ගැටලුව ගැන ගම්මන්පිල කලින්ම කිව්වා – විමල් වීරවංශ කියයි

ගැටලුව ගැන ගම්මන්පිල කලින්ම කිව්වා – විමල් වීරවංශ කියයි

*********************************************

ගැටලුව ගැන ගම්මන්පිල කලින්ම කිව්වා – විමල් වීරවංශ කියයි

(11.11.2022 – 20:46 +0530 – hirunews.lk/sinhala)

උත්තර ලංකා සභාගයේ අනුරාධපුර සම්ප්‍රාප්තිය වෙනුවෙන් අද (11) පස්වරුවේ ජන හමුවක් පැවැත්වුණා.

ඒ උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්.

***************************************

මිල්ලණියේ පාසල් සිසුන්ට පහරදීමේ සිද්ධියට පොලිස් ස්ථානාධිපතිට මාරුවක්

(12.11.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala)

මිල්ලණිය ප්‍රදේශයේ පාසක ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළේ යැයි චෝදනා කරමින් සිසුන් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලණිය පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත පොලිස්පතිවරයා විසින්.

ඔහු මිල්ලණිය පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමන්‍ය රාජකාරී සඳහා ඇල්පිටිය කොට්ඨාසය වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මිල්ලනිය – ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනියගේ වැඩ මේ වන විට තහනම් කර තිබෙනවා.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු පරීක්ෂණයක් ද සිදු කරන බවයි.

සිද්ධියට අදාළ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු (2) ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

සැකකාර විදුහල්පතිවරිය සහ නියෝජ්‍ය විදුහල්පතිවරිය දරුවන් කිහිපදෙනෙකු පුස්තකාල ශාලාවට ගෙන ගොස් දණ ගස්වා ඔවුන්ගේ පාදවලට හා විලු‍ඹට වේවැල් වලින් සහ ලී පතුරුවලින් පහර දී ඇති බවට විමර්ශනවලදී හෙළි වී තිබුණා.

පසුව පොලීස් ජීප් රථයක් පාසැල තුළට ගෙන්වා ගෙන අදාළ සිසුන් පොලීසියට භාර දී ඇති අතර, එහිදී සැකකාර පොලිස් නිලධාරීන් ජීප් රථයේ තිබෙන ‘වෝකිටෝකි’ ගමන් කථන යන්ත්‍රවලට විදුලිය සපයන විදුලි රැහැන්වලින් අදාළ දරුවන්ගේ දණිස් පුළු‍ස්සා ඇති බවයි අනාවරණ වුණේ.

මේ අතර හුංගම – දුටුගැමුණු මහා විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ 49 හැවිරිදි ගුරුවරයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහු අගුණුකොළපැළැස්ස මහේස්ත්‍රාත්වරයාට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ අතර අරණායක ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සිදු කළ වැඩසටහනක් අතරතුර විනය විරෝධී සහ අපකීර්තිමත් හැසිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් තුන්දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ නාරංගල, යෝධගම සහ ගල්අතර යන වසම් වල ග්‍රාම නිලධාරීන් තුන්දෙනෙකුගේයි ෴

***************************************

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අග දී

(12.11.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වන කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් පවතින බවයි.

මේ අතර උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන ගුරුවරුන් රැසකට ගෙවීම් මේ වනවිට සිදුකර ඇති බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

සමාජ මාධ්‍ය පැමිණිලි 12,000 ඉක්මවයි

(12.11.2022 – 07:35 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ දී සමාජ මාධ්‍ය පිළිබඳ පැමිණිලි 12,373 ක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල කියා සිටියේ ඉන් සියයට 41 ක් මුහුණුපොත ආශ්‍රිත ව්‍යාජ පැමිණිලි වාර්තා වී ඇති බවයි.

මේ අතර, අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ වංචා සහගත දැන්වීම්වලට හසුනොවන ලෙසට ද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ඉල්ලීමක් කරනවා ෴

***************************************

10-11-2022

***************************************

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලේ වෙනසක්

(11.11.2022 – 21:45 +0530 – hirunews.lk/sinhala)

අද (11) මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25 කින් ඉහළ දමන්නට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 430 ක් ලෙසින්. ලංකා භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 365 ක් ලෙසින් වෙනස්වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම මිල සංශෝධනයේදී ලංකා සුපිරි ඩීසල්, ඔක්ටේන් 95 පෙට්‍රල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා කාර්මික භුමිතෙල්වල කිසිදු මිල වෙනසක් සිදුවී නැහැ.

මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද අද (11) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව එම සමාගමේ ඔටෝ ඩීසල් ලීරයක මිල රුපියල් 15 කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 430 ක්.

එස්ට්‍රාමයිල් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15 කින් වැඩිකර ඇති අතරඑ එහි නව මිල රුපියල් 475 ක් දක්වා ඉහළගොස් තිබෙනවා ෴

***************************************

මියගිය දැරියක් රෝහලට ඇතුලත් කර පළාගිය සැකකරුවන් අල්ලයි

(11.11.2022 – 19:39 +0530 – hirunews.lk/sinhala)

වේයන්ගොඩ – කටුවස්ගොඩ ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව 27 හැවිරිදි තරුණයෙකු සහ තවත් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ – බෙම්මුල්ල – බුලත්ගන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

අදාළ සැකකරු බුලත්ගන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේ මෙම දැරිය සමඟ ජිවත්ව සිට ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඊයේ (10) රාත්‍රියේ ඇති වූ ආරවුලදී සැකකරු විසින් ඇයට බරපතල ලෙස පහරදී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

පසුව පහරකෑමට ලක්ව රෝගාතුරව සිටි දැරිය අද (11) උදෑසන 7 ට පමණ සැකකරු සහ තවත් අයෙකු විසින් මෝටර් රථයකින් රැගෙනවිත් ගම්පහ මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

දැරිය රෝහල්ගත කර ඔවුන් ක්ෂණිකව එම ස්ථානයෙන් පළාගොස් තිබෙනවා.

දැරියගේ සිරුරේ පහරදීමකින් සිදුවූ බවට සැකකරන තැලුම් තුවාල නිරීක්ෂණය කළ රෝහල් බලධාරින් පසුව පොලිසිය දැනුවත් කර රෝහලේ සහ අවට ආරක්ෂක කැමරා දර්ශන උපයෝගිකරගනිමින් සැකකරුවන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන තිබුණා ෴

***************************************

5 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා රිමාන්ඩ්

(11.11.2022 – 18:46 +0530 – hirunews.lk/sinhala)

පාසල් දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරු අගුණුකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.

හුංගම දුටුගැමුණු මහා විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු 10 ක සිසුවියකට පන්ති භාර ගුරුවරයා විසින් අමානුෂික ලෙස පහරදීමක් පිළිබඳ ඊයේ (10) එම දැරියගේ මව විසින් හුංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව කළ විමර්ශනයේදී දැරියගේ පිට ප්‍රදේශයේ හා හිසේ පිටුපස තැලීම් ලකුණු නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඇය මවගේ භාරයේ තංගල්ල මූලික රෝහලට ඇතුලත් කෙරුණා.

දැරිය මේවන විට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට නියමිතයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා 49 හැවිරිදි අයෙක්. විද්‍යාලයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පන්තිය භාරව සිටින එම ගුරුවරයා විසින් තම දියණියට දිගින් දිගටම පහරදීම් සිදුකර ඇති බවට දැරියගේ මව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඇය පවසන්නේ 15 වතාවක් පමණ අදාළ දැරියට පහරදීම් කර තිබූ තබයි. එලෙස පහර දී ඇත්තේ අවුරුදු 10 ක දැරියට සිංහල පොත කියවා ගැනීමට නොහැකි වූ බව පවසමින් බවයි මව පවසා ඇත්තේ.

මීට පෙරත් කිහිප වතාවක් දැරියට අඩත්තේට්ටම් කිරීම් සිදුව ඇති අතර දැරියගේ කොණ්ඩයෙන් ඇඳ පහරදීම් සිදු කිරීම නිසා හිසකෙස් කපා පාසලට දැරිය යොමු කිරීමටත් කටයුතු කළ බවද මව සිය පැමිණිල්ලේ සදහන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

***************************************

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුත් තිළිණි ට හසුවෙයි

(11.11.2022 – 21:56 +0530 – sinhala.adaderana.lk)

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් 12 වන පැමිණිල්ලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.

ඒ අමෙරිකානු ඩොලර් ලබාදෙන බව පවසා ජානකී සිරිවර්ධන හා තිළිණි ප්‍රියමාලි වැල්ලවත්තේ ප්‍රසිද්ධ ජංගම දුරකථන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 4 ක් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.

පසුගිය මැයි මාසයේ දිනක කොළඹ කොටුවේ ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ කාර්යාලයට ජානකී සිරිවර්ධන විසින් වැල්ලවත්තේ ප්‍රසිද්ධ ජංගම දුරකථන ව්‍යාපාරිකයෙකුට ජංගම දුරකථනයක් රැගෙන එන මෙන් දැනුම්දී තිබේ.

ඔහු එම ස්ථානයට යන්නේ සේවකයෙකු නොඑවා තමන්ටම පැමිණෙන ලෙස ජානකී දැනුම්දීම හේතුවෙනි.

තමන් එහි යන විටත් තිළිණි ප්‍රියමාලී සහ තවත් දෙදෙනෙකු (2) එම ස්ථානයේ සිටි බවත් තිළිණි එම පුද්ගලයන් දෙදෙනාට (2) එහිදී අමෙරිකානු ඩොලර් නෝට්ටු මිටියක් දෙන අයුරු දුටු බවත් ව්‍යාපාරිකයා අප සමග පැවසීය.

එහිදී ජානකී මෙම ව්‍යාපාරිකයාට පවසා ඇත්තේ තිළිණි සහ තමන් සතුව ඇති තරම් ඩොලර් ඇති බැවින් අවශ්‍ය නම් ඕනෑ තරම් දිය හැකි බවය.

රට තුළ පැවැති අරගල සමයේ උච්චතම අවස්ථාවක් වූ මැයි මාසයේදී මෙම සංවාදය සිදුවී ඇති අතර ඒ හේතුවෙන් ජානකී පවසා ඇත්තේ, ඉහළ දේශපාලනඥයින් සතු ඩොලර්, අරගලය හේතුවෙන් ඔවුන් සතුව තබාගැනීමට නොහැකිවීම නිසා එම මුදල් පිටතට ලබාදෙන බවය.

පසුව මෙම ව්‍යාපාරිකයා රුපියල් කෝටි 4 ක මුදලක් තිකෝ සමූහ ව්‍යාපාරයේ ගිණුමට බැරකර ඇත්තේ රට තුළ පැවැති ඩොලර් අර්බුදය මැද වුව ද තමන්ට ජංගම දුරකථන හා උපාංග මිලදී ගැනීමට ඩොලර් අවශ්‍යවීම හේතුවෙනි.

ඒ අනුව, ක්‍රිස් ගොඩනැගිල්ලේදී පසුගිය මැයි මස 08 වනදා එම මුදල හුවමාරු කර ඇත්තේ ජානකී සිරිවර්ධන හා තිළිණි ප්‍රියමාලි ඉදිරිපිටදී වන අතර ඊට අදාළ මුදල් හුවමාරු කළ ගිණුම් වාර්තාද පවතී.

නමුත් මොවුන් දෙදෙනා (2) ගෙන් අමෙරිකානු ඩොලර් නොලැබුණු නිසා මෙම ව්‍යාපාරිකයා අවස්ථා කිහිපයදීම ක්‍රිෂ් ගොඩනැගිල්ලට ගොස් සිය මුදල් ඉල්ලා ඇත.

එලෙස ගිය එක් අවස්ථාවකදී බොරැල්ලේ සිරිසුමන හිමි ද ක්‍රිස් කාර්යාලයේ සිටි බව ව්‍යාපාරිකයා සඳහන් කළේය.

ජානකීට අලෙවි කිරීම සඳහා තමා එදින තවත් ජංගම දුරකථනයක් රැගෙන ගිය බවත් එම ‘අයිෆෝන් තර්ටීන් ප්‍රෝ මැක්ස්’ ජංගම දුරකථනය එම භික්ෂුවට පූජාකරන ලෙස ජානකී පැවසූ බව ව්‍යාපාරිකයා සඳහන් කළේය.

එවක එහි වටිනාකම රුපියල් පන් ලක්ෂ පනස්දහසක් (5,50,000) පමණ වී ඇති අතර එම මුදල ජානකී සිරිවර්ධන එම ව්‍යාපාරිකයාට ලබාදී ඇත.

කෙසේවෙතත් ඩොලර් ලබාගැනීමට ලබාදුන් රුපියල් කෝටි 4 ක මුදල නොලැබීම හේතුවෙන් ඒ ගැන විමසන්නට ව්‍යාපාරිකයා තිළිණිට දුරකථන ඇමතුමක් ලබාගත් අවස්ථාවේදී තිළිණි ප්‍රියමාලි පවසා ඇත්තේ තමන් සතුව රත්‍රං ඇති අතර ඒවා ලබාදිය හැකි බවය.

රත්‍රං කැබලි බව පවසමින් තිළිණි ප්‍රියමාලි රත්‍රං කැබලි සහිත ඡායාරූප කිහිපයක් ද ව්‍යාපාරිකයාට එවා ඇත.

පසුව ජානකී සිරිවර්ධන විසින් ව්‍යාපාරිකයාව කඩවත පිහිටි පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි වැඩසිටි විහාරස්ථානයට රැගෙන ගොස් ඇත්තේ එහි ඇති රත්‍රං කුට්ටියක් බැලීම සඳහාය.

මෙම රත්‍රං කුට්ටිය කිලෝ ග්‍රෑම් 5 ක් පමණ බරින් යුත් බව එම භික්ෂුව පවසා තිබේ.

“මේ රත්‍රං කුට්ටිය තිළිණි අක්කා දෙන්න කිව්වා, අද දෙන්න බැහැ ජපකරලා නිසා. දවස් තුනකින් දෙන්නම්.” යනුවෙන් එහිදී සිරිසුමන හිමි පැවසූ බව ව්‍යාපාරිකයා සඳහන් කළේය.

තමන්ට රත්‍රං අවශ්‍ය නොවන බවත් තමන්ට අවශ්‍ය තමා ලබාදුන් රුපියල් කෝටි 4 ක මුදල පමණක් බවත් තමා එහිදී කියා සිටි බව ව්‍යාපාරිකයා පැවසීය.

තිළිණි සහ ජානකී ලබාගත් මුදල දෙන බව එම භික්ෂුව එහිදී පවසා ඇතත් උන්වහන්සේ පසුව තමාගේ දුරකථන ඇමතුම් අවහිර කර තිබූ බව ව්‍යාපාරිකයා සඳහන් කළේය.

ඒ පිළිබඳ ව්‍යාපාරිකයා තිළිණිව දැනුවත් කිරීමෙන් පසු ඇය පවසා ඇත්තේ භික්ෂුවට අසනීප වී රෝහල්ගත කර ඇති බවය.

අනතුරුව ඇය පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන්ගේ ඡායාරූපයක් අදාළ ව්‍යාපාරිකයාට එවා ඇත.

අරගල සමය නිසා දිගින් දිගටම මුදල් ලබාදීම මඟහැරි තිළිණි ප්‍රියමාලි පසුව ඇයගේ තිකෝ සමූහ ව්‍යාපාරයේ බැංකු ගිණුමකින් අවස්ථා 5 කදී රුපියල් මිලියන 10, 15 බැගින් ව්‍යාපාරිකයාගේ ගිණුමට චෙක්පත් බැරකර තිබේ.

නමුත් මෙම ව්‍යාපාරිකයාට ඔහුගේ ගිණුම් සතු බැංකුවෙන් පවසා ඇත්තේ තිළිණි ප්‍රියමාලි බැරකළ චෙක්පත් සියල්ල අගරු චෙක්පත් බවය.

දිගින් දිගටම ව්‍යාපාරිකයාට මුදල් නොලැබීම නිසා පසුව ජානකී සිරිවර්ධන ඔහුට මුදල් ලබාදෙන බවට පොරොන්දු වී ඇති අතර මුදල් නොලැබීම නිසා ඔහු පසුගිය 04 වනදා ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ ද විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (10) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

එහිදී තිළිණිගේ ගිණුම් සහිත පෞද්ගලික බැංකු 4 ක ගිණුම් පරීක්ෂා කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය විසින් අවසර ලබාදෙනු ලැබීය.

+++++++++++

තිලිණි ප්‍රියමාලිගේ සිද්ධියට ඥානසාර ගෙනුත් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

(12.11.2022 – 20:24 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ගලගොඩඅත්තේ ඥානසාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (12) කැඳවා තිබුණා.

ඒ අනුවල පස්වරු 3 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඥානසාර මේ වනවිටත් ඊට අදාළ ප්‍රකාශ ලබාදෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

පසුගියදා මාධ්‍ය වෙත නිකුත් වුණු තිලිණි ප්‍රියමාලිගේ දුරකථන සංවාදයක ඥානසාර සම්බන්ධයෙන් ද තොරතුරු සඳහන් වුණා.

මේ අතර ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් ශ්‍රී ලංකාවට කැඳවා ප්‍රසංගයක් පැවැත්වීමට ද තිලිණි ප්‍රියමාලි සැලසුම් සකස් කර තිබූ බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඇය කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් වලට කරුණු හෙළි කර ඇති අතර ඒ වෙනුවෙන් ද මුදල් ලබා ගැනීමට සැලසුම් කර තිබී ඇති බවයි වාර්තා වන්නේ ෴

තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිද්ධියේ විමර්ශනවලට අදාලව ගලගොඩඅත්තේ ඥානසාර ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය දෙකහමාරක (2½) පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ගලගොඩඅත්තේ ඥානසාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (12) කැඳවා තිබුණා ෴

***************************************

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්!

(12.11.2022 – 10:28 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය අට හමාරක (8½) ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

හෙට (13) පෙරවරු 08:30 සිට පස්වරු 05:00 දක්වා කාලය තුළ එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

ඒ අනුව පෑලියගොඩ වත්ත, ජා ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල, කටාන, මිනුවන්ගොඩ යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට මෙන්ම ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අදාළ කාලය තුළ ජය සැපයුම අත්හිටුවීමට නියමිතයි ෴

***************************************

කවුරුත් අත ගහන්න බය, ලංකාවේ ක්‍රිකට් අල්ලේ නටවන ආගමික කල්ලියක්

(12.11.2022 – mawbima.lk)

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ආගමික කණ්ඩායමක මැදිහත්වීමක් තිබේදැයි සොයා බලන්නැයි පාර්ශව රැසක් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ගෙන් ඉල්ලීම් කර ඇත.

ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු වීම සඳහා ඇතැම් ආගමික කණ්ඩායම්වල සාමාජිකයෙකු වීම මූලික සුදුසුකමක් වන බවට දීර්ඝ කාලයක් තිස්සේ සමාජ මාධ්‍යයෙහි පළකර ඇති ලිපි ආදියත් ඒවායෙන් මතුකර ඇති තර්ක පදනම් කරගෙන මෙම ඉල්ලීම් බොහෝමයක් කෙරී ඇතැයි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ‘මව්බිම’ට කීය.

විස්සයි-විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සිදුවන ශාරීරික ආබාධ ඇතුළුව තරගාවලි ප්‍රතිඵලය ගැන ‘දිවැසිවරයෙකු’ ලෙසින් පෙනී සිටින ජෙරම් ප්‍රනාන්දු නමැත්තකු අනාවැකියක් පළ කිරීම ගැන ද අවධාරණ කෙරෙන මෙකී කරුණු අතර තිබෙන බව කියයි.

විස්සයි–විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගි වූ තරග හතරෙන් (4) තුනක් (3) ම ජයග්‍රහණය කර එක් තරගයක් පමණක් පරාජය වී සිටි අවස්ථාවේ ජෙරම් ප්‍රනාන්දු සිය බැතිමතුන් හමුවේ කර ඇති ප්‍රකාශ සැකයට තුඩු දෙන බව ද එහි දැක්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පස්දෙනෙකු (5) ශාරීරික ආබාධවලට ලක්වන බව පවසන ඔහු එහිදී වැඩිදුරටත් එයින් එක් ක්‍රීඩකයෙකු පන්දු යවන අවස්ථාවකදී පාදයේ ආබාධයකට ලක්වන ආකාරය ආංගික අභිනයෙන් පෙන්වා දෙයි.

‘මිරකල් ඩෝම්’ නමැති ශාලාවකදී සිය බැතිමතුන් ඉදිරියේ පසුගිය ඔක්තෝබර් 23 වන දා ඔහු කළ මෙම දේශනය ඇතුළත් වීඩියෝව පසුව ඔහුගේ ම නිල ෆේස්බුක් පිටුවෙන් ප්‍රචාරය කර තිබෙන්නේ කල්තියාම ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වන ආකාරය ගැන තමා අනාවැකි කී හැටි දක්වමිනි.

ඊට අදාළ වීඩියෝවේ හඬ පටයේ සඳහන් වන්නේ මෙවැන්නකි :

“පසුගිය සැප්තැම්බරයේ ආසියානු කුසලානය පිළිබඳ දිවැසි වාක්‍ය සම්පූර්ණ වීමත් සමග ‘දිවැසි වාක්‍ය’ අදහන නොඅදහන බොහෝ දෙනා සිතුවේ විස්සයි – විස්ස ලෝක කුසලානය පිළිබඳ ‘දෙවියන් වහන්සේ’ගේ ප්‍රවේශය එබඳු ම එකක් කියා ය. ඒ අතර ප්‍රථම වටයේ තරග කීපයකින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ බැවින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව ගැන බලාපොරොත්තු තබාගෙන හිටියා.”

එහෙත් ‘මිරකල් ඩෝම්’ ප්‍රධාන ශාලාවේදී ඔක්තෝබර් 23 වන දින ලොව වටා මහාද්වීප හතක් (7) වටා ජනයා චන්ද්‍රිකා මාර්ගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඉරිදා දේව මෙහෙයේදී ‘දෙවියන් වහන්සේ’ තමාට පෙන් වූ දේ ගැන ‘ප්‍රොපට් ජෙරම්’ ප්‍රකාශ කළේ මෙවැන්නක්.

“මම ශ්‍රී ලංකාව දිනනවා කියලා කිව්වොත් … නමුත් මම එහෙම කියන්නේ නෑ …”

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ තරග හතරෙන් (4) තුනක් (3) ජයගෙන එකක් (1) පමණක් පරාජය වී තිබුණා. ඉන්පසු ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීමට යන ප්‍රධාන ප්‍රශ්නයක් ගැනයි. ඒ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය සඳහන් කර තිබුණේ, ආබාධ දෙකක් (2) ගැන පමණයි. (ඒ දුෂ්මන්ත චමීර හා ධනුෂ්ක ගුණතිලකයි.) එසේ නම් ‘දිවැසිවරයා’ ආබාධ පහක් (5) පිළිබඳ මෙසේ නිසැකව සඳහන් කරන්නේ කෙසේ ද? දින කීපයකට පසු ක්‍රීඩකයන් පස්දෙනෙකු (5) ආබාධවලට ලක්වීම නිසා ඒ වෙනුවට ක්‍රීඩකයන් ආදේශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා. ප්‍රබල ආබාධවලට ලක්වීම පිළිබඳ පමණක් නොව පන්දුවාරයක් මැදදී පන්දු යවන්නා පාදයේ ආබාධයකට ලක්වන ආකාරය ද ‘දෙවියන් වහන්සේ’ ඔහුට පෙන්වා දී තිබුණා. ගතවූයේ දින දෙකක් (2) පමණයි. ඔක්තෝබර් 25 වන දා අඟහරුවාදා ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ පන්දුවාරයේ පස්වන (5) පන්දුව යවද්දී බිනුර ප්‍රනාන්දු පිටියෙන් ඉවත් වූයේ ‘දිවැසිවරයා’ නිරූපණය කළ ආකාරයටම ය. ශ්‍රී ලංකාව ජයගන්නා බව ප්‍රකාශ කරන්නැයි රැස්ව සිටි දහස් ගණන් ජනයා හඬ නඟද්දී ‘දිවැසිවරයා’, ‘දෙවියන් වහන්සේ’ තමන්ට පෙන් වූ දේ ගැන නිසැකව ම ප්‍රකාශ කළේ මෙසේ ය.

“ශ්‍රී ලංකාව මේ ලෝක කුසලානය හොඳින් කරනවට කී දෙනෙක් බලාපොරොත්තු වෙනව ද? නමුත් මම එහෙම කියන්නේ නෑ. ලෝක කුසලානය දැනටමත් ඉවරයි.”

ආසියානු කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජය ගැනීමෙන් පසුව ද ජෙරම් ප්‍රනාන්දු මෙබඳු ම දෙසුමක් කරමින් පැවසුවේ එම ජයග්‍රහණය පසුපස සිටියේ තමා බව ය.

අවසාන තරගයේ කැපී පෙනෙන ඉමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ ද එම අවස්ථාවට සහභාගි වූ අතර ජෙරම් ප්‍රනාන්දු ඔහු වේදිකාව මතට කැඳවා ආශීර්වාද කරමින් ඒ සඳහා තමාගේ මැදිහත්වී මද විස්තර කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් හා ආගමික සම්බන්ධතා ගැන ෆේස්බුක්, බ්ලොග් ආදී විවිධ මාධ්‍ය අවකාශවල වසර ගණනක් තිස්සේ දීර්ඝකාලීන විවේචන පළ වෙමින් පැවතිය ද මෙම වීඩියෝ සමග එම ප්‍රශ්න කිරීම් තීව්‍ර වී තිබෙන්නේ මෙකී ‘දෙවියන් වහන්සේ’ට ක්‍රිකට් ක්‍රීඩාව ම පමණක් විෂය වස්තුව වන්නේ කෙසේදැයි විමසමිනි.

එසේ ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෙන් ම පරිපාලනයේ ප්‍රධාන තනතුරු බහුතරයක් එක් ආගමික කණ්ඩායමක අධිකාරියට නතුව ඇති බව ද ඒවායේ දැක්වේ.

මෙවැනි ප්‍රශ්න කිරීම්වලට අදාළ ලිපි හා වෙනත් සටහන් ද ක්‍රීඩා ඇමතිවරයාට යොමුකර ඇති අතර ජාතික කණ්ඩායම සම්බන්ධයෙන් දැනටමත් ආරම්භ කර ඇති විමර්ශනයේදී මේ සම්බන්ධයෙන් ද සොයා බැලෙන්නේ යැයි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් යළි බිංදුවේ සිට ආරම්භ කිරීමට සිදු වුවත් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු අපක්ෂපාතී පරීක්ෂණයක් කෙරෙන්නේ යැයි ද මේ ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුවනු ඇතැයි තමා අපේක්ෂා කරන්නේ යැයි ද රණසිංහ මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර යන මහත්වරුන් ද පාර්ලිමේන්තුවේදී පසුගිය දිනවල චෝදනා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග පාවාදීම්වල (Match Fixing) නිරත වූ බවට ය.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මෙය බරපතළ තත්ත්වයක් වන අතර ඉහත කී ආකාරයේ ආගමික මතවාදීමය බලපෑමක් සැබැවින් ම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉල්ල වී ඇතිනම් සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් බුකීකරුවන්ගේ අත්අඩංගුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පත්වී ඇත්නම් ඒ පිළිබඳව කඩිනමින් විමර්ශනය කර රටට ඒ ගැන හෙළිදරව් කිරීම ක්‍රිකට් බලධාරීන්ගේ ඉවතලිය නොහැකි වගකීමකි.

ක්‍රීඩාව සඳහා රුපියල් කෝටි ගණනක් බදු ගෙවන සමස්ත ජනතාවට ද එම ඇත්ත දැන ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම නෛතික වගකීමක් ඇත.

බිඟුන් මේනක ගමගේ

***************************************

ශ‍්‍රී ලංකාව හයිටියේ තත්වයත් පසු කරලා.. ඊට වඩා වේගයෙන් හා භයානකව ඉදිරියට.. – අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ

(13.11.2022 – 00:02 +0530 – lankacnews.com)

‘අයිස්’ නම් විෂ මත්ද්‍රව්‍ය විසින් සමස්ත සමාජයම ගිලගනිමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

හයිටි රාජ්‍යයේ ඇති තත්ත්වය ඊටත් වඩා භයානක ලෙස සහ වේගවත් ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

අධිරාජ්‍යවාදීන් විසින් හයිටි රාජ්‍යයේ ජනතාවට බියර් මත්ද්‍රව්‍ය නොමිලේ ලබා දී මතට හුරු කිරීම නිසා අද වන විට එම රටේ ජනතාවගේ ආයු අපේක්ෂාව අවුරුදු 35 දක්වා අඩුවී මුළුමනින්ම රට විනාශයට පත්ව ඇතැයිද ඔහු සඳහන් කළේය.

අද ඒ කාර්යයම වෙනත් මුහුණුවරකින් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වී ඇතැයි ද අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දෙයි.

https://www.youtube.com/watch?v=R_CH_BFU3O4#t=5

***************************************

සූරියවැවදී පෙරලුනු ඔරුවේ අතුරුදන් දැරියන් දෙදෙනෙකු (2) සොයා තවමත් මෙහෙයුම්

(12.11.2022 – 18:53 +0530 – hirunews.lk/sinhala)

සූරියවැව – මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරලීමෙන් දියේ ගිලුණු පුද්ගලයින් 8 දෙනෙකු අතුරින් අතුරුදන්වී සිටි තුන්දෙනා (3) ගෙන් එක් (1) අයෙකුගේ සිරුර අද (12) පස්වරුවේ සොයා ගැණුනාග වයස අවුරුදු 10 ක දැරියකගේ සිරුරක් මෙලෙස සොයා ගැණුනු බවයි පොලීසිය සඳහන් කළේ.

කුරුණෑගල සිට දානමය පිංකමක් සඳහා සූරියවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි පිරිසක් මසුන් අල්ලන ඔරුවකින් මහවැලිකඩආර වැව නැරඹීම සඳහා ගිය අවස්ථාවේ අද (12) දහවල් ඔරුව පෙරලීයාමෙන් එහි සිටි 8 දෙනෙකු දියේ ගිලුණා.

කෙසේ වෙතත්ල මාස 8 ක බිළිඳෙකු ඇතුළු 5 දෙනෙකු මුදාගෙන රෝහල් ගත කෙරුණු අතරල ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන්.

තවදුරටත් අතුරුදන්ව ඇත්තේ අවුරුදු 16 සහ 18 වියේ පසුවන දැරියන් දෙදෙනෙකු (2) වන අතර සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

++++++++

මෙසේ අනතුරට ලක්ව සිටින අය කුරුණෑගල පිහිඹුව පදිංචිකරුවන් පිරිසකි. සූරියවැව ඥාති නිවසක පැවති දානමය පිංකමකට සහභාගිවීමට පැමිණ මෙම අනතුරට ලක්ව ඇත්තේ මාළු ඇල්ලීමට යොදා ගන්නා කුඩා ඔරුවක නැගී ඔරු පැදීමට ගොසිනි. මෙම ඔරුවේ ගමන් කිරීමට හැකියාව ඇත්තේ දෙදෙනෙකුට (2) පමණක් බව දැන දැන අනතුරුදායක ලෙස ගමන් කර තිබුණි. (gossiplankanews.com)

***************************************

නොදරුවන් දෙදෙනා (2) පාළු නිවසක දමා මව්පියන් පැන යයි

(12.11.2022 – 18:38 +0530 – sinhala.adaderana.lk)

නිවසක් තුළ කුඩා දරුවන් දෙදෙනෙකු අතහැර දමාගොස් ඇති බව කියන සිද්ධියක් වාර්තා විය.

ඒ බව දැනගැනීමෙන් පසු අසල්වාසීන් විසින් ඊයේ (11) රාත්‍රියේ අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය දැනුවත් කර තිබුණි.

මෙම සිද්ධිය වාර්තා වූයේ අම්බලන්ගොඩ කුලීගොඩ රන්කොත් විහාර මාවතේ නිවසකිනි.

ඒ අනුව එම ස්ථානයට ගිය පොලීසිය දරුවන් දෙදෙනා (2) පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබුණි.

මෙලෙස තනිකර දමා ගොස් ඇත්තේ අවුරුදු 2 ක් සහ 3 ක් පමණ වයසැති ගැහැනු දරුවන් දෙදෙනෙකි.

මේ වනවිටත් පොලීසිය භාරයේ සිටින දරුවන් දෙදෙනා (2) ළමා නිවාසයකට භාරදීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගැනීමට කටයුතු කරන බව අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කළේය.

මෙම දරුවන්ගේ දෙමාපියන් සොයා ගැනීම සඳහා මහජන සහාය පතන බවත් ඔවුන් සොයාගත් පසු ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

***************************************

Six people are feared dead after historic WWII-era B-17 Flying Fortress and Bell P-63 Kingcobra planes collide in mid-air at Dallas airshow (12.11.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *