උප්පැන්න සහතිකය වෙනස් වෙයි – ඉපදෙනකොටම හැඳුනුම්පත් අංකයත්

උප්පැන්න සහතිකය වෙනස් වෙයි – ඉපදෙනකොටම හැඳුනුම්පත් අංකයත්

*********************************************

උප්පැන්න සහතිකය වෙනස් වෙයි – ඉපදෙනකොටම හැඳුනුම්පත් අංකයත්

(20.11.2022 – 14:11 +0530 – hirunews.lk/sinhala)

උප්පැන්න සහතිකය සංශෝධන කිහිපයක් සහිතව නිකුත් කිරිමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නව උප්පැන්න සහතිකය නිකුත් කිරීමේදී අදාළ පුද්ගලයා වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් අංකය නිකුත් කිරීමට අමතරව මෙතෙක් කල් සළකා බැලුණු මව්පියන්ගේ විවාහය සඳහා වන තීරය ඉවත් කෙරෙනු ඇති.

***************************************

ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ අපකීර්තියට ලක්ව ඇති බව අනුර කියයි

(20.11.2022 – 14:08 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ලබා දුන් ලෝක බැංකු ආධාර වංචා කරන්නේදැයි සොයා බැලීමට පවා නිලධාරීන් එවීම තුළින් ජාත්‍යන්තරය තුළ රට අපකීර්තියට පත්ව ඇති ආකාරය පෙනී යන බව බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මේ අතර අය වැය සහ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන්ද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විවිධ අදහස් පළ කළා.

***************************************

රටේ ණය අර්බුදයට හේතුව ස්වෛරීත්ව බැඳුම්කර ණයයි – මහාචාර්‍ය ලලිතසිරි ගුණරුවන්

(20.11.2022 – 14:06 +0530 – hirunews.lk/sinhala)

රට මුහුණ දී ඇති ණය අර්බුදයට ප්‍රධාන සාධකයක් වන්නේ ස්වෛරීත්ව බැඳුම්කර මත ලබාගත් ණය බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසනවා.

අර්බුදය, අයවැය සහ අනාගතය යන මැයෙන් මහවැලි කේන්ද්‍රයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

අර්බුදය, අයවැය සහ අනාගතය යන මැයෙන් මෙම සංවාදශීලී සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ශ්‍රි ලංකා වෘත්තීයවේදීන්ගේ සංවිධානය විසින්.

එම අවස්ථාවට එක් වූ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පැවසුවේ ස්වෛරීත්ව බැඳුම්කර මත අසීමාන්තික ලෙස ලබාගත් ණය හේතුවෙන් රට දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

++++++++++

***************************************

මිනිස් ජාවාරම්වලට සම්බන්ධ තවත් උප ඒජන්තවරයෙක් අත්අඩංගුවට

(20.11.2022 – 10:18 +0530 – hirunews.lk/sinhala)

මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) සවස මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රිය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින්.

මෙම සැකකරු 45 හැවිරිදි අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මොහු කාන්තාවන් රවටා රැකියා සඳහා මැදපෙරදිග රටවලට යැවීමේ උප නියෝජිතයෙකු ලෙස කටයුතු කර ඇති බවයි.

සැකකරු විසින් මෙලෙස මැදපෙරදිග රටවලට යවා, එහි අතරමංව යළි දිවයිනට පැමිණි කාන්තාවන් සිදුකළ පැමිණිලිවලට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

එමෙන්ම ඕමානයේ සහ ඩුබායි හි රැකියා ලබාදෙන බව පවසා මිනිස් ජාවාරමේ නිරත වීමේ චෝදනාව මත ඊයේ (19) කටුනායක ගුවන්තොටුපලේදී එම ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර රැකියා සඳහා විදේශ ගතවීම පසුගිය වසරට සාපේක්ෂව සියයට 150 කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

පසුගිය වසර තුළ නීත්‍යානුකූලව රැකියා සඳහා විදේශ ගතවූ සංඛ්‍යාව 122,000 ක්.

එම සංඛ්‍යාව මේ වසරේ ගතවූ කාල සීමාව තුළ 278,000 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

එමෙන්ම පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා පිටත් කර හැරීම නතර කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගනු ලැබුවා.

+++++++++++

රුමේනියාවේ රැකියා ජාවාරමක නිරත වූ ඉතාලි ජාතිකයෙකු ඇතුළු 04 ක් බදුල්ලේ දී කොටුවෙයි

(20.11.2022 – 20:09 +0530 – hirunews.lk/sinhala)

රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ ඉතාලි ජාතිකයෙකු ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ඕමාන මිනිස් ජාවාරමට අවිස්සාවේල්ල – පුවක්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු දෙසැම්බර් මස පළමුවනදා (01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මුහුණු පොත ඔස්සේ රුමේනියාවේ රැකියා දෙන බවට පවසමින් පළ කර තිබූ දැන්වීමකට අනුව අද (20) එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණේ, බදුල්ල ප්‍රදේශයේ හෝටලයකයි.

පසුව එම ස්ථානය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වටලා තිබුණා. එම අවස්ථාවේදීයි මෙම ඉතාලි ජාතිකයා ඇතුළු 4 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර විදේශ රැකියා ලබා දෙන බවට පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේ ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරම පිළිබඳව හිරු ප්‍රවෘත්ති ඔස්සේ කරුණු අනාවරණ කිරීමත් සමඟ තොරතුරු රැසක් හෙළිව තිබෙනවා.

ඒ අනුව කාන්තාවන් රවටා විදෙස්ගත කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ‘මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆාසා’ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ලද තොරතුරකට අනුවයි අවිස්සාවේල්ල – පුවක්පිටියේ ප්‍රදේශයේ දී තවත් පුද්ගලයෙකු ඊයේ (19) අත්අඩංගුවට ගනු ලැබුවේ.

මොහු ප්‍රධාන තැරැව්කරුගේ උප නියෝජිත තැරැව්කරු ලෙස කටයුතු කර තිබෙනවා. සැකකරු අද (20) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස පළමු වනදා (01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මේ අතර ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ඊ. කුෂාන් විසින් තමන්ට බලහත්කාරකම් කල බවට එරට සිට යලි දිවයිනට පැමිණි කාන්තාවක් චෝදනා කරනවා.

මෙම තැනැත්තා මේ වනවිට වැඩ තහනමට ලක්කර ඇති නිලධාරියෙකු වන අතර ඔහුට මිනිස් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

ඇය නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ඊ. කුෂාන් නැමැත්තාගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.

තමන් මෙම ජාවාරමට සම්බන්ධ නොවන බවත් එය තමන්ට එරෙහි අසත්‍ය චෝදනා බවත් ඔහු එහිදී කියා සිටියා.

මේ අතර ඕමානයේ සිට කාන්තාවන් 19 දෙනෙකුගෙන් පිරිසක් මීගමුව අධිකරණයට පැමිණ සිටියේ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුට සහය පළකරමින්.

මේ වන විට දිවයිනට පැමිණ සිටින පිරිසක් ඊයේ (19) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ භූමියට පැමිණ සිටියේ මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ඊයේ (19) අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුට සහය පළ කරමින්.

කෙසේ වෙතත් තවත් කාන්තාවක් ‘තැනැත්තන් වෙළඳාම, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ෂණ කොට්ඨාසය’ වෙත පැමිණ සිටියේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.

ඒ ඇය මීට පෙර සේවය කළ නිවසේ හිමිකරුවන් වන ජනප්‍රිය ගායන ශිල්පී දුෂ්‍යන්ත වීරමන් සහ ඔහුගේ බිරිඳ වන නිරුපණ ශිල්පිණි ස්ටෙෆනි සිරිවර්ධන සමඟින් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *