියාව තිබුණේ, හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ වරදට පමණක් බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර පාසල් සිසුන් සතුව අයිස් ග්‍රෑම් 5 කට වැඩි ප්‍රමාණයක් ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන් ළමා රැඳවුම් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කිරීමේ හැකියාව පවතින බවත් ‍රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා ෴

***************************************

මිනිස් ජාවාරමට සම්බන්ධ මහමොළකරු තවදුරටත් රිමාන්ඩ් – රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුටත් වැඩ වරදියි

(24.11.2022 – 16:45 +0530 – hirunews.lk/sinhala)

ඕමාන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු වන රිස්වි නමැත්තා දෙසැම්බර් 08 දක්වා යළි රිමාන්ඩ් කිරීමට අධිකරණය අද (24) තීරණය කර තිබෙනවා.

ඕමානය සහ ඩුබායි රාජ්‍යයන්හි රැකියා ලබාදෙන බව පවසා මිනිස් ජාවාරම් සිදුකළ මොහු පසුගියදා (20) කටුනායක ගුවන්තොටුපල පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගත්තේ 44 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සැකකරු බාල වයස්කරුවන්ට රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත විදෙස් රටවලට රැගෙන ගොස් මෙම ජාවාරම සිදුකර තිබුණා.

ඔහු 20 වැනි දින ඕමානයේ සිට කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී‍යි අත් අඩංගුවට ගැනුණේ.

සැකකරු දඹුල්ල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතන 6 ක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඩුබායි සහ අබුඩාබි බලා ගුවන් මගින් රැගෙන යන ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයට රැගෙන ගොස් ගණිකා වෘත්තීය වැනි විවිධ ලිංගික කටයුතු සඳහා යෙදවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවයි.

මේ අතර ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන තානාපති කාර්‍යාල නිලධාරියාගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කළ බව විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය පවසනවා ෴

***************************************

වකුගඩු ජාවාරමේ චෝදනා එල්ලවූ රෝහල ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවරක් 

(24.11.2022 – 20:10 +0530 – sinhala.adaderana.lk)

බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකෙරුණු වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ‘අද දෙරණ උකුස්සා’ සිදුකළ අනාවරණයෙන් පසුව එහි අවයව බද්ධ කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් වකුගඩු ලබාදුන් පුද්ගලයන් 05 දෙනෙකු බොරැල්ල පොලීසියට පැමිණිලිකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

ඒ අනුව පිරිස අද (24) දිනයේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකෙරුණු වකුගඩු ජාවාරමක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ පසුගිය දින කිහිපය පුරාම අන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.

ඊට උසස් පොලිස් නිලධාරියෙකුගේ ද සහාය හිමිවන අයුරුද අප රට හමුවේ පෙන්වා දුන්නේය.

+++++++

23.11.2022

+++++++++

Western Hospital, 218 Cotta Road, Colombo 8, Borella, Sri Lanka

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *